නොවැම්බර් මාසයේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ජිහාදි ජෝන් මියගිය බව අයිඑස් සංවිධානය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ජිහාදි ජෝන් නම් අන්වර්ත නාමයෙන් හඳුන්වන බ්‍රිතාන්‍ය ජාතික ත්‍රස්තවාදියෙකු වන මොහොමඩ් එම්වාසිගේ මරණය සම්බන්ධව ඇමරිකානු හමුදා අංශ මීට පෙර වාර්තා කර තිබුණත් එය තහවුරු වී තිබුණේ නැත. බීබීසී පුවත් සේවය පවසන්නේ අයිඑස් සංවිධානය අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කරන ඩාබික් නම් සඟරාවේ ජිහාදි ජෝන් සම්බන්ධව ගුණ කථනයක් සහ ඡායාරූපයක් පල කර ඇති බවයි.
සිරියාවේ රක්ඛා නගරාශ්‍රිත ප්‍රදේශයට පසුගිය නොවැමිබර් 12වනදා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් තම මෝටර් රථයේ ගමන් කරමින් සිටි ජිහාදි මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත.
අයිඑස් සංවිධානයේ සාමාජිකයෙකු වන මොහු එම සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ වීඩියෝ පටවල පෙනී සිටියේය. අයිඑස් සංවිධානය විසින් කෘර ලෙස මරා දමනු ලැබූ ඇමරිකානු සහ ජපාන මාධ්‍යවේදීන්ගේ ද බ්‍රිතාන්‍ය සහන සේවකයෙකුගේ ද තවත් ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනකුගේ ද ඝාතන ඇතුලත් වීඩියෝ පටවල ප්‍රධාන චරිතය වූයේ ජිහාදි ජෝන්ය. තද කළු පැහැති ඇඳුමකින් මුළු ශරීරයම ආවරණය කරගෙන වීඩියෝ පටවල පෙනී සිටි මොහු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා වලට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර එංගලන්තයේ පොප් ගායකයා ගැන තිබුණු සැකය ඉවරද? (නි)
මොකටද තව කතා බෙන්තර මහේෂ්? අනේ මන්දා! පොප් ගායකයා ගැන කතාවක් නැහැ දැන් (නි)
"අනේ හොඳයි" කියා බුදු දහමට අනුව කීම නුසුදුසු වුවත් මේ වෙලාවේ නොකියා කොහොමද? (නි)
මුස්ලිම් නම් නම ජොහන් වෙන්නේ කොහොමද... මෙතන අමෙරිකාව ප්ස්සෙන් ඉන්නවා (බ)
දිට්ට ධම්ම වේදනිය කර්ම පළදීලා (නි)
ඒකත් එහෙමද? (නි)
"අයිඑස්" කියල සංවිධානයක් නැහැ. ඒක "අයිසිස්" කියල කියන්නේ. සමහරු "අයිඑස්අයිඑස්" කියලත් කියනවා. (බ)
අයි.එස්.අයි.එස් කියන්නේ 'ඉස්ලාමික් ස්ටේට් ඉන් ඉරාක් ඇන්ඩ් සිරියා' කියන එක කෙටි කරලා.(හේ)