හින්දු වන්දනාකරුවන්ගෙන් පිරි ගිය නැගෙනහිර ඉන්දියා දුම්රියපොළක දුම්රියක් පදවා තිස්හත් දෙනකු මරණයට පත් කර හතලිස් දෙනකුට තුවාළ කළැයි කෝප වු පිරිස් රියදුරාට තඩිබා දුම්රිය මැදිරිද ගිනි තැබුහ.
රියදුරා මිය ගිය බව දුම්රිය නිලධරයෙක් පැවසීය.එහෙත් තවත් නිලධරයකු පැවසුයේ ඔහු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කළ බවයි.මෙම දුම්රිය එම දුම්රියපොළේ නතර නොකරන බවත් මිනිසුන් රේල් පාරේ සිටි බවත් අධික වේගයෙන් ආ දුම්රිය නතර කැර ගැනීමට රියදුරාට නොහැකි වු බවත් දුම්රිය නිලධරයෝ කියති.
බිහාර් ප්රාන්තයේ පැටිනා නුවරට කිලෝමීටර් 175 ක දුරින් මෙම ඛේදවාචකය සිදු විය. දිනකය දුම්රිය මගීහු එක්කෝටි අසුපන්ලක්ෂයක් එරට දුම්රියේ ගමන් කරති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් අය දන්නේ නැද්ද දුම්රිය පාරේ හිටගෙන හිටියහම දුම්රියට යට වෙනවා කියලා.දුම්රිය එනකොට රේල් පාරේ ඉන්න හරක් වුණත් අයින් වෙනවා (නි)
චමින්ද ප්රදීප් - ජයලලිතා ඉන්නේ තමිල් නාඩුවේ. බිහාර් කියන්නේ නැගෙනහිර ඉන්දියාව. එහි ප්රධාන ඇමති "නිතිෂ් කුමාර්" ඉතින් මේවා ජෙයාට කියල වෙඩක් නැහැ. උදය කියන වගේ ඉන්දියානුවෝ වැසිකිලි යන්නේ නිදා ගන්නේ දුම්රිය මාර්ගයේ හැමෝම දන්නවා ලංකාවේ වගේ ඉන්දියාවේ මිනිස්සුන්ට දුම්රිය මාර්ගයේ පයින් යන්න බැහැ. (නීතියෙන් තහනම් වුනත්) ඊට හේතුව ඒ තරමට ජරාව. (දී)
චමින්ද ප්රදීප්, දුම්රිය රියැදුරු ශ්රී ලාංකික සිංහලයෙක් වුණා නම් ජයලලිතා ඉන්දියාව දෙවනත් කරමින් යක නටාවි. ඉන්දියාවේ සුපිරි ධනවතුන් සුලුකොටසක් සිටින අතර දුප්පතුන් කෝටි ගණනක් සිටිති. උගතුන් සුළු ප්රමාණයක් සිටින අතර නුගතුන් විශාල ප්රමාණයක් සිටින බව පෙනේ. කොච්චිය රේල් පාරේ යන්නේ නැතුව මහා පාරේ යන්නද? මැරුන මිනිසුන් ගැන මට දුකයි. නමුත් කිසිම දුම්රිය රියදුරකු කැමැත්තෙන් මිනිසුන් දුම්රියට යට නොකරති. රියදුරාට පහරදී මරා දැමීම ඉතාම නින්දිත ක්රියාවකි.මෙහෙම මෝඩ මිනිස්සු ඉන්න රටේ බෞද්ධ භික්ෂුන්ට පහර දීම ගැන පුදුම විය යුතු නැත (නි)
ඉන්දියාවේ අය වැසිකිලි යන්නේ මහා පාරේ. නිදා ගන්නේ දුම්රිය මාර්ගයේ. (නි)
ලංකාවෙත් මෙහෙම වෙයිද? (නි)
ජයලලිත ට මේවා පෙන්නේ නැද්ද ගෙවල් ටිකක් හදල දුන්නනම් රේල්පාරේ ඉන්න ඕනේ නැහැනේ රියදුරාව මරල හරියනවා ද (අ)
වෙන හිටගෙන ඉන්න තැනක් නැතුවද රේල් පාරේ හිටගෙන ඉන්නේ , අපේ යටත් හොඳ පාඩම් (අ)
සුජීව, අනාරක්ෂිත ගේට්ටුවටයි මේ සිදුවීමටයි කිසිම සම්බන්ධයක් නැහැ. හැමෝම දන්නවා ඉන්දියාවේ ඉන්නේ මෝඩ මිනිස්සු බව. නොනවත්වන දුම්රියක් නැවැත්වීමට මිනිසුන් දුම්රිය මාර්ගය අවහිර කරලා තිබෙනවා. ඉතාමත් පැහැදිලියි රියදුරු මහත්මයා කිසිම වැරැද්දක් නොකළ බවට. අනික "බිහාර්" කියන්නේ මේ වගේ සිදුවීම් නිතර නිතර සිදුවන ප්රාන්තයක්. ලංකාවේ මිනිස්සු මේ වගේ අදූරදර්ශී ක්රියා වලට පෙළඹෙන්නේ නැහැ. (නි)
අදික වේගයෙන් ආවත් ටිකක් හිමින් ආවත් රේල් පාරේ හිටියොත් අනිවාර්යයෙන්ම මැරෙනවානේ. (දී)
මහත් අදුරදර්සි ක්රියාවක්, ශ්රී ලංකික දුම්රිය දෙපාර්ත මේන්තු බලධරෙනි මේවා ආදර්ශයට ගෙන අනාරක්ෂිත දුම්රිය මාර්ග වලට ඉක්මන් පිළියම් යොදන්න, නැතිනම් වැලිවේරිය වතුර ප්රශ්නයක් වගේ දුර දිග යයි. (අ)
වාසනාවකට ලංකාවෙ මේක නොවුනේ. නැත්නම් මේකටත් ආශචර්යය ගාවගෙන අදහස් සියගනනක් දාලා අපේ ඉන්න මහාචාර්යවරු. (නි)
සුජීව, ඔයා ළගදිද අංගොඩ ඉදලා ආවෙ? නැත්තම් ඔයා ඇන්කර් ද බොන්නෙ. (නි)
පුදුම ලෝකයක්නේ..කෝච්චිය එන කොට පාර මැද හිටියම රියදුරා පලිද..මීට පස්සේ මෙහෙ කට්ටියත් ඕක අදර්ශේට ගනීවිද දන්නේ නැහැ..කෝකටත් ඔය කොච්චි පයිලට්ලා ඔය යුනිෆෝම් එක ගලවල සිවිල් ඇදුමකින් හිටියොත් ඇගට ගුණ වේවි වගේ.නැත්නම් බෙල්ල මුලට අහු වෙනවා... (දී)
මොවුන් රේල් පාරෙද් ඉන්නේ? ගෙවල් වල නොවේද? ජය ලලිතට කියමු මේවා ගැන සොයන්න කියලා ලංකාවට ගොරවන්නේ නැතුව (නි)
අපරාදේ මිනිස් ජීවිත ටික (අ)
රියදුරාගේ කිසි වැරද්දක් නෑ. මිනිස්සුන්ගේ මෝඩකම. (ස)
ඉන්දියවෙ අය ඉතින් කොහොමත් මොලයක් තියන අය නෙවෙ නේ. රේල් පාරේ හිටගෙන ඉදලා . හැප්පුනාම ඩ්රයිවර්ට ගහනවා. (අ)