එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී හා එක්සත් ජාතිීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී දිගටම ශී්රලංකාවට සහය දීමට චීනය සූදානමින් සිටින්නේයැයි එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියු සෙන්මින් මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී පැවසීය.
චීනය ශී‍්‍ර ලංකාවේ මිතුරෙකු ලෙස දිගටම කටයුතු කරනු ඇතැයි ඔහු කීය.
පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාවලියට විපක්ෂව සහයදීම සම්බන්ධයෙන් චීනයට ස්තුතිවන්ත වන බව හමුවේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
තවද චීනය මූලිකත්වය ගෙන ශී්රලංකාවේ කි‍්‍රයාත්මක කර ඇති ව්‍යාපෘතීන්ගේ ප්‍රගතිය හා ඒවායේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් තම ප්රසාදයද ජනපතිවරයා පළ කර සිටියේය.
චීන ආයෝජකයින්ට ශී්රලංකාව විවෘතව ඇතැයි ජනපතිවරයා සදහන් කළේය.
ශී‍්‍ර ලංකාව හා චීනය අතර ද්විපාර්ශවික සබදතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අවස්ථා තිබෙන බව ලියු සෙන්මින් මහතා පැවසීය.ශී‍්‍ර ලංකාවේ සිදුකෙරෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම්,අධිවේගී මාර්ග ඉදිකිරීම්,දුම්රිය මාර්ග ඉදිකිරීම් වැනි සංවර්ධන කටයුතු වලට තවදුරටත් දායක වීමට චීනය අපේක්ෂාවෙන් සිටින බවද හෙතෙම කීය.
චීනයට ශී‍්‍ර ලංකාව යනු ‘‘හොද මිතුරෙකු,හොද අසල්වැසියෙකු හා හොද සහයෙකු‘‘ යැයි ලියු සෙන්මින් මහතා ශී‍්‍ර ලංකාව හදුන්වාදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට වඩා චීනය කොයිතරම් හොදද (දී)
අපිව තවත් බය වෙනවානේ. එතකොට අපේ දරු මුණුබුරොත් චීන ණයකාරයෝ වේවිද? (නි)
වීන්නු ක්‍රිකට් ගහන්නේ නැති නිසා රට දියුණු වේවි (නි)
ප්‍රවේසමෙන් වැඩි සෙනෙහෙ දබරෙට තමයි . (දී)
පිටිගල මොන වගේ මෝඩයෙක්ද මන්දා? (නි)
චීනය ගැන බිය වන්නේ ගොඩක් අය කරුණු නොදැන. චීනය අතීතයේ සිටම ලංකාවට උදව් කළේ අපට අනාගතයට වැඩක් වෙන දේවල්. තවමත් එහෙමයි. (ස)
රාජතාන්ත්‍රික වශයෙන් චීනය ලංකාවට දක්වන සහයෝගය අපි අගය කළයුතුයි. ඉන්දියාව කලාපයේ බලවතා වුණාට අපිට කරන තරමක් කරන්නේ කෙනෙහිලිකම්නේ. (නි)