වසර 3 ක් තිස්සේ නාන කාමරයක සිරගත කර තිබුණු කාන්තාවක ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ දර්නාග ප්‍රදේශයෙන් සොයාගැනීමට පොලිසිය සමත්විය.
ඇය මෙසේ සිරගත කර තැබීමට හේතුව දෑවැදි ප්‍රශ්නයක් හා ඇය දියණියක ප්‍රසූත කර තිබීම බවත් සදහන්ය.
අඳුරු නාන කාමරයේ කැළි කසළ ගොඩක් මැද සිට පිටතට ගත් පසු ඇය හිරු එළියට ඇස් විවර කර ගැනීමට පවා නොහැකිව පැය ගණනක් සිටි බව පොලිසිය කියයි.
තම දියණිය ගැන කිසිදු තොරතුරක් දැන ගැනීමට ඇයගේ සැමියා ඉඩ දෙන්නේ නැතැයි මෙම කාන්තාවගේ පියා කළ පැමිණිල්ලකට අනුව පොලිසිය සිදුකළ පරීක්ෂණයකින් සිරගත කර සිටි ඇය සොයාගැනීමට හැකිව ඇත.ඇයට සිය දියණිය වසර තුනකට පසු හමුවන විට ඇයට අම්මා අඳුන ගත නොහැකි විය.
සැකකාර සැමියා නැන්ද මාමාද අත්අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේන, අරුපියා, දැනුම, තාක්ෂණය අතින් ඉන්දියාව අපිට වැඩිය ඉස්සරහින් හිටියත් සමාජමය හා සංස්කෘතිමය අතින් ගොඩක් පිටුපසින් සිටින්නේ. අපේ රටේ ගැහැණු දරුවෙක් ලැබුනා කියලා ඒක පහත් විදියට දකින්නේ නැහැ. දෑවැදි සම්බන්දයෙනුත් වර්තමානයේ සලකන්නේ ගොඩක් අඩුවෙන්. ඒකත් මුදල්, දේපළ තණ්හාවෙන් පිරුණු අය තමා දීගයක දී දෑවැදි ගැන හොයන්නේ. (නදී)
නැන්දම්මට ඕනෑ නම් පුතාවයි හිරකරන්න ඕනෑ. එම කාන්තාව බිහිකරන දරුවා ගැහැණු පිරිමි ලෙසින් ලැබීමට හේතුව සැමියා මිසක් බිරිඳ නොවෙයි. (නි)
රූපවති, බිහාර් ප්‍රාන්තය තියෙන්නේ තමිල්නාඩුවේ නොවෙයි. ජයලලිතාට දෙකක් කියන්න ඕනෑ නම් චෙන්නායි වලට ගිහින් කියන්න. ලංකාවෙත් මේ වගේ දේවල් සිදුවෙනවා.දම්වැල් දාලා කාමරවල දාපු අය පිළිබඳව, මේ ළඟදි ලංකාවෙත් දෑවැද්ද පිළිබඳ මරණයක් වුණා (නි)
පිරිමි දරුවෙකු බිහි වීමට හේතුවන වයි වර්ණ දේහය ඇත්තේ පිරිමි කෙනාට මිසක් ගැණු කෙනාට නෙවෙයි. පියා ගෙන් අහඹු ලෙස ලැබෙන වර්ණ දේහය අනුව තමයි දරුවාගේ ගැහැණු පිරිමි බව තීරණය වෙන්නේ. ඉන්දියාවේ මෝඩ නැන්දම්මලාට මේක කියලා දෙන්න කවුරුවත් ඒ රටේ නැහැ. (නදී)
මගේ දුව තාම පොඩියි. ඒත් හවසට මම ගෙදර ගියාම ඉස්සෙල්ලම එන්නේ එයා තමයි. දුවෙක් හදන්න හිතට ගන්න. (නි)
පව් නේද (නදී)
ඉන්දියාවේ හැම කෙනෙක්ම ඉපදිලා තියෙන්නේ ඉන්දියානු මවකගෙන්. ඉතින් මුලින්ම තමාගේ මවට ගරු කරන්න. ඉන්පසුව ඒ තුලින් අනිත් ගැහැනුන් සහ කාන්තාවන් දෙස බලන්න. හැම දෙයක්ම ලබෙන්න ඕනි නිවසින් සහ පාසලෙන් (නදී)
මේක තමයි අපේ අසල්වැසි රටවල තත්වේ. සමහර රටවල ගෑනු ළමයි ඉස්කෝලේ ගියොත් වෙඩි තියනවා. ගෑනු ළමයෙක් ලැබුනොත් හිරකරනවා. බඩේ ඉන්නේ ගෑනු දරුවෙක් කියල දැනගත්තොත් ගබ්සා කරනවා. එහෙම බලනකොට ලංකාවේ තත්වය කොච්චර ඉහලද කියල පොඩි සැනසීමක් තියෙනවා. (නදී)
