මරණය පරදවා සදාකාලිකව ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳ මිනිසුන් සියවස් ගණනාවක සිට පර්යේෂණ කරමින් සිටියි. මෙතෙක් කාලයක් ගොඩබිම සිදුකළ මේ පර්යේෂණ දැන් සාගරය දෙසට ද යොමුවී ඇත.
ක්යෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශින් කුබෝටා ජල්ලිමය මුහුදු සතුන් සම්බන්ධයෙන් 1979 සිට අධ්‍යයනය කළේය.රතු පැහැති ජෙලි ෆිෂ් විශේෂයක් කෙරෙහි ඔහුගේ අධ්‍යයන කටයුතු වැඩිපුර යොමුවී පැවතිණි.
ඔහු ඒ ගැන මෙසේ කියයි.
‘‘ එක් දිනක් මගේ ප්ලවාංග සහිත දැලේ රතු පැහැති කුඩා ජෙලි ෆිෂ් කෙනෙකු සිටියා. තියුණු කෝටු උගේ සිරුරේ ඇනී තිබුණා. ඒ ගැන දුක සිතී මා එම කෝටු ගලවා ඉවත් කළා. මගේ අපේක්ෂාව වුණේ මේ සතා නැවත යථා තත්ත්වයට පත්කර පිහිනා යාමට සැළැස්වීමයි. එසේ කිරීමට නොහැකිව ඌ හැකිළුණා. නමුත් ඌ ඉතා ඉක්මණින් තිරිහන් වුණා. මේ කුඩා මුහුදු සතා යොදා සදාතනික ජීවිතය පිළිබඳ යම් අදහසක් ගත හැකියැයි මට දැඩි විශ්වාසයක් ඇතිවුණා. “
රතු ජෙලිෆිෂ් සම්බන්ධයෙන් පර්යේෂණයේ නිරත වූ මහාචාර්ය කුබෝටා පවසන්නේ වැඩුණු ජෙලිෆිෂ් හෝ මෙඩුසාවෙක් (ජෙලිෆිෂ්ගේ කුඩා අවධිය හඳුන්වන්නේ මෙඩුසාවන් යනුවෙනි) තුවාලයක් සිදුවූ විට මුහුදු පත්ලට ගමන් කරන බවයි. එහිදී තම බිළිඳු අවධියට යලි රූපාන්තරයණය ආපස්සට ගෙන යන මේ අපූරු සත්ත්වයා මුලින්ම අලුත් බහුපාදිකයෙක් බවට පත්වෙයි. ඉන්පසු මේ සතා යළි නව ජෙලි ෆිෂ් කෙනකු බවට පත්වේ. වැඩුණු සතෙක් බිළිඳකු බවට රූපාන්තරණය වීමට මාස දෙකක පමණ කාලයක් ගතවන බව මහාචාර්යවරයා කියයි.
මහාචාර්ය කුබෝටා සිය පර්යේෂණාගාරයේ දී එක් ජෙලිෆිෂ් සතකු 12 වතාවක් සාර්ථක ව තිරිහන් කළේය.
‘‘ මේ සියල්ල සාර්ථක වුවත් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. තිරිහන් වීම සම්බන්ධ යම් වැදගත් සාක්ෂියක් රතු ජෙලිෆිෂ් ගෙන් අපට ලබාගත හැකියි. එය මිනිසුන්ට ආදේශ කළ හැකි වුවහොත් මිනිසා අමරණීයත්වයට ගෙන යා හැකි වේවි. “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරණීය වෙනවා කියන්නේ මිනිස්සු තව පව් කරන එක (නි)
මෙය කිසිදු දිනක යථාර්ථයක් වේද? (නි)
ඔය පාර අහිංසක ජෙලි ෆිෂ්ලා ටිකත් ඉවරයි..! (නි)
මෙතෙක්කල් අමරණීය වූ ජෙලි ෆිෂ්ගේ අවසානය (නි)
කවදාවත් වෙන්නේ නැති දෙයක් වෙයි මේක (නි)
සාලිය අසා තිබෙන්නේ හොඳ ප්‍රශ්නයක්. මැරෙනතුරු මේ ශරීරයට කන්න දෙන්න, ආරක්ෂාවක් ඇතුව තියාගන්න තැනක් හොයාගන්න කොච්චර අමාරුද? (නි)
ජෙලි ෆිෂ්ලාට හොඳ කාලයක් යයි වගේ මට පෙනෙන විදිහට (නි)
සියල්ල අනිත්‍ය මේ ලොවේ අමරණීයත්වයක් ගැන සිතීම පවා විහිළුවක්. (නි)
පුලුවන් වෙයි. ඒත් ලෝක අවසානයට අඩිතාලමක් වෙයි (නි)
