පිටසක්වල ජීවය පවතින බවට සාක්කි සොයාගත හැකි වියැයි බි්රතාන්යය පර්යේෂණ කණ්ඩායමක් පවසයි.
මේ පරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහය.කණ්ඩායමේ අනෙක් සාමාජික පිරිස වන්නේ බි්රතාන්යයේ ෂෙෆීල්ඞ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක්ය.
පසුගියදා බි්රතාන්යයයේ චෙස්ටර්හිදී දැකගැනීමට හැකිවූ උල්කාපාත වර්ෂාවක් අතරතුර විශේෂයෙන් සකස් කළ බැලූනයක් ගුවන් ගත කර ඇති මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඇතුළු පර්යේෂක පිරිස එය ආධාරයෙන් මේ සාක්ෂි සොයාගැනීමට හැකිවූ බව පවසයි.
මේ බැලූනයේ කි‍්‍රයාකාරීත්වය ගැන සදහන් කරන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා එය උල්කාපාත වර්ෂාව පැවති කාලය අතරතුරේ ගුවන් ගත කළේ බැලූනය පසුකර යන උල්කාපාත වල වෙනත් ජීවයක් පවතින බවට සාධක තිබෙන බව සොයාගැනීම සදහා බව පවසයි.බැලූනය පසුකර ගිය උල්කාපාත වලින් සාම්පල ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක්ද සකස් කර තිබූ බව මහාචාර්යවරයා කියයි.
පසුව බැලූනය පොළවට ගෙන එය ලබාගෙන තිබූ සාම්පල නිරීක්ෂණය කිරීමේදී සජීවී බැක්ටීරියයා කොලිනියක් හා හදුනාගැනීමට නොහැකි ජීවී විශේෂයන් 2 ක සාධක සොයාගැනීමට හැකි වූ බව මහාචාර්යවරයා පවසයි.
ඇතැම් පුද්ගලයින් පවසන්නේ මේවා පෘථීවියෙන්ම වායුගෝලයට එක්වූ ඒවා වන්නට ඇති බවයි.එම ප්‍රකාශ බැහැර කරන මහාචාර්ය චන්දන වික්‍රමසිංහ මහතා කියන්නේ පෘථිවිය මතුපිට කි‍්‍රයාකාරීත්වය සැළැකීමේදී බැලූනය ස්ථාන ගත කර තිබූ කිලෝමීටර 27 ක් උස ගුවනේ එවැන්නක් පැවතීමට හැකියාවක් නොමැති බවය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවෙන් බිහිවෙලා සිටින හා සිටිය මහාචාර්යවරුන් රැසක්ම ලොවේ සම්භවය පිළිබඳ විශාල මෙහෙයක් කරමින් සිටිනවා.මෙතුමා බුදු දහම හා ලෝක සම්භවය පිළිබඳ කර ඇති පර්යේෂණ මා කියවා තිබෙනවා.ලන්ඩන් නුවර චිස්වික් පන්සලේ පැවැත්වූ දේශන වලට සවන් දෙන්න මට ඉඩකඩ ලැබුනා.ඒ දේශන අදහස් පළකර ඇති බොහෝ දෙනෙකු කියවා තිබුනොත් අඩු තරමින් තම බුද්ධිය වැඩි දියුණුකර ගත හැකියි මා සිතනවා.මිනිස් මනස විවිධයි. ඒක තේරුමක් බේරැමක් කර ගන්න ටිකක් කියවලා බැහැ. මේ විෂය විවාදයට තුඩුදෙන මාර්තෘකාවක්. (නි)
