නැගෙනහිර චීන මුහුදේ නාවික හමුදා අභ්‍යාසයක් ඇරැඹීමට චීනය සැරසේ. මෙම අභ්‍යාසයට නැව් 11 ක් ගුවන් යානා 8 ක් හා සමුදුරු නිරීක්ෂණ යාත්‍රා එක්වනු ඇති බව සදහන්ය. අභ්‍යාසයේ තේමාව වී ඇත්තේ ‘‘දේශයේ ස්වෛරීභාවයට එරෙහිව නැගෙන්නන්ට ක්ෂණික ප්‍රතිචාර දක්වමු’’ යන්නයි. කෙසේ වුවත් අභ්‍යාසය අරඹන නිශ්චිත ප්‍රදේශය මෙතෙක් හෙළි වී නොමැත. නැගෙනහිර චීන මුහුදේ ඇති සෙනකු:ඩියාඔයු දුූපත් සමූහයට චීනය තායිවානය හා ජපානය යන රටවල් 3 ම අයිතිවාසිකම් කියයි.දැනට ඒවා පාලනය වන්නේ ජපානය යටතේය. දූපත් අසලට එන චීනයට හා තායිවානයට අයත් සමුදුරු නිරීක්ෂණ යාත්‍රා හා ධීවර යාත්‍රා පන්නා දැමීමට ජපන් වෙරළාරක්ෂක හමුදා නිරන්තරයෙන් කි‍්‍රයා කරයි.මේ නිසා දැනට චීනය හා තායිවානය ජපානය සමග පසුවන්නේ එතරම් හොද හිතකින් නොවේ. ජපානයේ හැසිරීමට එකට එක කිරීමක් ලෙස ජපානය කරන අනතුරු ඇගවීම් නොසළකා චීන හා තායිවාන දෙරට සිය නාවික හමුදාවන්ට අයත් යාත්‍රා දුූපත් අවට සංචාරයේ යෙදවීමට කටයුතු කර ඇත. (කෝ.සි)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd