සිරියාවේ සංක්‍රමණික දරුවකු වූ අයිලාන් නම් දරුවකුගේ මළ සිරුර තුර්කි වෙරලේ තිබී සොයාගැනීමත් සමග ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සිරියාවේ යුද්ධය හේතුවෙන් පළා එන සංක්‍රමණිකයන්ට කැනඩාව වැනි රටවල් ඉඩ සැලසීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙවැනි මරණ සිදුවූ බවත් මෙම අයිලාන් දරුවාගේ පවුලම මුහුදු යාත්රවකින් වෙනත් රටකට යාමට උත්සාහ කිරීමේදී ජල රකුසාට ගොදුරුවී ඇතැයි කියති. බේරී ඇත්තේ අයිලාන්ගේ පියා වන අබ්දුල්ලා පමණක් වන අතර බෝට්ටුවේ සිටි 15ක් පමණ මරණයට පත්ව ඇතැයිද අයිලාන්ගේ සිරුර පසුගිය සතියේ තුර්කි වෙරළට ගොඩගසා තිබූ අයුරුද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
එහිදී අයිලාන් මුණින් අතට වැටී මැරී සිටින ආකාරය ලොව පුරා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර විවිධ රටවල සංක්‍රමණිකයන් සම්බන්ධ නීති රීති පවා වෙනස් කිරීමට මෙම ඡායාරූප සමත්වූ බව කියති. මෑත ඉතිහාසයේ ලොව වැඩිම පිරිසක් නැරඹූ මෙන්ම ලොව පුරා වැඩියෙන්ම සංසරණය වූ ඡායාරූපය ලෙස අයිලාන් දරුවාගේ ඡායාරූපය ඉතිහාසයට එක්වන බවත් වාර්තාවේ.
ඒ අනුව හංගේරියාවේ රැඳී සිටින සිරියා ජාතිකයන් ඇතුළු මැදපෙරදිග හා උතුරු අප්‍රිකා සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රියාව දේශ සීමා විවෘත කිරීමද සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ තිබෙන පාප නොදන්නා මේ අහිංසක දරුවා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ තුරුලේ සිටිනු ඇත! (නි)
ආසියාවේ අප්‍රිකාවේ මැදපෙරදිග හා ලතින් ඇමරිකාවේ කරනලද දුෂ්ට ක්‍රියා කෙළවරක් නැත (නි)
රත්තරන් පුතේ,මේ ලෝකයේ ඉන්න සමහර අය මැරෙන බව දන්නෙ නැහැ.අපේ මේ කුණු ශරීරය මේ මහ පොළවට දිරලා යන බව දන්නේ නැහැ.මේ ලෝකයට ඉපදෙන හැම අයටම ජීවත්වීමේ අයිතිය තිබෙන බව දන්නෙ නැහැ.ඒකයි අවි අතටගෙන අරගල කරමින් පුතාලා වගේ චූටි ළමයින්ගේ සිට ලොකු අය දක්වා ඝාතනය කරන්න සමහර අය පෙළඹෙන්නේ. ඒකනිසා මිනිසුනේ,ඔබට දැනෙන වේදනාව,දුක,කණගාටුව, ජීවත්වීමට තිබෙන ආසාව..සතුටින් සිටීමට ඇති ආශාව, දෙමවුපියන් සමඟ එකට ජීවත්වීමට ඇති කැමැත්ත,මරණයට ඇති අකමැත්ත අන් අයටත් ඇති බව සිතන්න (නි)
