ඉතාලියේ රෝමය හා ටියුරින් යන නගරවල ඇගලූම් වෙළද සළක් ආසන්නයේ පසුගියදා දැකගත හැකි වූ අපූරු දසුනකි.
යට ඇදුමින් පමණක් සැරසුණු කාන්තාවන් හා පිරිමින් පිරිසක් වෙළදසළ විවෘත වන තෙක් පෝලිම් ගැසී බලා සිටියහ.තවත් සමහරු තමන්ගේ යට ඇදුම් පමණක් ඉතිරිවන තෙක් ඇගලූම් උනා දමමින් සිටියහ.
අවසානයේ වෙළදසළ විවෘත වුණු පසු ඔවුහු සියලූ දෙනා එතුළට දිව ගියහ.පිස්සුවෙන් මෙන් ඔවුන් ඇදුම් තෝරමින් තම විළි වසා ගනු දැකගත හැකි වුනි.
මේ ඩෙසිගුවල් නම් ස්පාඤ්ඤ ඇගලූම් වෙළදසල් ජාලය වසරක් පාසා කි‍්‍රයාත්මක කරන වෙළදප‍්‍රචාරක වැඩසටහනකි.වෙළදසැළ නිවේදනය කරන දිනයේදී ඊට පැමිණෙන පළමු 100 දෙනාට නොමිලයේ ඕනෑම ඇදුමක් ලබා ගත හැකිය.එකම කොන්දේසිය ඇදුම් ලබා ගැනීමට තම තමන්ගේ යට ඇදුම් වලින් සැරසී පැමිණීමයි.
පළමු සිය දෙනා අතරට ඇතුළත් වීමට නොහැකි වූවන්වද වෙළදසැළේ බළධාරීන් අමතක නොකරයි.ඔවුන්ට එම දිනයේදී අන් දිනවලට වඩා සියයට 50 ක් මිල අඩුවෙන් ඇගලූම් මිලදී ගත හැකිය.
මෙවර වැඩසටහන කි‍්‍රයාත්මක වී ඇත්තේ ඉතාලියේ වුවත් පෙර වසර වලදී එය බි්රතාන්යය ඇමරිකාව,ජපානය වැනි රටවල ඇති ඩෙසිගුවල් ජාලයට අයත් වෙළදසැල් වල කි‍්‍රයාත්මක කර ඇත.එළැඹෙන වසරේදී ප්‍රංශයේ පැරිස් නුවරදී මෙය කි‍්‍රයාවට නැංවීමට සැළසුම් කර ඇතැයි සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් දෙනවනං මිනිස්සු ඕන දෙයක් කරයි.(නදී)
මොකද මේ කට්ටිය කලබල වෙලා. මෙතන කවුරුවත් හෙළුවෙන් නැහැ. ඕනවට වැඩි හැදියාව හින්ද තමා ප්‍රශ්න වැඩි. අපේ හැදියාව මහ ලොකුවට කතා කරන අය දන්නවද අපේ අය තමයි ලෝකෙන් වැඩියම සෙක්ස් ගැන අන්තර්ජාලයෙන් හොයන්නේ කියා.(නදී)
දැන් කොහොමත් යට ඇදුම් ඇදගෙන වගේනේ මහමග කාන්තාවෝ යන්නේ.(නදී)
ඇදුම් ගන්නවා කියලා මේ තරම් කැත විදිහට හැසිරෙනවද (දී)
හොද ප්රචාරක වැඩක්. තමන්ගේ වෙළද නාමය ලොව පුරා ප්‍රචාරය කරන්න කරපු නුවණක්කාර වැඩක්.(නදී)
හොඳට සුදු පිරුවට ඇදගෙන මොන තරම් විලි ලජ්ජා නැති වැඩ කරනවද අපේ රටේ . වරදක් නොපෙනේ (දී)
නිකමට කියන්න, හිත යටින් පොඩි ලැජ්ජාවක් එනවා නේද මේ මිනිස්සු ගැන (දී)
ඉතලි කාරයෝ නිකන් දෙනවා නම් උන, හෙම්බිරිස්සාව, කක්කල් කැස්ස උනත් ගන්නවා..(නදී)
"ඕක අපේ රටේ උනා නම් බලන්න තිබුන කට්ටියගේ අදහස්" අපේ රටේ උනානම් ඇදුම් නැතිව යාවි (දී)
''විලි ලජ්ජාවෙ බැහැ." ඒ මොකෝ ?(නදී)
ලංකාවේ කවුරුවත්ම නැතුව ඇති මෙතන. මමත් බැලුවා අතින් වහ ගත්ත කෙනෙක් ඉන්නවද කියලා.(නදී)
