සිරියාවේ හා ඉරාකයේ යුද වැදී සිටින ඉස්ලාම් අන්තවාදි ඩෙඒස් ත්රස්තවාදීන්ට එරෙහි රුසියාව හා බටහිර බලවතුන් ගෙන් සැදුම්ලත් කණ්ඩායමෙන් නොසිතු මොහොතක රුසියා හමුදා පසුගිය සති දෙකකට ප්‍රථම ඉවත් කර ගත්තේය. රුසියාවේ ජනාධිපති වැලදිමිර් පුටින්ගේ මෙම තීරණය ලෝකයාගේ විවිධ විවේචනයට භාජනය වූ අතර ජනාධිපතිවරණයේදි ඔහුගේ විරුද්ධවාදියෙක් වූ ලෝක චෙස් ශූර වූ ගැරී කැස්පොරොව් ද ඔහුව විවේචනයට ලක් කළේය.
1963 අප්‍රේල් 13 වැනි දා සෝවියට් දේශයට අයත් අසර්බයිජාන් හී උපත ලද රුසියාවේ හා ක්‍රෝෂියාවේ පුරවැසිභාවය හිමි ගැරී කැස්පොරොව් දැනට ලෝකයේ සිටින දක්ෂතම චෙස් ක්‍රීඩකයා ලෙස සැලකේ. වර්තමාන ලෝකයේ සිටින දක්ෂතම චෙස් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටින ඔහුට වයස අවුරුදු 22ක් වූ 1985 දී එවකට ලෝක චෙස් ශූරයාවූ රුසියා ජාතික ඇනටොලි කාර්පොව් පරදවා ලෝක ශූරතාව දිනා ගැනීමට හැකිවූ අතර මේ දක්වා ඔහුව පරාජය කිරීමට හැකි වූ චෙස් ක්‍රීඩකයෙක් බිහිවී නොමැත. එම කාලයේ දි (1982 හා 2002) චෙස් ක්‍රීඩාවට හිමි ඔස්කා ශූරතා හතක්ද 1980 දි ලෝක කනිෂ්ඨ ශූරතාවය, (1985 සිට 2000) දක්වා ලෝක ශූරතාවයද දිනා ගැනීමට හැකිවූ අතර පරිගණකය සමඟ තරඟ වැදුනු ප්‍රථම ක්‍රීඩකයාද ඔහුය.
වර්ෂ 2005 දී චෙස් ක්‍රීඩාවෙන් සමුගත් ඔහු රුසියා දේශපාලන ක්ෂේත්රයට පිවිසෙමින් එදා පැවැති පුටින්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව විරුද්ධ පක්ෂ දේශපාලනයට අවතීර්ණ වුයේය. අනතුරුව 2007 සැප්තැම්බර් 30 වැනි දා විරුද්ධ පක්ෂ නියෝජනය කරමින් රුසියා ජනාධිපතිවරනයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වී පුටින් පාලනයේ මර්දනය ඉදිරියේ 2008 දෙසැම්බර් මස 12 වැනි දා අපේක්ෂකත්වය ඉල්ලා අස් කර ගත්තේය. ඉන් අනතුරුව පැවැති පුටින් පාලනයට විරුද්ධව සටන් වැදුනු ඔහුට පසු කාලීනව පැවැති මරණීය තර්ජන හේතුවෙන් 2013 ජුනි මස ජීවිත ආරක්ෂාව පතා ඇමෙරිකාවට පලා ගිය අතර මේවන විට නිව්යෝර්ක් නුවර මෑන්හැටන් හී තට්ටු නිවාස ගොඩනැගිල්ලක 40 වැනි මහලේ ඔහුට හිමි නිවසක දැඩි ආරක්ෂාව මැද ජීවත් වන්නේය. ඒ අතර තුර ශීත ඍතුව පැමිණෙමින් තිබේ යනුවෙන් ඔහු විසින්ම රචිත ග්රන්ථයක් පසුගිය ජනවාරි 21 වැනිදා එළිදක්විය. එම ග්‍රන්ථයෙන් පුටින් පාලනය දැඩි විවේචනයට හසුකර ඇති අතර ප්‍රංශයේ පළවන ප්‍රසිද්ධ පැරීසියන් සඟරාවේ ස්ටෙෆන් ලොයිනොන් හා ජෝන් ක්‍රිස්ටියන් බුකා යන ප්‍රංශ මාධ්‍යවේදීන් දෙදෙනා ඔහු සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි කළහ.
