විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ දෙවැනි දරුවා වන චාර්ලට් කුමරිය හා වැඩිමල් පුත් ජෝර්ජ් කුමරු එකට සිටින ඡායාරූප පෙළක් ප්‍රසිද්ධිය පත් කිරීමට කේට් කුමරිය කටයුතු කර තිබිණි.
කේට් කුමරිය දරුවන් දෙදෙනාගේ ඡායාරූප හතරක් ගෙන ඇති අතර ජොර්ජ් කුමරු හා චාර්ලට් කුමරිය එකට සිටින පළමු නිල ඡායාරූප මෙම ඡායාරූප බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චාර්ලට් කුමරියගේ වයස සති දෙකක් වන අතර ජොර්ජ් කුමරු එළැඹෙන ජූලි මාසයේදී දෙවැනි වියට පා තැබීමට නියමිතය.
කෙන්සින්ග්ටන් මාළිඟාවේදීය (ඒ.එෆ්.පී)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම තනි දරුවෙක්. මව්පියන් විවාහ වෙලා අවුරුදු 10 කින් තමයි මාව ලැබිල තියෙන්නේ. පොඩි කාලේ නම් මව්පිය අවධානය ඇතුළු හැම දෙයක්ම මට තනි භුක්තියට ලැබෙන කොට මම බොහොම සතුටු වුනා. එ්ත් වයසින් වැඩෙත්ම තමයි සහෝදර සහෝදරියන් නැති කමේ කරුමය දැනුනේ. අනෙක් අයගේ හැම කරදරයකදිම අනේ අපොයි කියාගෙන ඉස්සෙල්ලාම දුවගෙන එන්නේ සහෝදර සහෝදරියන්. දානයක් මගුලක් ප්‍රීතිමත් අවස්ථාවක් ආවත් කොහොම හරි උදව්වට එනවා. වැඩිමල් සහෝදරයන් ගෙන් උපදෙස් ලැබෙනවා. මට ඒ වාසනාව නැහැ. අදටත් දුකයි. (නදී)
මගේ නංගිට අනුකම්පා කරලා මම ගමේ හදපු ගෙදර ඉන්න දුන්නා එයාගේ මහත්තයට රැකියාවක් නැති නිසා. අපි ඉන්නේ කොළඹ . ජීවත්වෙන්න අමාරු නංගිට කුලී ගෙවල් වලට ගෙවන්න මුදල් නැහැනේ. අන්තිමට මේ ගෙට ආසා කළ ඒ කපටි සහෝදරිය මගේ දුවට එයාගේ පුතාව යෝජනා කළේ ඔය ගෙදර මගේ කෙල්ලට දෑවැද්දට දෙන්න යන බව දැනගෙන. ඒ රස්තියාදුකාර බෑනාට අපි අකමැති වුණාම දැන් ගෙදර අයිතියට නඩු දාලා. මට දුක දරාගන්න බැරි වුණේ අදටත් මාත් ඔය නංගිත් මෙන්න මෙහෙම පුටු සැටියක බොහොම සතුටෙන් ඉන්න පුංචි කාලයේ පින්තූරයක් මහ ගෙදර තිබෙන බව මතක් වුණාම. (නි)
සුන්දර ඡායාරූපයක් (නි)
ඉතාම වාසනාවන්ත දරු දෙන්නෙක්. හොඳ වෙලාවට දරුවනේ ඔයාලා එංගලන්තයේ ඉපදුනේ. බැරි වෙලාවත් ඔය රජ පවුල එහෙම ලංකාවේ තිබුනා නම්, මේ වෙද්දී දේශපාලකයින් ඔය රජ පැළැන්තිය හා බකිංහැම් මාළිගාවත් හොරාකාලා ඉවරයි. පහුගිය කාලේ අපේ රටේ සමහර දේශපාලකයින් බුදුන් වහන්සේගේ පරම්පරාවටත් හිමිකම් කිව්වා. ඒ වගේ දේවල් නම් මතක්වෙද්දීත් තවම හිනායනවා. (නි)