මේක දැක්කහම අපේ රටේ කාටවත් අර කැබිතිගොල්ලෑවේ බස් බෝම්බෙන් දරුවා නැතිවුණ තාත්තා තමන්ගේ දරුවාව උස්සගෙන අඬපු හැටි එහෙම මතක්වුණේ නැද්ද? (නි)
මේවා බලලාවත් ඒ දරුණු හිත් උණුවෙනවා නම්.... (නි)
මොනතරම් සංවේදී දර්ශනයක්ද? (නි)
මේ දරුවා මගේ හද කැළඹුවා (නි)
මේ දරුවාගේ මරණය සඳහා ඔබ හා මම දුක්වූවත් මේ ප්රශ්නය ඇතිකළවුන් දුක්නොවන බව අපි දනිමු. ඉදිරියටවත් බුද්ධියෙන් කටයුතු කළොත් හොඳයි (නි)
මගේ රත්තරන් පැටියෝ, මෙවර ඔයා මිනිස් ලොව උපන්නේ වැරදි තැනක මගෙ පුතේ. මේ ලෝකෙ සිරියාවන්ත නැහැ පුතේ. කියන තරම් ලස්සන නැහැ පුතේ. අපි කවුරුත් ඒ මායාවට රැවටුණා තමයි. නමුත් මගෙ සිඟිති පුතා ජීවිතයෙන් වන්දි ගෙවලා මේ ලෝකය ඒ මායාවෙන් නිදහස් කෙරෙව්වා (නි)
මේ ගිනි අවුලුවන සෑම කෙනෙකුටම මින් ටිකක් අයිති බව දැනගන්න. (නි)
බොරුවට අඬන මිනිසුනේ ලංකාවේ ඕවා වෙන කොට කොහෙද හිට්යේ (අ)
පවු දෙවියනේ අහිංසක දරු පැටියා! (නි)
දැන් යුරෝපය සරණාගතයන්ගේන්ගේ පාරාදීසයක් වෙලා හැමෝම එන්න උත්සහ කරන්නේ යුරෝපෙට කෙසේ නමුත් මේ දරුවට නිවන් සුව ලැබේවා මතු අතම භවයකදී බෞද්දයකු වී ඉපදීමට පින් ලැබේවා (අ)
හදවත පිච්චෙනවා.(අ)
අය මේ අය ළඟ තිබෙන රටවලට නොයා ඇයි යුරෝපයේ රටවලටම යන්න දඟලන්නේ? (නි)
මේ අනතුර නොවුනා නම් කවුරුත් දන්නෙම නැතුව මේ කට්ටිය හෙමිහිට යුරොපෙට සෙට් වෙනව. ඇයි මෙගොල්ලො ගල්ෆ් රටවල් වලට එන්නෙ නැත්තෙ. මෙතන තියෙන්නෙ වෙන සැලැස්මක් (අ)
එකම ආගමේ ජාති දෙකකට එකට ඉන්න බැරි නම් අන්‍යගමිකයන් සමග මේගොල්ලෝ කොහොම ඉදීවිද?(අ)
එකම ආගමේ සුනී,ෂියා කියා දෙකොට්ටාශයකට බෙදී මොන තරම් නම් එකිනෙකා මරා ගන්නවාද? ඉරාකයේ සෑම දිනකම මෙවැනි සිදුවීම් මොනතරම් නම් අපට අහන්නට දකින්නට ලැබෙනවාද?මොවුන්ගේ මෙම බල අරගලයේ ප්‍රතිපලය මෙවන් අහිංසකයන් තම ජීවිතයෙන් ඉතාමත් සාහසික ලෙස සමු ගැනීම පමණි. (බ)
අයිලාන් පුතණුවනි මෙය ඔබගේ අන්තිම ආත්මය වේවා. මේ කෲර ලේ පිපාසිත සතුන් වැනි මිනිසුන් වාසය කරන ලෝකයේ ඔබ නැවත නොඉපදෙවා. තව්තිසා දෙව්ලොව දිව්‍ය පුත්‍රයකු වී ඉපදේවා. (අ)