ප්රශ්නය:
ඔබ 2013 රටින් පිට නොවුනා නම් ඔබගේ ජීවිතය අනතුරේද? ඔබට සිර ගෙදර සිටීමට සිදු වන්නේද?
පිළිතුර:
සත්තකින්ම ඔව්. එහෙම නොවුණා නම් මා ගෙදරදීම මරලා දානවා. බොලොටානියා චතුරශ්‍රයේ මමත් සමග උද්ඝෝෂණයට සහභාගීවූ ප්‍රධාන පෙළේ නායකයෝ සමහර දෙනෙක් සිරගෙදර බොලොටානියා චතුරශ්‍රයේ පැවැති පුටින්ගේ පාලනයට විරුද්ධ උද්ඝෝෂණයේ ප්‍රධානියෙක් ලෙස 2007 දී හා 2012 දී දෙවරක් මාව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර එළියට දැම්මා. නමුත් එම උද්ඝෝෂණයට එක්වු මගේ මිතුරන් වු විරුද්ධ පක්ෂයේ නායකයන් වූ මිකහයිල් කොහොඩොකොවොස්කි සිරගත කලා. ලිබරල් නායක බොරිස් නෙම්ට්සෝව් 2015 දී ක්රෙම්ලීනයේදි ඝාතනය කළා. ඊට පෙර නෙම්ට්සොව් මට රටින් පිටවෙන ලෙස අවවාද කළා. ඔබ සාක්ෂි කාරයෙක් ලෙස ප්‍රශ්න කිරීමට ලක් වුවොත් , ඔබ එළීයට එන්නේ සැකකරුවෙක් ලෙසයි. එම නිසා ජීවිතය බේරා ගැනීමට රටින් පිටවෙන ලෙස ඔහු මට උපදෙස් දුන්නත් ඔහු ඒ පිළිවෙත අනුගමණය නොකළ නිසා ඔහු මරණයට පත්වුණා. මට උපදෙස් දුන් මිතුරාටත් ජීවිතය බේරා ගැනීමට නොහැකි වුණා. රුසියාවේ පුටින් විරෝධි නායකයන්ගේ ඉරණම එසේයි. සමහරුන් ජිවිතය බේරා ගැනීමට රටින් පිටවෙලා. මමත් එයින් එක් කෙනෙක්. මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මටත් මගේ බිරිඳටත් 2005 සිට ඇමෙරිකාවේ ගෙවල් තිබෙනවා. මගේ තුන්වෙනි දරුවා ඉපදුනෙත් ඇමෙරිකාවේ. මගේ දරුවන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් දැන් විවාහා වෙලා ඔවුන් එයාලගේ දරුවන් සමඟ ජීවත් වන්නේත් ඇමෙරිකාවේ.
ප්රශ්නය:
ඔබට මෙහි ආරක්ෂාව ගැන විශ්වාසයක් තිබේද?
පිළිතුර:
සත්තකින්ම ඔව්. එනමුදු මම දැඩි සෝදිසියෙන් ජීවත් වන්නේ. මගේ පවුලට එය විශාල ප්‍රශ්නයක්. මගේ බිරිඳ හා මගේ මවට එය මානසික කරදරයක්. ඒත් මොනවා කරන්නද? මම ගොඩක් සංචාරය කරනවා. එහිදී රුසියානු ජාතික ගුවන් සේවයේ ගුවන් යානා භාවිතා නොකිරීමට සැළකිලිමත් වෙනවා. රුසියාවට වුවද මම ඇතුළු වෙනවා. එහෙත් මා සම්බන්ධකම් පවත්වන ඉහළ නිලධාරීන්ගේ උපකාරය හා ආරක්ෂාව මත.
