වයඹ දිග පකිස්තානයේ චාර්සදා ප්‍රදේශයේ ‘බචා ඛාන්‘ විශ්ව විද්‍යාලයට තුවක්කුකරුවන් තිදෙනකු ඇතුළුවී වෙඩි තබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
එහි දේශන ශාලාවල සිටි සිසුන්ට හා ගුරුවරුන්ට මෙන්ම නේවාසිකාගාරවල සිටි පිරිසටද වෙඩි තැබූ බව එරට රූපවාහිනී නාලිකා වාර්තා කරයි.
වෙඩි තැබීම්වලින් මහාචාර්යවරයකු මියගොස් ඇතැයි නවතම විදෙස් වාර්තා පෙන්වා දෙයි. සිසුන් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇත.
මීට වසරකට පෙර තලේබාන් තුවක්කුකරුවකු පෙෂාවර්හි පාසලකට පැන වෙඩි තැබීමකින් පාසල් ළමුන් 134 දෙනකු ජීවිතක්ෂයට පත්විය.
බචා ඛාන් සරසවියේ සිසුන් 3000ක් පමණ ඉගෙනුම ලබන බව කියති. පකිස්තාන හමුදා වහා ප්‍රතිචාර දක්වමින් තුවක්කුකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ලකිරීම ආරම්භ කර ඇතැයි පකිස්තානයේ නවතම වාර්තා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනිම අවදානම් තත්වයක අපිත් හිටිය මිට අවරුදු 6 කට කලින්, නමුත් රටේ අවාසනාවට දැන් මිනිස්සුන්ට එ්ක අමතක වෙලා, අපේ රට බේරාගත් ඉහළම නායකත්වයේ සිට පහළම සෙබලා දක්වා අප සැමදා සිහිපත් කළ යුතුයි. (බ)
උගතුන්ට පහරදෙන මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
ඇත්ත සංජීව. එහෙත් අපේ ලොක්කන්ටත් එකපාරටම සරත් ෆොන්සේකා මහත්තයව අමතක වුනානේ. කොබ්බැකඩුව මහතය වගේ අයව කාටවත් මතක නැහැ. හැබැයි පහුකාලෙක හමුදාවේ කවුරු හරි අපරාධයක් කරලා අල්ල ගත්තාම මෙන්න රණවිරුවන්ට අරියාදු කරනවෝ කියල බෙරිහන් දෙන්න නම් දේශප්‍රේමියෝ ඕන තරම් ඉන්නවා! (බ)
සංජීව. එතකොට පොලිසිය මොකුත් කරලා නෑනේ. ඕක තමයි මහින්දත් වරද්ද ගත්තේ. (බ)
සංජීව ඔබ හරි. අපිට අමතක නැහැ. (බ)
නූතන භෞතික විද්‍යාව එක්ක ඔවුන් ගේ ආගම ගැලපෙන්නෙ නැහැ. ඒ නිසා විද්‍යාව ඉගැන්වීම නවත්තන්නයි ඔය කරන්නෙ. අරාබි රටවල වැඩිය ඉගෙන ගන්නෙ නැත්තෙ ඒකයි. (බ)