සෑම තත්තපර 30ට ම ලෝකයේ එක් අයකුගේ පාදයක් දණ හිසෙන් පහළ කොටස කපා ඉවත් කරන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යා සගරාවේ සදහන් කැර ඇත.
මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ එවැනි තත්ත්වයකට පත්වූ පුද්ගලයකුගේ පාදයකි. වයස අවුරුදු 50ක් වූ එම තැනැත්තා පාවහන් යුවලක් දෙපාවල පැළදීමෙන් දින කිහියකට පසු දකුණු පාදය කලු පැහැගැන්වී සැරව වලින් පිරී ගියේය. වෛද්‍යවරු කීවේ ඔහුට ඉක්මණින් ශල්‍යකර්මයක් කළ යුතු බවයි.
මේ පුද්ගලයා තරබාරු තැනැත්තෙකි. තමන්ට දියවැඩියාව වැළදී ඇතැයි ඔහු දැන සිටියේ නැත. වෛද්‍යවිද්‍යා සගරාව පෙන්වාදෙන්නේ දියවැඩියාව හේතුවෙන් සිරුරේ සෑම කොටසකටම හානි සිදුවන බවයි. මේ අතරින් පාදවලට සිදුවන හානිය ප්‍රධාන වේ.
දියවැඩියා රෝගීන් රෝහලහි නේවාසික වන්නේ පාදවල ඇතිවන තුවාල හේතුවෙනි. දියවැඩියා රෝගියකුගේ පාදවලට රුධිරය සැපයීම මන්දගාවී වේ. ඒ හේතුවෙන් සංවේදන දැනීම අඩුවී යයි. තම පාදයේ තුවාලයක් ඇතිවූ විට ඒ ගැන ඔහුට දැනෙන්නේ නැත. මේ නිසා තුවාලය පැතිරී විශාල වෙයි. හේතුව ස්නායු දුර්වල වීමයි. එවැනි අවස්ථාවක දී පාදයේ සම මියයයි. මැරුණු සෛල හා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය හේතුවෙන් කහ පැහැති සැරව වැගිරේ.
වෛද්‍යවරු පවසන්නේ දියවැඩියාව හොදින් පාලනය කරන්නේ නම් මේ තත්ත්වයෙන් මිදිය හැකි බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයෝ සිනි කනවා වැඩියි. පරිස්සම් වන්න. ඒ වගේම මිරිස් ලුණු පමණ ඉක්මවා කනවා. මේ නිසා අවරුදු 55, 60 වනකොට මිය යන අය වැඩි වෙලා. (නදී)
දියවැඩියාව හැදෙන්නේ සීනි කන නිසාම නොවෙයි.අධිපෝෂණ ආහාර නිතර ගැනීම ,ශරීරය වෙහෙසවා වැඩ නොකිරීම හෝ ව්‍යායාම නොකිරීම,නොයෙක් හේතු නිසා අග්න්‍යාසය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම, ආතතියෙන් නිතරම පීඩා විඳීම,ආහාර දිවීමේ දෝෂ,අක්‍රමවත් ආහාර රටාව,කෘතීම අහාරපාන නිතර ගැනීම, පිරිසිදු අලුත් එළවලු, පලතුරු ආදිය ආහාරයට නොගැනීම ආදියත් බලපානවා.කරිවිල,කුරුඳු,දෙළුම්,රණවරා,නෙල්ලි,ආදිය ආහාරයට ගැනීම දියවැඩියා පාලනයට ගොඩක් හොඳයි.(කරිවිල,නෙල්ලි,රණවරා,කුරුඳු පානයක් ලෙස සකසාගත හැක.) (ස)
ලාංකිකයෝ පමණක් නොවේ අපිත් සීනි ගන්නාවා (අ)
අපේ කුමරාන වේද මහතාට දිර්ගායුෂ(දිල්)
දියවැඩියාවට බෙහෙත් විතරක් මදි, එය සමහරවිට "psychosomatic හෝ spiritual රෝගයක් වෙන්න පුළුවන්, එවිට එය වෛද්‍ය වරුන්න්ට, සුව කල නොහැකි වෙනවා, ඔවුන්ට කල හැක්කේ දියවැඩියාවට පාලනය කිරීම පමණයි (ස)
බොහොම හොඳයි කුමාරන මහතා හොඳට රෝගයත් පිලියමුත් විස්තරකල, අපි සේරම එහෙම අයට අවංකවම ස්තුති වෙන්න ඕනි. බුදු සරණයි. (ස)
දියවැඩියාවට බෙහෙත් විතරක් මදි, එය සමහරවිට "psychosomatic හෝ spiritual රෝගයක් වෙන්න පුළුවන්, එවිට එය වෛද්‍ය වරුන්න්ට, සුව කල නොහැකි වෙනවා, ඔවුන්ට කල හැක්කේ දියවැඩියාවට පාලනය කිරීම පමනයි, මෙවැනි රෝගීන් සඳහා "counseling කල යුතුය. (ස)
කකුල් කපන්න කලින් නාවල ඉන්න. දොස්තර මහත්තයව හමු උනොත් ගොඩක් හොඳයි. ඕන නම් නොම්බෙර් එක දෙන්නම්. (ස)
ලක්ෂ්මන් හිනා වෙන්න එපා. හැදුන අය තමයි දන්නේ මේ අමාරු .මේ ලෙඩයට රිවස් ගියර් එකක් නැහැ (දිල්)
අවරුදු 40 ට වැඩි පුද්ගලයන් හැම මාස 6 කට වරක්වත් රුධිර පරීක්ෂණයක් කරගැනීම මගින් මෙම දියවැඩියා . කොලෙස්ටරෝල් වැනි දේවල් කල්තියා හදුනාගෙන පාලනය කරගත හැක. රුධිර පරීක්ෂණයේ ප්‍රතිපල අනුව වෛද්‍ය වරයාගේ හෝ පෝෂණ වේදියාගේ උපදෙස් පරිදි ආහාර රටාව සකස් කරගත යුතුය. ව්‍යයාම කිරීම මගින් හොද ශාරීරික මෙන්ම මානසික සුවතාවයක් ලබාගත හැක.(නදී)