ප්රශ්නය:
ලෝක සාමයට විශාලතම බාධාව රුසියානු ජනාධිපති වැලදිමිර් පුටින් බව ඔබ විසින් රචිත පොතේ සඳහන් කර තිබෙනවා. ඒ මන්ද?
පිළිතුර:
ඇත්ත වශයෙන්ම, අල් කයිඩා, ඩෙඒස් දෙකටම වඩා පුටින් ශක්තිමත්. නමුත් ත්රස්තවාදීන් විසින් පසුගියදා පැරීසියේ පාරවල් වල අහිංසක මිනිසුන් ඝාතනය කළා වගේ ක්‍රියාවන් පුටින් කරන්නේ නැහැ. නමුත් ඔහුගේ ක්‍රියාවන්ගේ ප්‍රතිපල එයට සමානයි. සිරියා නායකයා ආරක්ෂා කර ගැනීමට ඔහු උදව් කිරීමෙන් ඩෙඒස්ලා ශක්තිමත් වෙලා ඔවුන් කරන්නේ අහිංසක මිනිසුන් ඝාතනය කිරීමයි. එය ඉතා භායනක කරුණක්. ඩෙඒස්ලාගේ පැවැත්ම බසාර්ගේ දේශපාලන ක්‍රමවේදය නිසා. ඉතින් පුටින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් බසාර් අල් අසාඩ් ආරක්ෂා වෙනවා. එහෙම වුණාම ඩෙඒස් හැමදාම ඉන්නවා. අද රුසියාවේ ආර්ථිකය බොහෝම අසීරු තත්වයකට කඩා වැටිලයි තිබෙන්නේ. ඒක තමයි සත්‍ය තත්වය. එම නිසා ඉදිරියේදි රුසියාවට යාබද එස්තෝනියාව හා ලිතුවේනියාව බලයෙන් ආක්‍රමණය කිරීමට බොහෝ ඉඩකඩ පවතිනවා. මම මේ කියන ප්‍රකාශයේ නිවැරැදි බව ඔබලාට ඉදිරියේදි දැක ගැනීමට ලැබේවි. පුටින් කිසි දිනක විශ්වාස කළ හැකි නායකයෙක් නොවේ.
ප්රශ්නය:
සිරියාවේ පවතින ඩෙඒස් ත්‍රස්ත්‍රවාදීන්ට එරෙහි යුද්ධයේදි බටහිර සන්ධානයට පුටින් ද සහය වෙනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර:
එකමුතුවකදී එක අරමුණක් තිබෙනවා. මේ සියලූ දෙනාගේම අරමුණ එකයි.
ඒ කියන්නේ ත්‍රස්තවාදි ඩෙඒස් පරාජය කිරීමයි. නමුත් පුටින්ගේ ප්‍රධාන අරමුණ එය නොවෙයි. ඔහු ලෝකයාට පෙන්වනවා පුටිනුත් ඩෙඒස්ලාට විරුද්ධ බව. නමුත්, බසාර් අල් අසාඩ් ආරක්ෂා කරමින් ඔහුට විරුද්ධ කැරළිකරුවන්ට ප්‍රහාර එල්ල කරන එකයි පුටින් කරන්නේ. ඔබාමා හා බටහිර බලවතුන්ටත් වඩා ඔහු ප්‍රබල බව එයින් පෙන්වීමට උත්සහ කරනවා. පුටින්ගේ ඇත්ත ක්‍රමවේදය එයයි. එයින් සිදුවන්නේ ඩෙඒස් තව තවත් ශක්තිමත් වීමයි.
ප්රශ්නය:
ජර්මනියේ හිටපු ඇඩලෝප් හිට්ලර් හා පුටින් එක සමාන බව ඔබගේ පොතේ සඳහන් කර තිබෙනවා නේද. ඒ ඇයි ?
