භාවිතයෙන් අත්හැර දමන ලද ටොන් එකක් පමණ බරැති චන්ද්‍රිකාවක් පෘථීවියට කඩා වැටීමේ අවදානමක් ඇතැයි යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි.
එහි විද්‍යාඥයින්ට ඇති ගැටලූව වන්නේ චන්ද්‍රිකාව කිනම් ප්‍රදේශයකට කඩා වැටේදැයි නිශ්චිතවම සොයාගැනීමට අපහසු වී තිබීමයි.
අභ්‍යාවකාශයේ සිට පෘථීවි වායුගෝලය ඔස්සේ පැමිණීමේදී චන්ද්‍රිකාවේ බොහෝමයක් කොටස් ගිනි ගෙන දැවී යා හැකි වුවත් සැළකිය යුතු බරකින් යුත් කොටස් ප්‍රමාණයක් පොළවට කඩා වැටීමේ අවධානමක් ඇතැයි විද්‍යාඥයෝ කියති.
නමුත් කිසිවකු බිය විය යුතු නැතැයිද චන්ද්‍රිකාවේ කොටස් කෙනෙකුගේ හිසේ වදිනවාට වඩා වැඩි සම්භාවිතාවක් පවුම් ලක්ෂ ගණනක් දෙන ලොතරැයි දිනීමකට ඇතැයිද ඔවුන් පවසයි.
මෙම චන්ද්‍රිකාව පෘථීවියේ ගුරුත්ව ක්ෂේත්රය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සදහා අභ්‍යාවකාශය වෙත යවනු ලැබූවක් බව සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චන්ද්‍රිකාව අයිති රටටම වැටුණා නම් තමා හොඳ. (නි)
අපේ කට්ටිය මේ නිව්ස් එක තියන ලොතරැයී කතාව හරියට තේරුම් අරන් නෑ වගේ. ලොතරැයී දිනුමක් දෙනවා කියලා එකේ කියල නෑ. ඒකේ කියන්නේ අතරම අඩු සම්බාවිත්වක් තියනවා කියලා විතරයි. (ස)
නරනප්පා තමයි නියම කතාව කියආ තියෙන්නේ. ඔය කියන භයානක චන්ද්‍රිකාව ආපසු අපේ රටට කඩා පනින්න හිතාගෙන ඉන්නවලු, රට බේරා ගන්න කියලා. අපි ටිකක් සෝදිසියෙන් ඉඳිමු. (නි)
සෑම්, ඒ වුණත් එහෙම බෝම්බ දාන්නේ ගණන් හදලා බලලා. දැන් ගුවන් යානයේ උස, වේගය, සුළගේ දිශාව, ඉලක්කයට ඇති දුර ආදිය ගණනය කරලා බලලා තමයි බෝම්බය දාන්නේ. භොතික විද්‍යාවේ තිබෙනවා ප්‍රක්ෂිප්ත කියලා කොටසක්. ඒක භාවිතයෙන් තමා මේ ගණනය කිරීම් කරන්නේ. ඒ නිසා සුළු වෙනසක් වුණත් ගොඩක් දුරට නිවැරදි ඉලක්කයට බෝම්බය වැටෙනවා. (නි)
අමිල කටුනායක, අපේ කට්ටිය මාතර කැකනදුරේ සමදරාලගේ ගෙදර ගිහිල්ලා රා බීලා වෙරිවෙලා තවම එහෙ. (නි)
1994 එංගලන්තයේ තිබිලා ලංකාවට වැටුණු චන්ද්‍රිකාවෙන් වූවා වගේ හානියක් මේකෙන් වෙන එකක් නැහැ. ඒක වැටුනට පස්සේ අපේ ගුවන් සේවෙත් එමිරේට් ගතවුණා.ඔන්න ඔහේ ලංකාවට වැටිච්චදෙන් (නි)
සර්වබලධාරී දෙවියන්ටවත් බැරිද ඕක වට්ටවන්නේ නැතුව තියන්න? (නි)
චෝගම් 2013 එකටද? (නි)
දෙයියන්ගේ කැමැත්ත අනුව ඕක වැටෙන්නේ . සර්වබලධාරී දෙවියන්ට පුළුවන් ඕක නිසි තැනට වට්ටවන්න . ඒක අපිට ඕනේ විදියට වෙන්නේ නෑ. (ස)
චමත්,, ඔබේ අදහස හරි. ඒ උනාට දීල තියන උදාහරණය හරි නැහැ. ගුවන් යානයකින් පැරෂුට් නැතුව පැන්නොත් වැටෙන තැන ආසන්න වසයෙන් කියන්න පුළුවන්. ඒකට උදාහරණය තමා ගුවනින් බෝම්බ දැමීම. (ස)
