පාප් වහන්සේ නැවතත් සම්ප්රදාය වෙනස් කරමින් ජෝර්දාන රැජිනට ආචාර කරන ඡායාරූප පෙළක් ඩේලිමේල් වෙබ් අඩවියේ පළ කර ඇත.
ලොව කෝටි 120ක කතෝලික ජනතාවගේ නායකයා වන පාප් වහන්සේ වෙත එන අය එතුමාට හිස නමා ආචාර කිරීම සම්ප්රදායයි. පාප් වහන්සේ කිසිවකුටත් ආචාර කිරීමට හිස නොනමයි.
ජෝර්දාන රැජින මුස්ලිම් ජාතික කාන්තාවක් වන අතර පාප් වහන්සේ මීට පෙරද ඉතාලි සිසුන් පිරිසක් සමඟ කුළුපගව සිටින ඡෘයාරූප පෙළක් ද වෙබ් අඩවි වාර්තා කර තිබුණි.
පාප් වහන්සේගේ ට්විටර් වෙබ් අඩවියේ යාවජීව සාමාජිකයින් සංඛ්‍යාව තිස් ලක්ෂයකට ආසන්න බව පැවසේ. වාර්තා පවසන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නූතන සමජය හා නව තාක්ෂණය සමඟ ඉතා සමීපව කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ සම්ප්රදාය එක තැනක තිබෙන්නේ නැහැ. සියලු දේ නැසෙන, වෙනස් වෙන සුළු බව පාප්තුමාට දැනෙන්න ඇති. මෙය ලොකු වරදක් නොවේ. පුද්ගලයෙකුට හිස නැමීම හදවතෙන් ඇති වෙන හැඟීමක්. ඔහුත් පෘථග්ජන පුද්ගලයෙක් මිස දෙවියෙක් නොවේ. (ස)
රෝම කොල්ලො, තමන්ගේ නූගත්කම පෙන්නුම් කරන්න එපා. (ස)
පාප් තුමාට අපිත් ගරු කරනවා ඒ වැඩේට (දී)
මේක එතරම් වරදක් නෙමෙයි රෝම කොල්ලෝ
"මෙය ලෝක ස්වබාවයයි " ඒකියන්නේදෙවියන්ගේ කැමැත්ත නොවෙයිද? (දී)
කෝ තවම බන්දුල කට ඇරියේ නැත්තේ (දී)
සිරි-පිස්සු දොඩවන්න නම් එපා පාප් තුමාට නම් ඇත්ත මොනාද කියල කියල දන්නවා ? (දී)
උගත් කම තියෙනවනම් කාට ඔලුව නවුවහම මොකද *(දී)
මේ නිව්ස් එක හොඳට බලන්න මොකද මේකේ කියලා තියනවා පාප්තුමා කාටවත් ඔලුව නමන්නේ නැ!!අනික් මිනිස්සු පාප්තුමාට ඔලුව නමනවා සහ ඒක සම්ප්රදාය කියලා. දැන් මෙතන වෙලා තියෙන්නේ ඒකද??? බුද්ධියෙන් නැතුව හදවතින් බලනකොට මේකේ වරදක් පේන්නේ නෑ. නමුත් බුද්ධිමත්ව හිතලා බැලුවම පේනවා රැජිනගේ ලස්සන දැකලා මෙතුමා නිකන්ම ඔලුව පහත වෙලා කියලා...පාප්තුමා කියලා එතුමා දෙවි කෙනෙක් නෙමේ නේ. එතුමත් සාමාන්‍ය පිරිමි කෙනෙක් .. (ස)
ඉස්ලාම් නීති එකිනෙකට වෙනස් විදියටද එකිනෙකාට බලපාන්නේ? (දී)
වෙනසකටත් එක්ක හොදයි නේ (දී)
වෙන ආගමක වෙන්න ඕනේ නැහැ, මුස්ලිම් කාන්තාවන්ට මුස්ලිම් පල්ලිවලට යන්න තහනම්. කිර්ති (දී)