රිෂාර්ඩ්, එහෙම කියන තැනක් පෙන්න කෝ? ඒ කෙසේ වෙතත් ඔච්චර බලගතු කෙනාට තමන්ව අදහන මිනිස්සු ටික මවාගන්න බැරි වුනා. ඇයි මැජික් පවුඩර් ඉවර උනාද දන්නැහැ නේද? ඉර බැහැලා අහවලාගේ පුටුව යටට යන කතාවත් තියනවා. ඒක ගැනත් කියනනකො.... ඒ වගේ කෙස් පැලෙන තර්ක නම් ගොඩක් තියනවා නේද? (ස)
වෙනත් ග්‍රහ ලෝකයක ජීවින් ඉන්න බැරී ඇයි? බුදුන් වහන්සේ ජීවීන් සිටින්නේ පෘතුවියේ පමණක් යැයි කොහේවත් දේශනා කරලා නෑ.දේශනා කරලා තියෙන්නේ ඒවා සොයන්න එපා කියලා විතරයි. තවත් ජීවින් සිටින ග්‍රහලෝක කෙතෙක් පවතීද කියලා කියන්න බෑ. බුදු දහමයි විද්‍යාවයි පටලවා ගන්න එපා. (ස)
ජන්තු -කොහෙද ඕක තියෙන්නේ මට පොඩ්ඩක් කියන්න මමත් ඕක බලන්න ඕන ලොකු උදව්වක්. (ස)
පිටසක්වල ගැන සේවීමෙන් පලක් නැත පයගහලා සිටින ලෝකයේ ජීවින් වෙනුවෙන් යමක් කලා නම් කාලෝචිතය (දී)
මම නම් පිට සක්වල ජීවීන් ලංකාවේ ඉන්නවා කියලත් විස්වාස කරනවා..සාක්කි ඕන නම් ලංකාදීපේ එසැණ පුවත් වලට පුංචිටිකිරිලා,ඩුබායි තිලක්ලා,සත්යලා,දිසානායකලා,සත්යපාලලා,පද්මිනිලා,කුමාරලා,රෝහණලා දාන ප්‍රතිචාර බලන්න.මෙයාලා මේ ලෝකේ කට්ටියමද කියලා සැකයක් හිතෙන්නේ නැද්ද කියලා.. (ස)
විශ්වයේ පිපිරිම සහ හිරු සඳු තාරකා ගැන ඉතා දිගු ඉතිහාසයක් තියනවා ...උදාහරණ වශයෙන් මායා වරු , මිෂරයේ පිරිමිඩ..බිහි උනේ කිසිඳු ආගමක් ධර්මයක් බිහි වෙන්නට කලින්. නමුත් කුරානයේ තාරකා විද්‍යාව සහ හිරු සඳු ගැන ලිය වෙන්න කලින් තිබුන දැනුම තමන්ගේ සොයා ගැනීමක් විදියට හොවා දැක්වීම කියලයි මම හිතන්නේ. (ස)
කාලය අවකාශය හැඩය බර වර්ණය වගේ අපි ගන්න මිනුම් දඩු සිතේ තබන් විශ්වයේ තතු සෙවීම නිෂ්පලයි. සිතා ගන්නවත් නොහැකි ස්වරුපයන්ගෙන් බොහෝ දෑ තියෙන්න පුළුවන්.(දී)
රිෂාර්ඩ් මැවුම් වාදය කොපි පේස්ට් කලේ බයිබලෙන්.. ඒ ගමන විශ්වයේ මහා පිපිරුම බුද්ධ දේශනාවෙන් කොපි කරලා. දැන් හරියටම කියන්න බලන්න මවලද, පුපිපිරුමෙන් ද හැදුනේ කියලා... ඔයා විහිලු කරන එකෙත් සීමාවක් තියාගන්න. (දී)
පිටසක්වල ජීවින් හොයා ගන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. ඒ වගේම මේ මහාචාර්යවරු එනවා නම් මට හොයලා දෙන පුළුවන්. මේකේ ඉන්නවා බන්දුල පෙරේරා කියලා පිටසක්වල සතෙක් අදහස් බලන්න ..නිකන් මොල ගෙඩිය බඩ ඇතුලේ වගේ ... (ස)
නීල් රණා කියනවා හොඳ අවධානයෙන් සිටියොත් විශ්වයෙන් එන පණිවුඩ ලැබේවි කියාල, ලැබිච්ච පණිවුඩ එහෙම මොනවත් තියනවනම් අපිටත් කිව්වොත් නරකද? (දී)