පිළිතුර:
හරියටම කියනවා නම්, දෙදෙනාම බලයට පැමිණි ආකාරය සාපේක්ෂකව හිතුවොත් දෙකම එක සමානයි. ඔබලා 1938 ජර්මනියේ ක්‍රිස්ටල් රාත්‍රිය දන්නවා නේද ? 1938 නොවැම්බර් 9 හා 10 වැනි දා ජර්මණියේ හා ඔස්ටි්රයාවේ තිබුණු යුදෙව් පල්ලි, යුදෙව් කඩ සාප්පු විශාල ප්‍රමාණයක් නාසි හමුදා විසින් විනාශ කළා. එතකොට යුරෝපයේ බොහෝ අය හිට්ලර්ව සැලකුවේ ජනප්‍රිය නායකයෙක් ලෙසයි. ඔහුට විරුද්ධව කිසිවෙකු කට ඇරියේ නැහැ. එවිට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා ඔහු හිතුවා. පුටිනුත් ඒ වගේමයි. ඔහුත් හිතාගෙන ඉන්නේ ඔහුටත් ඕනෑම දෙයක් කළ හැකියි කියලා. 2014 රුසියාවේ ස්ටොචි වල පැවැත්වු ශීත කාලයේ ඔලිම්පික් උළෙල අවස්ථාවේදිත් පුටිනුත් හිට්ලර් මෙන් හරි ජනප්‍රියයි. නමුත් ඔලිම්පික් උළෙලේ මහා පරිමාණ ¥ෂණ සිදුවුණා. කෙසේ නමුදු 1938 දි හා 2014 දි දෙදෙනාගේ ලෝක ජනප්‍රියත්වය එක සමානයි. ලෝකයම පාලනය කරන්නේ ඔවුන් කියලා හිතනවා. දෙදෙනාම එහෙමයි. එය ඒකාධිපතියන්ගේ ලක්ෂණයක්.
ප්රශ්නය:
ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මහතා පසුගිය දිනක රුසියා සංචාරයකදී රුසියා නායකයා සමඟ වර්තමාන තත්වය ගැන සාකච්ඡා කළා. ලෝකයට රුසියාව අවශ්‍ය බවත් රුසියාවට ලෝකය අවශ්‍ය බවත් එහිදි පවසා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර:
රුසියාව ලෝකයට අවශ්‍යයයි. නමුත් පුටින්ව අවශ්‍යය නැහැ. රුසියාව සමඟ විසදුම් සොයන රටවල් අතර ප්‍රංශය ප්රමුඛ රටක්. එය හොඳ ප්‍රවේශයක්. නමුත් ප්රශ්නය පුටින් සමඟ එය කළ හැකිද යන්නයි. ඔහු 2008 දි එකල සාර්කෝසි ජනාධිපති සමඟ ගිවිසුම් අත්සන් කරන අතර තුර ජෝර්ජියාවේ නගර දෙකක් වන අබ්කාහාසි හා ඔසේටි වලට ප්‍රහාර එල්ල කළා. බටහිර බලවතුන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් එහාට ගිය විසදුමකට ගියේ නැහැ. කවුරුවත් මොනවත් නොකියන බවත් ඔහුට ඕනෑම දෙයක් කළ හැකි බවත් පුටින් ඒ තුළින් පෙන්නුවා. මේ තත්වය තුළ ඔහුව විශ්වාස කරන්නේ කෙසේද?
ප්රශ්නය:
ඔබ කථා කරන්නේම පුටින් ගැන වෛරයෙන්. එහෙම වුනත් රුසියාවේ ජනතාව අතර ඔහු ජනප්‍රිය බව එහි පිටවූ සංඝණන වාර්තා පෙන්වා දෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ.
පිළිතුර:
කවුද මෙම සංඝණන සිදුකලේ ? මොනවද එහි ඇසු ප්‍රශ්න ? කවුද තීරණය කරන්නේ ඒවා නිවැරදි කියලා ? ජීවිතාන්තය දක්වා බලයේ ඉන්න ඒකාධිපති පාලනයක් පවතින තැනක සිදු කරන සංඝණන විහිළුවක්. රුසියා ජනතාව ඔහුට කැමති ඔහුගේ ප්‍රචාරණ යාන්ත්‍රණය නිසයි. නිසයි. දින හතේ 24 පැයේම මාධ්‍ය වල පෙන්වන්නේ කියවන්නේ ඔහු ගැන පමණයි. ඔහුගේ ගුණ වර්ණනාවෙන් රුසියා මාධ්‍ය පිටාර ගලලා. පිට අය හිතන්නේ ඔහු ජනප්‍රියයි කියලා. ඒක තමයි ලොකුම විහිළුව.
