සිරියාවේ අයිඑස් ත්‍රස්ත සංවිධානය ඇතුළු ත්‍රස්ත කණ්ඩායම් හා සිරියා රජයේ හමුදා අතර සටන් විරාමයක් නිවේදනය කළ බවත් එම සටන් විරාමය අද(29) මධ්‍යම රැයේ සිට බල පැවැත්වෙන බවත් රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් පවසයි.
වසර හයක් පුරා පැවති යුද්ධය නිමා කිරීමට රුසියාව,ඉරානය හා තුර්කිය සුදානම් වීමත් සමග එම පාර්ශව සාම සාකච්ඡාවක් සඳහා කැමත්ත පළ කර බව ද ඔහු පැවසීය.
රට පුරාම සටන් නවත්වන ලෙස සිරියා හමුදා නිවේදනයක් නිකුත් කළේය.කණ්ඩායම් කිහිපයක් මේ සඳහා කැමැත්ත පළ කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
මේ වසරේ සිරියාවට පැනවූ තෙවැනි සටන් විරාමය මෙය වන අතර මීට පෙර පැනවූ සටන් විරාම දෙකම සති කිහිපයක් ඇතුළත බිඳ වැටිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා පූටින් මහතා, ඔබත් ප්රභාකරන්ගේ ට්‍රික්ස් ඉගෙනගෙන වගේ. ඔබට සංවිධානය වෙන්න ඕනෑවුණාම සටන් විරාමයකට එනවා නේද? හොඳයි හොඳයි ඔබට හොඳ නම් අපටත් හොඳයි. ඔබ අපේ තවත් වීරයෙක්. (නි)
බරක් ඔබාමාට ඔය අදහස් එන්නේ නැද්ද. (නි)
පුටින් විතරයි ලෝක ත්රස්තවාදයට අකමැති ඇත්ත නායකයා. අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ත්‍රස්තවාදයෙන් ලෝකය නිදහස් කර ගැනීමක් (නි)