නවසීලන්තය තම ජාතික ධජය වෙනස් කිරීමට මේ වන විට අවසාන කොඩි 4ක් තෝරාගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. ඒ අතරින් එකක් නවසීලන්තයේ නව ජාතික ධජය බවට පත් කිරීම සඳහා ලබන සැප්තැම්බර් 20 වැනිදා ජනමත විචාරණයක් පැවැත්වීමට එරට රජය තීරණය කර ඇත.
බි්රතාන්ය අධිරාජ්‍යවාදී සලකුණු සිය ධජයෙන් ඉවත් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී පසුගිය වසරේදී යෝජනා කළේය.
දැනට භාවිත කරන නවසීලන්ත ධජයේ කෙළවරක බි්රතාන්ය ධජය සලකුණු වන අතර එය එය රටේ ඉදිරි ගමන පිළිබිඹු කිරීම සඳහා ධජය වෙනස් කිරීම අවශ්‍යතාවක් බව ඔහු සඳහන් කරයි.
නව ධජය සඳහා යෝජනා වී ඇති සංකේතයක් වන්නේ නවසීලන්ත ඕල් බ්ලැක්ස් රගර් කණ්ඩායම ප්‍රවර්ධනය කරන රිදී පත්රයයි. එය නවසීලන්තයට ආවේණික මීමන කුලයට අයත් ඔලිව් ශාඛ පත්රයකි.
දැනට අවසාන වශයෙන් තෝරාගෙන ඇති ධජ හතර මෙසේය.
දැනට පවතින නවසීලන්ත ජාතික ධජය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හතරෙන් එකක් සැප්තැම්බර 20 ජනමතයෙන් තෝරාගෙන ඊටපස්සේ ඒ තෝර ගත්තු ධජය ද නැත්නම් දැනට තියෙන ධජයද කියල ලබන වසරේ තියෙන ජනමතයකින් තමයි තීරණය වෙන්නේ. දැනට නවසීලන්තේ ජනතාවගෙන් 80%ක් දැනට තියෙන ධජය වෙනස් කිරීමට බෙහෙවින් විරුද්ධයි (ම)
මුලින්ම දැක්වෙන රතු සුදු නිල් කොඩිය තෝරා ගනීවි යයි මම සිතමි. (ම)
දෙවෙනි සහ තුන් වෙනි කොඩි කොහොමත් නොගැලපේ. එය දුටු පමණින් මතක් වෙන්නේ එක් ප්‍රබල අන්තවාදී ත්‍රස්ත සංවිධානයක්. එත් නවසීලන්තය සාමකාමී රටක්. (අ)
ඇත්තටම නවසීලන්තය ඉතා සාමකාමී රටක්. මම හිතන්නේ නැහැ කව්වුරුත් දැන් තියෙන ධජය මාරු කරන්න කැමති වෙයි කියලා (බ)
මේ කොඩිය මාරු කිරීම විදේශීය කුමන්ත්‍රණයක් කියල ලොකු ප්‍රචාරයක් දුන්නොත් කොඩිය මාරු කිරීම නතර කරගන්න පුළුවන් (බ)
මම හිතන්නේ හතර වෙනියට තිබෙන කොඩිය හොඳයි (නි)
මමත් හිතනවා පළමු එක හොඳයි කියලා (නි)
බොහොම හොඳයි (නි)
නියමයි. අපේ කොඩියත් වෙනස් කරමුද? (නි)
ඕවා එකක්වත් හරියන්නේ නැහැ. අපි දාමු මල් මල් කොඩියක්. (නි)
මම හිතන්නේ පළවෙනි එක හොදයි (ම)
මේක දැකල අපේ වුණත් කියයිද දන්නේ නෑ අපේ රටෙත් ජාතික කොඩිය මාරු කරන්න ඕනේ කියලා . (ම)
මට නම් මේ එකක්වත් හොඳ නැහැ (නි)
බහුතර බුද්ධිමතුන් ඇති නවසීලන්තය වැනි රටක ජනයාට අද වුණත් තමන්ගෙ රටට ගැළපෙන කොඩියක් තෝරාගන්න ඉවසීමක් තිබෙනවා. කොහොමද මේ වගේ යොජනාවක් අපේ රටේ ආවොත්? කොටසක් පාරට බහී, තව කොටසක් ආණ්ඩුව පෙළන්න වලිකයි, තව කොටසක් මහජන අයිතීන් එකට යයි, හාමුදුරුවරු සිවුරු කරට ගනී. හොඳ ඩෙගා නැටිලි ටිකක් බලන්න තිබුනා. (නි)