ප්රශ්නය:
පුටින් පාලනයෙන් ඉවත් වන්නේ කෙසේද?
පිළිතුර:
පළමුව සාමකාමි බල හුවමාරුවකින් සිදුකළ හැකියි. එසේ නොවුණ හොත් මොස්කව් වල මධ්‍යම පන්තියේ ජනතාවගේ විප්ලවයකින් බලයෙන් ක්‍රෙම්ලීනය අල්ලා ගත යුතු වෙනවා. එසේ නොමැතිව වෙන විසදුමක් නැහැ. ඔහු වටා ළඟම ඉන්න පිරිස අසහනයට පත් වන විට ඉහත තත්ත්වය ඇති වෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා.එවැනි පරිසරයක් දැනට නිර්මාණය වෙමින් තිබෙනවා. ඒකාධිපතියන්ගේ අවසානය හොඳින් අවසන් වෙන්නෙ නැහැ. අපි ඉතිහාසයේ එවැනි දේවල් දැකලා තිබෙනවා.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගර අද චීනය ආර්ථික අතින් ඇමරිකාවට වඩා බලවත්. ඇමරිකාව කියන්නේ උඩින් ඔලුව අතගාල යටින් වැඩි දෙනෙක් රැසියාවේ බලවත්කම ඉදිරියේදී දකින්න පුළුවන් කෙසේ වෙතත් රුසියාවේ යුද ශක්තිය කාටත් නොදවෙනි විදියට පවතවාගෙන යනවා. (බ)
රුසියාව සහා චීනය මෙපමණ බලවත් නොවී සිටියා නම් ඇමරිකාව සහා යුරෝපය මුළු ලෝකයම ඔවුන්ගේ අනසකට නතුකරගෙන අවසානයි (නි)
ප්‍රතිචාර දැක්කහම සතුටුයි. මමත් පුටින්ගේ පැත්තේ (නි)
ඇමෙරිකාව සටන් කරන්නේ ඔවුන් විසින්ම බිහිකළ ත්රස්තවාදීන් සමඟයි. අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
මෙයා ඇමරිකාවේ චෙස් බෝඩ් එකේ හොඳ ඉත්තෙක්. පුටින් වගේ ස්වාධීන සොඳුරු ආඥාදායකයෙක් මේ ලෝකෙට අත්‍යවශයි.(බ)
රුසියාව කියන්නේ ඒකාධිපති බටහිරට වඩා දුප්පත් රාජ්ජයක්.. පුටින් තමන්ගේ රටේ ප්‍රශ්න වසාගන්න මැදපෙරදිගට හමුදාව යවා සංදර්ශන කරනවා.. (බ)
ප්‍රනාන්දු ඇමරිකාව, යුරෝපය වැනි ප්රජාත්නත්රවාදී රාජ්‍ය ලෝකය තමුන්ගේ අනසකට ගැනීමේ වරදක් නෑ. දැන් ඔබ පුරවැසිභාවය දෙනවා කියනවානම් යන්නේ ඇමරිකාවට හෝ යුරෝපයටද, නැතිනම් චීනයට හෝ රුසියාවටද? (බ)
සිල්වා, ආර්ථික අතින් රුසියාවට වඩා ඉන්දියාවත් බලවත්...(බ)
ප්‍රති විප්ලවයෙන් පස්සේ නායකත්වයට ආපු යෙල්සින් යටතේ සෝවියට් දේශය කැබලි වී රුසියාව ආර්ථික වශයෙන් මරණාසන්න වුනා.ඩොලර් 1=6000 රුබල් වුනා.පුටින් අතට පත් රුසියාව යලි ලෝක බලවතෙක් වුනා.බටහිර බලවතුන් තමන්ට විරුද්ධ රටවල ජනප්‍රිය පුද්ගලයින්ට අල්ලස් දී දේශද්‍රෝහීන් කිරීමේ සාර්ථක මෙහෙයුමට කැස්පරෝව්ත් අහුවෙලා (බ)