අප ශ්‍රීලාංකිකයෝ ලෙස ආඩම්බර වියුතුයි මේගැන.අපගේ මහත්තයෙක් තමයි සොයාගෙන තියෙන්නේ.ඒ වගෙ මේ බුදුදහම අනුවත් මෙය ඇත්තක් වෙනවා. (දී)
ආදම් ඒවා මෙලොවට එවලා මනුස්සයා බිහි කලා කියලා මුස්ලිම් ක්‍රිස්තියානි ආගම අදහන අයගෙන් මම අහලා තියෙනවා.දැන් අපට ඇතිවෙන අනිත් ගැටලුව වෙන්නේ වැරදිලා හරි ඔය මහත්තුරු කට්ටිය වෙන ලෝකෙක ඉන්න ජීවියෝ සොයා ගත්තොත් ඒ ගොල්ලෝ මැව්වේ කවුද කියන එක.සමහරු කියන විදියට ඒ විස්තරත් ඒ පොත්වල තියෙනවද දන්නේ නෑ.මට නම් කා එක්කවත් ආගමික ගැටළුවක් නෑ,දන්නේ නැති නිසා අහන්නේ,දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. (ස)
අසංග, අපොයි ඔව්. කිසි ප්‍රශ්ණයක් නැතුව කියන්න පුළුවණි. මීට වර්ෂ සහශ්රක දෙකකට පෙර කළා වගේ විශාල වෙනසක් සිදුකරන්න කාලෙ ඇවිත් කියනවා. (දී)
බන්දුල පෙරේරාට බනින්න එපා එයා කියන අය විතරක් නොවේ නිල් රනා, ජයම්පති, කලිල් කියන අයත් පිටසක්වල ජීවීන් හෝ ඒ අයගේ ඥාතීන් විය යුතුයි
මැවුම් වාදයට පරිභව කරලා මහා පිපිරුමක් ගැන කීම වැරදියි. මන්ද මහා පිපිරුමකින් විශ්වය බිහිවුණේ නැහැ. බිග් බෑන්ග් යනු පිපිරීමක් නොව අල්පෙනෙති තුඩකටත් වඩා සියුම්ව බිහිවූ විශ්වය ක්ෂණයෙන් බැලුමක් සේ පිම්බීමයි. එසේ පිම්බුණේ පිපිරීමක් නිසා නොව කිසිවක් නැති තැන බිහිවූ පැවැත්ම එසැනෙහි ත්රීවෘත වීම නිසයි. 0,1,1*3=3,3*3=9 යනු විශ්වය බිහිවූ සූත්‍රයයි. (ස)
පිටසක්වලින් ඇවිල්ල හරි මේ ලෝකේ මිනිස්සු ටිකට සමගිය කියල දෙනවනම් කොච්චර හොඳද (දී)
නීල් රණා,මම කියන්නේ කලක් එකට තිබී බෙදා වෙන්වීමක් ගැන.බෑන්ග් යනු තවත් හුඟාක් අර්ථයන් ඇති වචනයක්. ඔබට තවත් ශාක්ෂි ඕනෑ නම් අන්තර්ජාලයෙන්ම සොයා ගත හැකියි (නි)
සරත් මහත්තයා, හැබැයි මනුෂ්‍යයන්ගේ ආරම්බයට පෙර තවත් විශේෂිත මැවීම් දෙකක් ගැන අපි විශ්වාස කරනවා. ඔවුන් ඉතා සුළු මොහොතකින් අහසේ පියාසර කළහැකි වර්ගයක්.මේවා ගුප්ත දේවල්. ඉතා පුළුල්ව විග්රහ කළයුතු දේවල්.අද අපිට ප්‍රායෝගිකව කළයුතු දේවල් කොපමණ තියෙනවද? කෙනෙක් තමාට අවශ්‍ය තැනට යන්න උත්සාහ කරනවා වගේම යා යුතු විදිහ තමයි සොයා ගත යුත්තේ. එයයි වඩාත් උචිත (නි)
රිශාර්ඩ්, විශ්ව සම්භව විද්‍යා දැණුම අන්තර්ජාලයෙන් ලැබෙන්නේ නැහැ. මා ඉහත කියා ඇති විශ්ව සම්භව සූත්‍රය ලංකාවේ රාවණා පරපුර සොයාගත් දෙයක්. අපේ දැණුමයි ලොකයේ ආගම් බිහිවීමට හේතුවුණේ. ලෝකයේ විවිධ රටවල, ලංකාවේ විද්‍යාඥයින් විශ්වයේ සම්භවය පිළිබඳ පර්යේෂණ වල ඉදිරියෙන්ම සිටින්නේත් ඒනිසයි. (අ)
