ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සිය බ්‍රසීල සංචාරය අවසන් කරමින් පෙරේදා (28) සවස පැවැත්වූ විශේෂ දේව මෙහෙය නැරැුඹීමට කෝටි 30 කට වැඩි පිරිසක් එරට රියෝ දි ජිනැයිරෝ නුවර කොපකබානා වෙරළට රැස්ව සිටියහ.
පාප්තුමන් බ්‍රසීලයේ සංචාරයකට පැමිණියේ බ්‍රසීල රජයේ ආරාධනාවක් පිළිගනිමිනි. ඒ, ඉකුත් සති අන්තයේය.
පාප්තුමන් පෙරේදා පැවැත්වූ දේව මෙහෙයට ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයෝ ද එක් වූහ. ඒ අතර, පාප්තුමන්ගේ උපන් රට වන ආජන්ටිනාවේ ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඬේස් ද සිටියාය.
ආර්ථික අර්බුද හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් ව සිටින අවස්ථාවක පාප්තුමන්ගේ සංචාරය වෙනුවෙන් බ්‍රසීල රජය ලොකු මුදලක් වැය කිරීම බොහෝ දෙනකුගේ විරෝධයට ද හේතුවක් විය.
විරෝධතාකරුවෝ සියයකට වැඩි පිරිසක් බ්‍රසීල ජනපතිනී දිල්මා රූසෙෆ්ට විරෝධය පාමින් රියෝ දි ජිනැයිරෝ අගනුවර රැලියක් ද පැවැත්වූහ.
|
පාප්තුමන්ගේ දේව මෙහෙයට සහභාගී වූ මහා ජනකාය |
|
ආශිර්වාද ලබමින්... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන් ,ඒ ගැන ඔච්චර උනන්දු ඔයත් එහෙම කෙනෙක්ද? (ස)
අශ්රෆුල්,ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩය මෙලොවට ගෙන ආ ඔහුගේම පුත්‍රයා. ජේසුස් වහන්සේගේ සභාව ජේසු ස්වර්ගස්ත වන විට ඔහුගේ ප්‍රධානය ගෝලයාට දී ගියා. ඒ දීලා ගියේ දෙවියන් වහන්සේගේ පණිවිඩය ඉදිරියට ගෙනයෑමේ අයිතිය. ජේසුස් වහන්සේගේ ගෝලයන් එකිනෙකාට භාරදීගෙන පැමිණ අද වන විට ඒ කර්තව්‍යය කරන්නේ පාප්තුමා (නි)
අශ්රෆුල් පාප වහන්සේ කෙනෙක් තෝර ගනු ලබන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මතයි. ඔහුට පැවරෙන එක් වගකීමක් වන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩය ලොවට රැගෙන යාමයි (නි)
පාප් වහන්සේ කියන්නේ ලොව බහුතරයක් අදහන ආගමෙහි නායකයායි. මෙතුමා මෙම ජාතියට පමණක් අයිති ආගමික නායකයෙකු නොවන අතර එතුමා ජේසුතුමන්ගේ නියෝජනය වන අතර දෙව් පියාණන්ගේ පණිවුඩකරු වේ. කරුණාකරලා මෙතුමාගේ පැමිණිම ආගම්වාද ජාතිවාද න්‍යායයෙන් බලන්න එපා. මෙතුමාගේ පැමිණිමෙන් ආර්ථික වාසි පුහු වාසි ගැන කථා කරන්න එපා. අධ්‍යාත්මික සුවයයි කතෝලික භක්තිකයා බලාපොරොත්තු වන්නේ. මෙතුමාගේ පැමිණිමෙන් විශාල වාසි රැසක් වක්‍රව හිමිකර ගැනිමෙහි අවස්ථාව රටට උදා වෙනවා. (නි)
මිලාන්, මෙතුමන් දෙවියන්ගේ පණිවිඩකාරයා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි මොනවාද? (නි)
ප්‍රවේශමෙන් නැවත යන්න (නි)
පාප්තුමා කියන්නේ ජේසුතුමාගේ නියෝජනය , දෙවි පියාණෙන්ගේ පණිවුඩකරු. මෙතුමා පැමිණිමෙන් ලංකාවෙ පුද්ගලයන්ට සැලකිය යුතු බාහිර බලපෑමක් නැහැ. නමුත් අධ්‍යාත්මිකව සැබෑ කිතුනුවන්ට බලපෑමක් තිබෙනවා. අනික මෙතුමා ආධාර දෙන පුද්ගලයකු නොවන බව වටහා ගන්නේ නම් මැනවි. මෙතුමාගේ පැමිණිම නිසා වක්රකාර වාසි අප රටට ලැබෙනවා. ප්‍රධාන කොට කොඩි ඩයස්පෝරාව ලංකාවට විරුද්ධව කරනු ලබන නින්දිත අපහාස බොරු කියලා ලෝකයා ඉදිරියට ගෙනියන්න තියෙන ලොකුම අවස්ථාව මෙයයි. ආර්ථික වාසි නැතුවාම නොවෙයි. කරුණාකරලා ජාතිවාදි ආගමාවාදි මානසිතක්වයෙන් මෙතුමාගේ පැමිණීම දෙස නොබලන්න (නි)
