සිරියාවේ ගැටළුව විසඳීම සඳහා රුසියාව ඇමෙරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් යැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසයි. විදෙස් මාධ්‍ය මේ බව පවසන්න් මොස්කව් නගරයේ දී ජනාධිපති පූටින් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
ඉදිරියේ දී ඇමෙරිකාවේ පත්වන නව ජනාධිපතිවරයා සමඟ ද තමන් එක්ව කටයුතු කිරීමට සූදානම් බව පූටින් පවසයි. සිරියාවේ ත්රස්තවාදීන් පරාජය කිරිමෙන් පසු සිරියාවට දේශපාලන විසදුමක් ලබා දිය යුතුයැයි ඇමෙරිකාව සහ රුසියාව අතර එකගත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවට ඇමරිකාව එක්ක කෙලින්ම හැප්පෙන්න බයයි වගේ... රුසියාව නිසා තමා සිරියාවේ ඒකාධිපති අසාද් බලයේ ඉන්නේ (ම)
නුවන්ලොස් ඇන්ජලිස් , ඇමරිකාවේ සිටිනා නිසා වන්නට ඇති එම රටට ආවඩන්නේ , එය හොඳ ගති ගුණයක් , එහෙත් ලෝකයේ සිදුවන සිදුවිලි මධ්‍යස්ථ ලෙස තේරුම් ගතහොත් ඔය ආවැඩීම නැතිවන බව දනිමි , ඇමරිකාව නොහිටින්න අද ලෝකය මිට වඩා සමාකමිය ,3 වන ලෝකයේ රටවල් අතර යුධ ගිනි අවුලවමින් තම කාර්ය කර ගෙනීම ඇමරිකාවේ සහ බටහිර රටවල සිරිතය , රුසියාව ගැන චීනය ගැන අවතක්සේරු කර ගෙනීම නරකයි , 3 වන ලෝක යුද්ධය මතකනේ , කොහොමද අන්තිම 10 දවස කියා (අ)
නුවන්, ඇමරිකාවත් එහෙම තමයි. (නි)
ඇමරිකාව කරන්නේ කපන්න බැරි අත සිඹිනවා වගේ වැඩක්. පුටින් මහත්තයෝ, නයෙක් ඔඩොක්කුවට දාගන්නද හදන්නේ? (නි)
කාලෝචිත තීරණයකි (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
මේ දෙගොල්ලෝ එකතු වෙලා තමා මේක නැති කරන්න ඕනි.රුසියාව මෙච්චර නම්‍යශීලි වෙනවනන්, අමෙරිකාවත් තමන්ගේ ලොකුකම පැත්තකින් තියලා මේ ගැන හිතල බැලුවොත් හොදා.මෙයාල දෙපැත්තට බෙදිලා ඉන්න එක අයිඑස් කට්ටියට වාසි (බ)
ගාමිණී ලෝක ඉතිහාසය දන්නෑ වගේ.. ලෝකය නාසි හා කොමියුනිස්ට් ඒකාධිපති ක්‍රම දෙකෙන්ම ගැලවුනේ ඇමරිකාවට පින් සිද්ධවෙන්න... ඇමරිකාව නොහිටින්න අද යුරෝපයේ හා ආසියාවේ භාගයක් සෝවියට් රුසියාවෙ වහල්ලු (බ)
අන්න හරි තීරණය අරගෙන තියෙන්නේ දැන්.(හේ)
මේක තමයි හරි දේ.(හේ)
නාමල් කොමියුනිස්ට් ක්‍රමය වගේ මානුෂවාදී ක්‍රමයකට අවශ්‍ය යටිතලය තාම ලෝකයේ සැකසිලා නැහැ.එවැනි ක්‍රමයක් සදහා මුලින් මනුස්සයින්ගේ වීඥානය පරිණාමය වියයුතුයි. එනිසා දැනට ගැලපෙන්නේ වඩා ප්‍රාථමික වූ ධනවාදී ක්‍රමයයි. හරියට වනචාරින්ට ප්රජාතන්ත්රවාදය ගැලපෙන්නේ නැහැ වගේ. (බ)
අපේ සමහරුන්ටත් ඇමරිකාව තමයි ලොකු. අමතක කරන්න එපා, ලංකාවට විරුද්ධව ඇමරිකාව ගෙනා ගොඩක් චෝදනා වලට චීනයයි රුසියාවයි තමා විරුද්ධවෙලා අපේ සහයෝගයට හිටියේ. නැත්තම් අද ලංකාවත් සිරියාව ඉරාකය වගේ වෙලා. (නි)