2016 නොවැම්බර් 11 | ප.ව. 04:38
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට ලැබීමට නියමිත ජනපති වැටුප ලබා නොගන්නා බව නිවේදනය කර ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරයකුට ලැබෙන වාර්ෂික වැටුප ඩොලර් ලක්ෂ හතරකි.කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ට්‍රම්ප්ට එම මුදල "කජුඇට කොස්ඇට" තරම් වන බව විචාරකයෝ පවසති.
ෆොර්බ්ස් නිල වාර්තාවට අනුව ට්‍රම්ප්ගේ වත්කම ඩොලර් බිලියන 10 ක් පමණ වෙයි. ඔහු ලෝකයේ ඉන්නා ධන කුවේරයින් අතර 405 වැන්නාය.
සුඛෝපභෝගී ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානාවලින් නිතර ගමන් කරනා ඔහු මැතිවරණය සඳහා පක්ෂ අරමුදල් වෙනුවට වැය කළේ ඔහුගේ පෞද්ගලික මුදල් බවද වාර්තා වෙයි.
මීට පෙර ඇමෙරිකාවේ ධනවත් ජනාධිපතිවරුන් දෙදෙනකු වූ හර්බර්ට් හුවර් සහ ජෝන් කෙනඩි ඔවුන්ගේ සම්පුර්ණ පඩිය පුණ්‍යකටයුතු සඳහා පිරිනැමුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් වලට දක්ෂ බමුණු මහත්තය කතා කරන්නේ කාගේ මුණුපුරෙකු ගැනද කියලයි මම මේ නිකමට කල්පනා කළේ? ඔබතුමා හිතාගෙන ඉන්න විදිහට ඒ ඔබතුමාගේම මුණුපුරන්ම නම් ආයේ කතා දෙකක් නැහැ, අර මම කියපු මන්දිර වල ඉන්න අය කාලා එළියට විසිකරන මස් කටු ටික දැකලා, අපි ඉන්නේ ඇමරිකාවේ තමයි කියලා හිතාගෙන ඉන්න එකම තමයි තව දශක ගණනක් ගියත් ඒ මුණුපුරන්ටත් සිදුවන්නේ. (නි)
ඔහෙ පලයන් කිවුවලු! දැන් ලංකාවේ දේශපාලුවෝත් මේක අාදර්ශයට අරන් හෙට ඉඳලා වැඩ කරන්න පටන්ගනීද දන්නේ නැහැ (නි)
මමත් ආසයි චතුරි හම්බවෙන්න ඇමරිකාවට එන්න. (නි)
කුමාර, අනුන්ගේ ජිවිත වල තෘප්තිය ගැන හොයන්න ගිහින් අහගත්තා නේද හොඳට? (නි)
ඇමෙරිකානු ජනාධිපතිගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 50ලු. මෙහෙත් ඉතින් වැඩි වෙනසක් නැහැනේ (නි)
ට්‍රම්ප් ඔය හිතන තරමටම ප්‍රකෝටිපතියෙක් නොවේ. එයත් හැම තැනටම මුදලින් ණයයිලු නේද (නි)
අපේ හොර අැමතියෙක් වෙනුවෙන් මසකට වියදම මිලියන 6. අවුරුද්දකට මිලියන 72. එනම් ඩොලර් 480000.00 විතර. ඇමරිකන් ජනාධිපතිටත් වැඩියි (නි)
අනේ ඒකට අපේ රට! (නි)
අනේ ළමයිනේ, මම පඩි නැතුව ජනාධිපතිකමට ඉල්ලන්නම්. අනේ මට ඡන්දෙ දෙන්න. (නි)
අපේ දේශපාලුවන්ට තියෙන උණ තමයි සර් සර් කියන්න ඕනෑ, වටේට බොඩිගාඩ්ලා සමඟ සුපිරි වාහනයක් ඕනෑ, ලස්සන කෙල්ලෝ ටිකක් සෙකට්‍රිලා වෙන්න ඕනෑ, කොළඹින් ගෙයක් ඕනෑ... මෙහෙම බැලුවහම ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා අපේ පොලිටික්කෝ සල්ලිකාරයෝනේ (නි)
