වසරේ දිගුම දිනය හෙවත් ‘‘සූර්යනිවෘන්ති‘‘ (සොල්ස්ටිස්) දිනය අත ළග හෙයින් එය සැමරීම සදහා මහා පරිමානයෙන් බල්ලන් එක් රැස් කිරීම චීනයේ දැනටමත් ආරම්භ වී ඇත.
මෙම එක්රැස් කරගන්නා සුනඛයින් අවසානයේ මරා දැමෙන අතර එම මස් අනුභව කිරීමෙන් සීත සෘතුව සුවෙන් ගත කළ හැකි යැයි චීන ජාතිකයෝ විශ්වාස කරති.
මේ විශ්වාසයේ එල්බ ගෙන සිටින්නවුන් බලූ මස් කෑමෙන් යෙදෙනුයේ කිලෝ ගණනිනි.බලූ මස් මිලදී ගැනීම සදහා වෙනම වෙළද සල්ද මේ සමයෙහි චීනයේ ඉදිකෙරේ.
කෙසේනමුත් අතීතය හා වර්තමානය සැළකීමේදී ගෝලීයකරණයත් සමග චීන ජාතිකයින් බොහෝ දෙනා මෙවැනි චාරිත්ර පිළිකෙව් කරති.විශේෂයෙන් තමන්ගේම යැයි සුරතලූන් ඇතිකරන පුද්ගලයෝ මෙවන් චාරිත්ර විධි අනුගමනය කිරීමෙන් වැළකී සිටින්නෝය.
චීනයේ සිදුවන මේ මහා සත්ත්ව සංහාරය සත්ත්ව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධානයන්ගේද අවධානය දිනා ගෙන ඇත.මෙනිසාම වසරක් පාසා සූර්යනිවෘන්ති දිනය ළං වෙද්දී ඔවුහු නොයෙකුත් ආකාරයේ විරෝධතා සංවිධානය කරති.
මෙවන් සංවිධාන වල විරෝධතා නිසා චීනයේ බොහෝ ප්රදේශවල මෙවන් චාරිත්ර විධි දැනට කි්රයාත්මක වන්නේ නැත.
කෙසේවුවද චීනයේ සිටින චාරිත්ර විධි ගැති ජන කොට්ඨාශය කිසියම් සංවිධානයක් කියූ පමණින් තම පුරුදු අත්හැරීමට සූදානම් නැත.මෙවර ඔවුන් කර ඇත්තේ සූර්යනිවෘන්ත දිනයේදී විවිධ සංවිධානයන් තමන්ගේ සතුටට බාධා කිරීමට පැමිණෙන හෙයින් එම දිනයට කලින්ම ඇති පදම් මස් අනුභව කිරීමයි.
සත්ත්ව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මෙසේ සුනඛයින් මරා අනුභව කිරීම කිසිදු ප්රමිතියක් අනුව සිදුනොවන්නක් බැවින් විවිධාකාරයේ ලෙඩ රෝග ඇතිවීමේ අවදානමකටත් චීන ජාතිකයින් මුහුණ දෙන බවයි.තමන් පෙනී සිටින්නේ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වුවත් මිනිසුන්ට වන හානිය ගැනද සැළකිලිමත් බව එම සංවිධානයන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයට බල්ලන් අපනයනය කරන්න වැඩපිළිවෙළක් සකස් කළොත් නරකද? (නි)
සත්ව මස් අනුභවය සංස්කෘතිය අනුව වෙනස් වෙනවා. මෙහෙ ඌරු මස් අනුභව කරන්නේ. කුකුලා , උෟරා ඇතුළු බොහෝ සතුන් විෂ සහිත සර්පයන් ආහාරයට ගන්නවා. අපි ඒවා අනුභව කරනවා නේද ?(නදී)
සුපුන්, එතකොට කන්නේ මොනවාද ???????? (දී)
බණ්ඩාර පින්වත,එහෙමවත් කියලා හිත සනසා ගනිමු නේද? (නි)
පවු අසරණ සත්තු (නි)
අපි මොනවා කරන්නද ඉතින්? (නි)
මිනිසාගේ පරම (අතිජාත ) මිතුරාට අත්වූ ඉරණම? (නි)
කුකුළා, හරක, ඌරා, සර්පය, ගෙම්බා, කියල වෙනසක් නෑ, අපිට සර්පයො බල්ලො ගෙම්බො පනුවො හුරු පුරුදු නැති නිසයි අප්පිරිය., මොන සතාගෙත් තියෙන්නෙ පණයි, මෙහෙ කුකුල්ලු හරක් ගිල ගිලම. තමන්ට උපතින්ම නුහුරු කෑමක් කන චීන්නුන්ට බනිනව නම් එතන වරද තියෙන්නේ බනින කෙනාගෙ ඔලුවෙයි,.(අ)
මෙන්න අපේ රටේ ළඟම යාළුවගේ හැටි . මෙයාව ලං කරගෙන හිටියොත් අපිටත් ළඟදීම අපිවම කාගන්න වෙයි .(දී)
