ගෙළෙහි අමතරව පිහිටා ඇති ග්‍රෛවී කෂේරුකා 3 ක් නිසාවෙන් අසාමාන්‍ය ලෙස දිගු ගෙලක් හිමි චීන ජාතික සිසුවෙකු සැත්කමක් ආධාරයෙන් සුවපත් කිරීමට එරට වෛද්‍යවරු කටයුතු කරමින් සිටිති.
ගෙල හා සුෂුම්නාව සම්බන්ධ වන අස්ථි සමූහය හැදින්වෙන්නේ ග්‍රෛවී කෂේරුකා ලෙස වන අතර සාමාන්‍ය පුද්ගලයෙකුට ඇත්තේ ග්‍රෛවී කෂේරුකා 7 කි.
නමුත් 15 හැවිරිදි ෂු වෙන්ගුයිගේ ගෙලේ ග්‍රෛවී කෂේරුකා 10 ක් පිහිටා ඇත.මෙනිසා ඔහුගේ ගෙළ අසාමාන්‍ය ලෙස දිගුය.
ගෙළ දෙපසට හැරවීම දැඩි වේදනාවක් ගෙන දෙන බවත්,හරිහැටි ඇවදීමට පවා නොහැකි බවත් වෙන්ගුයි පවසයි.
වෛද්යවැන්ට අනුව වෙන්ගුයි මව් කුසයේ කළලයක්ව සිටියදී සුෂුම්නාව හරිහැටි වර්ධනය නොවීම මෙයට හේතුවී ඇත.
සාමාන්‍ය ගෙළක් ඇතිව සාමාන්‍ය මිනිසෙකු මෙන් සිටීම තමන්ගේ එකම අපෙක්ෂාව බව වෙන්ගුයි කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොරෝචෝලේ බලාගාරය ඇතුළු සමහර චීන නිෂ්පාදන ගැන බැලුවහම චීන තාක්ෂනය ගැන විශ්වාසයක් තබන්න බැහැ, වැඩේ වැරදුනොත් ළමයට වෙන්නේ ජිවිත කාලයක්ම අබ්බගාතයෙක් වෙන්න එහෙම නැත්නම් පරලොව යන්න , (අ)
තාක්ෂණය අතින් දියුණු චිනයවගේ රටකට ඕක සුළු දෙයක්.(අ)
ඉසුරන්දි එතකොට අර නොරෝචෝලේ බලාගාරය ඇන හිටලා තිබෙන්නේ මොකද ?(අ)