රිශාර්ඩ්, විශ්ව සම්භව විද්‍යා දැණුම අන්තර්ජාලයෙන් ලැබෙන්නේ නැහැ. මා ඉහත කියා ඇති විශ්ව සම්භව සූත්‍රය ලංකාවේ රාවණා පරපුර සොයාගත් දෙයක්. අපේ දැණුමයි ලොකයේ ආගම් බිහිවීමට හේතුවුණේ. ලෝකයේ විවිධ රටවල ලංකාවේ විද්‍යාඥයින් විශ්වයේ සම්භවය පිළිබඳ පර්යේෂණ වල ඉදිරියෙන්ම සිටින්නේත් ඒනිසයි. (අ)
මැවිල්ලේ ක්‍රම දෙකක් තිබෙනවා. ඒකෙන් එකක් කිසිම අමුද්‍රව්‍ය නොමැතිව මැවීම.ඒ වගේම දෙයකින් තව දෙයක් මැවීම. මැවුම් වාදය කොපි පේස්ට් කළේ බයිබලෙන් නම් කුරානය බොරුවෙනවා. (නි)
නීල් රනා ගේ අදහසට මමත් එකග වෙනවා.යම් දවසක යම් කෙනෙක් පිටසක්වල ජීවින් ගැන හොයන්න උත්සාහ දරනවා නම් මුලින්ම ලංකාවේ රාවණා පරපුර කියන්නේ මොකක්ද, රාවණා කොහොමද විශ්වය සමග සම්බන්ධතා පවත්වා ගත්තේ කියලා තේරුම් ගන්නවානම් ගොඩක් වැදගත්.මොකද රාවණා මේ විශ්වය සමග සම්බන්ධතා පවත්වනකොට ඔය සුදු මහත්තුරු හිටියේ නිරුවතින් කැලේට වෙලා.. (නි)
විශ්වයේ ජීවීන් නොමැති බවට වඩා ජීවීන් ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. නමුත් මෙලෙස චන්ද්‍රා වික්‍රමසිංහගේ සරල පරීක්ෂණ මගින් ඔය කියන දේවල් සනාථ වන්නේ නම් විශ්වයේ ජීවය ඇති බව සොයා ගන්නේ මීට අවුරුදු සිය ගණනකට පෙරයි.'ස්පෙක්ට්‍රම්' වර්ණාවලි විශ්ලේෂණ ක්‍රම මගින් අප පෘතුවිය පිහිටා ඇති 'මිල්කිවේ' ගැලක්සියේ ජීවය තිබිය හැකි යයි සිතන අපේක්ෂක ලෝක සොයා ගෙන තිබෙනවා. නමුත් මෙම යහපත් 'ගෝල්ඩිලක්ස්' කලාප තුල තිබෙන ග්‍රහලෝකවල තිබෙන නීල වර්ණක (ජලය බෙහෙවින් ඇති බව) හැරුණු විට වෙනත් තතු සොයා ගැනීමට අප සතුව සම්පත් නැත. ග්‍රහලෝකයක ජීවය ඇතිවීම අහඹු සංසිද්ධියකි. විශ්වය මොනතරම් පිපිරීම් සහිත කලබලකාරී තැනක්ද කිවහොත් ජීවයක් පැවතුනත් එය විනාශවීමට ඇති ප්‍රවණතාව වැඩිය. ලොව්තුරා සත්‍යයක් වූ බුද්ධ දේශනාවට අනුව ශීල මාර්ග වලට අනුගත වීමෙන් ලැබෙන අධ්‍යාත්මික දියුණුවෙන් විවිධ දිව්‍ය ලෝක තිබෙන බව ප්රත්යක්ෂ කරගත හැකිය. එම ලෝක වල කාලය පෘතුවිය හා සංසන්දනය කිරීමේදී දීව්‍ය ලෝක වාසීන්ට බුද්ධ පරිනිර්වාණය සිදුවී ගත වී ඇත්තේ තවම පැය කීපයකි. ඔවුන් ඇසු බුදුබණ තවමත් නැවුම්ය. මෙයම දිව්‍ය සැපතක් නොවේද? (නි)