ට්‍රම්ප් පඩිය එපා කිවුවට එ්කට අපේ මහරජ සහ පිරිවර. (නි)
අපෝ ඕක මොකක්ද? පහුගිය ආණ්ඩුව කාලේ අපේ අය ඩොලර් ලක්ෂ මිලියන ගණන් පිටරට බැංකුවල දාලා තියෙන්නේ. (නි)
අන්න නියම ජනතා නියෝජිතයෝ! (නි)
චතුරි, ඇමරිකාවේ ඉන්නවා නම් කොහොමද ලංකාවේ හොරු ගැන දන්නේ? (නි)
මුලින්ම පුළුවන් නම් මෙක්සිකන්කාරයෝ ඇමරිකාවට එන්න නොදී එහෙම රස්සා හොයලා දෙන්න. එතකොට ඒ ප්‍රශ්නෙත් ඉවරයි. වැඩේ තියෙන්නේ ලංකාවේ දේශපාලුවෝ විහිළුවටවත් පඩි එපා අපි නිකන් වැඩකරලා පෙන්නන්නම් කියන්නේ නැති එකනේ. එ්කට මොකද ඡන්දෙට කලින් පණ දෙන්න කතාව (නි)
ධම්ම, ඇමෙරිකානු මැතිවරණය දවස්වල මම දැක්කා බීබීසී එකේ පෙන්නුවා ලෝකයේ දැනට හිටපු ගැහැණු රාජ්‍ය නායකයන්. රටවල් 44ක දැනට ගැහැණු රාජ්‍ය නායකයන් බිහිවෙලා තියෙනවා. හිලරි දිනුවා නම් ඇමෙරිකාව 45වෙනි රට. පළවෙනි රට ලංකාව. සිරිමා මැතිනිගේ පින්තූරය තමා මුලින්ම පෙන්නුවේ. පොඩි ආඩම්බරයක් දැනුනා ඒ වෙලාවේ. (නි)
මීහරක් රෑනක් පිහිනමින් ඉන්න දිය වළක් ළඟට කිට්ටුවුණ චතුරි නංගිට මීහරක් ටික අනින්න පන්නගෙන එළවනවා වගෙයි පේන්නේ. ඒ මීහරක්ට අනින්න චතුරිට අං නැති නිසා ගහකට නැගලා හෝ බේරෙන්න බලන්න.
ලංකාවේ ඉඳගෙන ටීවී බලන උන්දැලාට වැඩිය පිටරට ඉඳගෙන නිවැරදි තොරතුරු ලබාගන්න මිනිස්සු ඉන්න බව ළිං ගෙම්බෝ දන්නේ නැහැ වගේ. (නි)
රොෂාන්, චතුරිට ලංකාවේ දේශපාලකයෝ හොරු කියලා තේරෙන්නත් ඔබට නොතේරෙන්නත් හේතුව ඔබ දේශපාලන වහලෙකු විමත් ඇය එසේ නොවීමත්ය. (නි)
කුමාර, ඒක නම් ඇත්ත. අපේ මිනිස්සු දේශපාලකයන්ට නිරපරාදේ බනිනවා. තාම කිසිම කෙනෙක් අධිකරණයකින් වැරදි කියලා ඔප්පුවුණේ නැහැ නේද? ඔවුන් කොච්චර පිරිසිදු මිනිස්සුද නේද? අපි අායේ දේශපාලකයන්ට නොබැන ඉන්නම්. ඔබට එතකොට සතුටු ඇතිනෙ. (නි)
ෆොර්බ්ස් නිල වාර්තාවට අනුව ට්‍රම්ප්ගේ වත්කම ඩොලර් බිලියන 10 ක් පමණ වෙයි. ඔහු ලෝකයේ ඉන්නා ධන කුවේරයින් අතර 405 වැන්නාය.............හරියට බැලුවොත් රාජපක්ෂලා ලෝකයේ 10 වෙනියා අතර ඉන්නවා.වගකීමෙන් කියන්නේ. (අ)
අපේ රට චීනයේ යටත් විජිතයක් වෙන්න ඔන්න මෙන්න කියද්දී තමයි අපි අපේ රට චීනයෙන් නිදහස් කර ගත්තේ.ගහපු \" හතරවරම් ගැහිලි \"තව අවුරුදු 2 කක තිබුනානම් අපේ රටත් චීනයේ යටත් විජිතයක් වෙනවා (රේ).