ඔන්න අපේ රටටත් හොද ආදර්ශයක්. පටන් ගමු වැඩේ යට ඇදුමේ ඉදන්ම. .(නදී)
විලිසංගේ නැති රටක් (දී)
අපේ රටේ පහුගිය දවස් වල සිද්ද වෙච්ච දෙයක් මතක් උනා (දී)
නිකන් දෙන නිසාද අඩනිරුවතින් ආවේ (දී)
අබ්දුල් ඉතින් අපේ රටේ හිගන්නෝ නැනේ (අ)
අදහස් දක්වන වැඩිදෙනෙක් තමන්ගේ රට පහත් කොට තකන බව පෙනේ. පිටරටක වෙන ඕනම දෙයක් ඔවුන් ගේ කෝණයෙන් බලා මවු බිමට නියවීම තමන්ගේ නිවට කම අනුන්ට දැක්වීමක් වැනිය.(නදී)
ලෝකේ මිනිස්සු එකනේ ඇදුම් බිස්නස් වැඩි වැඩියෙන් කරන්නේ (දී)
අපේ අය නිකම් දෙන දේ ගන්න ලැජ්ජා උනාට හොරකම් කරන්න නම් ලැජ්ජා නැහැ. (දී)
මේ පිරිමි අඩනිරුවත් ගැහැණු අසල කොතරම් සංවරව ඉන්නවද? ලංකාවේ නම් අඩනිරුවත් ගැහැනියක් මෙතරම් ලඟින් හිටියනම් ඒ ගෑනිට මොකක් හෝ අතවරයක් කරන තරමට පිරිමින්ට තමන්ව පාලනය කරගන්න බැරිවෙනවා (දී)
බැරිවෙලාවත් ගැහැණියකගේ ඇඳුම් ගැලවිලා ගියොත් තමාට ආසන්නයේම සිටින පිරිමියා තමා ඇඳන් සිටින කමිසය හරි ගලවල දෙනවා විලි වහගන්න. එහෙම තමා කුමාරිහාමි සමහර බටහිර රටවල. (දී)
බලන්න මේ පිරිමින්ගේ සංවරකම මෙන්න නියම පිරිමි කම. (දී)
අපේ කෙනෙක් මෙතනට දැම්මනම් වලන් කඩේට පන්න ගොනා වගේ ඇනගෙන ඇනගෙන යාවි. ගෑනුන්ට තියෙන ටිකත් නතුව දුවන්න වෙනවා. (දී)
කාටද මතක , මස දෙක තුනකට ඉස්සර ලංකාවේ නමගිය රෙදිපිළි ආයතනය වෙනතැනකට ගෙනියන දවසේ , අන්තිම දවසේ අපේ අය හැසිරුණ විදිය , මේ කතාවට හප්පන් (දී)
ශාන්ති, යුරෝපයේ දේශගුණ තත්ත්ව නිසා යට ඇඳුමෙන් ඉන්න පුළුවන්. ඒ මොකද්ද ඒ කතාව. ලංකාවෙත් පුළුවන්නේ එහෙනම්. සංජු, ඔය අන්තර්ජාලයේ සෙක්ස් හොයන සංගණන ආසියානු රටවල් පහතට දමන්න කරන බොරු ඒවා කියල මම සඟරාවක (රට) කියෙව්වා. (දී)
ඉතා හොද ප්‍රචාරණ ක්‍රමයක් . එකනේ කට්ටිය මෙච්චර කතා වෙන්නේ . කාවවත් සසදන්න එපා . නිර්මාණ ශීලි වැඩක් (දී)
මම මෙම දෙය අගය කරමි.(නදී)
හෝටලේකට යන්නේ බඩගින්නේ නම්, ඇඳුම් ගන්න යන්නේ ඔය විදියට වෙන්න ඇති ඒ රටේ.(නදී)
ව්‍යාපාර දියුණු කරන්න විවිද ක්‍රම අනුගමනය කරන එක හොඳයි.(නදී)
අශෝකා හිතන්න එපා මෙහෙ එහෙම නැහැ කියලා. හවුස් ඔප් පැෂන් එකේ ෆ්‍රී ඇඳුම් ගන්න කී දෙනෙක් පොර කෑවද. ආර්ටිකල් එකේ කියලම තියෙනවා මේක වෙළඳ ප්‍රවර්දන වැඩසටහනක් කියලා. නිකන් මෝඩ කතා කියන්න එපා. ඔයා හිටියත් ඉතින් කරන්නේ ඕක. මෙහෙ සල්ලි නාස්ති කරන විදියට එහෙ මිනිස්සු සල්ලි නාස්ති කරන්නේ නැහැ.(නදී)
නියම අදහසක්.(නදී)
යට ඇඳුම් විකුණන කඩයකත් මේ වැඩේ කරානම් හරි.(නදී)