හිතවත් බණ්ඩාර මහත්මයා, මෙතුමා ලකාවට එන්නේ ලාංකිකයන්ගේ අතමිට සරු කරන්නයි, බඩු මිල අඩු කරන්නයි, ලෙඩ සුවකරන්නයි, මිනි මැරුම් අඩු කරන්නයි, දේශපාලනය කරන්නයි නොවේ. මෙතුමා කතෝලික සබාවේ නායකයා, දෙවියන් වහන්සේගේ පණිවිඩකාරයා... මා හිතනවා ඔබට මේ ගැන හොද පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති කියා (නි)
අද පහන්ට පිස්සු හැදිලද? (නි)
දෙවියෝ ලෝකය මවන විට ලංකාව ඉන්දියාව ලගින් මැව්වේ ඇයි, ජර්මනිය හරි නොර්වේ රට ළගින් මවන්නේ නැතුව. (නි)
මෙතුමාගේ දේව මෙහෙයට මේ තරම් ජන ගංගාවක් පැමිණීම ගැන කිසිකෙනෙක් කලබල වෙන්න දෙයක් නැහැ (නි)
දෙවියෝ ලෝකය මවනකොට අපේ රට සහ සෝමාලියාව දුප්පත් කරලා මැවුවේ ඇයි? දෙවියනේ! අප්‍රිකානු රටවලට බොන්න වතුරවත් නැතුව මැවුවේ ඇයි දෙවියනේ? (නි)
ශාක ලෝකයේවත් ,සත්ව ලෝකයේ වත් නැති දෙයක් තමයි මේ සමලිංගික ක්‍රියාව. මෙය තරයේ හෙළා දැකිය යුතුය. කාමයේ වරදවා හැසිරීම කියන්නේ මේකටත් සමග තමයි (නි)
මෙතුමා දෙවියන්ගේ නියෝජිතයා වේ නම් මේ රටට ජය නියතයි (නි)
පහන්, එතුමා අවසරයක් දුන්නේ නැහැ. එහෙත් ප්‍රකාශ කළා සමලිංගික පුද්ගලයෙක් විනිශ්චය කරන්න එතුමාට හැකියාවක් නැහැ කියලා. (නි)
නොදැන කරන වරදට වැරදිකරුවන්ට සමාව දෙනු මැනවි ස්වාමිනි ! (නි)
2014 වෙනකොට මෙතුමා ලංකාවේ සංචාරයකට සැරසෙන බව ආරංචියි.(ස)
තුවාන්,දේව ආශීර්වාද දෙන්න පුලුවන් අය තව ඉන්නවා.
"මෙතුමන්ට විතරද ? දේව ආශීර්වාදය ලබා දෙන්න පුළුවන්. මන් දන්නේ නැති නිසයි අහන්නේ ?"
" එහිදී ප්‍රකාශ කළා නේද ඉදිරියේදී ලංකාවටත් පිලිපීනයටත් සැපත් වෙනවා කියලා? " (ස)
වතිකානුව සහ පාප් තුමා සමලිංගික විවාහ වලට අවසර දුන්නද ?මම ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ ? (දී)
මිලාන්, ලාංකිකයන්ගේ අතමිට සරුවෙයි, බඩු මිල අඩුවෙයි, ලෙඩ සුවවෙයි මිනි මැරුම් අඩුවෙයි, පාප් තුමා ආවහම. හැබැයි ඉතින් එතුමා රටේ දේශපාලනයට අත නොදැම්මොත් හොඳයි.(ස)
මෙතුමන්ට විතරද ? දේව ආශීර්වාදය ලබා දෙන්න පුළුවන්. මන් දන්නේ නැති නිසයි අහන්නේ ? (ස)
නසිල් බ්‍රසීලය ප්‍රමණය වර්ග කිලෝම්මේටෙර් 65,610 යි, බ්රළෙල්යැ 8,515,767, ඉතුරිටික හිත්ගන්නකෝ. (දී)
ලංකාවට සැපත් වීම අපට විශාල අශිවාදයක් දෙවියන්වහන්සේට ප්රසංසවේව..................... (දී)
ලංකාවේ මුලු ජනගහනයත් කෝටි 2 යි. මේකට කෝටි 30 යි (නි)
ඊයේ එතුමා නැවතත් පැමිණියා. එහිදී ප්‍රකාශ කළා නේද ඉදිරියේදී ලංකාවටත් පිලිපීනයටත් සැපත් වෙනවා කියලා? (නි)
කෝටි තිහක් අවේ නැහැ, මිලියන් තුනක් ආවේ (දී)
කොටි 30 කතාව බොරු, (දී)
ලංකාවට මෙතුමා විතරයි අඩු. ලංකාවට අවට පස්සේ මෙතුමාගේ ආශිර්වාදයෙන් අපේ මිනිසුන්ගේ සියලුම ලෙඩ දුක් නැතිවෙලා ,ආර්ථික ගැටළු නැතිවෙලා සුර පුරයක්ම වෙයි . අනේ එක හින්ද ඉක්මනට එන්නකෝ (දී)
මෙතුමා ලංකාවේ සංචාරයකට අවොත ඒක ලොකු ආශීර්වාදයක් මොකද ලෝකයේ ජනගහනයෙන් 33% සිටිනේ කතෝලිකයෝ (දී)
කොල්ලාටම සුබ අනාගතයක්ම වෙයි . (දී)