අපේ රට ගැන අපි හිටමු (අ)
චතුරි, ඇමරිකාවේ බල්ලොත් මෙහෙ වගේම බුරනවද? මට නම් හිතෙන්නේ ඇමරිකන් බල්ලන්ගේ සද්දේ මීට වඩා අඩු ඇති. (අ)
චතුරි හොඳ පුල් ජිවිතයක් ගෙවන්න ඇමරිකාවට යන්නම ඕනද? අනික ඔය විදේශ රටකා ගිහින් මේ අහිංසක රටට අවඩන්න එපා.ඇමෙරිකාවට ගිහින් එහෙ පුරවැසිකම් අරන් අපි තම ලෝකෙට ලොක්කෝ කියල හිතන වනම් එකතරම් ගොන් කමක් තවත් නේ,බලන්නකෝ ගොටබය, බැසිල්,අැමෙරිකාවේ පුරවැසිකම්ම තිබිලත් ලංකාවේ දුක විඳගෙන ලංකාවට සේවය කරගෙන ඉන්නේ, ඉතින් ඔයා මොන ලොක්කෙක්ද?(අ)
ලංකාවේ පුවත් වලට වඩා නිවැරදි තොරතුරු වෙන රටවල ඉන්න අයට පහසුකම් තියෙනවා ,හොරෙක් අදුනගන්න ඔප්පු කරන්න ඕනේ නෑ,තමාගේ ආදායමේ තරමට වඩා යම් කිසි දෙයක් ලබා ඇත්නම් එය අයුතු ඉපයීමක් , මොන ආණ්ඩුවේ එකෙක් හොරකම් කළත් හොරා හොරාමයි, ඒ අය ජාතික වීරයෝ වෙන්නේ නෑ (අ)
මෙහෙම කෙනෙකුට ඡන්දය දීමට ලැබීමත් වාසනාවක් නේද. (නි)
පඩියක් ඕනේ නෑනේ කෝටිපතියෙක් නේ.(හේ)
චතුරි නම් ඇමෙරිකාවේ ඉදන් බලාගෙන ඉඳලා තියෙන්නේ කට්ටිය කරලා ගිය ඒවා (නි)
ඇමෙරිකා ජනාධිපතිවරයකුට ලැබෙන වාර්ෂික වැටුප ඩොලර් ලක්ෂ හතරකි.අපේ දේශපලකලගේ වාර්ෂික ගැහිලි වටිනාකම ! (අ)
ට්‍රම්ප් මහත්මයට ඒ මුදල කජුඇට කොස්ඇට වගේ වුණාට, අපේ අයට නම්, එහෙම වෙන්නේ නැහැ කවදාවත්. කොච්චර තිබුනත් මදි ? ඉදිරි පරම්පරා ගානකට ඇතිවෙන තරමට ජනතාවගේ මුදල් හොරා කාලා පුලුවන්නම්, යද්දී අරගෙන යන්නත් උත්සහ කරයි.හැබැයි අපේ අයගේ කටෙන් බතල හිටවන විදිහට නම් ඉතින් , ට්‍රම්ප් මහත්තයල කැලේ? (අ)
ලෝකයටම හොද ආදර්ශයක් (අ)
අපේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියත් තමාගේ වැටුප ගත්තේ නැහැ. එවන් නායකයින් නැවත බිහිවන්නේ නැහැ. (අ)
අයියෝ! ඕක මොකක්ද? ලංකාවේ අනුන්ගේ දාඩිය මහන්සියෙන් හරිහම්බ කර ගත්තු විශාල ඉඩම් වල ඉදිකළ මහා මන්දිර, තමන් හට අයිති දේපොළ නෙමේ කියලා රජයට පවරා දීල සතුටින් ඔහේ බලාගෙන ඉන්නවානේ? ඒ තත්වෙට ඇමරිකන් කාරයින්ට ලංවෙන්න තව දශක කීපයක් වත් ගතවෙයි. (අ)
ඒකටත් එක්ක. ලංකාවේ වැටුප කෙසේ වෙතත් අසරණ ජනතාවගේ අර්ථසාධක අරමුදල් ඇතුළු. හැම. තැන්පත්. ධනයක්ම හොරෙන් කාලයි ගියේ. දැන්. ඒ සේරම. වහගෙන. පොහොට්ටුවෙන් එන්න. හදනවා (අ)
ඉතින් චතුරි කෝ තාම අල්ලාගත්තේ නෑ නේ.. නිකන් කටට ආව පලියට දොඩවන්න එපා..එහෙමනම් ඕනේ කෙනෙකුට ඔයත් හොරෙක් කියල කියන්න පුළුවන්.. ඔයාගේ ජීවිතය අනිවාර්යෙන්ම අසාර්ථක තෘප්තිමත් නැති එකක් විය යුතුයි. ඒකයි ඔයා ඔය අනිත් මිනිස්සුන්ට ඔයාගේ වරද්ද පිට දල හිත සැහැල්ලු කර ගන්න හදන්නේ.(අ)
එකට ඔබාමා.එයා හෙලිකොප්ටරයෙන් පැනල ගිහින් , ජනාධිපති විශ්‍රාමික වැටුපයි, නිල නිවසයි, වෙඩි නොවදින වාහන, සියලු වරප්‍රසාදයි, හමුදා ආරක්ෂාවයි මදිවට පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපත් ඉල්ලනවලු (අ)
