ධවල මන්දිරයට අලූත් බලූ සාමාජිකයෙක් එක් වී සිටී. ඒ, සනී නමැති බලූ සුරතලාය. මේ වන තෙක් ම ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, බිරිය මිෂෙල් සහ දියණියන් දෙදෙනාගේ සුරතලා වූයේ බෝය.
බෝ, පෘතුගීස් වෝටර් ඩෝග් වර්ගයේ බලූ සුරතලෙකි. සනී ද එම වර්ගයේම බල්ලකු වන අතර ඌ ධවල මන්දිරයට ගෙනාවේ බෝගේ තනි නොතනියට යැයි ධවල මන්දිර ප්රකාශකයෝ පවසති. ඡායාරූපයේ දකුණුපස සිටින්නේ සනීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලට ගිය කලක්. (ස)
උගේ මිල කීයද කියලා හොයලා කියනවද . මෙහෙට ගෙනාපු උන්ට නම් කෝටි ගානක් වුණා.මොකද එතකොට අපිට බලාගන්න පුළුවන් අපේ කට්ටිය බල්ලන්ගේනුත් ගානක් ගහලද කියලා. (ස)
අනේ බල්ලෝ උබ අපිට වඩා කොච්චර පින් කරලා තියෙනවද. අපේ ෆොටෝ එකක් පත්තරයේ තියා ගෙදර බිත්තියෙවත් නැහැ. (දී)
පහුගිය කාලේ අපේ රටෙත් කකුල් හතරේ තෑග්ගක් දුන්නා කියලා කතාවක් තිබුණා තනි නොතනියට? (ස)
අපේ බල්ලන්ගේ නම් දැන් එච්චර සද්දයක් නැහැ (නි)