ජන්ත, ඔට කියන තර්ක නිකන් ඔලුව රත්වෙලා වගේ දැම්මට ඔයා කියන කිසි දෙයක් ඕකේ නැහැ.ඕක ඔයා දැකලවත් තියෙනවද ? හරියටම විශ්වයේ ආරම්භය ගැන කියන එකම පොත ඕක පමණි (නි)
බුදු දහම සත්‍ය හා නිවැරදි බව දිනෙන් දින තව තවත් තහවුරු වේ. (නි)
මෙතරම් ජීවය පිළිබඳ සාධක බැලුනය තුල තිබුනේ නම් මෙය රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයට ඉදිරිපත් කළේ නැත්තේ ඇයි? (නි)
අපේ වර්ෂ කාලය පටන් ගන්නේ බුද්ද වර්ෂ සහ ක්‍රිස්තුවර්ෂ විදියට, නමුත් මීට පෙර ඉතිහාසය යම්කිසි දෙයක් තිබුන බුදුන් වහන්සේ කලින් පුරන භාරතයේ බිහිඋන පඩිවරු විද්දතුන් අනගතය ගැන, ග්‍රහලෝක, තරු රටා, ජෝතිස්සය, ඉපදීම, මරණය, මිනිසා මරණයෙන් පසු අත්මබවය, මනෝ විද්දයව සියලුම කරුණු ගැන හොයන කලෙක බුදුන්වහන්සේ පහල වීම කරුණු කරන විග්රහ කර මේ සසර ගැන හරි අවබෝදයක් ලබා දෙන්නේ. මේ පිළිබද ලියවෙන ඉතාම වටිනා පොත් සන ග්රන්ථ නමුත් පසු කාලිනව සිදුඋ යුදමය තත්වයන් මත මේවා විනාස වෙලා යනවා. පසුව බිහිවෙන ආගම බුද්ද ධර්මය සහ එහි එන කරුණු කරන ඇතුලත් කර තම ජීවත් වන සංස්කෘතිය තුල බිහිවෙන සහ මිත්තය දුස්ටිකයන්ගේ සංකල්ප තහුරු කරගැනීමට සන බිහි කර ගැනීමට දැරු උස්සහයක් නිසා අද ලෝකයට ඉතාම දරුණු කාලයක් උද වේල තියන්නේ
සියල්ල ඉටු වී ඇති සමාජයක අපි ඉන්නේ. ඕකත් එහෙම එකක්.(නදී)
අවුරුදු දහස් ගණනකට ඉහත ගොඩනගා ඇති පිරමීඩ පවා අද්භූත නිර්මාණයන්ය (නි)
පිටසක්වල ජීවයක් පවතින බවට සාක්ෂි ඇතුලත් පොතක් මා සතුයි.බුධුධහමට අනුව එවැන්නක් කිසිසේඉත්ම ප්‍රතික්ෂේප කල නොහැකියි. (දී)
"හරිඳු 2014-04-05 12:49:41 පිටසක්වල ජීවයක් පවතින බවට සාක්ෂි ඇතුලත් පොතක් මා සතුයි.බුදු දහමට අනුව එවැන්නක් කිසිසේත්ම ප්‍රතික්ෂේප කල නොහැකියි. (දී) " මෙසේ සඳහන් කල සහෝදරයට මවිසින් එක ඉල්ලීමක් කරනු කැමැත්තෙමි. මමද පිටසක්වල ජීවින් පිලිබඳ දැඩි ලෙස කරුණු සෙවීමෙහි නිරත වී සිටින අයෙක්මි. ඔබ සඳහන් කල පොත පරිශීලනය කිරීමට මට ලබා දෙන්නේ නම් හෝ එම පොතෙහි සඳහන් කරුණු පිළිබඳව මට දැනුවත් වීමක් ලබා ගැනීමට සහය වන්නේ නම් හෝ ඔබට ස්තුති වන්ත වෙමි. මේ පිළිබඳව පිළිගත හැකි සාධක සහිත පොතක් නම් කරුණා කර මට දන්වන්න. (ස)
රූපවති,චන්දි,කුමාරිහාමි, සරත්, ඔයාලත් එහේද? (නි)
දැන් හිතාගන්න පුළුවන්නේ අර සමහරු කියන පරිදි සෞදි අරාබියාව විශ්වයේ කේන්ද්‍රය නොවන බව. (දී)
