ඕස්ටේ්රලියා මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ, එරට විපක්ෂ නායක ටෝනී ඇබොට්, අගමැති ධුරයේ දිවුරුම් දීම ලබන සතියට කල් දැමුණු බව එරට මාධ්‍ය
ඊයේ (13) වාර්තා කළේය.
අගමැති ධුරයට පත් වීමෙන් පසු, ඕස්ටේ්රලියානු දේශපාලනයේ පෙරැළිකාර වෙනසක් ඇති කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ඇබොට් පවසා ඇත.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, ජනතා විශ්වාසය දිනා ගැනීම රටේ නායකයාගේ එකම අරමුණ විය යුතු බවය.
ඕස්ටේ්රලියානු මහ මැතිවරණය පැවැත්වුණේ ඉකුත් 7 වැනිදාය. සය වසරක් නොකඩවා බලයේ රැඳී සිටි පාලක කම්කරු පක්ෂය පරාජය කර, විපක්ෂ නායක ටෝනි ඇබොට්ගේ ලිබරල් ජාතික සංධානය ජයග්‍රහණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමුළුවට ලංකාවට එනව කිව්වා නේද ..සමහර විට සමුළුව ඉවර වෙනකම් දිවරන එකක් නැතිවෙයිද දන්නේ නැහැ.(දී)
මිත්‍රවරුනි,අපට මේ සමුළුව එතරම් වැදගත් සහ වටිනාකමක් නැත. මා එතරම් ගණනකටවත් නොගෙන ඉන්නේ ඒ නිසයි. (නි).
මොකද මේ වුණේ? දිවුරුම් නොදුන්නත් කමක් නැහැ, සමුලුවට එන්න (නි)
හොඳ වෙලාවක් ලංකාවෙන් එවනකම් ඉන්නවා ඇති.