නත්තල් සමයේ සෙල්ලම් බඩු වලට ඇති අධික ඉල්ලුම නිසාම ලෝකයේ නත්තල් සෙල්ලම් භාණ්ඩ වලින් සියයට හැත්තෑ පහක්ම නිෂ්පාදනය කරනා චීන කම්හල් සේවකයනට නම් නරක කල දසාවකි.
ඒ ඉල්ලූමට සරිලන සැපැයුම දවස පුරාම වැඩෙහි යෙදීමට ඔවුනට සිදුව ඇති බැවිනි. ඔවුන් නින්දට යන්නේත් සෙල්ලම් බඩු මැදිකරගෙන කර්මාන්තශාලාවලමය.
චීනයේ ශ්‍රම සූරාකෑම නිරන්තරයෙන් වෙයි. මානව හිමිකම් සුරැකීමේ සංවිධාන නොනවත්වා කරන බලපෑම් නිසා සිය ශ්‍රමිකයන්ට සහන ලබා දීමට චීන රජය මැදිහත් වුවද එය හරියට ක්‍රියාත්මක නොවේ. චීන කම්කරුවෙකු සතියකට පැය 37 ක් වත් වැඩ කළ යුතුවේ. එසේ වැඩ කළද මාසයේ අවසන ඔවුන් අතට ලැඛෙන්නේ පවුම් 150 ක් (රුපියල් 30450) වැනි සොච්චම් මුදලකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මහන්සි වෙන්න. (දී)
ශ්‍රම සූරා කෑමනම් අනුමත කරන්න බෑ. ඒත් ඔවුන් දියුණුවෙන්න දක්ෂයෝ (ස)
මොනතරම් වටිනවද? තමන්ගේ රට ජාතිය වෙනුවෙන්නේ මේ කැපවෙන්නේ. (නි)
ලංකාවෙ සමහර ආයතන වල දළ කම්කරු වැටුප රුපියල් 9000යි. (නි)
පව් අසරණ සේවකයෝ (දී)
මම ඉන්නේ ඩුබායි වල. මට පැය 60කට 45,000ක් ලැබෙනවා. (නි)
සේවකයන් මරවනවා (දී)
චීනෙ සතියේ දවස් 7 වැඩකරනවා. එහේ පඩි අඩු නිසා තමා ලෝකේ රටවල් හුගක් නිෂ්පාදන චීනෙට දෙන්නේ. (නි)
දියුණූවේ රහස එයයි. (නි)
ඔන්න මිනිස්සු මහන්සි වෙන හැටි (දී)
මම පැය 12ක් වැඩ. මගේ වැටුප රුපියල් 18280යි. (නි)
අපි කවුරුත් එක වගේ තමයි, තව කෙනෙක් දියුණු කරන්න අපි දිවා රෑ නොබලා වැඩ කරනවා (දී)
දියුණුවේ රහස (දී)
සල්ලි හොයන්න විදින දුකක් (දී)
ඉතින් අපි පැය 40ක් වැඩ කරනවනේ (ස)
කාටද ලාභය.... (දී)
වංශය කබල් ගානා මිනිසුනේ, මෙන්න නියම වැඩ... (නි)
ඒත් මිනිස්සු (දී)
හැබැයි අපි තමයි තවමත් උසස්ම ජාතිය... (නි)
ලෝකයේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකය හිමි රටට සුභ පැතුම් අපෙන්! (නි)
හැමදාම නත්තල් නැහැ නේ (දී)
කය වෙහෙසා වැඩ කරනා මිනිස්සු (දී)
ඔන්න චීනේ රඟ පේනවා නේද? ලංකාවේ වුණා නම් මෙලහට පාරට බැහැලා. (ස)
දැක්කද දියුණු වීමේ රහස (දී)
සතියකට පැය 77ක් වැඩ කරන අපිටම පඩිය 15000/- යි....එතකොට අපේ දුක කව්රුවත් නෙදනි.... (ස)
අපි සතියට පැය 45ක් වැඩ කරනවා... ඒත් ලැබෙන්නේ රුපියල් 12000ක වැටුපක්..ඒ අතින් බැලුවම චීනෙ හොදයිනේ... (ස)
හපෝ පැය 37 මොකද්ද . අපි පැය 48 විතර වැඩනේ (ස)
මිනිස්ස්සුන්ව මේ විදිහට මරව මරවා වැඩ ගන්න එපා (දී)