බණපොත් කියවන්න ඔයිට වඩා සාක්කි තියෙනවා
කොච්චර දුර මේ ජීවීන් ඇවිද්ද? ආහාර කොහොමද? මොකද පිච්චිලාවත් මැරුනේ නැත්තේ. තව විස්තර දෙන්න.(නදී)
මමත් කියන්නේ අපි තනි නැහැ කියලා.(නදී)
මට සතුටුයි ලංකාවේ මහත්තයෙක් මුල් තැන ඉන්න එක. අනික තමා බුදුහාමුදුරුවෝ ඔය කතාව කිව්වේ වසර 2600 කට කලින්. අමතක කරන්න එපා.(නදී)
කටයි අතයි තිබුන පලියට විද්වතුන්ට ගරහන්න එපා. ඔය විද්‍යාඥයා ලෝක ප්‍රසිද්ද පුද්ගලයෙක්. ඔහු ගැන දන්නා අය ඉන්නේ ටික දෙනයි. හරියට රනා වගේ.(නදී)
පිට සක්වල ජීවීන් සිටින බවට හදුනා ගැනීමට හෝ එම ජීවීන් සමග සම්බන්ධතා ඇති කරගන්නවාට මම විරුද්ධයි. බැරි වෙලාවත් සම්බන්ධතා තර උනොත් එහෙම අන්තර් ග්‍රහ ලෝක පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම වර්ජනය කරන බවට ඔවුන් අපට තර්ජනය කරාවි.(නදී)
හරි ෂෝක් නේද හසන්ත.(නදී)
ඕක සොයාගත්තා කියල ස්වර්ගයට යන්න ලැබෙනවා ද?(නදී)
දැනට වසර මිලියන ගානකට පෙර සජීවී බැක්ටීරියයා මේ පෘතුවිය මත පතිත වීමෙන් තමා අද වන විට පරිණාමනය වෙලා වසර මිලියන ගාණක අද පවතින ජීවින් බිහි වෙලා තියන්නේ. යම්කිසි ග්‍රහලෝකයක් විනාස වීමෙන් එම ග්‍රහ ලෝකයේ තිබෙන ජීවයක් පැවතිය හැකි බැක්ටීරියා වර්ග එම උල්කාපාත සමග අභ්‍යවකාශයේ සැරිසරන විට තවත් ග්‍රහලෝකයක් වලට උල්කාපාත විදිහට වැටෙනවා. එවිට තමාට සුදුසු පරිසරය ලැබුණු විට ජීවයක් බිහි වෙන්න හදනවා. මෙම ක්‍රියාදාමය වසර මිලියන ගණන් කල් අපි ජීවත් වන පෘතුවිය විශ්වයේ ජීවයක් පවතින්න පිහිටි හොදම තැන. ඒක නිසා තමා ජීවීන්ට හිත කර විදිහියට පරිසරය හැඩ ගැහිලා තියන්නේ. නමුත් යම් කිසි කාලයක මේ පෘතුවිය විනාශ වෙලා ඔය විදියට වෙනත් ග්‍රහ ලෝකයක නැවත ජීවයක් ලබන්න පුළුවන්. ඔබ තුමාගේ මේ මෙම උත්සාහය සාර්ථක වේවා කියල පාර්ථනා කරනවා. තවද දෙවියන් පිළිබද සංකල්පය මිනිසා මැවීම මෙයද අනාගතයේදී බොරුවක් වෙන්න පුළුවන්.. ල්ස් ධාවිචින්ගේ පරිණාම වාදය මීට වසර තුන් දහසකට පෙර බිහි උනානම් අද ඔහුද දෙවියන් විය හැකිය.(නදී)
පිටසක්වල ජීවින් ඉන්නවා ඒක 100\100 ෂුවර් වෙන කතන්දර ඕනේ නැහැ.(නදී)
හා හා වීර කට වහගන්න. ඔයා දුන්නොත් දෙන්නේ ඔය වගේ කතා පමණයි.(නදී)
