ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවේ මැන්හැටන්හී ඉදිකර තිබෙන ගොඩනැගිලි කිහිපයක ට්‍රම්ප්ගේ නම සහිත පුවරු ඉවත් කීරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රදේශවාසීන් විසින් ගොනු කළ පෙත්සමක් අනුව මේ තීරණය ගෙන ඇත.තවද ප්‍රදේශවාසීහු අන්තර්ජාල පෙත්සමක් ද අත්සන් කළහ.ඒ සඳහා 600ක් පමණ අත්සන් කර තිබිණි.
එම ගොඩනැගිලි වලින් ට්‍රම්ප්ගේ නම ඉවත් කොට ඒවා පිහිටා ඇති මාර්ග වල නම් ගොඩනැගිලි වලට යෙදීමට නියමිත බව වාර්තා වෙයි.
පෙත්සම සංවිධානය කළ පිරිස් පවසන්නේ තමන් ට්‍රම්ප් කාන්තාවන්ට සලකන ආකාරය, ඔහුගේ ජාතීවාදී ක්‍රියාකලාපය හා සංක්‍රමණිකයින් කෙරහි දක්වන ප්‍රතිපත්ති වලින් පීඩාවට පත්ව සිටින බවයි.
(ඡායාරූප-ඒ.එෆ්.පී/ඇසෝසියේටඩ් පුවත්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ගේ නම සහිත පුවරු ගලවා දැමීමෙන් ට්‍රුම්ප් නාමය මහජනයාගේ හිතෙන් ගලවා දැමිය නොහැක.අද ඉපදුන බිළිඳුන් හැර අනිත් හැමෝම දන්නවා, අහවල් අහවල් තැන්වල ට්‍රුම්ප් නම තිබුන බව.(රේ).
ට්රමපච්චි වාගේ ද අපේ අප්පොච්චි (හේ)
ට්‍රම්ප් ගෑනු පිරිමි භේදයක් නැතුව තමන්ට මඩ ගහන හැමෝටම මොනවා හරි රිදෙන්න කියනවා, ඒකෙන් අදහස් කරන්නේ නෑ ට්‍රම්ප් ගෑනුන්ට සලකනවා මදි කියලා. ට්‍රම්ප්ගේ බිස්නස් ගොඩක් දුවවන්නේ එයාගේ දුවමයි.(හේ)
හොදයි කරපු දේ.(හේ)
හොඳ වැඩේ (හේ)
ඉසරදයට කොට්ටය මාරුකිරීමක්! (නි)
ට්‍රම්ප් බලයට පත්වීම ගැන බයවෙලා ඉන්නේ ඒ රටට වෙලා හැංගිලා ඉන්න අපරාධකාරයෝ සහ වංචාකාරයෝ (නි)
කවුරු කොහොම සද්දේ දැම්මත් වැඩි ඡන්දෙන් එතුමා දැන් දිනලා ඉවරයිනේ ... (නි)
අන්න ඒකටත් එක්ක ලංකාවේ? (නි)
ඔන්න එ්කටත් එක්ක අපේ දේශපාලුවෝ! පිටකොටුවේ පොදු වැසිකිළියට විතරයි නමක් දාගත්තේ නැත්තෙ. (නි)
ට්‍රුම්ප් දිනුවේ නෑ. හිලරි තමය් දිනුවේ. ඕව කොම්පුටර් ජිල්මාල්. ලංකාවෙන් කොපි කරලා. (ර)
එකට අපේරටේ බෝක්කුවක් හැදුවත් (බ)