මොළයේ සෛල විනාශ කරන අල්ට්ස්හයිමර් රෝගය පැතිරීම වළක්වාගැනීමට දෙළුම් ආහාරයට එක්කැර ගැනීම වැදගත් යැයි පර්යේෂකයෝ කියති.
මේ පර්යේෂණය සිදුකැර ඇත්තේ හඩස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමකි. ඔවුන් පවසන්නේ දෙළුම්වල ඇති රසායනික සංයෝගයක් වන පුනිකැලජින් නමැති රසායනිකය හේතුවෙන් මොළයේ සෛල විනාශ වීම වැළැක්වෙන බවයි. දෙළුම් වල ඇති රසායනික සංයෝග හේතුවෙන් රූමටික හන්දි ප්‍රදාහය සහ පාර්කින්සන් රෝගයේ ලක්ෂණයක් වූ වේදනාවට සහනයක් ලැබෙන බවයි.
රසායනාගාර පර්යේෂණ මගින් සොයාගෙන ඇති අපූර්ව දෙය නම් දෙළුම් වල ඇති පුනිකැලජින් මොළයේ ඇති සියුම් සෛලවල ඉදිමුම් සමනය කිරිමට සමත්වන බවයි.
වෛද්‍යවරුන්ට අනුව අල්ට්ස්හයිමර් රෝගයට ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැත. දෙළුම් වල ඇති පුනිකැලජින් භාවිතා කරමින් මේ රෝගයට ප්‍රතිකාරයක් සොයාගත හැකියැයි විද්‍යාඥයෝ විශ්වසය පළ කරති.
පර්යේෂණයේ ප්‍රධානි ලෙස කටයුතු කර ඇත්තේ ජර්මනියේ ෆ්රිබර්ග් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඕලමැයකුන් ඔලජිඩි ය. ඔහු හඩස්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ සම පර්යේෂකයන් සමග කටයුතු කර ඇත.
අල්ට්ස්හයිමර් රෝගයෙන් බ්‍රිතාන්‍යයන් 800,000ක් පමණ පීඩා විදින අතර වසරකට 163,000ක් අලුත් රොගීන් එරටින් වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට නම් මේක අලුත් දෙයක් වෙන එකක් නැහැ. මොකද ලංකාවේ බොහෝ දෙනා දන්නවා දෙළුම් කියන්නේ සියලු රෝගවලට ගුණයක් එන පළතුරක් කියලා. තවමත් අපේ ගම්බද ගෙවල්වල වයසක අමාරු රෝගියෙක් හිටියොත් තව දවස් කීපයක් හරි ජිවත් කරවන්න කියල හිතාගෙන දෙන්නේ දෙළුම් ඉස්ම ටිකක් තමයි. මේක පිටරක පුවතක් නිසා අපේ සමහරු ඉහලින්ම පිළිගනීවි. (නදී)
හුගක් ලෙඩ රෝගවලට හොඳ බෙහෙතක් (නදී)
ඉතා හොඳ ආරංචියක් (නි)
ස්වර්ගයේද ඇති විශේෂ අහරක් කියා අසා ඇත්තෙමි. (නි)
මේකෙන් ගොඩක්ම හොඳ වෙන්නේ ලංකාවේ හැදෙන ගම් දෙළුම් නේද? (නි)
ඉතා වැදගත් ආරංචියක් (නි)
බඩේ අජීර්ණයට මීට වඩා බෙහෙතක් නැහැ. අත්දැකීමෙන් කියන්නේ (නි)
මේ දැනුම සමාජගතකරන එක ගොඩක්ම ගොඩක් හොද වැඩක් .ලංකාවේ මතය තියෙන්නේ පන අදිනකෙනෙකුට වුණත් තව සුළුවෙලාවක් හරි ජීවත් වෙන්න දෙළුම් ඉස්මටිකක් පොවන්න කියල.ලංකාවේ පර්යේෂණ කරලා නෙවෙයි එහෙම කිව්වේ අද්දැකිමෙන් (අ)
ඇස රතුපාට උනාම දෙළුම් කොළ තම්බපු වතුරෙන් ඇස හෝදනවා. (ස)
කොමෙන්ට්ස් දාපු හැමෝටම මේ කියන්නේ. ඉන්දියාවෙන් එන ලොකු දෙළුම් වල ගුනට වැඩිය ඇත්තේ වස. එ්ක නිසා ලංකාවේ හැදෙන බෙහෙත් නොගහපු දෙළුම් කන්න. (නදී)
දෙළුම් පිලිබඳ ලංකික කතාබහ මීට සියවස් ගණනාවකට එහා දුරක් විදෙස් දේවල් පසුවය් ආවේ (අ)
ඇත්තටම ජීව ඖෂධයක්. මගේ තාත්තා මියයද්දී වයස 89යි. අවසාන දවස් කිහිපය කෑම ප්‍රතික්ෂේප කළා.දෙළුම් ඉස්මෙන් දවස් 3 වඩා ජීවත් වුණා.හොඳ සිහියෙන් අවසාන දවසේ අපෙන් සමුගත්තේ (නි)
හැමෝම ප්‍රතිචාර දක්වා තිබෙන විදිහට හැමෝම දැනුවත්. අපේ රටේ තමයි නියම ගුණාංගයෙන් යුතු බෝග වර්ග ඵල දරන්නේ. ඒක තමයි පිටරැටියෝ මෙහෙ ඇවිල්ලා තුට්ටු දෙකට පේටන්ට් එක අරගෙන යන්නේ. බුද්ධිමත් විදියට කල්පනා කරන්න ඕනෑ අපේ අනාගතය ගැන. (නි)
අපව දැනුවත් කළාට තුති...! (නි)