සංජු,විශ්වයේ මහා පිපිරුම ගැන කුරානයේ පැහැදිලිව කියනවා. හිරු සඳු තාරකා ගැනත් තියෙනවා. මේවා මෑතකදී ඉඳන් විද්‍යාත්මකව සොයාගත්දෙවල්. මේවා අපිට පුදුම නොවේ. අපි සිතන්නේ මෙය මවපු කෙනා මොන තරම් සර්වබලධාරියෙක් වෙන්න ඇද්ද කියා (නි)
ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා හිතෙනවා (නි)
පිටසක්වල ජීවීන් නම් ඉන්නවා. ඒත් මොරටුව පිටකොටුව එහා ගෙදර මෙහා ගෙදර වගේ ලගින් නම් නැතුව ඇති. ආලෝක වර්ශ කෝටියක් වත් දුරින් ඇත්තෙ. එහෙම තිබ්බා නම් කොච්චර යුද්ධ තියේද. ත්‍රස්තවාදය නැති ලෝකයක් හම්බවුනනොත් අපිටත් කියන්න හොදේ. අපිත් යනවා.(නදී)
පිටසක්වළ ජීවය පවතින බව ස්ථිරයි. ඒ නිසයි මේ පුංචි ග්රහලොවේත් අවුරුදු බිලියන ගණනක් ජීවය පරිණාමයට පත්වන්නේ. නමුත් ගැටලුව වන්නේ පිටසක්වළ ජීවය තිබෙන බවට විද්‍යාත්මක සාක්ෂි නොමැතිවීමයි. මන්ද බටහිර විද්‍යාව ඒතරමටම බොළඳ අවධියකයි පසුවන්නේ. අපේ රටේ උගතුන් යයි කියාගන්නා අයත් කරන්න දන්නේ සුද්දන් වෙනුවෙන් තමන්ගේ නමින් ගොන් කතා ප්‍රසිද්ධියට පත් කිරීම පමණයි
මේ විශ්වයේ අපේ හිරු වගේ තවත් ඉරවල් කෝටි ගානක් තියෙනවා. අපිට තරු විදිහට පෙනෙන්නේ ඒවා. දැනට හොයාගෙන තියෙන විදිහට අපිට ලඟින්ම තියෙන ඉර තමයි සීරියස් කියන තරුව. (අපේ ඉර ඇරුනහම). ඉතින් ඔය කියන ඉරවල් වටෙත් ග්‍රහ ලෝක කැරකෙනවා. ඔය අතර අපේ හිරුත් පෘථිවියත් අතර දුරට සමාන හෝ ආසන්න දුරකින් තියෙන ග්‍රහ ලෝක තියෙන්න පුළුවන්. එහෙම තියෙනවනම් එකේ ස්වාහාවය අපේ මහා පොලවට ගොඩක් සමාන වෙයි. එහෙනම් අපිට හිතන්න පුළුවන් ඒවා වලත් ජීවීන් ඉන්න පුළුවන් කියලා. ඒ ග්‍රහ ලෝක හැදිලා තියෙන මුලද්ර ව්ය වල හැටියට ජීවීන්ගේ යම් යම් වෙනස් කම් තියෙන්න පුළුවන්. මගේ නම් පුද්ගලික විස්වාසය අපි මේ විශ්වයේ තනි වෙලා නෑ කියන එකයි. මේ ලිව්වේ මම නෙට් එකේ දැකපු දේවල් ටිකක්.(නදී)
නිල් රනා, ජයම්පති, කලිල් පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා කියන්නේ එහේ නෑයෙක් වත් ඉන්නවද අඩුම ගානේ දුරකථනයෙන්වත් කථාකරන.(නදී)
ජිප්සිස්ලා ඕක කියල ගොඩක් කල්.(නදී)
අපේ මහාචාර්යවරයාට තවත් ඉදිරියට යන්න සුභ පතමු. (නි)
පිටසක්වල ජීවින් නැහැ. ඔය සියල්ලක්ම මිනිසුන්ගේ මත විතරයි. මනුස්සයට බැ විශ්වයේ තියෙන සියල්ලම අවබෝධ කරගන්න.(නදී)
තිලින ඔය විශ්වය කියන කොට ඔයාගෙ ජීවීන් නෑ කියන කතාව බොරු වෙලා ඉවරයි.(නදී)
