චෙන්නායි හි ඇපලෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් එම රෝහලේ විශේෂ කාමරයකට මාරු කරනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඇය චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළු කරනු ලැබුවාය. ඇගේ පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට මදක් සුව අතට හැරී ඇති බැවින් එසේ විශේෂ කාමරයකට මාරු කරනු ලැබූ බවත් ඇයට අමුත්තන් හමුවීටද හැකි බවත්ය.
ඇයට දිනකට විනාඩි 15ක පමණ කාලයක් කෘතිම ස්වසනය ද ලබාදෙන බව රෝහල් වාර්තා සඳහන් කරයි. ඇයට වෙන්කර ඇති විශේෂ කාමරයේ ද දැඩි සත්කාර ඒකකය මෙන්ම විශේෂ වෛද්‍ය උපකරණ ඇති ස්ථානයක් බව කියති.
ඇය අසනීප තත්ත්වයේ පසුවන බව ආරංචි වූ ඇගේ පාක්ෂිකයෝ පසුගිය දිනවල දැඩි ශෝකයට පත්ව සිටි බවත් ඔවුන් විවිධ පුද පූජා කරමින් ඇයට සුවය පැතූ බවත් ඇතැමුන් ශෝකය වාවාගත නොහැකිව අසනීප වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඇගේ ඒඅයිඒඩීඑම්කේ පක්ෂ සාමාජිකයෝ ඇය දැඩි සත්කාර ඒකකයෙන් මාරු කළ පුවත අසා වීදි බැස ප්‍රීති ඝෝෂා නගමින් නටන්නට හා ගයන්නට වූ බවද කියති. ඔවුන් රසකැවිලි බෙදා දෙමින් එකිනෙකා හා එක්ව ප්‍රීතිය බෙදා ගත් බවද වාර්තාවේ.

![web_]Untitled-2](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/web_Untitled-2.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල දෙවියන්ට බාරයි. අපි බලාසිටිමු (නි)
හිලරිට පොල් ගහපු කට්ටිය මෙයාට පොල් ගහන්නේ නැතිද? (බ)
මෙයා මැරුන දවසට ඒ දුකට තමිල්නාඩුවෙන් බාගයක්ම සියදිවි නසාගන්න ඉඩ තිබෙනවා. විරුද්ධ පක්ෂයට නිකන්ම රැකියා සහ ආහාර ප්‍රශ්නයට එදාට විසඳුමක් ලැබෙයි. (නි)
අපි නියම බෞධයන් වන්නේ සතුරාට උනත් මෛත්‍රී කිරීමෙන්. කෙනෙකුගේ කරදරයකදී හෝ මරණයකදී අප ඔවුන්ට සෙත් පැතිය යුතුය. එයයි මා උගත් බෞද්ධ දර්ශනය (නි)
විශේෂ කාමරයක් දුන්න එක හොඳයි.(හේ)
මේ රෝහල් බිලත් මහජනයාගේ ගිණුමට ? (බ)
රජින්දගේ අදහසට මම මේ ටිකත් එකතු කරනවා" ලංකාවේ පිස්සො ඉන්නෙ පාර්ලිමේන්තුවේ (බ)
අනේ... අනිච්චං.... සංසාරේ......?? (නි)
අපේ රටට කරපු විනාශය ගැන හිතද්දී මට නම් එන්නේ පුදුම තරහක් (නි)
එයාට විතරක් මොකද දන්නෙ නැහැ විශේෂයක්? (නි)
මිනිසුන් මුලාවෙලා. මෙයාගේ ආදායමත් හොයන්නේ මිනිසුන් මුලාකරලා. රූපවාහිනි නාලිකා හතරක්ම තියෙනවාලුනේ. (නි)
පුදුම සතුටක්නේ මේ මිනිසුන්ට තියෙන්නේ (නි)