සහෝදර සහෝදරියන් ඉන්න එක වුණත් හැම කෙනාටම සතුටක් වෙන්නේ නැහැ. මගේ සහෝදරියන් දෙන්නා මගේ ප්‍රේම සම්බන්ධය කඩන්න නොගත් වෑයමක් නැහැ. අප්පච්චි නැති වුණ පසු පවුලට පියෙක් වුණ ලොකු අයියා ඒගොල්ලන්ව දෑවැදි එක්ක හොඳ තැන් වලට බන්ඳලා දුන්නා. අන්තිමට වයස 40 ත් පැනලා බඳින්න හදන ලොකු අයියට හරිගිය ව්වාහ යෝජනා ඔක්කොම කැඩුවා. අන්තිමට මේක දැනගෙන ඒගොල්ලන්ගෙන් බොහොම ප්‍රවේශම් වෙලා කල් ගිහින් විවාහ වුණ අයියාට අදටත් දරුවෝ නැහැ. ඉන්දික රුවනි ඒ නිසා සහෝදරයන් නිසා මෙහෙම දේවලුත් ලෝකේ වෙන බව දැනගෙන ,හිත හදාගන්න. (නි)
රුවනි දුවේ සහ ඉන්දික පුතේ, ඔබ දෙපළගේ තොරතුරු දැක්කහම මටත් කණගාටු ඇතිවුණා. මටත් ඉන්නේ එකම පුතයි. ඔහුත් මෙය ගැන නිතරම කිය කියා දුක්වෙනවා තවම. එනමුත් එම දරුවාට මම පියෙක් සහ හොඳ සොහොයුරෙක්. ඉන්න දෙමව්පියන් සමඟ ආදරයෙන් ඉන්න. දෛවයේ සමහර දේවල් වෙනස් කරන්න බැහැ. දුක්වෙන්නට එපා. කරුණාව සහ අනුකම්පාව දයාව දියුණු කළහොත් හොඳ මිනිසුන් ඔබ ළඟට එයි. ඔබ දෙපලට මගේ හද පත්ලෙන් ඇතිවන කරුණාව ලැබේවා! (නි)
පාඨක භවතුන්ගේ කාරුණික අදහස් වලට ස්තුතියි .. (ම)
රුවනි , දාහක් වටේ හිටියත් බුදු දහමට අනුව අපි තනිවෙන තනියෙන් යන්න වෙන දවසක් එනවා , ඒ හින්ද දහමට අනුව හිත හදාගෙන සතුටින් ඉන්න . (බ)
හරිම ලස්සන පොටෝ එකක් (නදී)
රුවනි, ඔයාගේ කොමෙන්ට් එක දැකල මට මේක ලියන්න හිතුන. මමත් ඔයා වාගේම ඔය ගැන සෑහෙන්න දුක් වුණා. මටත් සහෝදර සහෝදරියෝ කව්රුත් නැහැ. හිටියේ අම්ම සහ තාත්ත පමණි. දැනට අවුරුදු හතරකට පෙර තාත්තත් නැති වුණා. දැන් ඉන්නේ මම සහ අම්මා පමණි. කව්රුත් නැති අඩුව කියල වැඩක් නැහැ. (ම)
හරිම ලස්සනයි (නි)
මේ දරුවොත් පෙර වාසනාවක් කරලා තියෙනවා රජ පවුලක ඉපදෙන්න.(නදී)
දැක්කම ආසයි . හරිම ප්‍රීතිමත් දසුනක් ! කොච්චර දයාබර අයියා කෙනෙක්ද ?. (කේ)
දෙවියන්ගේම පිහිටයි. හරිම ලස්සන දසුනක් (ම)
ඇත්තටම හිතට හරිම සතුටක් දැනුන ඒ සහෝදරකම දැක්කම.දෙන්නටම නීරෝගී යහපත් අනාගතයක් පතනවා.(ම)
පින්වන්ත දරුවන් දකින්නට ලැබීමත් වාසනාවක්.(නදී)
අනේ හරිම ලස්සනයි (බ)
ආදරය කරුණාව ඇතුව මේ රජ පවුල දරුවන් හදන වඩන බව පේනවා. ප්‍රීතිමත් දරුවන් දකින්නත් සතුටුයි. (නි)
ආදරයට සෙනෙහසට රජ මැදුර දුගී පැල්පත් කියලා වෙනසක් නැහැ අප්පා! මොනවා වුණත් සුන්දර දසුනක් (නි)