පංචිකාවත්ත පැත්තට වැටුනොත් නම් පැය බාගයක් යන්න කලින් චන්ද්‍රිකාව මස් කරලා කෑලි ටික අරන් යාවී. (ස)
බැරිවෙයිද දන්නෑ අර ජලාශය මැද තියෙන බිල්ඩිං එකට පතෝරියන් කරලා දාන්න.(නදී)
සුගත්, චන්ද්‍රිකාවක් කක්ෂගත කළාට පස්සේ එය පාලනය කරන්න විදිහක් නැහැ. ඒක කඩා වැටෙන්නේ නිදහසේ. ඒකෙ චලිතය ගැන කියන්න විදිහක් නැහැ. කිලෝමීටරයක් විතර උඩින් යන ප්ලේන් එකක ඉඳලා පැරිචුට් එකක් නැතුව මිනිහෙක් පැන්නොත් ඒ මිනිහා වැටෙන්නේ කොතනටද කියලා කියන්න පුලුවන්ද? (නි)
ඔය කියන ලොතරැයිය, ඒක උඩ යවපු අයටම ඇදුනා නම් තමයි හොඳ. (නි)
අපේ අයගේ ඔලුවට වැටුනා නම් හරි.(නදී)
ඕක වැටෙන්න ඕනෑ තමිල්නාඩුවේ අරයාගේ ගෙදරට එයත් ඉන්න වෙලාවට. මගේ එකම පැතුම එයයි (නි)
සුගත්, චාඕස් තියරි කියලා එකක් තියෙනවා, පුළුවන්නම් හොයල බලන්න. අන්න ඒ නිස තමයි මේ වගේ දේවල් හරියටම කියන්න බැරි.(නදී)
තමන් යවපු, වේගය දිශාව දැනගෙනත් මේක වැටෙන තැන සහ කවදද කියල කියාගන්න බැ. ඒ අය කොහොමද කියන්නේ අපි නොදන්න ඉතා දුර තියෙන ඒවා ගැන.......තව වර්ෂ ගණනකින් එන ඒවා ගැන.......???(නදී)
ඕක කාගේ හෝ හිස මතට වැටී කරදයක් හෝ මිය ගියහොත් රක්ෂණ මුදලක් ගෙවනවාද එම චන්ද්‍රිකාව අයිති සමාගමෙන්. මොකද අපේ ලංකාවේ පාරේ වාහන වලට ඕන කමින් පැනල තුවාල කරන් රක්ෂණ මුදල් ඉල්ලන කොටස් සිටිනවා . ඕක වැටෙනකොට ඔලුව අල්ලලා අපේ උන් සල්ලි ඉල්ලන්න බැරි කමක් නැහැ.(නදී)
ඕක ලංකාවට වත් කඩා වැටුනොත් ඕකේ තියෙන කෑලි ටිකවත් අපේ අයියලට ගලවලා පරණ යකඩ කඩේට දීල මුදලක් සොයා ගත හැකියි.(නදී)
ඕක තියන තැන දන්න නිසා මුක්කු වක් වත් ගහන්න .(නදී)
කෝ අනේ අපේ අර සුප්‍රීම් සෙට් එක.(නදී)
අනේ අපේ කලපුවට වැටෙද්දෙන්කෝ. එතකොට ඔය අනවසර පදිංචි කරුවන් ඉබෙටම යන්න යයි.(නදී)
තමිල් නාඩුවට හරි විග්නේශ්වරන් ඔලුවට හරි වැටුනා නම් හරි නේද? (නදී)
ඒ ලොතරැයියත් අපේ ලොතරැයි වගේ කඩා වැටුනත් කියයිද දන්නේ නැහැ මෙවර ජයග්‍රාහකයෙක් නොමැත.ඊළඟ වතාවේ දිනුම් වාරයට ලැබෙන ත්‍යාගයට දෙගුණයක් වෙන බව .අනේ..ඇඟට නොවැටී ..වත්තේ දරගෙට කඩා වැටීයන් ..ග්‍රාම සේවක වාර්තාවෙන් ..වන්දි ගන්න හැටි ..අපිට උගන්වන්න ඕනද ? (නදී)
සෞදි අරාබියට වැටුනා නම් හරි.(නදී)
භාවිතයෙන් අත ඇරපු අපේ ඒවා නම් කඩා වැටිලා හුගක් කල්. දැන් ඒක ප්‍රතිසංස්කරණය කරගන්න කෑලි හොයනවා. නමුත් ගෙවිලා වැඩි නිසා කවුරුත් ආයෝජනය කරන්න බයයි. හේතුව කවුරුත් දන්නවා ව්‍යාපාරය කිසි දිනක නැවත ලාබ ලබන තත්වයට පත්කර ගත නොහැකි බව.(නදී)