"ඥාති හිතමිතුරු සංග්‍රහයෙන් ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයයට නීති විරෝධී පත්වීමක් ලබාදී ඇති බවට " බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය මඟින් නිකුත් කර මාධ්‍ය නිවේදනයකින් චෝදනා කරයි.
එම සංවිධානයේ කැඳවුම්කරු වන ජනක අලහප්පෙරුමගේ මෙසේ කියයි.
"වංචාව, දූෂණය, අල්ලස මෙන්ම ඥාති හිතමිතුරු සංග්‍රහයටද තිත තැබීමට දිවුරා පොරොන්දු ලබාදෙමින් බලය ලබාගත් යහපාලන ආණ්ඩුවත් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලයකට දැඩි ගැටළු සහගත පත්වීමක් ලබා දෙමින් මහජනතාවට දුන් පොරොන්දු කඩ කිරීමේ කණගාටුදායක පුවතක් පසුගියදා කොළඹින් දැනගැනීමට ලැබුණි.
මෙහිදී සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණු කිහිපයකි. පසුගිය රජය යටතේ බ්‍රිතාන්‍යය තුළ ශ්‍රී ලංකාවට හිමිවුයේ ඉතාම ඛේදනීය තත්ත්වයකි. දේශපාලන මෙන්ම රාජතාන්ත්‍රික මට්ටමින්ද එය ඉතාමත්ම පහත අඩියක පැවතිණි. එහෙත් වර්තමානය වනවිට නව රජයේ දේශපාලන හැසිරවීම අනුව එම තත්ත්වය සැළකිය යුතු ලෙසින් ඉහළ තත්ත්වයකට ඔසවා තබන්නට ශ්‍රී ලංකා විදේශ සේවයේ වෘත්තිමය නිලධාරින් සහ වර්ථමාන රජයේ දේශපාලඥයින් සමත් වූ බව නොරහසකි. එහෙත් සිදුකිරීමට යන දේශපාලන පත්කිරිම් හේතුවෙන් මෙය පූර්වාදර්ශයක් කර ගනිමින් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකා විදේශ සේවයත් පසුගිය රජයේ ක්‍රියාකලාපය නැවත අනුගමනය කිරීමේ මාවත විවෘත වනවා නොඅනුමානය. පසුගිය රජය අනුගමනය කිරීම හෝ එම රජය ගෙන ගිය වැරදි වැඩපිළිවෙළ නැවත පනගැන්වීම යහපාලනය නොවන බව මෙහිදී අවධාරණයෙන් යුතුව සඳහන් කළ යුතුය.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එහෙත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය, ද්විත්ව පුරවැසිභාවය හෝ ස්ථීර පදිංචිය ලැබූ සැවොම එංගලන්තයේ නීතියට යටත්ය. එවැනි පුද්ගලයින් රාජතාන්ත්‍රික පත්වීමක් ලැබුවද ඔවුන්ට ලැබිය යුතු මුක්තිය නොලැබෙන්නේ ඔවුන් ඒ රටේද නීතියට යටත්වන බැවිනි. එහිදී එවැනි පුද්ගලයින්ට තම රාජකාරිය සිදු කිරීමේදී විවධ ගැටළු වලට මුහුණ පෑමට සිදුවන බව නොරහසකි. තවද බ්‍රිතාන්‍ය රජය තුළ එවැනි පුද්ගලයින්ට ලැබිය යුතු රාජතාන්ත්‍රික පිළිගැනීමේද අඩුපාඩු දැකීමට හැකිවීම සිදුවෙනවා නොඅනුමානය.