මමත් බලු මස් කාලා තියෙනවා . අනෙක් මස් එක්ක වෙනසක් නැහැ. නමුත් ඉතා ගුණ කෑමකි. (ස)
හරිම පව්කාර ජාතියක් නේද? ඕවට ලගදීම දඬුවම් ලැබෙයි. (ස)
අපෝ චීනයට බනින්න එපා හදිසියේ උදහස් උනොත්.(දී)
මලු හෝ මස් කියන්නේ මිනි . ඔය දෙකම කන කෙනාට බලුමසුත් තව මසක් විතරයි . පිළිකුල් කරන කෙනා මස් හෝ මලු කන්නේ නැහැ . හොදම දේ ඔයදෙකම නොකා ඉන්න එක (දී)
බලුමස් කාපුවාහම එලිවෙනකම් දාඩිය දානවාලු. යටපතුල දැවිල්ලයිලු. මගේ යාලුවෙක් කොරියාවේ ඉදන් කිව්වා (අ)
ශාන් බළලා මිනිසාගේ මිතුරා. එතකොට කිරි හරකා ට කියන්නේ කිරි අම්මා කියල නේද ? ඒ සතාට මොකද වෙන්නේ අපේ රටේ දී. (නදී)
අහිංසක සත්තුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැති මේ වගේ මිනිස්සුන්ට ඕවා පටිසන් දෙනවා කවද හරි (දී)
එහෙම කාපුදෙන් මෙහෙටනම් එපා (දී)
ජීවක බොහෝ චීන අයට ආගමක් නෑ... සමහරු බෞද්ධ..බොහෝ අයගේ ආගමත් කොමියුනිස්ට්.. (දී)
චීන්නු ගැන නම් මොන කතාද,මම දවසක් චිත්රපටයක් බැලුව. එ්කේ තියනවා කෙනෙක් අනිත් කෙනාගේ කටට මල පහ කරනවා, (ස)
මාතර ඉඳන් කතරගමට දාන රේල් පාර හදන්න ඇවිත් ඉන්න චීන්නු ගෙන් ඒ පැත්තේ බල්ලෝ, පුසෝ, හරක් බේරා ගන්නේ බොහොම අමාරුවෙන් කියල මාතර ඉන්න මගේ යාලුවෙක් කිවුවා. හැබැයි හරක් හොරකම් කරලා පොලිසියට මාට්ටු වෙච්ච චීන්නු නම් දැන් හිරගෙවල් වල ඉන්නවා. (ස)
සෙනෙවි, ඔයා බලපු චිත්රපටය කී වෙනි මණ්ඩලයේ එකක්ද? (නදී)
බල්ලන්ගේ ජරාවත් කන උෟරන්ව අපි කනව. චීන්නු බල්ලෝ කෑවම මොකද?
අනේ මෙච්චර දියුණු ලෝකෙක මෙහෙමත් මොඩයින් තාම ඉන්නවා නේද? (ස)
බලු මස් කෑවහම මොකද වෙන්නේ? අනෙක් මස් එක්ක ගත්තහම එච්චර වෙනසකුත් නැහැනේ (නි)
ජනක ඔබ සියයට සියයක් හරි (අ)
චීන්නු බෞද්ද නේද? (දී)
චීන්නු කියන්නේ ඕනෙම දෙයක් කන්න පුළුවන් ජාතියකට. මම දැක්කා සර්පයන් හම ගහලා ඩෙවල් එකක් වගේ රස කර කර කනවා. බලු මස් කෑම අනාදිමත් කාලයක ඉදන් එන චීන සිරිතක්.(නදී)
මිනිසුන් කන්න පුරුදු වෙලා තිබෙන්නේ මස් නොකන සතුගේ මස් නේද? (නදී)
චීන ජාතිකයින් නොයෙකුත් සතුන් සර්පයින් කෘමින් ආහාර වශයෙන් ගන්නවා. සීසීටීවී චන්ද්රිකා රෑපවාහිනී වැඩසටහන් වලින් මේවා ලංකාවෙ අපට බලාගන්න පුලුවන්. (අ)
චීන්නු ඕනෑම දෙයක් කනවා. ඔවුන් කෘතීම කිකිළි බිත්තර නිෂ්පාදනය කරනවා. මිනිස් කලලරුප සුප් අනුභව කරනවා. ලිංගික උත්තේජනය සඳහා දුර්ලබ සතුන්ගේ මස් ගිලිනවා. ඉන්දියාවේ ඇතැම් අය අසුචිත් කන එකේ ඕක මොකක්ද? (අ)
මිනිමස් කන මිනිස්සුත් ඉන්න එකේ බල්ලව කන එක අහන්න දෙයක්ද.අනේ දෙයියනේ ඔය වසංගත විසබීජ අපේ රටටනම් ගෙන්න දෙන්න එපා මතු භවයකදිවත් (අ)
මම ආසම කරන සුරතල් සතා බල්ලා. බල්ලා තරම් විස්වාසවන්ත සතෙක් තිය මිනිසෙක් වත් නැහැ. (අ)
බණ්ඩාර මම චීනයේ කලක් ජීවත් උන කෙනෙක්. මම මෙහෙම දේවල් දැකල තියෙනවා. එක ඒ අයගේ සංස්කෘතිය. එත් දැන් හුග දෙනෙක් මේවගේ දේවල් කරන්නේ නැ. සතුන්ගේ මස් කනවනම් මොන සතා කෑවත් ඒක පව්. (දී)
බලු මස් මොකද කුකුල් මස් මොකද (දී)