පුටින් ජනාධිපති ලෝකයේ ඉන්න ප්‍රබලම නායකයා. ඔහු ශ්‍රී ලංකාවට කළ උදව් අපිට හොඳට මතකයි. පුටින් රුසියාවට බොහොම ආදරය ඇති නායකයෙක්. ලෝකයේ එක පැත්තකට බර පාලනය ඔහු සමබර කරාවී. අපේ දුෂ්ට දේශපාලකයෝ පුටින් මැතිතුමාගෙන් පාඩමක් ඉගෙනගන්න ඕනෑ. ඔබට දීර්ඝායුෂ හා යෝධ බලය ලැබේවා! (නි)
ගැරී කැස්පොරොව් කියන්නේ රුසියාවේ ඉපදුනාට , ඇමරිකන් ගැති තමා උපන් ඉගෙන ගත් හැදුන රටට වින කරනා කෙනෙක් , මෙවැනි අය බොහෝ රටවල සිටිනවා , තම පෞද්ගලික සුඛ විහරණය සහ වෙනත් වාසි තකා තම උපන් රට පාවා දෙන අය , මෙවෙනි අය ලංකාවෙත් සිටිනවා , අපේම සිහලුන් අප රටට විරුද්ධව ජිනීවා වල ජාත්‍යන්තර අධිකරණ වල සාක්කි දෙන්නේ අපේම රටට විරුද්ධව , එනිසා මෙයා ගෙන වාද විවාද කිරීම වැඩක් නැහැ (බ)
පිටිගල, බොරු කියන්නේ නැතුව වැදගත් යමක නිරතවන්නේ නම් ලෝකෙටම කරන ලොකු උදව්වක්. (නි)
රුවන්, මිනිස්සු ඇමෙරිකාවට යාම හොඳයි කියල හිතන්නේ තමන්ගේ රටවල් වල ආර්ථිකය බංකලොත් වෙලා අහිතකර වුණාම. එහෙම ආර්ථිකව අහිතකර වෙලා තියෙන්නේ ඔබ කියන රටවල් වලින් කෘතිමව ඇති කරපු හේතු නිසා. ඔබ දන්නවද ලෝක යුද්ධ 2 කම ඇතිකරලා ලෝකේ වැඩිම ජනගහණයක් මැරුවේ ඔය කියන මහලොකු ප්රජාතන්ත්රවාදියෝ කියලා. එයාලගේ ප්රජාතන්ත්රවාදය මාලුවට දෙන ඇමක් වගේ. (නි)
පුටින්ට ජය වේවා! මටත් ජය වේවා! (බ)
සුනිල් ආනන්ද මහතා මහන්සිවෙලා මේ වගේ තොරතුරු හොයාගෙන අපිට කියවන්න සැළැස්විමම මදිද? අපි ඔයාගෙන් මෙවැනි හොඳ කතා ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා (නි)
පුටින් කියන්නේ කොන්ද පණ තිබෙන, තම රටේ ජනයාගේ ආරක්ෂාව තහවුරු කරදුන් හොඳ නායකයෙක් (නි)
යහම්පත්, ලෝකයේ ඕනෑම කෙනෙකුට ජිනීවා යන්න අයිතියක් තිබෙනවා (නි)
නාමල් කියන දර්ශක හැදුවේ ඒ දර්ශක වල උඩින් ඉන්න රටවල්ම නේද? (නි)
ඔබගේ චෙස් ශූරතාවය මොකක් වුණත් මම පුටින්ගේ පැත්තේ. පුටින්ට ජයවේවා! (නි)
ඉතාමත් හොඳ ලිපියක්. අනේ මන්දා! ඒත්, මම කැමතිම රාජ්‍ය නායකයා පුටින්. (නි)
පුටින් කියන්නේ ඒකාධිපතියෙක්. ලෝකයේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ දර්ශකවල රුසියාව ඉන්නේ ලංකාවටත් වඩා පහළින්. (නි)