පෙර කළ පව්. මේ ආකාරට පළදීමට හැකියි (අ)
සතිෂ් මල්ලි, කැබිතිගොල්ලෑවේ සිද්ධවුණ දේ මම දැක්කා. මම එතකොට හිටියේ වවුනියාවේ. ජීවිතේ කවදාවත් ඒක අමතක කරන්න බැහැ. ඒ ගැන මම අදත් දුක්වෙනවා (නි)
සෞදි අරාබිය, කුවේට්, ඕමානය, ඉරානය මොකද කරන්නේ? (නි)
ඇයි දෙවියනේ, මේවාට විසඳුමක් දෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)
කැබිතිගොල්ලෑවේදී (කැබිතිගොල්ලෑව විතරක් නෙමෙයි, ගෝමරන්කඩවල, මහදිවුල්වැව, පල්ලියගොඩැල්ල ......) එල්ටීටීඊ එක අපේ සිංහල පොඩි දරුවන් අමු අමුවේ මරද්දී ලෝකයේ කාගෙවත් හිත උණුවුණේ නැහැ. අනේ අපිට ගිය කලක්. කොහොම වුණත් මේ දරුවට නිවන් සුව! (නි)
මේ විපතේ අපි හැමදෙනාටම පාඩමක් ඉගෙනගන්න තියනවා.තමන් නැසීගියත් තමන්ගේම සහෝදර ජනතාවට යහපතක් කරලා තමා මැරිලා ගියේ. මනුස්සයෙක් ජීවත්වෙලා ඉඳිද්දීත් අනුන්ට යම් කිසිදෙයක් කළා නම් එක ලබන ආත්මයටත් පළදෙනවාට සැකයක් නැහැ.අද ඒ ළමයා වෙනුවෙන් ඒ රටේ මිනිස්සු ලක්ෂ සංඛ්‍යාවකට යුරෝපය දොරටු විවෘත කරමින් පවතිනවා.ඒ අයගේ සිනහවෙන් ඒ දරුවා ජීවත්වේවි. පුංචි පුතේ, ඔබට ස්වර්ගය ලැබේවා. (නි)
මගේ පුතාට නිවන් සුව අත් වේවා (අ)
පුතාට නිවන්සුව අත්වේවා! (නි)
යුරෝපය බැරි නම් ලෝකෙම අල්ලගත්තත් මොකද බුදුදහම අනුව සැමදේම අනිත්‍යයි . (අ)
තනුකි -ග්ර්මනි , පටු විදිහට මේ දෙස දිහා බලන්න එපා . ඔක්කොම මින්නිස්සු . මේ කට්ටිය යුරෝපයට ගැනීම හෝ නොගැනීම ඒ රජයේ කාර්යභාරයක් (ම) .
මේ පුංචි කිරිකැටියාගේ පින්තුරය දකින,දකින වාරයක් පාසා හිතට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කරන්න බැහැ.මගේ පුතුගේ වයස දරුවෙක් (අ)
මේ දරුවා දකින දකින වාරයක් වාරයක් පාසා මම පුදුම විදිහට විඳවනවා (නි)
පුතේ, මනුෂ්‍ය ජීවිතයේ අගය දන්නා මිනිසුන් ජීවත්වන යහපත් බෞද්ධ රටක ඉපදින්නට ඔබට වාසනාව ලැබේවා! (නි)
මේක නම් හරිම අනුවේදනීයයි (නි)
දරුවා දකින වාරයක් පාසා මම මැරි මැරී ඉපදෙනවා (නි)
අනේ මෙහෙම විපත් කාටවත් වෙන්නෙපා ! (අ)