ඇමෙරිකාවේ එහෙම වුණත්.ලංකාවේ එහෙම වෙන්නේ නෑ.ඇමෙරිකාවත් ලංකාව කොපි කරනවා වගේ.2017 බජට් එකත්.ලංකාවේ එක වගේ වී හොද සහන දෙයි.(අ)
ඕක මොකක්ද, අපේ එක්කෙනෙක් මිනීමරලා සිංගප්පුරුවට පැනල ගිහිල්ල බොරු සැත්කමකට මුහුණ දුන් මුවාවෙන් වසර 2ක් ලංකාවේ බදු ගෙවන්නන් ගේ මුදල් වලින් වැටුප් ගත්තේ. මොන තරම් ආදර්ශමත් චරිතද මේව?(අ)
ට්‍රම්ප් මහතාණෙනි කවදා හෝ දවසක අපේ ලංකාවට ඇවිත් හොර තක්කඩි දෙසපාලුවන්ට පාඩමක් කියාදී යන්න පැරදෙන ඔවුනුත් දුප්පතාගෙන්ම හිඟා කකා පන්සල් ගානේ බොරුකියා කියා නැවත එන්න දගලනවා (අ)
කුමාර ඔයාගේ කතාව හරියට හරි (අ)
කුමාර, අසංක, ඔය දෙන්නම රැකියාවක් නොකර පගාව අරගෙන ජීවත්වෙනවා ඇති. මම හොඳ පවුල් ජිවිතයක් ඇමරිකාවේ ගෙවන්නේ. (නි)
අපිටත් රජෙක් ඕනේ ඔන්න ඔය වගේ . (ම)
අපිට හොරුන් රකින්න තරම් අමාරුවක් නැහැ. හැබැයි මොකුත් නොදැන තීන්දු දෙන චතුරි වගේ කැකිල්ලේ රජවරු නොවේ අපි (නි)
අනේ අනේ...! (නි)
ඒ වගෙ නායකයෝ ඉන්න රටවල් තමා අනෙක් රටවල් වලට ආදර්ශයක් වෙන්නේ (නි)
මේවා දැකීමෙන්, ඇසීමෙන් මහින්ද රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂලා ලැජ්ජා වියයුතුයි. ජාතියෙන් සමාව ගතයුතුයි, ගහපු ගැහිල්ලට (නි)
ඇමරිකන්කාරයින්ට ළංවෙන්න තව දශක කීපයක්වත් ගතවෙයිලු. කරුණාපාල ඒ කියන්නේ මගේ මුණුපුරාගේ පුතාට ලංකාව ඇමරිකාව වගේ තියේවි කියලද? ගණන් වලින් ටිකක් දුර්වලයි වගේ නේද? ඇමරිකන්කාරයින්ට ළංවෙන්න තව අවුරුදු දස දහස් ගණනක් යාවි. එතකොට ඇමරිකන්කාරයින් පිටසක්වලක ඉඳියි (නි)
කුමාර, අසංකගේ කතාව හරියටම හරි. චතුරිට මහා බැංකුවට කරපුවා පෙනෙන්නේ නැහැ. (නි)
චතුරි, හරියටටම කියලා තියනවා කියන්න ඕනෑ දේ. එ්ත් සමහරු තාම වහල්බාවයෙන් මිදෙන්න බැරුව ඉන්න බව නම් පේනවා (නි)
චතුරි, ඔයා ඇමෙරිකාවට වෙලා සතුටින් ඉන්න. ලංකාව හොඳ නැති නිසානේ ග්‍රීන් කාර්ඩ් අරගෙන වෙන රටවල් වල පදිංචි වෙන්නේ. ඒ නිසා ඔයාලා වගේ අය ලංකාව ගැන කරදර වෙන්න ඕනෑ නැහැ. ඔයාලා වගේ අය ලංකාව ගැන දන්නේ මොනවද? අන්ධයෝ වගේ හැසිරෙන්නේ කුහකකමට. වැඩක් කරපු මිනිහගේ වැඩ අගය කරන්න පුරුදුවෙන්න. (නි)
ඒ මිනිස්සු ඕවා කරන්නේ සෝබනේට නෙමෙයි (නි)
ඔන්න රට ගැන හිතන ජනාධිපතිවරු. ඒකට අපේ මහරජානෝ. (නි)
අන්න මිනිස්සු! (නි)
ලංකාවේ දේශපාලකයෝ වැටුප නෙමේ පිනට ලැබෙන විශ්රාමයවත් එපා කියන්නෙ නැහැනෙ. ඔවුන්ට අවුරුදු 5ක් පාර්ලිමේන්තුවෙ හිටියට පැන්ෂන් එක එපා නොකියා රාජ්‍ය සේවකයින් වසර 25 ක් 30 ක් වැඩ කරලා ගන්න පෙන්ෂන් එකටත් දැන් තට්ටු කරන්නනේ හදන්නෙ (නි)
ඇමරිකාවේ ජනාධිපතිගේ වැටුප වාර්ෂිකව ඩොලර් ලක්ෂ 4 ක් වුවත්, අපේ ඇමතිවරයන් වාර්ෂිකව හොරෙන් වංචාවෙන් කොමිස් වලින් ගසනා මුදල ඩොලර් ලක්ෂ 4 කට වැඩියි. (නි)