පසුගිය රජයේ දූෂණ වංචා අක්‍රමිකතා ඇතුළු සියලු විධි වැරදි වලට පහර දුන් සමහරු යහපාලන රජයේ මෙම පත්වීම සාධාරණීකරණය කරමින් පවසන්නේ රාජපක්ෂ පාලන සමයේ අවසන් භාගයේදී මෙලෙසම පුද්ගලයින් දෙදෙනෙකුට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පත්වීම් ලබා දුන් බවයි. එය සත්‍යයකි. රාජපක්ෂ රජය කටයුතු කළේ ඔවුන්ගේ හිතු මතේටය. රාජපක්ෂ පාලන සමයේදී මෙවැනි පත්වීම ලබාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙරට අතර ද්විපාර්ෂික සම්බන්ධතාවයන් පිරිහුණු බව නොරහසකි. එහෙත් යහපාලන ආණ්ඩුව පත් කරනු ලැබුවේ දහසකුත් බලාපොරොත්තු සහිතව ඒ වැරදි සහ එම දේම දිගුවක් ලෙසින් නැවත එලෙසම ක්‍රියාත්මක කරවීමට නොවන බව සටහන් තබන්නට කැමැත්තෙමු.
ශ්‍රී ලංකාව තුලම ජීවත් වෙමින් දහසකුත් කම් කටොලු මධ්‍යයේ අධ්‍යාපනය ලබා ඔවුන්ද රජයේ රැකියාවක් ලබා ගන්නේ ජීවිතය ජය ගන්නටය. විදේශ සේවය තුළින් හෝ පරිපාලන සේවය තුලින් ඔවුන්ට එංගලන්තයට පැමිණ වසර කිහිපයකට හෝ සේවයක් කිරීමට ලැබෙන්නේ නම් එය ඔවුන්ගේ ජීවිතයට ආර්ථික වශයෙනුත්, වෘත්තීමය වශයෙනුත් වාසි ගෙන දෙන තත්ත්වයකි. එම දුර්ලභ අවස්ථාව ලැබෙන තෙක් ඔවුන් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. එම අවස්ථාවත් ඔවුන්ට හිමි වන්නේ ඉතාමත්ම කළා තුරකිනි. එබැවින් ඔවුන්ට හිමි රැකියාවන් ලංකාව අතහැර පැමිණි පුද්ගලයින් අතරේ නැවතත් බෙදා දීම මොන තරම් සාධාරණද, සදාචාර සම්පන්නද, රාජපක්ෂ රජයේ ප්‍රතිපත්තිම නැවතත් ක්‍රියාත්මක කිරීමක් නොවේද යන්න යහපාලන රජයේ වගකිව යුත්තන් විමසා බැලිය යුතුය.
තවද මේ සටහන තබන්නේ කාගේවත් පත්වීමකට ඇතී ඊර්ෂ්‍යාව නිසාවත් එම පුද්ගලයා සමඟ ඇතී පෞද්ගලික හේතුවක් නිසාවත් නොවන අතර මෙය හුදෙක්ම යහපාලන රජයේ ලබාදුන් අනේකවිධ පොරොන්දු වලට එරෙහිව ගනු ලැබූ දැඩි මතභේදකාරී පත්වීමක් නිසාවෙනි. යහපාලන රජය කෙරෙහි තැබූ මහජන බලාපොරොත්තු සුනු විසුණූ කිරීමට කාටවත් අයිතියක් නොමැති බව පසක් කර දීමටය. යහපාලන රජයත් පෙර රජය සේම වැරදි පාරේ ගමන් කරන්නේ නම් ඒ බව ඔවුන්ට පවසා වරද නිවැරදි කර ගැනීමේ, සෑම දෙනාගේම හිත සුව පිණිස අවස්ථාවාදින්ගෙන් යහපාලන රජය බේරා ගැනීමේ පරම පිරිසිඳු චේතනාවෙනි. එය පුරවැසියන් වශයෙන් අපගේ යුතුකමකි."