මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දුන් විධායක නියෝගයට විරෝධය පළ කරමින් දස දහස් ගණනක් දෙනා වීදි බැස ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
නිව්යෝක්, වොෂින්ටන්, බොස්ටන් ඇතුළු ඇමෙරිකාවේ ප්‍රධාන නගරවල ද උද්ඝෝෂණ පැවැත්වෙන අතර උද්ඝෝෂකයන් ගුවන් තොටුපොළවලට, රේගුවට සහ දේශ සීමා ආරක්ෂක අංශ සිටින ස්ථානවලට කඩා වැදුණු බව ද වාර්තා විය. උද්ඝෝෂණ ක්‍රමයෙන් වර්ධනය වන බව ද එම වාර්තාවල දැක්විණි.
සිරියානු සරණාගතයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් සහ සිරියාව ඇතුළුව ඉරාකය, ඉරානය සහ තවත් රටවල් හතරකට ජාතික ආරක්ෂාව පදනම් කරගෙන ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පසුගියදා විධායක නියෝගයක් දුන්නේය.
එම විධායක නියෝගයත් සමඟ ඇමෙරිකා ගුවන් තොටුපොළවල් වෙත පැමිණි දහස් ගණනක් මුස්ලිම් ජාතික වැසියන් රඳවාගැනීමටත් රටින් පිට කිරීමටත් බලධාරීන් කටයුතු කර තිබිණි.
ට්‍රම්ප් මහතාගේ නියෝගය ඇමෙරිකාවට ආවේණික නොවූවක් බවත් එය රටේ මූලික අගනාකම්වලට විරුද්ධ නියෝගයක් බවත් ඩිමොක්රටික් පක්ෂ සෙනට් සභික චාර්ලස් ෂූමර් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැසීය.
වොෂින්ටන් නුවරට රැස් වූ දහස් ගණනක් දෙනා “වෛරය එපා, බිය එපා, ඇමෙරිකාව සරණාගතයන් පිළිගන්නවා” යන සටන් පාඨ කියන්නට වූහ.
මේ වන විට ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා දිවුරුම් දුන් දිනයත් ඇතුළුව එක දිග සති අන්ත දෙකකදී ඔහුට එරෙහිව විරෝධතා පැවැත්වෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෝනි, මම ඔය කියපු හැම රටකම මිනිස්සු සමඟ ජර්මනියේදී එකට වැඩ කරලා තිබෙනවා. මම මගේ අදහස් ලියලා තිබෙන්නේ අත්දැකීම් ඇසුරෙන්. නමුත් මම පැහැදිලිව කියනවා ලංකාවේ ජිවත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව මනුස්සකම, අවංකභාවය අතින් මේ සඳහන් කළ රටවල සිටින මුස්ලිම්වරුන්ට වඩා ඉතා ඉහළ මට්ටමක සිටින බව පෙනෙනවා (නි)
බෙනට්! ඇමරිකාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මොහු කරන ව්‍යවස්ථා විරෝධී වැඩ නිසා! අනික් රටවල් විරුද්ධ වුණත් නැතත් තම රටේ මුලික නීතිය වන ඇමෙරිකානු ව්‍යවස්ථාවට පටහැනි දේවල් කරන්න කිසිවෙකුටත් ඔවුන් ඉඩ දෙන්නේ නැහැ! එකේ නරක පල විපාකත් තියනවා! ඔබ දන්නවාද ඇමෙරිකානු ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තියෙන් ඕනෑම පුරවැසියෙකුට අවි දැරීමේ අයීතිය තහවුරු කර තියෙනවා! එහි ප්‍රතිපලයක් හැටියට මිලියන 200ක් වන ජනතාව අත මිලියන 600ක ආයුද තියෙනවා! මොන තරම් දරුණු මිනිස් සංහාර වුණත් එම අයීතිය වෙනුවෙන් ඔවුන් ඕනෑම කැප කිරීමක් කරනවා! (බ)