අනේ හීරා ඔබට දුකද? (ස)
ආපහු ඉතාලියට එනකොට කළු දුම් ගහයිද මේ කරපු වැඩේට? (ස)
පාප්ප වහන්සේ කතෝලික ජනතාවගේ නායකයා. උන්වහන්සේට එම රැජින ආචාර කල යුතුයි. (ස)
මේ පාප්තුමා ඉතාම නිහතමානි පුද්ගලයෙක්. කතෝලිකයන්ගේ නායකයා කියලා කිසිම විදියකින්වත් ඔලුව ඉදිමිච්ච නැති පුද්ගලයෙක්. අපි එතුමාට ගරු කල යුතුයි. ජේසු තුමා වුනත් හැම ජාතියේම පුද්ගලයෙකුම ඇසුරු කලා. එතුමා දෙවියන්ගේ පුත්‍රයා කියලා ඔලුව උදුම්මගෙන හිටියේ නෑ. අවුරුදු 33 ජීවත් වුනේ. කිසිම පොතක් ලිව්වේ නෑ, එකම වස්ත්‍රය ඇන්දේ මැරෙනකන්ම, එකම පාවහන් පැලන්දේ මැරෙන කන්ම අන්තිමට මිනිසුන්ගේ පව් වෙනුවෙන් එතුමා කුරුසේට ගියා. මෙතුමා හිටපු පාප් වහන්සේලාට වඩා ගති පැවතුම් වලින් උසස්. (ස)
මහින්ද කතාව හරි, ඕනේ කෙනෙක් දන ගහනවා. (ස)
මෙතන සිදුවීම වෙන දෙයක් නෙවෙයි. මහා ඔලුවෙන් ඉන්නේ නැතුව එකිනෙකාට ගෞරවයෙන් ජීවත් වීම , විශිෂ්ට ගතියක් මොකද එතුමා ආචාර කලේ රැජිනට පමණක් නෙවෙයි නිසා. (ස)
මෙම පාප් වහන්සේ ඉහළම මානුෂික හැගිම් ඇති කෙනෙක්.මොහු ඉතා ගරු බුහුමන් ලැබිය යුතු කෙනෙකි (නි)
පාප් තුමා හරි
අපි ඇත්තටම අලුත් තාක්ෂනයත් එක්ක ගනුදෙනු කරන්න පුරුදු වෙන්න ඕනේ. මොකද අද ලෝකයම විශ්ව ගම්මානයක් වෙලා. සම්ප්‍රධායත් ආරක්ෂා කරගෙන අපි මේ තාක්ශනයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ.. පාප් වහන්සේ අපිට හොඳ ආදර්ශයක් දුන්න. (දී)
"නායකයා සේවකයා විය යුතුය" කියන එක සත්‍යක් වුනත්, කෙතරම් සුහදශීලී වුවත් තමා නියෝජනය කරන්නේ ආගමක් බැවින් තමාට වඩා තමන් නියෝජනය කරන ආගමට ගෞරවයක් ඇතිවන ආකාරයට හැසිරිය යුතුය. (නි)
පාප් වහන්සේට අපි ගරු කරනවා (දී)
නරකමත් නැහැ (දී)
සිසුන් සමග එකට ඡායාරූප ගැනීම හොදයි, හිස නැමීම වැරදි ලෙසයි මම දකින්නේ (දී)
පාප් තුමා නිහතමානී පාප් වහන්සේ නමක් නමුත් එතුමා සම්ප්‍රදික තත්වයෙන් බැහැරට ගොස් සිදුකල මේ ක්‍රියාව හොද හෝ නරක වීව මගේ සිතනම් සියුම් ලෙස රිදීමකට ලක් උනා (දී)
අනේ මේ පාප් වහන්සේ ජේසුස් වහන්සේ තුලින් ගැලවීම ලැබුවොත් ඔහුට ස්වර්ග රාජ්‍යයේ, ජීවන පොතේ නම ලියාගන්න පුළුවන් වෙයි. (ස)
