ඇමරිකාවේ නව ජනපතිවරයා ලෙස පත්වීමට සිටින ඩොනල්ඞ් ට්‍රම්ප් පවසන අයුරින්, ඇමරිකාව - මෙක්සිකෝව දෙරට අතර දේශසීමාව ඔස්සේ දිවෙන තාප්පයක් බැඳීම සඳහා සතයක්වත් වැය කිරීමේ අවශ්‍යතාවක් තම රටට නොමැති බව මෙක්සිකෝ ජනපති එන්රික් පෙනා නියෙටෝ පසුගියදා මෙක්සිකෝ රාජ්‍ය තාන්ති‍්‍රකයන් පිරිසක් සමග පැවැති හමුවකදී පැවසුවේය.
මෙක්සිකෝවේ ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය අනතුරේ හෙළන එකගතාවන්ට එළැඹිීමට තමාට අවශ්‍යතාවක් නොමැති බවත්, දෙරට අතර දේශසිීමාව ඔස්සේ සිදුවන ගිනි අවි ජාවාරම හා වෙනත් දේශයන්හි සිට මෙක්සිකෝවට පැමිණ එහි සිට අනවසරයෙන් ඇමරිකාවට පිවිසෙන සංක්‍රමණිකයන් නිසා ඇතිව තිබෙන ගැටලූ ආදිය සම්බන්ධයෙන් පමණක් ඇමරිකාව හා එකගතාවයන් ඇතිකරගැනීමට තමා බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.
නියෙටෝගේ අදහස් දැක්වීමට අනුව එළැඹෙන වසර කිහිපයේ මෙක්සිකෝවේ අරමුණ වන්නේ ආර්ථිකමය වශයෙන් යුරෝපය හා වඩාත් සමිීප වීමය.
මෙක්සිකෝවේ සිට ඇමරිකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් මර්දනය කිරීමට ඇමරිකා - මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ තාප්පයක් බැඳිය යුතු බවත්, එහි වියදම් මෙක්සිකෝව දරනු ඇති බවත්, ඇමරිකා ජනපති පුටුව බලාපොරොත්තුවෙන් සිටින ඩොනල්ඞ් ට්‍රම්ප් ඉතාම මෑතකදී නැවත පවසා සිටියේය.
මෙක්සිකෝවේ ආයෝජනය නොකරන්නැයි මෝටර් රථ නිශ්පාදකයන්ට අනතුරු අගවමින් ඩොනල්ට් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් හමුවේ ෆොර්ඞ් හා ප්‍රකට මෝටර් රථ කිහිපයක්ම මෙක්සිකෝවේ නව කර්මාන්තශාලා ආරම්භ කිරීමට තිබූ සැළසුම් හකුළාගෙන ඇති බවද දැනගන්නට ඇත.
මෙක්සිකෝවේ සිට ඇමරිකාවට අපනයනය කෙරෙන භාණ්ඩ වලට බදු පැනවීමට තමා කටයුතු කරන බවට ට්‍රම්ප් කළ නිවේදනයක් හමුවේ මෙක්සිකෝ කොටස් වෙළදපල මින් කිසිදා නොවිරූ අයුරින් කඩාවැටුනේ පසුගිය සතියේය.
කෙසේනමුත් ඇමරිකා රාජ්‍ය ලේකම් ලෙස පත්කිරීමට නම් කර සිටින රෙක්ස් ටිලර්සන් පසු අවස්ථාවක අදහස් දක්වමින් කියා සිටියේ එක යෙදුමකින් සමස්ථ ජාතියක්ම හැදින්වීමේ වුවමනාවක් ඇමරිකාවට නොමැති බවයි.මෙක්සිකෝව අතීතයේ සිටිම ඇමරිකාවේ අසල්වාසියා වූ බවත්, දෙරටටම ඇත්තේ පොදු අවශ්‍යතා බවත්, දෙරටටම ඇත්තේ පොදු ගැටලූ බවත්, ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක්සිකෝවෙන් හොරෙන් එන අය මෙහෙට හරිම වදයක් වෙලා තියෙන්නේ (නි)
ඒ රටවල නායකයෝ වැඩක් නැති දේවල් වලට සල්ලි වියදම් කරන්නෙ නැහැ (නි)
අද මේ සංක්‍රමණික ප්රශ්නය මුළු ලෝකය පුරාම තියෙනවා. එ්කට ප්‍රධාන හේතුව ලෝකයේ දිනෙන් දිනම වැඩිවන ඇති නැති පරතරය (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙක්සිකන් රජය කෙලිම්ම මුදල් නුදුන්නට , එය වෙනත් ක්‍රම වලින් ගන්න බවය , ඇමරිකාවේ සිටින සියලුම මෙක්සිකානුවන් ඇමරිකාවේ සිට මෙක්සිකෝවලට වලට මුදල් ට්‍රාන්සර් කරන විට ,එයට බද්දක් ඇති කරාම එයම ඇති තාප්පය බැන්දීමට. (අ)
කොහොමද ටිකිරි මොළේ, ට්‍රම්ප්ගේ නොවෙයි අපේ කට්ටියගේ. (නි)
සනත් ගුණවර්ධන ඔයා ස්විස් නෙමේ ඉන්න තිබ්බේ ලංකාවේ, මාර මොලයක්,,ලංකාවෙත් මෙයා කියන විදියට අපේ ගෑනු ටික මැද පෙරදිග ඉඳල එවන සල්ලි වලට බදු ගැහුව නම් ලංකාවේ සුපිරි ජිවිතයක් ගෙවන දියවන්නේ සුපිරි නඩය නඩත්තු කරන්න තිබ්බා. (අ)
අශිකාගේ කතාව ඇත්ත. අපේ ලංකාවේ මැති ඇමතිවරුන්ට සුපිරි ජිවිත ගතකරන්න විදේශ මුදල් මැදපෙරදිග රටවලින් එන්නේ. (නි)
මෙක්සිකෝවේ අය ගැන නොව ඇතුළේ ඉන්න වීසා නැති අපේ අයට ට්‍රම්ප්ගේ සංක්‍රමිකයන් පිළිබඳ ප්‍රතිපත්ති නිසා වෙන ගැටළු පිළිබඳව කතා කරන්න මිතුරනේ. (නි)
නලින්, ඇමෙරිකාවේ වීසා නැති මිලියන 20 අතරේ මෙක්සිකෝ වල අය පමණක් නොව ශ්‍රී ලංකාවේ සිට විත් ඉන්න දහස් ගණනකුත් ඉන්න බව අමතක කරන්න එපා. ලස්සන වැඩේ කියන්නේ ලංකාවේ සිට හොරෙන් වීසා නැතුව ඉදලා ඊටපස්සේ බොහොම අමාරුවෙන් ග්‍රීන් කාර්ඩ් හදාගත් අය ඊටපස්සේ හැසිරෙන්නේ අර පළමුවෙන්ම බටහිර සිට පැමිණි ක්‍රිස්ටෝපර් කොලම්බස් සමඟ ඇමෙරිකාවට පය තිබ්බ පිරිස අතර සාමාජිකයෝ වගේ! (නි)
අජිත්, ඔබගේ කතාව 100%ක් අනුමත කරමි. අපේ ලංකාවේ අයත් ආර්ථික සංක්‍රමණිකයන් වෙලා ඇමරිකාවේ. මා හට මුණගැසුනු අපේ ලාංකිකයන් මෙහි සිටිනා බොරුම කියනා ලොකු සංදර්ශන පවත්වන කොටසක් (නි)