පසුගිය මාර්තු මාසයේ මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරුදන්වූ එම්.එච් 370 අංක දරන මලයාසියා ගුවන්යානය සොයා සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් මේ වසර අවසානයට පෙර අත්හිටුවීමට නියමිත යැයි රාවයක් පැතිර යමින් තිබේ.
පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීව සිටි මැලේසියා ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිළධාරියෙකුගේ මුවින්ද අහම්බයකින් මේ බව ගිලිහුණු අතර වහාම ප්‍රකාශයක් නිකුත් කළ මැලේසියා ගුවන් සේවය එය එම නිළධාරියාගේ පෞද්ගලික අදහස් දැක්වීමක් විනා සමාගමේ මතය නොවන බව අවධාරණය කර සිටියේය.
අතුරදන්වූ යානයේ ගමන් කරමින් සිටියවුන්ගේ නෑ හිතවතුන් එක්ව පිහිටුවාගෙන ඇති ‘‘වොයිස් 370‘‘ සංගමයද එම නිළධාරියාගේ ප්‍රකාශය හෙළා දැක ඇත.එසේ නමුත් ඇත්තටම මෙහෙයුම් අත්හැර දැමිමේ සූදානමක් බළධාරීන් අතර පවතින බවට ලකුණු පෙනෙන්නට ඇති බවත් එම සංගමය කියයි.
එසේවුවත් මෙහෙයුම් කටයුතු වලට සහභාගීව සිටින ඕස්ටේ්රලියාවද නිවේදනයක් නිකුත් කරමින් මෙහෙයුම් නැවැත්වීමේ කිසිදු සූදානමක් නැතැයි සඳහන් කර ඇත.
සිව්වැනි වතාවටත් දියත් කෙරී ඇති මෙහෙයුම් වලින් මේ වන විට ආවරණය කර ඇත්තේ යානය අතුරුදන්වූ වර්ග කිලෝමිීටර 50000 ක් පමණ වූ මුහුදු ප්‍රදේශයෙන් වර්ග කිලෝමීටර 3000 ක පමණ කුඩා ප්‍රමාණයක් බව සඳහන්ය.
මේ දක්වා සිදු කෙරුණු මෙහෙයුම් වලින් යානයේ ඉරණම පැහැදිලි කෙරෙන කුඩා හෝ සාක්ෂියක් පවා සොයාගැනීමට හැකිව නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද තාක්ෂණයේ දියුණුව කියන්නේ.විශ්වය ජයගත් පොරවල් එමටයී. එහෙත් මේ වර්ග කිලෝමිීටර 50000 ක් පමණ වූ මුහුදු ප්‍රදේශය පිරික්සන්න බැ. තවම වර්ග කිලෝමීටර 3000 ක පමණ කුඩා ප්‍රමාණයක් ඉවර. අනේද කියන්නේ . මෙතන ලොකු හොරයක් තියෙනවා එකයී මේ සේරම. (බ)
යානය නැතිවුණ දවසේ සිට මේ දක්වා සිදුවුණ දේවල් දෙස බලනවිට පෙනීයන්නේ මෙතන ලොකු අබිරහසක් සැඟවී තිබෙන බවයි. (නි)
නාලක, වර්ග කිලෝමීටර් 50000 කියන්නේ ලොකු ප්‍රදේශයක්. ලංකාවම වර්ග කිලෝමීටර් 65,610. අනික මේ හොයන්නේ මුහුද යට. සමහර තැන් කිලෝමීටර් 5 කටත් වඩා ගැඹුරුයි. උදාහරණයක් ලෙස හිතන්න විශාල මීදුමකින් ලංකාව වැනි විශාල ප්‍රදේශයක් වැසී ඇතිවිටක, ඔබට පෙනෙන්නේ කුඩා නිවසක තරම් ප්‍රමාණයක් නම් එම මුළු ප්‍රදේශයම නිරීක්ෂණය කරන්න කොපමණ කාලයක් යයිද? අද තාක්ෂණය දියුණු බව ඇත්ත. ඒත් සියලුම තාක්ෂණයන් එක හා සමානව දියුණුවී නැත. අනික මීට පෙර මෙවැනි මුහුදු නිරීක්ෂණයන් සිදුකර ඇත්තේ ඉතා සුළු ප්රමාණයකි. නමුත් පසුකාලීන මෙවන් මෙහෙයුමකදී, මෙම මෙහෙයුමේදී පැමිණි ගැටළු මෙන්ම ඒවාට සොයාගත් පිළිතුරු උපකාර වේවි. එයයි තාක්ෂණය දියුණුවීම කියන්නේ. (නි)
ඇයි මෙහෙම කරන්නේ මිනිසුනේ! නැතිවූ ජීවිත වටින්නේ නැද්ද? (නි)
මුළු පෘතුවිය පුරාම සෑම අස්සක් මුල්ලක් නෑර , රහසිගතව පරික්ෂා කරන , චන්ද්‍රිකා තාක්ෂනය තිබෙන රටවල් මෙය ගැන දන්නවා ඇති , ඉහල අහසේ පමණක් නොව බිම ගමන් කරනා මෝටර් රථයක් යුධ රථයක් , හෝ මිනිසුන්ව දකින්න පුළුවන් චන්ද්‍රිකා තාක්ෂණය තිබෙන අවස්ථාවක , මේක ලොකු අබිරහසක් , බලගතු රටක ක්‍රියාවක් වන්නට බැරී නැහැ (අ)
මම නම් කියන්නේ මේ යානය නැතිවුණා නෙමෙයි.මේක ඕනෑවට කළ වැඩක් (නි)
ඇමෙරිකාව විසින් ඇෆ්ගන්ස්ථානයේ කඳවුරු පිළිබඳව රහසිගතව හොයන්න ද්‍රෝන යානයක් යවල තිබුනා. එම යානය හදිසියේම ඇෆ්ගන් සතුරු කඳවුරක් ළඟ වැටි තිබී ඇත. මෙය කෝටි ගණනකට ඇෆ්ගන් ත්රස්තයන් විසින් චීනෙට විකුණා ඇත. එම දරෝන යානය ප්‍රවාහනයට යොදා ඇත්තේ මෙම අතුරුදහන් උන යානයේ. පසුව මෙම යානය මාල දිවයිනට පහලින් ඇති දියාගෝ ග්‍රාසියා නමැති ඇමෙරිකානු යුද කඳවුරක් පමණක් තිබෙන මෙම දිවයිනට බස්සවා යානය සහ එහි ගමන්ගත් මගීන් විනාස කර ඇත. මාල දිවයිනේ කුඩා දිවයිනක සිටින දුප්පත් මිනිසුන් වගයක් මෙම ගුවන් යානය අතුරුදහන් උන දිනයේ එම දිවයිනට ඉතාමත් ලගින් ගමන් කරනවා දැක ඇති බව සාක්ෂි තිබුනත් ඒ පිළිබඳව කිසිම පරීක්ෂණයක් කර නොමැත. (නදී)
අර අපේ ජ්යෝතිෂවේදියාගෙන් අහන්න කිව්වා නම් ඉවරනේ! (නි)
වැඩක් නෑ මේක තවත් හොයලා.මුදල් වියදම් වෙන එක විතරයි.(හේ)