එතුමත් මනුස්සයෙක්නේ අනේ. (දී)
අපි නම් දෙවියන් වහන්සේ හැරෙන්න වෙන කාටවත් නැමදීමක් වශයෙන් හිස නමන්නේ නැහැ. (ස)
නිලය හා බලය ඇති හැම කෙනෙක්ම, අනුන්ගේ ගරුබුහුමන් බලාපොරොත්තු වෙන මෙවන් යුගයක "නායකයා සේවකයා විය යුතු යැයි" ඔබ ලොවට දෙන පණිවිඩය මිල කල නොහැක. (දී)
පර්ප් තුමනි ඕන කෙනෙක්ට ආචාර කරන්න මොකද යහපත් ආගම 3න් 1කක නායක තුමා හැටියට ඔබට එකට අතියක් තියෙනවා
කවියක් තිබුනා, මට මතක නැහැ දැන්. එක පදයක් මතකයි. "රජුන් පවා දන ගසනා කෝවිලකි " (නි)
මෙයා වතිකානු රාජ්‍ය නායකයා, දෙවියෝ නෙමේ! මිනිස්සු අනිත් අයව දෙවිවරු කරන්න හදනවා ! (දී)
එක පසෙකින් මෙතුමා වෙනම ගමනක් යන්නට හදන බවක්ද පෙනේ. එනම්, මුස්ලිම් ජාතිකයින් සමග සුහදතාවයෙන් එම රටවල කතෝලික හා අනෙක් ආගම ඇදහීමට ඇති බාධා ඉවත් කිරීමක් මෙතුමන්ගේ ක්‍රියාවන්ගෙන් හැගීයයි. කෙසේවෙතත් ජෝර්දාන රැජිනගෙන් එරට වෙසෙන කිතුනුවන්ට වෙනස්කමක් නම් සිදු නොවනු ඒකාන්තයි. කතෝලික ධර්මයේ සාමය මුස්ලිම් ලෝකය තුලත් ඇති කරන්නේ නම් මෙතුමාට සමස්ත ලෝකවාසීන්ගේ නොමද ආශීර්වාදය හිමි වනු ඒකාන්තයි.! (නි)
පාප වහන්සේ වුනත් ඔහුත් මනුෂ්‍යයෙකි (නි)
මෙය ලෝක ස්වබාවයයි (නි)
මැද පෙරදිග පොහොසත් සහ රජ පවුල් වල සිටින අය ආගම කරපින්නා ගෙන නැත. ඔවුන් බොහෝ විට අධ්‍යාපනය ලබා තිබෙන්නේ යුරෝපයේ හෝ ඇමරිකාවේය. (නි)
බොහෝ අපේ නායකයන් මෙන් නොව මෙතුමා තමන්ගේ නායක කම ඔලුවට අරගෙන නැතුව සිටීම ගරු කල යුතු දෙයක්. (අ)
ෆාරුක් මේක ලෝක ස්වබාවය නම් නෙවෙයි.... එක තමයි ඒ මනුස්සයගේ තියෙන මනුස්සකම... නැත්තම් ඔයගොල්ලෝ වෙන ආගමක කෙනෙක්ට පල්ලිය ලඟට වත් එන්න දෙන්නේ නෑනේ?? මේවා බලල මොනවහරි ඉගෙනගන්න!(අ)!
ෆාරුක් මේක ලෝක ස්වබාවය නම් නෙවෙයි.... එක තමයි ඒ මනුස්සයගේ තියෙන මනුස්සකම... නැත්තම් ඔයගොල්ලෝ වෙන ආගමක කෙනෙක්ට පල්ලිය ලඟට වත් එන්න දෙන්නේ නෑනේ?? මේවා බලල මොනවහරි ඉගෙනගන්න!!(අ)
පාප් තුමා ගැණු ඉස්සරහත් ඔලුව පාත් කරනවද ?? කතෝලිකයන්ට කරපු ලොකුම අපහාසයක් මේක !! (දී)
තව ඉස්සරහට මේ ජාතියට ඔලුව නමාගෙන තමයි ඔක්කොටම ඉන්න වෙන්නේ .පාප්ප තුමාට එක තේරුණ හින්දා තමයි දැන්ම ඔලුව නමන්නේ (දී)