ලංකාවෙත් කඩේ යන අය ඉන්නවා (බ)
බමුණු! මුස්ලිම් රටවල පමණක් නොවේ අපේ රටවලත් මිනිස්සු බෙදිලා තියෙන්නේ ආගම නිසා තමා! ආගම අබිං වගේ කියල මාවෝ කිව්වේ ඒ නිසා තමා! ඒක එම ආගම දේශනා කරපු ශාස්තෘන් වහන්සේලාගේ වරද නොවේ! ඒවා කරපින්නාගෙන අනිත් ආගම්වල අය පහතට දමන අයගේ වරද! (බ)
සිංහල ඇමරිකානුවෝනට තියෙන්නේ සුද්දාටත් නැති අමාරුවක් මේ අය අතීතයේත් හිටියනම් අපි තවමත් යටත් විජිත රටක් (ම)
ඉම්රාන්, මුස්ලිම් රටවල ප්‍රශ්න ඇතිකරලා තියෙන්නේ සහ ඔවුන්ගේ සමගිය නැතිකරලා තියෙන්නේ ඔවුන්ගේම ආගමයි. මම මේ කියන්නේ කට තියෙනවට නොවෙයි, හොඳට දැනගෙන. (නි)
ලෝකයේ වෙනසක ඇරඹුම! යන විදිය හොඳයි (නි)
ට්‍රම්ප්ගේ තීරණය ලංකාවටත් හොඳයි (නි)
මොන දැඟලිලි තිබුනත් ට්‍රම්ප් මහතා ඒවාට මුහුණදෙන්න තරමට ශක්තිමත් (නි)
ඉම්රාන්, ලෝක ඉතිහාසයට ටිකක් එබිලා බලන්න යුරෝපයේ කුරුස යුද්ධය ඇතිවුනේ මොන හේතුවක් නිසාද කියලා. දැන් ඇතිවෙන්නේ ත්‍රස්තවාද. (නි)
සුදේශ්, ඇමරිකාව කාගෙන්ද ඉල්ලන් කන්න හදන්නේ. ලෝකේ මොන මුස්ලිම් රටක්වත් යුරෝපයේ රටක්වත් ට්‍රම්ප්ගේ තීරණයට විරුද්ධවෙලා නැහැනේ. (නි)
සුදේශ්, ට්‍රම්ප්ගේ මේ තීරණයට සෞදි අරාබිය, කටාර්, කුවේට්, ඕමාන්, ඊජිප්තුව ඔය කව්රුත් විරුද්ධ නැත්නම් ලෝකේ අනික් රටවල් විරුද්ධ නැත්නම් ඇමරිකන්කාරයොයි අපේ මොඩයෝයි විරුද්ධ වන්නේ මොන එහෙකටද. අනික ඇමරිකාව ඉරානය සමඟ තරහවන තරමට අපට හොඳයි. (නි)
යකෝ ඇමෙරිකාවේ උන් ඉල්ලන් කන්න මෙච්චර ආසද?? (බ)
විරෝධතා වලට බයේ රටක් පාලනය කරන්න බැහැ (නි)
එහෙ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණ වලට විරුද්ධ වෙද්දී මෙහෙ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තීරණ නොගැනීම පිළිබද විරුද්ධ වෙනවා, ට්‍රම්ප් ජනාධිපති කෙනෙකු ලෙස රටේ ප්‍රථම පුරවැසිය ලෙස තම රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණය ප්‍රසංසනීයයි. (බ)
ත්‍රස්තවාදය කොයි ජාතියේ ආගමේ කෙනෙක් කළත් වැරදියි. එයින් වෙන්නේ සැමගේ යහපත සතුට ආරක්ෂාව නැතිවෙන එකයි. (නි)
බමුණුසිංහ මහතා, ලංකාවේ වැඩියෙන්ම දුෂණ කරන්නේ, මිනිමරන්නේ මුස්ලිම් අයද? එතකොට සිංහල බෞද්ධ රටේ අපි කිරිපැණියෙන් ඉතිරෙන ජීවිතද ගතකරන්නේ? යුද්ධ ඇතිවෙන්නේ ආගම් නිසා නොවෙයි කියලා කියන්න කැමතියි. (නි)
