මුව පොව්වෙකුට දාරක ස්නේහයෙන් සළකන ව්යාඝ්ර ධේනුවක දැකවෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ.
ඉන්දියාවේ ටඩෝබා අන්හාරි ව්යාඝ්ර අභය භූමියේදී ගත් මේ ඡායාරූපයන්ගේ ගැබ්බර ව්යාඝ්ර දෙනක් මුව පොව්වෙකුට තමන්ගේම පැටවෙකුට සේ සළකනු සටහන්ව ඇත.
මුව පොව්වාව ලෙව කනු,පිරිමදිනු,ව්යාඝ්ර පැටවෙකු ගෙනයන්නා සේ ගෙලෙන් අල්ලාගෙන ඔසවාගෙන යනු ආදී ඡුායාරූපයන් රැසක් මේ අතර තිබේ.
මේ ඡායාරූප ගනු ලැබ ඇත්තේ අභයභූමිය නැරඹීමට පැමිණි සංචාරකයෙකු වන පවන් මෙනොන්ය. ව්යාඝ්ර ධේනුව හා මුව පැටවා පැය භාගයක් පමණ සෙල්ලමේ යෙදී සිටි බව ඔහු පවසයි.
බිහිසුණු දඩයක්කරුවා හමුවේ මුව පොව්වා නම් සිටියේ බියට පත්ව වුවත් ව්යාඝ්ර ධේනුවටනම් පැටවා මරා දැමිීමේ කිසිදු වුවමනාවක් පෙනෙන්නට නොතිබූ බව ඔහු කියයි.
මෙනොන් පවසන ආකාරයට සෙල්ලම අවසානයේ ව්යාඝ්ර ධේනුවම මුව පොව්වාව තම හොම්බෙන් ඇන තල්ලූ කරමින් පිටව යන ලෙස පවසා ඇත.
මාංශ භක්ෂකයින් වුවත් දඩයම් කරන්නේ අවශ්‍ය වෙලාවට පමණක් බව පෙන්වන හොඳ අවස්ථාවක් ලෙස මෙනන් මේ සිදුවීම දකී.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන දසුනක්.(දී)
සත්වයින්ගේ ඇති දරු ස්නේහය අද ලෝකයේ සමහර මෑණි වරුන් අතින් ගිලිහී ගොස්ය .දුර්ලභ ඝණයේ ආදර්ශමත් පින්තුර කාරණයක් !(දී)
මේවා කොසොල්රජුගේ හීන 16 නොතිබුනාට හරියට ඒවගේමයි. විපරිත කාලෙට ඔහොම වෙනවා. (දී)
මේ පුවත් සිහිබුද්ධියෙන් අසන, දකින නුවණැත්තෝ වහ වහා සිදුවන දෙය සහ සිදුවන්නට යන දේ වටහා ගනිත්වා! මනුෂ්‍යයා දුගතිගාමී වීමේ යුගය එලඹෙමින් ඇත. (නි)
පැටවා පසුපස මව ගෙන්වා ගැනීම අදහස වෙන්න බැරිද? (නි)
ඉතාම හොඳ ආදර්ශයක් .(දී)
පුදුමයි! කොච්චර ලස්සන දසුනක්ද? මම දැකලා තියෙනවා සමහර සත්තු මුව පැටවුන් ඉපදුන ගමන්ම කනවා. මේ සිද්ධිය දකිනකොට සෙනෙහස දෝර ගලනවා. (නි)
ලොකු වුණාම කසාද බදින්න පොඩි කාලේ අරගෙන යනවා වගේ ලොකු වුණාම කන්න හිතාගෙන බලාගන්නවාද දන්නේ නැහැ. මිනිස්සු එහෙම කළාට සතුන් එහෙම කරන්නේ නැහැ. (නි)
බිහාර , මේ වගේ මෝඩ අදහස් , සිතුවිලි ඔයාගේ ඔළුවට ගලා එන විට ඔබ මෝඩයි කියල හිතෙනවා ටිකක් කල්පනා කරන්න සහෝදරයා (දී)
මෝඩ නෙවි. ඔය ලිව්වේ බිහාර ගේ ක්‍රමයක් වෙන්නේ ඕන. (දී)
කකුල් දෙකේ කොටි මෙහේම කරාද (දී)
ඇසට කඳුළු උනන දසුන් (දී)
ඉතා සුන්දර දසුනක් (දී)
පැටව් ලොකු උනාට පස්සේ කන්න හිතාගන ද දන්නේ නැහැ. විශ්වාස කරන්න අමාරු යුගයක් (නදී)