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා ව්‍යාපාරික කටයුත්තකට ලන්ඩනයට පැමිණි වෙලාවක අත්‍යාවශ්‍ය ලියවිල්ලක් සකසා ගැනීමට මා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගියා. මෙය කලයුතු වන්නේ රෝමයෙන් බව කියූ එක නිලධාරියෙක් මාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මගේ ඉල්ලීමක් අනුව මාව උප මහකොමසාරිස් වෙත යොමු කළා. ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බස හැසිරු මෙම තරුණ නිලධාරියා මගේ කාර්යය ඉක්මනින් කරදුන්නේ තම දහවල් ආහාර කාලය පවා නොතකාය. යුරෝපා රටවලට අවශ්‍ය වන්නේ මෙවන් වෘත්තිකයන්ය. (ර)
අලහප්පෙරුම ට්‍රයි කරලා වගෙයි තනතුරට. ක්‍රිස් නෝනිස් ඉන්නකල් අලහප්පෙරුමව මහා කොමසාරිස් කාර්යාලය පැත්තටවත් ගත්තෙ නැහැ. එකයි මිනිහ නොනිස්ට විරුද්ධව ඒදවස් වල කෑ ගැහුවේ. දැන් බොරුවට නොනිස්ට සපෝර්ට් කියනවා. මිනිහ හරි මිනිහගේ යාලුවෙක් දෙන්නෙක් තමයි නම් කීපයකින් කොමෙන්ට්ස් දාලා තියෙන්නේ මිනිහටම සපෝර්ට් කරලා. අලුත් කොමසාරිස් තුමිය මෙයාගෙන් බේරිලා ඉන්න වෙයි. තමන්ගේ නම ප්‍රසිද්ධ කරන්න මාර ට්‍රයි දෙන මනුස්සයෙක්. (අ)
හොඳ වැඩ වලට අපිත් අත දෙනවා (නි)
මේක කියවන අයට පේනවා නේද අලහකෝන් ගේ නම උස්සන්න කට්ටියක් උත්සහ ගන්නවා කියල. ඕක තමා ඇත්ත . තමන්ට අවශ්‍ය දේ නොලැබුණාම බොරුවට කරනවා. අලහකෝන් පිළිබද විස්තරයක් අපි ලගදීම දෙන්නම්. (බ)
පිටිගල මිලානෝ, මේ ළමයි මෙහෙමවත් කතා කරන එක ලොකු දෙයක්නේ. ඒකයි සමහරු ඔවුන්ට හිතෙන විදිහට සුභ පතන්නේ. සමහරු වහෙන් හොරෝ මඩ ගහන්නත් උත්සහ කරන බව පේනවා දාල තියෙන අදහස් වලින්. අද කාලේ හොඳ වැඩක් කලත් ඒකටත් හතුරෝ ඉන්නවා ඕනේ තරම්. එත් යහපත් ඵලදායි වැඩක් කරන්න ඉදිරිපත් වෙන්නේ කීයෙන් කී දෙනාද? එහෙම ශක්තියක් කොන්දක් හැමෝටම නැහැ. (ර)
අද මිනිස්සු අසාධාරණයට, අයුක්තියට එරෙහිව හඬ නගනවා අඩුයි. විශේෂයෙන් විදේශ රටවල ඉන්න සිංහලයෝ. ඔහේ ඉන්නන් වාලේ ඉන්නවා එයින් තමන් අපහසුතාවයකට පත් වේ යයි බියෙන්. එවන් කාලයක මේ පිරිස වැරදි දේ වැරදි බව නිර්භයව පවසමින් නගන හඬ ගැන සතුටුයි. අනිත් පිරිසගේ අදහස් බැලුවහම මේ පිරිස මීට පෙරත් අසාධාරණය වෙනුවෙන් කතා කරලා තියෙන බව පේනවා. එංගලන්තෙත් මෙවැනි කොන්ද පන තියෙන සුළු පිරිසක් හරි ඉන්න එක ගැන සතුටුයි. (ර)