මේක වෙන්න පුලුවන් දෙයක්ද? (නි)
අනේ දැනටමත් මේ ඇති වෙලා තියෙන්නේ (නදී)
මම හිතන්නේ ඊට වඩා පහසුයි හඳට යන්න පඩිපෙලක් හැදුවා නම් (නි)
රටට මෙවන් නව අදහස් ඇති අය ඕනෑ (නි)
තවත් ඡන්ද ගුන්ඩුවක්ද දන්නේ නැහැ (අ)
අමරණීයත්වය අලුත් දෙයක් නෙමෙයි. මේ ගැන වැඩිදුරට හදාරන්න ඕනි නම් ඉන්දියාවේ හිටපු මහා සිද්ද යෝගීන් ගැන හදාරන්න. මිනිස්සුන්ට මරණය අභිබවා යන්න පුළුවන්. හැබැයි එ්කට කර්ම ශක්තියකුත් තියෙන්න ඕනි.(අ)
ලෝකයේ විනාශය බොහොම ළඟ, සොබාව ධර්මයට එරෙහිව යාමට නොහැක, හේතුවක් නිසා හටගත් සැම දේ දිනෙක විනාශය කරා ලඟාවේ. (නදී)
අමරණීය වෙනවා කියන එක ලංකාවේ කට්ටියට මහා ලොකු අමුතු දෙයක් නෙමෙයිනේ! (නි)
මේ පර්යේෂණය සාර්ථක වුවහොත්,කීයක් ගියත් කමක් නැහැ. පුළුවන් ඉක්මනට ලංකාවටත් බෙහෙත් තොගයක් ආනයනය කරන්න ඕනෑ.මොකද ලංකාවෙත් ඉන්නවා අමරණීයත්වයට කැමති බොහෝ උදවිය. (නි)
මේ සියලු දේ අනිත්‍යයි (නි)
මුලින්ම හොයලා බලන්න ඔය ජෙලි ෆිෂ්ලා අමරණීයද කියලා. මම දන්න විදියට උන්ගේ ආයු කාලය අවුරුද්දයි! (නි)
අමරණීයත්වය පවත්වාගන්න පුලුවන් යම්කිසි වයස් මට්ටමකින් කියලයි මම විශ්වාස කරන්නේ. වැඩුනු මිනිසෙක් නැවත බිළිඳෙක් බවට පත්කිරීම කළ නොහැක්කක්. ජෙලිෆිෂ් පරීක්ෂණය සාර්ථක වීමට ඉඩකඩ බොහෝසෙයින් අඩු විය හැකි නමුත් එය අමරණීයත්වයට කිසියම් උදව්වක් වේවි. (නි)
ලක්මාල් කියන දේ නිවැරදියි (නි)
“සොබාදහමට නොවන අවනත - ලොවේ කිසිවක් නෑ“ (නි)
ජෙල් ෆිෂ්ලා නම් කලින්ම 18 සම්මත කරගෙන වගෙයි (නි)
විද්‍යාව කොච්චර පර්යේෂණ කරලා දැඟලුවත් බුදුරදුන් වදාල සත්‍යය වෙනස් කරන්න බැහැ. (නි)
මේ ලෝකය දුකක් පින්වතුනි. (නි)
පුලුවන් නම් රනිල් මහත්තය අමරණිය කරන්න (නදී)
මට හිනා
ජෙලි ෆිෂ්ට ඒක ස්වභාව ධර්මයෙන් ලැබුණු දෙයක්. නමුත් මොන බෙහෙත් හොයාගත්තත් මිනිසාට අමරණීයත්වයට පත්වෙන්න බැහැ. එහෙම වුණොත් එය ලොවේ අවසානය වේවි (නි)
නොමැරී ඉන්න තරම් මිනිස් සිරුර ජීවත්වෙන්න හොඳ තැනක්ද? (නි)
අමරණීය තත්වයට පත්වීමට පාරමී පුරනා අයට වටිනා ආරංචියක්. මුහුදේ ඉන්නා ජෙලි ෆිෂ්ලාට අසුබ ආරංචියක්. (නි)
මෙය සාර්ථක උනොත් දුප්පත් මිනිහා දුප්පත් වෙලා අමරණිය වෙයි. පෝස්ත් මිනිහා පෝසත් වෙලා අමරණිය වෙයි. එතකොට පව් පින් වලින් වැඩක් නැහැ. (නදී)
අනේ මටත් දහයක් විතර ඕනේ. කොහොමද ඕඩර් කරන්නේ කියලත් දන්වන්න. මේ හිගා කන ලෝකේ එකාට එකා කාගෙන මිනී මරාගෙන, ඌ ට වැඩියෙන් මගේ ගොඩ ලොකු වේවා සම්මතයේ රැදුණු මිනිසුන් සමග, තම දරු පව්ල ගැනවත් නොසිතන අදමයින් අතරේ මාත් තවත් කල්පයක් ජීවත් වෙනවද...? අනේ වස කුප්පිය හොදා...!! මට එපා අමරණීය බෙහෙත (නදී)