සිල්වා මහත්මයා, මුස්ලිම් රටවල ප්‍රශ්න ඇතිකරලා තියෙන්නේ සහ ඔවුන්ගේ සමගිය නැතිකරලා තියෙන්නේ ලෝකයේ දියුණුයි කියන රටවල්. ඒ එම රටවල්වල පැවැත්ම තියාගන්න. කිසිම ජාතියක් ගහමරාගන්න කැමති නැහැ. හැමෝම මිනිස්සු. දේශපාලන අරමුණු මුදුන්පත් කරගන්න සහ තමන්ගේ වාසිය තකා අනෙක් රටවල්වල ප්‍රශ්න ඇති කිරීම අතීතය පුරා දැකිය හැකියි. (නි)
දැන් ට්‍රම්ප් ඉල්ලා අස්වෙයිද? (නි)
අරාබිකරයේ යුද්ධ ඇතිවීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ආගමයි. ලස්සනම වැඩේ කියන්නේ තමන්ගේ ආගම ජාතිය පමණක් සිටින රටේ මොවුන්ට සාමයෙන් ඉන්න බැහැ. සාමයෙන් ඉන්න අනෙකුත් ආගම් ජාතීන් ඉන්න රටවලට පනිනවා. ඊටපසු තමන්ගේ ආගමේ නීතිරීති එම රටවල පතුරවන්න හදනවා. මේ ඇමරිකන්කාරයින්ට මේවා තේරෙන්නේ නැද්ද. (නි)
තම රටේ කොඩිය තමන්ම පුච්චාගත්ත මේ ඇමරිකන්කාරයින්ගේ දැඟලිල්ල ඒතරම් ගණන් ගන්න එපා ට්‍රම්ප් මහතාණෙනි. (නි)
ඇමරිකාවට බෝම්බ දාපු අයව වැද්දගන්නෙ නැතිවීම රටට හොඳයි. අනික මේ අය කොහේ ගියත් ඒ රටට ඕනෑ විදියට ඉන්නෙ නැහැනේ. ගිහිනුත් ඒ රටවල අයට තමන්ගේ පුරුදු දෙන්න යනවනේ. ඒ නිසා මෙය හොඳ දෙයක්. තමන්ගෙ රට රැකීම නරක දෙයක් නොවේ (නි)
දකුණු ආසියානු රටවල මුස්ලිම් අය වගේ නෙමෙයි, අරාබි මුස්ලිම්වරුන්ගේ වර්ගවාදී අදහස් වැඩියි (නි)
ඒ රටේ අය මෙහෙන් ඉගෙනගත්තාවද්ද? (නි)
සිල්වා, ඔය කියපු හැම රටකම ඉඳලා අවුරුදු ගණන් ඒ ඒ රටවල මිනිස්සු ආශ්‍රය කරලා වගෙයි. (නි)
ලෝකයේ සිටින හින්දු , බුද්ධාගම , යුදෙව් වැනි ආගම් වගේ නොවේ මුස්ලිම් අාගම ප්‍රධාන අාගම වශයෙන් අදහන රටවල් වලින් 90% විතර විශාල අර්බුද , ලංකාවේ ජිවත් වන මුස්ලිම් ජාතිකයන් මෙන් නොව ඉරාකේ , ඇෆ්ගනිස්තානේ , පාකිස්තානේ , සවුදියේ , කුවේට් , යේමන් වැනි රටවල් ජිවත් වන ජනතාව ගෙන් වාදී හරියක් දැඩි ජාති වාදී දරුණු අදහස් දරනවා (බ)
අපේ නායකයෝ එක එක රට වල ඉත්තෝ උනාට ඩොනල්ඩ් ට්‍රම්ප් කාගේවත් ඉත්තෙක් නෙමේ; ඉතාම කාලෝචිත තීරණයක්. කෙලින් වැඩ කරන රට ගැන හිතන නායකයෙක්. ඔය කෑ කෝ ගහන මුස්ලින් කට්ටිය ඒගොල්ලන්ගේ රට වලට අපහු යැව්වම ප්‍රශ්න ගොඩක් විසදෙනවා! ජයෙන් ජය. (ර)
සුද්දෝ ඉල්ලගෙන කන්න යන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට තියෙන්නේ දුරදක්නා ණුවනක්. එතුමා හිතන්නේ තව අවුරුදු 50ක් වත් ඉදිරියට තමන්ගේ රට ගැන. ඔය තහනම් කරපු රටවල කට්ටිය වැඩිවෙන තරමට ලේ තමයි දකින්න වෙන්නේ ඉදිරියට. (ර)