පසුගිය රජයටත් යහපාලන රජයටත් කිට්ටු සම්බන්ධකම් තියෙන සුදුසුකම් ඕනෑවටත් වඩා තියෙන බොහෝ පිරිසක් එංගලන්තේ ඉන්නවා. ඒ අයටත් දේශපාලන බලයෙන් මේ වගේ තනතුරු ගන්න තිබුනා ඕනෙනම්. එත් නොගත්තේ ප්‍රතිපත්ති නිසා සහ ලංකාවේ අයට එයින් අසාධාරණයක් වෙන නිසයි. (ර)
දැන් ඔය සමහරු අලහප්පෙරුමට ජයවේවා කියලා අදහස් දාන්නේ ඇයි? (නි)
සමහරු නම් හිතේ අමාරුවට ඔය දඟලන්නේ කියලා අපි දන්නවා (නි)
ජනක අලහප්පෙරුම මහතා, බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලාංකික සංසදය ඇතුළු දේශප්‍රේමී බලවේග පසුගිය යුධ සමයේ රට වෙනුවෙන් කර අපමණ මෙහෙවර අපට අමතක නෑ. (ර)
බ්රිතාන්යෙයයේ පුරවැසි භාවය ලබාගෙන සියළු සමාජ වරප්‍රසාද භුක්තිවිදින අතරේ ලංකාවේ තවත් දක්ෂයෙකුට අවස්ථාව අහිමි කරමින් තානාපති සේවයට රිංගා ගැනීමට හදන උත්සාහයක්. (ර)
ලංකාවේ දුක් විදගෙන කට්ට කාගෙන අමාරුවෙන් ඉගෙනගත් පිරිසට නේද මේ රැකියා හිමි? ලංකාවේ දුප්පත් එහෙත් උගත් බුද්ධිමත් අපිට හිමි රැකියා වෙනුවෙන් එංගලන්තේ සිටිමින් අයුක්තියට අසාධාරණයට එරෙහිව අභීත හඩක් නගන ජනක අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමට අපගේ ප්‍රණාමය. ජයවේවා! (ර)
මෙවැනි තනතුරු වලට පත්විය යුත්තේ සැබෑ වෘත්තිකයන්ය. දොස්තර ක්‍රිස් නෝනිස් මහතා, අලහප්පෙරුම කියන්නාසේ රට වෙනුවෙන් තම උගත් කමත් චතුර කතිකත්වයත් භාවිතා කල අයෙකි. එපමණක්ද නොව මෙතුමාට සිදුවූ අකටයුත්ත නිසා තනතුරෙන් පවා ඉල්ලා අස්වූ ඉතා විරල ගනයේ මහත්මයෙකි. අලහප්පෙරුම ඇතුළු සංසදය මෙතුමා වැනි උගතුන් පත්කිරීම සඳහා කරන උත්සාහය කාලෝචිතය. (ර)
අමරේ, කුසල් ලන්ඩන්, ඕගොල්ලන්ට අමු කැවිලද? හරියට විස්තර නොදැනයි කතා කරන්නේ. අලහප්පෙරුම මහතා දේශපාලන පත්වීම් වලට කවදත් විරුද්ධයි. ඔහු නෝනිස් මහතාගේ කාලයේ රටට සිදුවූ විනාශය ගැන ඕනෑම කෙනෙක් එක්ක, ඕනෑම තැනක විවෘත විවාදයකට එන්නයි අභියෝග කළා. එ්ත් ඒ අභියෝගය බාරගන්න සමතෙක් තවමත් අපිට එංගලන්තෙන් හොයා ගන්න බැරි වුනා. ඔගොල්ලන්ටත් ඒ අභියෝගය විවෘතයි. බාර ගන්නවද. ඕගොල්ලෝ බොරුවට මඩ ගහන්නේ නිවැරදි තොරතුරු දන්නේ නැතිව. (බ)
රටට විශාල මෙහෙවරක් කරපු, අපකීර්තිමත් දේශපාලන හෙන්චයියකුගෙන් පහර කෑමකට ලක්වී එය සාධාරණීකරණය කළ කෙනාම නේද මෙයටත් විරුද්ධව කෑ ගහන්නේ එංගලන්තයේ 'තම' පැවැත්ම උදෙසා. (බ)
