නගරයක් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් තම සමාජ ජාල වෙබ් අඩවි ගිණුමේ පළකිරීමේ වරදට නීති ශිෂ්‍යාවක් අවුරුදු 6 කට සිරගත කිරීමට ඉන්දුනීසියා බළධාරීන් සැරසේ.
මෙම ශිෂ්‍යාව ඉන්දුනීසියාවේ ජොග්ජා නගරයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටියදී ඇයට සේවය ලබාදීම එම පිරවුම්හලෙන් ප්‍රතික්ෂේප කර ඇත.
මෙයින් උරණ වූ ඇය සිදුකර ඇත්තේ තමන්ට සිදුවූ අබග්ගය පිළිඹද කෙටි වීඩියෝවක් පටිගත කර එය තම සමාජ ජාල වෙබ් අඩවි ගිණුම් වලට එක් කිරීමයි.
‘‘ජොග්ජා මහ කමකට නැති නගරයක්.කවුරුවත් මෙහෙට එන්න එපා‘‘ලෙසද ඇය එම වෙබ් අඩවි වල ප්‍රකාශයක්ද සටහන් කර තිබේ.
ඇය නොසිතූ පරිදි ඇයගේ ප්‍රකාශයට හා වීඩියෝවට දැඩි විරෝධයක් පළව ඇත.
එයිනුත් නොනැවතුනු ඇතැමුන් කර ඇත්තේ මේ පිළිඹද ජොග්ජා පොලිසිය දැනුම්වත් කිරීමයි.ලැබෙන පැමිණිලි ගණන ක්‍රමක්‍රමයෙන් වැඩි වූ හෙයින් පොලිසිය අවසානයේ මෙම ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන ඇත.
ඇයට එරෙහිව සිතාමතා අපහාස කිරීම හා නින්දාවට පත්කිරීම යන චෝදනාව යටතේ නඩු පැවැරීමට යන බව සදහන්ය.වැරදිකාරිය බවට ඔප්පු වුවහොත් ඇයට අවුරුදු 6 ක සිරදඩුවමකට යටත්වීමට සිදුවනු ඇත.
නඩු විභාගයට පූර්වයෙන් ඇය නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන අතර ඇයගේ නීතිඥයා පවසන්නේ මෙය ඉතා අයුක්තිසහගත තීරණයක් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනීසියාවේත් තියෙන සමහර නීති රීති හොඳයි 19 වැනි ශතවර්ෂයට. හරියට නිකන් අපේ වාරියපොළ කොල්ලා අත්අඩංගුවට ගත්තා වගේ. (නි)
මෙය යුක්ති සහගත ද (නදී)
මෝඩ කතා කියන්න එපා චමින්ද. මිනිසුන්ට හොඳ වගේම නරකත් ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්න ඕනෑ. (නි)
ආසියාවේ තියෙන සමහර රටවලට තුන්වන ලෝකයේ රටවල් කියන්නේ කට කහනවට නෙමෙයිනේ (නි)
සුගුනවති, ඔය කට අරිනවා නම් මම කටට මී පැණි වත්කරනවා (නි)
රෝහිත,මම නම් මෝඩ කතා, කියන්නේ නැහැ,මේ තාක් කියලත් නැහැ.මම කියන එක, ඔයාට තේරුම් නොයාමයි ඔයාගේ තියෙන මෝඩ කම.අදහසක් ඉදිරිපත් කරන්න ප්‍රථම, අනිකුත් අය ලියලා තියෙන අදහස් තේරුම් ගන්න.වක්කඩ කැඩුවා වගේ විකාර ලියන්නේ නැතුව.මම සාමාන්‍යයෙන් නොදන්නා දේවල් වලට, අදහස් පළකිරීමෙන් වලකින අයෙකු බවත් ඔබට කිව යුතුයි. (ස)
ඔයා එන්න නංගී ලංකාවට. (නි)
ඉන්දුනීසියාව වගේ රටවල ගැහැණුන්ට නිදහස් අදහස් ප්‍රකාශ කරන්න තිබෙන අයිතිය අඩුයි (නි)
රෝහිත,මට ඉන්දුනීසියාවේ නීතිය හැසිරෙන ආකාරය පිළිබඳව හොඳ දැනීමක් තිබෙන බවත් ඔබට කිවයුතුයි. (නි)
අපේ රටේ නම් මෙහෙම වෙන්නේ නැහැ (නි)
තවත් එළකිරි වැඩක් (නදී)