අයර්ලන්තයේ ස්ලිගෝ නගරය ආසන්නයේ පෙරළී ගිය ගසක මුල් අතර තිබී වසර 900ට පමණ පෙර සාහසික ඝාතනයකට ලක්වූ තරුණයකුගේ ඇටසැකිල්ලක් හමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිනිස් ඇටසැකිලි මතුකරමින් පෙරළී ගොස් ඇත්තේ දැවැන්ත බර්ච් ගසකි. එහි මුල් පද්ධතිය සමග හිරවී මේ මිනිස් අස්ථි කොටස් ඉහළට පැමිණ ඇත.
පර්යේෂකයන් පවසන්නේ මෙය පැරණි සොහොනක් විය හැකි බවයි. කොදු ඇටපෙළ හා හිස ඇතුළු ඉහළ කොටස් ගසේ මුල් සමග ඉහළට එසවී ඇති අතර පාද ඇතුළු සිරුරේ පහළ කොටස් පොළොව මත තිබෙණු දක්නට ලැබී ඇත.
මේ සැකිල්ල සම්බන්ධයෙන් පර්යේෂණ කළ ස්ලිගෝ ජාතික සිහිවටන කෞතුකාගාරයේ ආචාර්ය මැරියන් ඩවුඩ් මහත්මිය පවසන්නේ මියගෝස ඇත්තේ අවුරුදු 17ත් 20ත් අතර තරුණයකු බව අස්ථි පරීක්ෂණයේ දී තහවුරු වූ බවයි. ඔහුගේ උස අඩි පහයි අගල් පහක් පමණ වන්නට ඇතැයි ද විශ්වාසයක් පවතී. එම අස්ථි කාල නිර්ණයේ දී පෙනී ගොස් ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1030ත් 1200ත් අතර කාලයේ දී මොහු මියයන්නට ඇති බවයි. පෙරළී වැටුණු බර්ච් ගස වසර 250ට වඩා පැරණියැයි ද කියති.
මියගොස් ඇති තරුණයාගේ හිස් කබලේ සහ අතේ අස්ථිවල ඇති තියුණු කැපුම් තුවාල සළකුණු හේතුවෙන් ඔහු සාහසික ඝාතනයකට ගොදුරුවන්නට ඇතැයි ද පර්යේෂකයෝ කියති.
මරණයට හේතුව යුද්ධයක් හෝ පුද්ගලික ආරවුලක්දැයි ස්ථිරවම කිව නොහැකි වුව ද පැරණි තොරතුරු අනුව මේ ස්ථානයේ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයක් හා සොහොන් බිමක් තිබූ බවට සාධක ඇත. සිරුරේ හිස සහ පාද පිහිටා ඇති ආකාරය අනුව ක්‍රිස්තියානි විශ්වාසයන් පිරිදි නැගෙනහිරට හා බටහිරට සිටින ලෙස මේ තරුණයාගේ සිරුර මිහිදන් කැර තිබෙන්නට ඇතැයි ද ආචාර්ය ඩවුඩ් මහත්මිය පවසන්නීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැඟවුණ ඝාතනයක සුළමුල හෙළිදරවුවක්ද? (නි)
සාහසික ඝාතනයක් කියලා කොහොමද කියන්නේ හදිසි අනතුරක්ද දන්නේ නෑ?(ම)
පුදුමාකාර සිදුවීමක් තමයි (නි)
හරක් වාගේ හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා (ම)
ඒ කාලෙත් සුදු වෑන් තිබුනද දන්නේ නැ(ම)
අපි හයිබ්‍රිඩ් අධිකරණයක් මගින් මේ අපරාධකාරයන්ට දඩුවම් දෙනවා. ලැබිල තියන සාක්ෂි අනුව පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේකට සම්බන්ධයක් තිබෙන බව හෙළි වෙලා තියනවා. (බ)
පුදුමාකාර දෙයක් (නි)
මංගලට තමා නිවැරදිවම කාරණය වැටහිලා තියෙන්නේ (නි)
සොබාදහමේ අපූර්වත්වය කොතෙක්ද? (නි)
මේකටත් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න වෙයිද දන්නෙ නැහැ (නි)
අල්ලාගෙන ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න (නි)
මේක මෙහෙම මතුවුණේ ඉතිහාසයේ වැදගත් යමක් මතුකරන්නට වියහැකියි. (නි)
අපරාධකාරයෝ ආයුධ පෙන්වන්න රැගෙනයමු (නි)
අම්මෝ! දකිනකොටත් බය හිතෙනවා (නි)
ස්වභාව ධර්මයේ හැටි එහෙම තමයි. අවසානයේ ගසත් මියගියා (නි)
මොකක්ද මේ රහස? (නි)
මට හිතෙන්නේ අපරාධ කරු අසේල වෙන්න ඇති ....නැද්ද මන් අහන්නේ? (අ)
අනේ මන්ද මේවට අඩන්නද හිනාවෙන්නද කියලා අනුන්ගේ රටවල් වල ඒවට වඩා තමන්ගේ රටේ වෙන දේවල් ගැන හොයල බැලුවොත් නරකද (අ)
මටත් පෙනෙන්නේ අසේලට ඕනෑ වැඩේ යටගහන්න. (නි)
සමීර, දර්ශ කියනවා වගේ කොහොමහරි මේ ගැන හොයන්න ඕනෑ. (නි)
ඔව් ඔව්, අසේල වැඩේ යට ගහන්න යන්නේ. (බ)
මැරුන තැන ගසුත් පැලවෙලා කියන්නේ මෙන්න මේවට තමයි (නි)
දර්ශ මේගැන හොයන්න කොමිසමක් යෝජනාකරමු සීකෝ (බ)
ඒක ඇත්ත. අපරාධකාරයින් හොයාගන්න ඕනෑ. මේක නිකන් අතාරින්න බැහැ (නි)
අසේල, එහෙම කියල ලිස්සල යන්න දෙන්න පුලුවන්ද ? අපි හෙටම පාරට බහිනවා.(ම)
අනේ දර්ශා, මේක අවුරුදු 900 කලින් වුන දෙයක්. ඉතින් මේක කරපු අපරාධකාරයෝ දැන් කොහොම හොයන්නද? (බ)
අපරාධ කරුවන් සොයා වහාම"උපරිම " දඬුවම් ලබා දෙන්න .. (ම)
කොල්ලා ගහත් පෙරළගෙනම රහසක් අනාවරණය කළා එහෙනම් (නි)