අසංග, විශ්වය බිහිවෙලා දැනට වසර බිලියන 13.5 ක් පමණ වෙනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවුණේ අවුරුදු බිලියන 4.5 කට පෙර. පෘතුවිය සිසිල් වූ විගස මෙහි ජීවය හටගෙන තිබෙනවා. ඒ මීට වසර බිලියන 3.5 කට පමණ පෙර. කෙසේ නමුත් ස්ථිරවම වසර බිලියන 2.7 ක සිට පොළොව මත ජීවය තිබුණා. විශ්වය බිහිවුණේ එකවර වගේම එහි ජීවය හටගත්තේත් එකවර. විශ්වය එකට බැඳී තිබෙන්නා වාගේ ජීවයත් විඥානය මගින් එකට බැඳී තිබෙනවා. ඒනිසා එකිනෙකා අතර සම්බන්ධයක් පවතිනවා. ඉර, හඳ, තරුත් එහෙමයි. හොඳ අවධානයෙන් සිටියොත් විශ්වයෙන් එන පණිවුඩ ලැබේවි. (නි)
පිටසක්වල ජීවියෝ නැහැ කියලා කියන අයටනම් පිටසක්වල ජීවියෙක් අරගෙන පෙන්නන්නම ඕනෑ. එතකොට තමයි මේ උගත් මිනිස්සු පිළිගන්නේ මේ මහා විශ්වයේ වෙනත් ජීවින් ද සිටින බව (නි)
පිටසක්වල ජීවියෝ නැහැ කියලා කියන අයටනම් පිටසක්වල ජීවියෙක් අරගෙන පෙන්නන්නම ඕනෑ! එතකොට තමයි මේ උගත් මිනිස්සු පිළිගන්නේ මේ මහා විශ්වයේ වෙනත් ජීවින් ද සිටින බව! (නි)
විශ්වයේ අනිවාර්යයෙන්ම වෙනත් ජීවින් සිටිය හැකියි. ලෝක විදු නම් ලද බුදු හිමියන් වෙනත් ලෝක ගැන දේශනා කර තිබෙනවා. අනිත් ආගම් අනුවත් අඩු තරමේ දෙවියන්වහන්සේ වත් පිට සක්වල ඉන්න ඕනෑනේ. ලෝකේ නැති බැක්ටීරියා මෙහෙ ගෙනත් තව ලෙඩ දාගන්නද යන්නේ? (නි)
එතකොට ඔය මහා ආගමික පොත් වල තියන්නෙ අරයා ලෝකෙ මැව්වා අවුරුදු 6000කට ඉස්සර දවස් 6න්.. අහවලා ලෝකෙ මැව්වා අවුරුදු 10000කට ඉස්සර පැතලි රොටියක් වගේ. ඉර බැහැලා අහවලාගේ පුටුව යටට යනවා. ආයෙ උදේට එනවා කියලා. මේවාට මොකදෑ වෙන්නෙ? (ස)
සාමාන්‍ය බුද්ධියට අනුව මෙසේ උපකල්පනය කරන්නට බැරිද? අප සිටින පෘථීවිය හැර අනන්ත ග්‍රහ වස්තු අහසේ දිස්වේ. මේ සුවිසල් විශ්වයේ සිටිනුයේ අප පමණක් විය හැකිද? බුද්ධ දේශනාවට අනුව මිනිසුන් සිටින්නේ මේ මහපොළවේ පමණි. අදහසකි. (ස)
බුදු බනේ කියනවා සිත මිස කය නැති බඹලොව සතරකි. සිත ඇතිවන කය ඇති බඹ තලයකි මෙද සත පිංකොට උපදින පෙදෙසකි එහි උපනොත් කුසලක් නොම කළ හැකි එසේ නම් පිටසක්වල ජීවීන් සිටිය යුතුමය.(නදී)
විශ්වයන් කීයක් තියෙනවද කියලවත් නොදන්නා අපි මොනවා කියනවද? (දී)
පෘථිවියේ පමණක් ජීවින් සිටි. වෙනත් කිසිම ග්‍රහ ලෝකයක ජීවින් නැ. මේ පෘතුවියේ විවිධ කම්පන පරාස වල ( සමාන්තර) ලෝකවල ඔය කියන ( බුදු දහමේ ) කය නැති ආත්මික ශරීර ජිවත් වේ. මොනතරම් සෙව්වත් මෙයට එහා දෙයක් නැහැ.(නදී)