විදෙස් නම්වලින් හඳුන්වන ස්ථාන නාම වෙනස් කරන බව චීන නාගරික කටයුතු අමාත්‍ය ලී ලිගුවෝ විදෙස් මාධ්‍යය සමඟ කීවේය. මෙවැනි නම් ගම් චීන සංස්කෘතියට බාධාවක් බැවින් මේ තීරණය ගත් බව ඔහු කීවේය.
ඉදිරියේ දී චීනයේ ඉදිවන ගොඩනැගිලි, පාලම් හා වෙනත් ස්මාරක හෝ විදෙස් නම් වලින් නම් කිරීමට ඉඩ නොදීමට රජය තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පවසා ඇත.
හොං කොං නුවර ජනප්‍රිය මාර්ගයක් වන හොලිවුඩ් පාර සම්බන්ධයෙන් මේ තීරණය ක්‍රියාත්ක වන්නදෙ යන්න තවමත් තීරණය කැර නැතැයි ද ඇමැති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රට, ජාතිය, සංස්කෘතියට ගරු කරන මිනිස්සු. අපේ අයට හොද ආදර්ශයක්. එ්ත් ඉතින් අපේ කරුමෙට කොහෙද එහෙම වටිනා මිනිස්සු අපේ රටේ ඉන්නේ! (බ)
ඔබේ අදහසට මමත් එකඟයි. අපේ රටේ එහෙම අය නැහැ. ඉන්නේ බලය ලබා ගැනීමට, රැක ගැනීමට හදන දේශපාලන බලලෝභීන්. (නි)
අපේ රටේ තියන තරමක් විදේශ නම් ගම, ලන්ද සලේ කාරයෝ දන තරමක් දන්නේ මේ රටේ නැති නම්. අවරුදු 500 යටත් වෙලා ඉදලත් වෙනස් නොවුනු කොල්ලුපිටිය ට දැන් කියන්නේ කොල්පිටි කියල බම්බලපිටියට බඹ කියල, මහනුවරට තාම නම භාවිත කරන්නේ නැ (බ)
තාම යටත් විජිත මානසිකත්වය. සමහර වෙන්දේසි ඉඩම් වලට දාපු නම්, පදිංචි අය විතරක් නෙමේ දාපු අයත් දන්නේ නැහැ හැබැයී බොහොම ආඩම්බරයෙන්, වැරදියට උච්චාරණය කරගෙන කියවනවා. ධර්මපාල තුමා පැතූ ලංකාව කවද බිහි වෙයී ද ? (කෞ)