අපි කව්රුත් මනුස්සයන් හිතල කතාකරන්න. තමන්ගේම දරුවටත් මෙහෙමදෙයක් සිද්දවෙන්නත් ඉඩ තියනවා. මේ වගේ අවස්ථාවක මොන ජාතියක් හෝ වේවා අපේ ඇස්වලට කඳුලක්වත් ආවේ නැත්නම් මනුස්සයෙක් වෙලා ඉපදිලාත් වැඩක් නෑ.(අ)
අනේ දෙවියනේ! (අ)
සමහරු ඕනෑවටත් වඩා සංවේදී වෙලා වාගෙයි.අනේ මන්දා.....? (ම)
හිතන්න බොහෝ දේ ඇත (නි)
මම හිතන්නේ නයෝමි සිල්විගේ කවුරු හරි වෙන්න ඇති (බ)
ඉන්දික,ඔය තමා නොදන්නා දේවල් කියන්නේ (නි)
දර්ශ,ලංකාවේ 60% සිටින්නේ අනුවණ මිනිස්සු (නි)
මේ මිනිස්සු එන්නේ ආරක්ෂාව පතා. පස්සේ ටික කාලයක් ගිහින් වෙනම නීති. ඒක තමා ඇත්ත! (නි)
කොහොමහරි යුරෝපයටම යවලා ජන අනුපාතය වෙනස් කරලා යුරෝපය අල්ලන්න තමයි කාගේත් කල්පනාව. ඒකට මේ අහිංසක මිනිසුන්ව පාවිච්චි කරනවා. ලංකාවේ කැබිතිගොල්ලෑවේ කොටි ත්රස්තයන් සිංහල අතදරුවෝ බෝම්බ ගහලා මරද්දී ලෝකයට ගානක්වත් නැහැ (නි)
සිල්වි නොදන්නා දේවල් කතානොකර ඉන්නවද? (නි)
මේ පොඩි පැටියට පව් . නමුත් ප්රශ්නය මේ මිනිස්සු ඇත්ත සරණාගතයෝද කියන එක . මේ මිනිස්සු මෙයාලට ජිවිත ආරක්ෂාව පතා ළගම තියන රටට යන්නේ නැතුව ඔක්කොම හදන්නේ යුරෝපෙට යන්න (බ)
මතු ආත්මයකවත් මෙසේ නොවේවි බෞද්ධයෙක් ලෙස ප්‍රර්ථනා කරමි. නිවන්සුව ලැබේවා.(ම)
ආගමික පොතක් නිසානේ මේ ප්‍රශ්න ඔක්කොම!! (ම)
පුංචි පුතේ, උඹට මහා සාගරයක් එක්ක පොර බදන්න ශක්තියක් නොතිබුණා වෙන්න ඇති. ඒත් මේ පාපකාරී ලෝකයන් මිදිලා උඹ කොහේ හරි හොඳ තැනක ආයෙත් ඉපදියන් මගේ පුතේ! උඹ එක්කළේ අපේ ඇසට කඳුලක් විතරක් නෙමෙයි. මුළු ආත්මයටම කඩාවැටීමක් (නි)
දැක්ක ගමන් මගේ ඇස්වලට කඳුළු ආවා. මට මගේ පුතා මතක්වුණා. මගේ පුතත් මේ වගේ අවුරුදු 2 1/2 වෙන්නේ.පැටියට නිවන් සුව අත්වේවා! (නි)
අයියෝ පහන් ඔයා ඒකවත් දන්නේ නැද්ද? (නි)
ඇයි අරාබි තෙල් රටවල් සරණාගත පහසුකම් සපයන්නේ නැත්තේ ?ස්වභාවික විපත් වලදිවත් ඔවුන් අනිත් රටවල් වලට උදව් කරන්නේ නැහැ . (බ)
ඇමෙරිකාව ඉරාකයට, ඇෆ්ගනිස්තානයට, ලිබියාවට වගේ සිරියාවටත් සහනය ළඟාකර දෙනතුරු ඉවසාගෙන ඉඳිමු. (නි)
වගකිවයුත්තේ ඇමෙරිකාව කියායි මම නම් කියන්නේ (නි)
මේ බටහිර ලෝකයේ මහන්තත්ව කමේ ප්‍රතිපල. (බ)
