එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනපති සහ ඩුබායි හි අග්‍රාමාත්‍ය ෂේක් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්තුම්ගේ සහ ඔහුගේ පැරණි බිරිඳ වන ෂේක් හින්ඩ් බින් මක්තුම් බින් ජුමා අල මක්තුම් යුවළගේ වැඩිමහල් පුත්‍රයකු වන අශ්ව රේස් හිමිකරුවකුද මානව හිතවාදී සමාජ සේවකයකු ද වන ෂේක් රෂිඩ් බින් මොහොමඩ් අල් මක්තුම්ගේ හදිසි වියෝවත් සමඟ දින 3 ක ශෝක කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පුරා ප්‍රකාශයට පත් කර ඇති බව අබුඩාබියේ සිට විකාශය කරන විදෙස් ගුවන් විදුලි සේවයන් අද (21) ප්‍රකාශ කළේය.
ෂේක් බින් රෂිඩ් (33) හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව අරාබි පුවත් පත්නිවේදනය කළේය. ෂේක් රෂිඩ් බින් මොහොමඩ් දේහය සෙනසුරාදා සන්ධ්‍යා භාගයේ දී ඩුබායි අල් හුරයෙර් සුසාන භුමියෙදී මිහිදන් කැරිණි.

![dubayi[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/dubayi1.jpg)
![dubayi2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/dubayi21.jpg)
![dubayi3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/dubayi31.jpg)
![dubayi5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/dubayi51.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය අපි හැමදෙනාටම නියතයි ,කොච්චර සල්ලි තිබ්බත් මරණය වළක්වගන්න බැහැ.(ම)
රජ කුමරනෙනි..ඔබට නිවන් සුව ...(අ)
නිවන් සුව ලැබේවා (අ)
ඔබගේ ආත්මයට සැනසීම පතමි! (නි)
අපි මොනා කීවත් එයා හොද කරලා ඇත්තනම් එයාට සැනසීම ලැබේවි (බ)
මෙම කුමරු කලකට ඉහතදී මිනි මැරිමකට සම්බන්ධ දෙයක් වුනා . පසුව ඔහුගේ ඔටුනු හිමි කම නැති කරලා මොහුගේ මල්ලිට එම තනතුර දුන්නා , සල්ලි සහ රජ පවුල් වල කුමරුන් නිසා මරණය නියත බව දැන සිටින්න නැතුව ඇති (බ)
අපිටත් හරිම කණගාටුයි (නි)