පේනවා නේද යුරෝපයේ තත්වය. නිකන් දෙන ඇදුම ගන්න යට ඇදුමින් යන්න තරම් මිනිස්සු ආර්ථිකය අතින් කොච්චර පහලට වැටිලද? අලුතින් ඇදුමක් මිලට ගන්න වත් කමක් නැහැ කියන එකත් මේකෙන් පේනව නේද? (නදී)
යට ඇඳුමුත් ගලවලා යන්න කීවා නම් ඒත් යයි.(නදී)
නිකන් දෙනවා නම් හෙම්බිරිස්සාව වුනත්.(නදී)
ඕක අපේ රටේ උනා නම් බලන්න තිබුන කට්ටියගේ අදහස්..(දී)
ලංකාව නම් ඔය තරමටම පහත වැටී නැති බව විස්වාසයි. (දී)
මේක ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති උනත් බටහිර රටකට ලොකු දෙයක් නොවේ. උස්ණ කාලෙට කොහොමටත් සමහර ගැහැණු අය ෂොපින් යනකොට මීට වඩා පොඩි ඇඳුම් ප්‍රමාණයක් අඳින්නේ. මේ රටවල මිනිස්සු ඇඳුම් දිහා බලල මිනිස්සු මනින්නේ නැහැ ලංකාවේ වගේ.(නදී)
නැති හින්දානේ අදින්න ගන්නේ ඒ වැඩේත් හරි තමයි (දී)
ඕක අපේ රටේ කරන්න අමාරුයි. මොකද සමහරු ඇඳුම් ඇන්දත් වැඩ ඇඳුම් නොමැති විදියටයි.(නදී)
අශෝකා, ඔයාට වැරදිලා. මේ අය මෙහෙම එන්නේ ඇඳුම් නිකන් දෙන නිසා. එහෙම නැතුව ඇඳුම් ගන්න මුදල් නැති නිසා නොවේ. මේ අය මුදලේ වටිනාකම දන්නවා. නිකම් දෙන දෙයක් ගන්න අපේ අය ලජ්ජා උනාට පිටරටවල මිනිස්සු එහෙම නැහැ.(නදී)
ඔන්න අපේ රටටත් හොද ආදර්ශයක්. පටන්ගමු වැඩේ යට ඇදුමේ ඉදන්ම.(නදී)
ලංකාවේ කෙනෙක් නම් ඒ හරියේ පෙනෙන්ට නැහැ. (නදී)
කාට කියන්ඩද මේවා.(නදී)
අපේ රටේ හිගන්නොත් මෙහෙම කරන්නේ නැහැ.(නදී)
මේ අයගේ හෙළුව තමයි ලංකාවේ අයට ලොකුවට පෙනෙන්නේ. (නදී)
ඔය වගේ කට්ටියක් ළගදි කොටුව දුම්රිය පොළ ලග හිටියා මට මතකයි.(නදී)
තම තමන්ගේ රටවල් වලට ගැලපෙන ඕනෑම දෙයක් කරන්න අයිතියක් තියෙනවා එයාලට. අපේ රටේ තියෙන්නේ 100%ක්ම සංස්කෘතියට ගැලපෙන දේවල්ද.? (නදී)
ඕක මහා දෙයක් නොවේ, යුරෝපයේ දේශගුණ තත්ත්ව නිසා යට ඇඳුමෙන් ඉන්න පුළුවන්. ලංකාව වගේ නොවෙයි.(නදී)
බලන්න ඔතන ලංකාවේ කීදෙනෙක් මුණ හංගගෙන ඉන්නවද කියල. මොකද නිකන් දෙනදෙවල් වලට පොරකන පිරිසක්නේ ලංකාවේ අය. (දී)
මේ දේවල් බටහිර රටවල් වල නිසා ප්‍රශ්නයක් නැහැ (දී)
නිකන් දෙන අස්සයාගේ දත් ගණන් කරන්න එපා කියලා තියෙනවනේ (දී)
හැබැයි හැමෝම එකා වගේ ඉන්නව.මේ දේ අපේ රටේ උනානම් කෙල්ලෝ කීදෙනෙක් මරා ගනීවිද (දී)
ලංකාවේ කවුරුවත්ම නැතුව ඇති මෙතන (දී)
බලන්න මේ මිනිස්සු මොන තරම් සහයෝගයෙන් ඉන්නවද අපේ රටේ මතකනේ පහුගිය දවස් වල උන දේ (දී)
විලි ලජ්ජාවෙ බැහැ..(දී)
ලෝකේ මොන දේ විකුනුනේ නැතත් ඇදුම් නම් විකිනෙනවා, හිතන්න නිකන් දෙනවා කියුවොත්..... (දී)