මේ පුංචි කිරිකැටියාගේ පින්තුරය දකින,දකින වාරයක් පාසා හිතට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කරන්න බැහැ. අනේ!..මනුස්ස ජීවිතයකට ගිය කල!..මායන්වරු ලෝක විනාශය ගැන කීවේ මෙවැනි දේවල් ලෝකයේ සිද්ද වෙන බව දැනගෙනදෝ..? (බ)
පපුව පිච්චිලා ගියා (නි)
සමහර මිනිස්සු දන්නා දෙයක් නැතුව බටහිරට බනිනවා. මේ සිරියාව, ඉරාකය, ලිබියාව වගේ රටවල් ඔක්කොම කෲර ඒකාධිපතියන් පාලනය කළ රටවල්. බටහිර පන්නයේ ප්රජාතන්ත්රවාදය ඒ අයට හුරු නැහැ. බලන්නෙම වෙනත් අය මරන්නයි (නි)
දින ගණනක් මේක කියවල ඇතිවෙන්න ඇඩුවා. මොනවත්ම ලීවේ නැහැ . ලියාගන්න බැහැ දුක වැඩී මගේ දරුවත් මේ වයසෙමයි වගේ මාස 27 යි. දුක කියා ගන්න බැහැ මගේ දරු පටියට ඇති ආදරෙයි මේ මළකද දැකල අඩපු කදුළුයි අතරේ මා කිසි වෙනසක් දැක්කේ නැහැ, මෙය ලියද්දිත් මගේ ඇස් දෙක ගගක් වගේ ගලනවා ඒ අසරණ දරුවාගේ මලකද අපිට කියා පාන්නේ. හදවත් නැති බලවත් යැයි කියාගන්නා රටවල් බෙදුම් වාදෙන් මිනිස් ජීවිතේ වටිනාකම මෙසේ තක්සේරු කර ඇති වගයි...? ඔබට නිවන් සුව ලැබේවා ....!!!!! (අ)
ලොව බල අරගලයේ අහිංසක ගොදුරක් (නි)
ප්‍රියන්ත,කමල් ඔය දෙන්න හරියටම කියල තියෙනවා! (අ)
මුළු ලොවේම හදවත් කම්පා කළ සිද්ධිය. අයිලාන් කුර්දිෂ් පුතණුවනි, නුඹේ මරණය ලොව බොහෝ දෙනෙකුගේ ගල්වූ හදවත් විවර කර මෙලෙක් කලා. මම නුඹට නිවන් සුව පතමි. (ම)
බටහිරට පෙරදිගට බනින අය වහාම මෙයට හේතු කාරණා වන ඉතිහාස ගත වන කතාව අවබෝධ කරගන්නේ නම් මැනවි.ආගමික මූලධර්ම වාදය නම් මෙයම වේ .දර්ශනයක් හරයක් නැති ලොව ප්‍රධාන ආගම් දෙකක් අතර සිදුවන මෙයට විරුද්ධව කිසිදු ප්‍රදාන බටහිර හෝ පෙරදිග රටකට අදහස් ප්‍රකාශ කළ නොහැක්කේ ඔවුන් විසින් මෙය අනුමත කරන නිසාවෙනි.මෙය වසර 1400 කට පමණ පෙර සිට ඇතිවන ආගමික ඝට්ටනයක් පමණක් වන අතර ඒ සදහා මානුසික ගුණධර්ම කිසිසේත් අදාළ නොවේ .එකිනෙකට ඉතාම කිට්ටු සම්බන්ධයන් සහිත පොත් දෙකක් නිසා අපරාද ලොව වඩ වඩාත් පැතිරේ . (ම)
සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් ඉතාම අන්තවාදී අයුරින් එනම් අන්තවාදී ආගමික කෝණයෙන් බැලීම නිසා මෙම ප්රශ්නය ඉතාම උග්‍ර වී ඇත .එයට හේතුව ඔව්න් අදහන ආගමට අනුව එම ආගම නොඅදහන්නන් (කෆ්හිර්) කිසිම අයුරකින් එම රටවල් වලට සරණාගත ලෙස බාර ගනු නොලැබේ.සියලුම සිරියන් කතෝලිකයන් සෞදි වහබි දර්ශනය වැළද ගන්නේ නම් ඔව්න් විසින් කිසිදු පුර්ව කොන්දේසියක් නොමැතිව ඔව්න් එමරටවලට බාරගන්නවා ඇති.මෙමගින් බහුතර බෞද්ධ ජනතාව සර්ව ආගම යන්න මුලවක්ම බව අවබෝධ කරගන්නේ නම් මැනවි (බ)
සර්ව බලධාරී දෙවියන් ගේ කැමැත්තට පිටින් අපට යන්ට බැ. ඔබ දෙවු තුරුලේ සැතපේවා. (බ)
හදවත පිච්චිලා යනවා මේ දසුන දකිද්දී (නි)
ජාතිවාදී ආගම් වාදී උන්මාදීන්ගේ අනිටු ක්‍රියාවල ප්රතිවිපාකයක් !(ම)
හමීඩ් හසන්,ඔය අන්තවාදී දේවල් හිතින් ඉවත් කරගන්න. (නි)
හරිම කණගාටුදායක දසුනක්. මේක පිටුපස අන්තවාදයේ රුධිරය ගෑවිලා තිබෙනවා (නි)
මගේ පුතේ, ඔයාට නිවන් සුව අත්වේවා! (නි)
ඇත්තටම හරිම දුකයි.ගැටුම් සහ යුද්ධය නිසයි මේ දරුවාට, ඔහුගේ මවට සහ සොහොයුරාටද මේ ඉරණමම අත්වුණේ. මේ තුළින්වත් නිෂ්ඵල ගැටුම් සහ යුද්ධ කරන පාර්ශවයන්ගේ හිත් උණුවී සාමය කරා යොමු වේවා..! (නි)
කාන්තාරෙට පමණක් ගැලපෙන ආගමක් අනිත් රටවල් වලට ව්‍යාප්ත වෙන්න දරන වෙහෙසක් (බ)
හමීඩ් හසන්,ඔයගොල්ලෝ නිසා තමා මේ ඔක්කොම ප්‍රශ්න! (බ)
මේ කිරි සප්පයා දකින වාරයක් පාසා පපුව පාච්චිලා යනවා,මෙයාලාගේ ක්‍රියා කලාප නිසා මේ වගේ අසරණයින්ට ජිවත් වීමේ අයිතිය නැතිවෙලා නේද?.මෙවන් ජිවිත අහිමි කර මොනවා ලබාගන්නද? (ම)
කැනඩාවට පමණක් දොස් පවරන්නේ ඇයිදැයි නොතේරේ.ජර්මන් චාන්සේල්වරිය නම් පවසන්නේ යුරෝපා හවුලේ සියලු රටවල් මෙම සරණාගතයන් සම සමව හෝ හැකිතරම් ප්‍රමාණයක් බාරගෙන රැකවරණය දිය යුතුබවයි.මොවුන් ඉතාමත් කෙටි කාලයකදී විශාල වශයෙන් ව්‍යාප්තවීම නොවැළක්විය හැකියි.ඉහතින් දැක්වෙන පොඩිත්තා අන්තවාදීන්ගේ ගොදුරකි.යුද්ධයේ මුවාවෙන් සරණාගතයන් යුරෝපයටමට එන්න කිසියම් යටි අරමුණක් සඳහා විය නොහැකිද?යුද්ධයක් නැති අනෙකුත් ධනවත් අරාබි රටවල් මුනිවත රකින්නේ මන්ද?දුරදිග නොබලා කටයුතු කර "පාරේ යන නයි ගේ ඇතුළේ දාගත්තා"යැයි කීම විහිලුවට කාරණයකි.සරණාගතයනට පිහිටක් නොවීම මෙයින් අදහස් නොකරමි.ඔවුන් නැවතත් තමන්ගේ ගම්බිම් බලා යනතෙක් පිහිටවීම සැමගේ යුතුකමකි. (නි)