මෙවැනි දේශපාලන පත්වීම් ලබාදීම තුලින් විනාශ වෙන්නේ අපේ විදේශ සේවයයි. පසුගිය රජය කලෙත් මේ වැරද්දමයි. හොදම උදාහරණය ලන්ඩනය සහ නිව් යෝර්ක්. ඥාති හිතමිතුරු සංග්‍රහයට විරුද්ධ වූ පිරිසත් ඒ දේම කරනාවානම් ජනතාවටත් රටටත් දෙවියන්ගේම පිහිටයි. (බ)
නෝනිස් මහතා ගැන දන ගන්න කවුරු කවුරුත් අලහප්පෙරුම මාතාවට කතා කරන්න. රටම රවට්ටපු හැටි, වෘර්තිමය රාජතාන්ත්‍රික නිලධාරීන්ට කරපු විනාශය ගැන හොඳට අහ ගන්න පුළුවන්. අලහප්පෙරුම මහතා සැමදාම වෘර්තිමය රාජතාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. දේශපාලන පත්වීම් පෙන්නන්න බැහැ. දේශපාලකයින් හරහා එන හුඟ දෙනෙකුට වැඩ බැරි බවයි ඔහු කියන්නේ. (බ)
හොඳ ලිපියක් (නි)
අපේ බලාපොරොත්තු ඉවරයි වර්ණපාල (නි)
සිරි, මට කියන්න තියන දේ ඔයා කියලා තියනවා. එම පත්වීම් එසේ දියයුතුයි (නි)
අලහප්පෙරුම මහතා කියන්නා පරිදි ක්‍රිස් නෝනිස් මහතා සැබෑ මහත්මයෙකි. දැනෙන වැඩක් රටට කළ කෙනෙක් වන අතර භාෂා කීපයක් හසල ලෙස කතා කළ හැකිය.එබැවින් අපද අලහප්පෙරුම මහතාට සහයෝගය පළකරනවා. (බ)
අලහප්පෙරුම මහතා ඇතුළු පිරිස ඉදිරිපත්වී රටට මහත් සේවයක් කල, ඇමරිකාවේ සී එන් එන් නාලිකාවේ මාධ්‍යවේදීන්ට යන එන මං නැතිවන්න රටටම පේන්න පිළිතුරු දුන් හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතාව නැවත පත් කිරීමට දරන ප්රයත්නය අපි අගේ කරනවා. (අ)
ලන්ඩනය සහ වොෂින්ටන් නුවර ලෝකයේ හැම රටක්ම සලකන්නේ තානාපති සම්බන්ධතාවයන් ඇතිකරගතයුතු ප්රමුකස්තාන ලෙසයි. ඒවගේ තැන්වලට උඩ සිට පහලට හැමවිටම තෝරාපත් කල යුත්තේ විදේශ අමාත්‍යංශයේ නිලධාරින් වියයුතුයි. (ර)
මේ වැරදි ක්‍රමෙත් නවත්තන්න ඕනේ. පාර්ලිමේන්තුවට විතරක් නෙමෙයි රජයේ ආයතන වලටත් පිටරට ස්ථීර පදිංචි අය එපා. (ර)
ජනතාව යහපාලන රජය ගැන දහසකුත් බලාපොරොත්තු තබාගෙනයි හිටියේ. (ර)
පරණ වයින් අලුත් බෝතලයක. එච්චරයි වෙනස. පරණ කට්ටිය කරපු දේ අලුතින් ආරම්භ කරන්න පටන් අරගෙන වගේ. හෙට අනිද්දට පෝලිම බලාගන්න පුළුවන් වේවි. අවුරුදු ගානක් වේලි වේලි හිටපු යටත් කල දසාවක් තියෙන්න ඕනෙනේ. (අ)
මේ පිරිස සැමදාම රට වෙනුවෙන් ඉදිරියට පැමිණි, යුක්තිය, අසාධාරණය වෙනුවෙන් කටයුතු කල ලන්ඩනයේ බොහොමයකගේ ආදරයට පාත්‍ර වූ කණ්ඩායමක්. වැරදි වැඩේ වැරදියි කියන්න මේ දරුවන්ට කොන්දක් තිබුණු එක ගැන ආඩම්බරයි. පසුගිය රජයේ වැරදිත් මේ විදිහටම විවේචනය කරපු බව අපට මතකයි. (අ)