මම කොපමණ ආශාවෙන්ද හිටියේ දුවෙක් ලැබෙනවට. අල්ලපු රටේ තරම! (නි)
සේන, ඔයාගේ අදහසට මමත් එකඟයි (නි)
ඉන්දියාවේ මේක පුදුමයක් නෙවෙයි. වැසිකිලි නැති එකම රටක්. පාරවල් වැසිකිලි වගේ පාවිච්චි කරන රටක්. ගැහැනුන්ට සහ වැන්දඹුවන්ට පහත් ලෙසින් සලකන රටක්. කෙනෙක් එහෙ ගිහිල්ලා බලන්න ඕනේ වෙන දේවල්. (නදී)
ඉන්දියාව ආසියාවේ සුපිරි බලවතා වුණාට වැඩක් නැහැනේ (නි)
දෙවියන්ටම සාක්කි කිවුවලු! (නි)
සේන, ඉන්දියාවට ගිහිල්ලා සුමානයක් ඉඳලා බලන්න ඉන්දියාව අපිට වඩා ඉහළින්ද ඉන්නේ කියලා. (නි)
සිල්වා සහ සේන එකම වල්ලේ පොල් වගෙයි. පොඩ්ඩක් රටතොට සංචාරය කරලා ලෝකය ගැන අවබෝධයක් ලබාගත්තා නම් හොඳයි නේද? (නි)
මම කියන්නේ ඉන්දියාව කුණුගොඩක ඉදලා නැගිටිනවා අපි හොදට ඉදලා කුනුගොඩට යනවා. (අ)
හැබයි අපේ හින්දි චිත්‍රපටි බලන අය නම් හිතාගෙන ඉන්නේ, ඉන්දියාව කියන්නේ දෙවෙනි දිව්‍ය ලෝකයක් කියාලා.(නදී)
මිනිපේ, ඔබ හරි. ඉන්දියාවට ගිහිල්ලම බලන්න ඕනේ ඉන්දියාවේ හැටි. ඒ අතින් අපේ රට පුංචි වුනත් මසුරන්. හින්දි චිත්‍රපටි වල තිබෙන්නේ සෝබනේ පමනයි (නදී)
පුදුම වෙන්න දෙයක් නැහැ. ඉන්දියාවෙනේ වෙලා තියෙන්නේ.රූපවතිගේ කටේ මසුරන් දාන්න වටිනවා ජයලලිතා ගැන කියලා තියෙන කතාවට. (නි)
රූපා මේ පත්තර ඉන්දියාවේ උදවියට බලන්න ලැබෙන්නේ නැහැ. තමිල්නාඩුවට ගිහින් දෙකක් කියලා එන්න ජය ලලිතා නෝනට (නදී)
මෙහෙමත් රටක්. දුවෙක් බිහි කලාට මෙහෙම කරනවද ? අපි මේ දුවෙක්වත් නැති එකට දුක් වෙනවා. අර නැන්දම්මව යොදවන්න ඕන මැරෙනකන් මුළු රටේම තියන වැසිකිලි පිරිසිදු කරන්න. (ස)
හා...හා.. රූපා නංගී කලබල වෙන්නත් එපා.වරදවා හිතන්නත් එපා.ජයලලිතා සැප සම්පත් විඳින කෙනෙක් නම් නෙවෙයි ! තමිල්නාඩුවේ චන්ද දායකයින්ගේ සිරගෙදර ඇය දුකසේ කල් ගෙවන්නියක් ! (ස)
පුදුමාකාර පවුලක් වෙන්න ඇති මේක නම් (නි)
මමත් කියන්නේ ඉන්දියාවේ කාටවත් දුවරු ලැබෙන්න එපා කියලයි. බලමුකෝ එතකොට වෙන දේ (නි)
ස්ත්‍රී ලිංග ,පුරුෂ ලිංග ,නපුංසක ලිංග ,කියල ජන්ම පත්‍රවල සඳහන් වෙනව .පුරුෂයන් පුරුෂ ලිංග නොවී වෙනත් ලිංගයක ඉපදුනොත් කාන්තාවන්ට අබ සරණ තමයි .කාන්තාවගේ අගය දන්නෙ පිරිමි නැකතක ඉපදුනොත් තමයි .අත්දැකීමෙන් තමයි ලිවුවෙ. (ස)
අද ඉන්දියාවේ සමාජය විනාස වෙලා ඉවරයි. එදා ලංකාවට වඩා හැදිච්චකම ගැන හිතපු රටක්. නමුත් පහුගිය කාලේ සිදු උන සමුහ ස්ත්‍රි දුෂණ වලින් තේරෙනවා අද ඉන්දියාව තියෙන තැන.අද ඉන්දියානු සමාජය ගැහැණිය හදුන්වන්නේ පාපයේ සංකේතය කියලා.එ් නිසා අද ගැහැනු දරුවෙකුගේ ඉපදිම පාපයක් විදිහටයි මේ මිනිස්සු දකින්නේ.දරුවෙක් ඉපදෙන්න යනකොට ගැහැණු කලලයක් කියලා දැන ගත්තොත් ගබ්සා කරන්න අද ඉන්දියානුවන් පෙලඹිලා.නමුත් මේ ප්‍රශ්ණ වලට වැරදිකාරිය ගැහැනිය නෙවෙයි මිනිස්සුන්ගේ ආකල්ප කියලා මේ මින්ස්සු තේරුම් අරන් නෑ. (ස)
පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ බ්‍රෝහී ගෝත්‍රික පියවරුන් තමන්ට ගැහැණු දරුවන් වැඩිවන තරමට කැමතියි. මන්ද, මනාලියගේ පියාට මුදල් ගෙවා මිස පිරිමින්ට විවාහ විය නොහැකි නිසා. පිරිමින් සල්ලි හොයාගෙන විවාහ වෙනකොට ඔවුන්ගේ හොඳ කලවයස ඉක්මවා ගිහින්. ඉතින් ඉතා තරුණ ගැහැණු ළමුන් මහළු පිරිමින් සමඟ දීගකනවා මෙහිදී එමට දැකගත හැකියි. (නි)
මෙයාල ඉපදුනේ අම්මගේ කුසෙන් වග, කියල දෙන්න ඉස්කෝලෙකට පන්සලකට ,පල්ලියකට පවුලේ උදවියට යවන්නම බැරි උනාද. මෙයාලව පන්නන්න ඕනේ ගල් ගුහාවකට කැලේ ජීවත් වෙන්න. ඉන්දියාවට දෙවියනේ කාන්තාවෝ නැත්තටම නැතිවෙන්න ? බෙහෙතකටවත් කාන්තාවක් හොයා ගන්න බැරිම වෙන්න ඕන ..!! ඒ උනාට අපේ රටට තමයි ඇගිලි ගහන්නේ ..ජය ලලිතට දෙකක් කියාගන්න මට අනේ හැකිනම් ! මම මැරෙන්න කලින් ..!! (ස)
ඔය වගේ අය ඉන්න ඉන්දියාවේ ඔය වගේ දෙයක් වුණ එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.කොහොම වුණත් කාන්තාවන්ට වෙන හිරිහැර නවත්වන එක ඉන්දීය රජයේ වගකීමක්. (නි)
තමන්ගෙ එකා, එකා වෙලා පිට එකා, යකා වගේ පෙනෙන සමාජයක් ලංකාවෙ තියෙන්නෙ. හපොයි! ඉන්දියාවෙ තමන්ගෙ එකාත් යකා වෙලානෙ (නි)
අපේ රටෙත් සමහර අවස්ථාවල ගැහැණු දරුවන්ට අසාධාරණකම් සිද්ධ වෙනවා. දේපල බෙදී යාමේදී විතරක් නෙමෙයි, මව්වරු පිටරට සේවයට ගියවිට ළමා විය පැත්තකට දමලා බාල දරුවන් කරපින්නා ගන්න වෙන්නෙත් වැඩිමල් ගැහැණු දරුවාට. කොහොම වුණත් ඉන්දියාව එක්ක සංසන්දනය කරද්දී අපේ රට බොහොම හොඳයි. (නි)
මෙවැනි දේවල් ඉන්දියාවේ ඉඳහිට වාර්තාවෙන එක ඇත්තක්. නමුත් මේ සදහා මුළුමහත් ඉන්දියාවටම බනින එක වැරදියි. නිදහස ලබද්දී අපිට වඩා හැම අතින්ම පිටුපසින් සිටි ඉන්දියාව අද හැම අංශයෙන්ම අපිට වඩා ඉදිරියට ගිහින් තියෙන්නේ. (නි)
සේන, වාර්තා වෙන්නේ ඉඳහිට. නමුත් සිද්ධ වෙනවා අප්රසිද්ධියේ බොහෝ විට (නදී)
පති කුලයට ගිය ඉන්දියානු කාන්තාවගේ ඉරණම දැක්වෙන සත්‍ය පුවතක් ලන්ඩනයේ ජීවත් වන කිරන්ජිත් අහුවාලියා ගේ කතාව. එය ප්රෝවෝක් නමින් චිත්‍රපටියකට නැගුනා. පුළුවන් නම් අන්තර්ජාලයේ නරඹන්න . මට හිතුනේ ලංකාවේ භාර්යාවන් වුන අපි දස මහා කුසල් කර ඇති කියලා ඉන්දියානු සැමියෙක් ගේ ගෙදරට නොයන්න. (නදී)
ඇත්තටම මේ වැසිකිළියේ හිර කරන්න තිබුනේ අර කලින් කියපු ප්‍රසිද්ධ නෝනාව. අපිට අපේ පාඩුවේ කනක් ඇහිලා ඉන්න ලැබෙයිනෙ (නි)