පච්චා කෙටීම සදහා යොදාගන්නා තීන්ත වලින් පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතැයි බි්රතාන්යය විද්‍යාඥ පිරිසක් කියයි.
සිරුරට නැනෝ අංශු ප්‍රමාණයෙන් හෝ පච්චා කෙටීමේදී යොදාගන්නා තීන්ත ඇතුළු වීමේ අවදානමක් ඇති බවත් එම තීන්ත වල අඩංගු ඇතැම් සංයෝග පිළිකා කාරකයන් වන බවත් මෙම විද්‍යාඥයෝ කියති.
විශේෂයෙන් පච්චා වර්ණ ගැන්වීමට භාවිතා කරන රතු හා කොළ තීන්තවල අන්තර්ගත රසදිය හා කොබෝල්ට් වැනි සංයෝග පිළිකා කාරකයන් ලෙස ඔවුහු හදුන්වති.
සතුන් යොදාගෙන කළ පරීක්ෂණ වලදී පච්චා කෙටීමේදී යොදාගැනෙන ඇතැම් කළු තීන්ත වර්ගය සමේ පිළිකා තත්ත්වයන් ඇතිවන බව මිට පෙර සොයාගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කළ යුතුව ඇතත් පච්චා කෙටීම යනු පිළිකා බලෙන් ආසාදනය කර ගැනීමට පාර කපා ගැනීමක් යැයි කිසිදු සැකයක් නොමැති බව මෙම විද්‍යාඥ පිරිසේ සාමාජික වන බි්රතාන්යයේ බ්රැඞ්ෆර්ඞ් සරසවියේ සම හා ඒ ආශ්රිත පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය ඩෙස්මන්ඩ් ටොබින් පවසයි.
දුම්වැටි හා මත්පැන් වලට කළාක් මෙන් ඉදිරියේදී පච්චා කෙටීමේදී භාවිතා කළ යුතු තීන්ත වර්ග වලටත් නීති හා රෙගුලාසි ගෙන ආ යුතුයැයි පරීක්ෂණය සිදුකළ විද්‍යාඥ පිරිසේ මතයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය හිතෙනවා. (ස)
අයියෝ මගේ පච්චය කොටා ගන්න ගිය සල්ලි මේක මකා ගන්නේ කොහොමද මන්දා (දී)
ටිරෝන්, ඕක මකා ගන්නනම් ඇඟේ පාටට නැවත පච්චයක් කොටා ගන්න. (ස)
ටිරෝන්, ඔයාගේ පච්චය මකලා විතරක් මදි, මකලා හුරන්න ඕනෑ. (නි)
අනවශ්‍ය දේවල් කිරීමෙන් වැළකීම සෞඛ්‍යයට හොඳයි. (නි)
පච්ච කලාවට මොකද වෙන්නේ? (නි)
අම්මෝ! මමත් පච්චයක් කොටන්නමයි හිටියේ (නි)
විහින් කරගන්න දේවල්. (නි)