හොලිවුඩයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී යාවජීව සම්මානයෙන් පිදුම් ලද මෙරිල් ස්ට්‍රීප් සිය කතාව අතරතුරදී ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දැඩිලෙස විවේචනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇය විනාඩි 6ක් පමණ එහිදී කතා කළ අතර මැතිවරණ වේදිකාවේදී ට්‍රම්ප් ආබාධිත මාධ්‍යවේදියකුගේ හැසිරීම රඟ දක්වා පෙන්වීම සම්බන්ධයෙන් ඇය දැඩි දෝෂාරෝපණයක් එල්ල කළාය.
උත්සවය නැරඹීමට පැමිණ සිටි හොලිවුඩ් තරු හා විධායක නිලධාරීහු ඒ මොහොතේ දැඩි නිශ්ශබ්දතාවයකින් සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ නිළියන්ටත් නිකන් ඉන්න බැරි හැටියක්.(ම)
මේ අයට මොන දේශපාලනයක්ද? (නි)
ඔය නිළියෝ කියන ජාතිය කොහෙත් එකයි, තැන නොතැන, කළ යුතු, නොකළ යුතු දේ ගැන අබමල් රේණුවකවත් නුවණක් නැහැ. බාගෙට ඇඳගෙන අඟ පසඟ පෙන්වමින් කොමල පාන එක තමයි වැඩේ. මෙහෙත් එහෙම අය සුලබයි. (බ)
මෙරිල් ස්ට්‍රිප් කියන්නේ මොන වගේ නිළියක්ද කියල උඩ අදහස් දාපු අය කොහෙත්ම නොදන්නා බව පෙනේ. (නි)
මැටිපහන, ඔයා හරියටම හරි. ලියන්නන් වාලේ ලියන මිනිස්සු ඔය නිළිය ගැන නොදන්නා බව හොඳටම පේනවා. (නි)
වැඩේ කියන්නේ එයාලා දැන් ඔය කතා කරන්නේ එයාල ආඩම්බර කතා කියන ප්රජාතන්ත්රවාදී සිස්ටම් එකකින්ම ජනාධිපති වුණ කෙනෙකුට. ප්රජාතන්ත්රවාදය තියෙන්නේ සමාජයේ උඩ මට්ටමේ නොවෙයි කියන්න ට්‍රම්ප් දිනුම හොඳ ආදර්ශයක්. (නි)
මෙය වෙනත් සුදුසුකමකින් කතාව කළා නම් අවධානය යොමුකරගන්න තිබුනා. නමුත් මෙයා නිලියක්. දවසට එක ඇමරිකන් චිත්‍රපටියක් බලන මට ඇමරිකන් නිලියන් ගැන අමුතුවෙන් දැනගන්න ඕනෑ නැත. (නි)
බමුණු ආරච්චි, ඔයා කියන දේ පැහැදිලි නැත. දවසට එක ගානේ ඇමරිකන් ෆිල්ම් බලන කෙනෙක් කියන්නේ ඉතින් වැඩිපුර බලනවා ඇත්තේ වාණිජ මට්ටමේ ඒවා විය යුතුයි. මොකද හොඳ චිත්‍රපටි එන්නේ මාසෙකට 2-3 වගේ තමයි. (අ)
මෙරිල් ස්ට්‍රිප් අගය කළ යුතු නිලියක් තමයි. නමුත් ගෝල්ඩන් ග්ලෝබ් එකට දේශපාලනේ ගෙනල්ල එකේ තත්වය බාල කළා කියලයි මට නම් හිතෙන්නේ.එතනත් බෙදීම් ඇති කළා පරාජය බාර ගැනීමට ඇති නොහැකියාව. හරියට අපේ පරණ මහත්තයාගේ අනුගාමිකයෝ වගේ. (අ)
ඔබ අසහාය ප්‍රතිභාපුර්ණ නිළියක් එ්ත් ඔබේ දේශපාලනේට නම් මා එකඟ නැත. (බ)
මැටිපහන, මම ඇමරිකන් ෆිල්ම් කව්බෝයි ෆිල්ම් බලන්න පටන්ගත්තේ වයස 8 දී. ඒ කාලේ ඇමරිකන් ගොපලු කතා පොත්, කොමික් බුක්ස් අපි කා අතෙත් තිබුනා (නි)
නිලූ, ජැකී කොලින්ස්ගේ හොලිවුඩ් කිඩ්ස් කියන පොත කියෙව්වා නම් ඔය නළු නිලියන් ගැන හොඳට දැනගන්න පුළුවන්. නවක ඇමරිකන් සමාජය තමන්ගේ කොඩිය තමන් පුච්චන තත්වයට පත්වුණා (නි)
බමුණු, ඔයා ගැන මම හිතපු දේ හරි. ඔය ගොපලු කතා ඇමරිකාව හැදුවෙම එයාලගේ ආක්‍රමණශීලි බව ලොවට පෙන්වන්න. ජේම්ස් බොන්ඩ් හැදුවේ එයාලගේ ලොව පුරා අපරාධ සාධාරණීකරණය කරගන්න. බලන්න ඕනෑ ඕව නෙමෙයි. (නි)
මැටිපහන ඕව ව්තරක් නොවෙයි දැන් මම බලන්නේ හවුස් ඔෆ් කාඩ්ස් සී ඩී 12ක ෆිල්ම් එකක්. ඇමරිකන් ගුණ්ඩු ගැන මම නොදන්නවා නොවෙයි එකටයි මම කීවේ එම නළුවන් කියන කතා ගණන්ගත යුතු නැහැ කියල. (අ)