නාමල්, ඔයා ඉන්න රට බැලුවහම ඔයාගේ කතාව ගැන පුදුම වෙන්න දේකුත් නැහැ (නි)
නාමල් ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
පහුගිය අය ලංකාව ගෙනෙන්න හැදුවෙත් ඔතනට තමයි. අපි නූලෙන් බේරුනා. හැම ඒකාධිපතියාම සමාජවාදියෝ. (නි)
පුටින් කියන්නේ නියම නායකයෙක්. එ්කාධිපතියෙක් වුණත් රටට වැඩක් කරන කොන්ද පණ ඇති නායකයෙක් (නි)
පුටින් කියන්නේ නියම නායකයෙක්. රටට වැඩක් කරන, රටට ආදරේ කරන, කොන්ද පණ ඇති නායකයෙක් (නි)
පුටින් දක්ෂ රාජ්‍ය නායකයෙක්. සැප්තැම්බර් එකොළහ ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල වනවිට ලෝක ත්‍රස්තවාදය තුරන් කිරීමට ඇමරිකාව හා සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු දෑත දිගුකළ නමුත් අැමරිකාවවත් ඔවුන්ගේ පිලේ අනෙක් බටහිර රටවල්වත් එය ගණන් ගත්තේ නැහැ. ලෝක ජනමතයටද හිස නමමින් නොබෝදා තම බල ඇණි ජයග්රාහි ලෙස රට තුළට ගෙන්වාගත් පුටින් තමාට අත්‍යාවශ්‍ය සාධකය වන තම රට තුළ ජනප්‍රියත්වය නැවතත් තහවුරු කරගෙන ඇත. (නි)
ඇමෙරිකාවට ස්නොව්ඩන් වගේම රුසියාවට ගැරී. ඇමෙරිකාව ගැරීව තමන්ගේ රූකඩයක් කරගෙන (නි)
පුටින් දක්ෂ නායකයෙක්. පුටින්ට ජය වේවා! (නි)
නොදන්නා දේශපාලනයට වඩා දන්නා චෙස් ඇදීම කළා නම් ඔය කියන ප්‍රශ්න නැහැනේ. "බල්ලෝ සඳට බුරති. එහෙත් සඳ සඳමය" (නි)
පුටීන් වගේ රාජ්‍ය නායකයෙක් එදා මෙදාතුර බිහිවී නැත. මේ පුද්ගයා චෙස් ක්‍රීඩාවේ දක්ෂයෙකු වුවත් දේශපාලනයේ දක්ෂයෙකු නොවේ. ඊට හොඳම උදාහරණය ලංකාවේ ඇත. යුරෝපය, ඇමෙරිකාව හා මැදපෙරදිග රටවල් තමන්ව යුද්ධයකට පොළඹවා ගන්නට කළ සෑම උත්සාහයකදීම ඒවා බුද්ධිමත්ව මෙහෙයවා සමනය කරන්නට හැකි පුටීන්ටම මිස අන් කවරෙකුටද? (නි)
පුටින් දක්ෂ රාජ්‍ය නායකයෙක්. මම කැමතිම රාජ්‍ය නායකයා පුටින්. (රේ)
නාමල් වගේ බටහිර ගැතියන් එම රටවල යටින් වෙනදේ දන්නේ නැහැ.\nබටහිර රටවල ජීවත්වෙන අපි ඒවා ගැන හොඳින් දන්නවා.\nනමුත් කටවහගෙන ඉන්නවා. මොකද කට ඇරියොත් වෙනදේ දන්නා නිසා.(රේ)
පුටින් දක්ෂ රාජ්‍ය නායකයෙක්. මමත් එක දකිනවා ඇමරිකාවට ඕනි යුරෝපෙත් එකතුකරගෙන රුසියාවේ අර්බුද ඇතිකරන්න පුටින් මහතා වැඩකරන්නේ රටවෙනුවෙන් රුසියාව ඉදිරියේ බලවත් වෙනවා එක ඇමරිකාවට දරාගන්න අමාරුයි !(රේ)