ජයපිටබැද්දර, වෙන්න බැහැ. ඒ පැත්තේ මම දන්නා තරමට ඔහොම අය නැහැ. එයාටත් තියෙන්නේ ජයලලිතට අම්මා කියාගෙන ඉන්න. ඕනෑනම් හිලරිට පුංචි අම්ම කියලත් කියන්න බැරියෑ (නි)
ලෝකේ අමුතුම කට්ටිය ඉන්නෙ තමිල්නාඩුවෙ මම හිතන්නෙ (නි)
ලංකාවට විනකරන්න හදපු මේ අයට කර්මය පටිසන් දීලා. කෙනෙකු ලෙඩවුණාම අපි සන්තෝෂ වෙන්නෙ නැහැ. එ් වුණාට මෙයා ගැන එහෙම නැහැ (නි)
වෙනින් රටවල පිස්සෝ ඉන්නේ රෝහල් වල, ඒත් තමිල්නාඩුවේ පිස්සෝ ඉන්නේ එළියේ. පුදුම වෙනසක්නේ.! (බ)
සේරම්, තමිල්නාඩුවටම යන්න. මෙහෙ ඉන්න එපා. (නි)
ඉපදුන කවුරුත් මැරෙනවා. මමත් මැරෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් ජයලලිතාගෙන් වාසි ගත්ත තමිල්නාඩු කට්ටියටත්, අපේ උතුරේ සමහරුන්ටත් දුක ඇති. (නි)
ලෝකයේ හොඳම දේශපාලන නායිකාවක් වන ජයලලිතා ඉන්දියාව සහ තම ජාතිය වෙනුවෙන් ඉමහත් කාර්ය බාරයක් ඉටු කල කාන්තාවක් , ඇය වෙනුවෙන් අපි සෙත් පතා පුජා සහ කන්නලව් කරමු ,ඔබට ඉක්මනින් සුවය පතමි (හේ)
මරණය කාටත් පොදු දෙයක් මැරෙනවා කියන එක නොහිතන අයට නම් මරණාසන්න මොහොත බයංකාර මොහොතක් මෙතුමිය පහුගිය කාලේ කළ ඉල්ලීම් අනුව හිතන්න පුළුවන් මරණය ගැන නොහිතපු කෙනෙක් කියලා නටන කාලයකුත් වැටෙන කාලයකුත් තියන බව අමතක කරන්න හොද නැහැ .(හේ)
සතුරෙක් වුනත් කෙනෙක් ඇත්තටම මැරුණත් කිසිවකු සතුටු විය යුතු නැහැ කියන තැන තමයි මම නම් ඉන්නේ.(හේ)
විශේෂ කාමරයක් මොකටද?(හේ)
ජයා, වගේ මිලියන ගානක් ඉන්නවා තමිල්නාඩුවේ. කෝටි ගණනින් වංචා කරලත් මේ මිනිස්සු තාමත් ජයලලිත පස්සේ යනවා.(හේ)
රුපවති අක්කේ , ඔයාද පශ්චාත් පරීක්ෂණේ කළේ ? මොනවා වුණත් රටක දේශපාලකයකුට මහජනයෝ මේ තරම් ආදරේ කරනවා දැකල තියෙනවද කවුරුවත් , සමස්ත තමිල්නාඩුවම වගේ ඇයට කියන්නේ අම්මා කියල (බ)
ඕක තමයි දකුණු ආසියාතික දේශපාලනයේ අනන්‍යතාවය. (බ)
ලේසී නෑ.(හේ)
රජින්ද, අනේද කියන්නේ (බ)
කෙනෙකුගේ මරණය ගැන මම හිනා වෙන්නේ නැහැ . නමුත් මේ වෙලාවේ දී නම් කියන්න තියෙන්නේ ඔය කියන "විශේෂ කාමරය" මෝචරිය කියලාත් හැඳින්වෙන බවයි (බ)
ජයලලිතාට හොඳයි මේ වගේ මෝඩයෝ ඉන්නකම්...(බ)
මේ මාධ්‍යයට බොරු ප්‍රචාර දෙන්නේ අැයි ..මැරුණා කියල ඇත්ත කීවානම් මොකද වෙන්නේ ..ඇයි එයා සතිගානක් දැන් මැරිලා? එ්ක ලෝකෙයට වසන් කරන්නේ ...ඇයි ?ඉන්දියාවේ තරම් මෝඩයෝ වෙන කොහෙවත් මේ ලෝකේ නැහැ ..? එක පාරට නොකියා ..ටික ටික කියනවා .....? (බ)