මැලේසියානු එම්එච් 370 යානයේ අතුරුදන් වීම හිතාමතාම සුදානම් සහිතව කරණ ලද ක්‍රියාවක් බව යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලියා ප්‍රකාශකරන අළුත් ම පොතේ දක්වා තිබේ.
මෙම පොතේ කර්තෘවරුන් වන නවසීලන්තයේ වානිජ ගුවන් නියමු සහ හැමිල්ටන් නගර සභික එවන් විල්සන් සහ ටයිම්ස් පුවත් මාධ්‍යවේදී ජොෆ් ටේලර් පවසන්නේ මෙම යානය හදිසි අනතුරකට මුහුණ පා නැති බව තම පාඨකයනට පෙන්වා දීමට මෙම පොතේ කරුණු දක්වා ඇති බවයි.
විල්සන් ‘‘මැලේසියන් 370 ට සුභ රාත්‍රියක්“ යන්න නම්කොට ඇති මෙම පොත පිලිබඳව මාධ්‍යයට පවසා ඇත්තේ මෙම ගුවන් යානයේ අතුරුදන් වීම සඳහා පසු පසින් වන සත්‍ය තත්වය පෙන්වා දීම හේතුවෙන් ගුවනින් යන්නන් තැතිගන්නා බවයි.
පළමු වරට මෙම අතුරුදන් යානයේ විශ්වාස කළ නොහැකි ගමන් මාර්ගය පිලිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණයක් කර ඇති අතර අපි විශ්වාස කරණ්නේ මෙම ගුවන් යානයේ ප්‍රධානියා විසින් මෙම යානය ඉන්දියානු සාගරයට දමා අනතුරට පත්කල බවයි.
මීට ප්‍රථමයෙන් ගුවන් සමාගම් දෙකක ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති විල්සන් ප්‍රවාහන කටයුතු වල ආරක්ෂාව හා විමර්ශනය පිලිබඳ විශේෂඥ සුදුසුකම් ලබා ඇත්තෙකි. ඔහු පවසන්නේ තම පාඨකයින්ට අවසානයේදී තැතිගත් සහ විශ්වාස කළ නොහැකි අවසානයක් මෙම පොත මගින් ඇති නොවීමට සියළුම සාක්ෂි විමර්ෂණය කර මෙම ගුවන් යානයේ අතුරුදන් වීම පිළිබඳ තිබූ රැඟුම් සැකිල්ල ඉවත් කර බවයි.
සම කතෘන් දෙදෙනා මැලේසියාවට ගොස් අතුරුදන් යානයේ නියමු සහරි ආමඩ් ෂාගේ පවුලේ සාමාජිකයින් සමග කළ සම්මුඛ සාකච්ඡාවලින් ලබාගත් තොරතුරු ද මේ පොතට ඇතුලත්ව තිබේ. නමුත් ටේලර් පැවසුවේ බලධාරින් ඇත්ත ඇති සැටියෙන් භාර ගැනීමට අකමැතිවූ බවයි. අපි මෙම ගුවන් යානය පිටත් වු පර්යන්තය එනම් මෙම ගුවන් යානයෙන් ඇමතුමක් ලැබෙන තෙක් ඥාතීන් රැඳී සිටින ස්ථානය නැරඹු බව ද ඔහු පවසා ඇත.
විල්සන් පවසන්නේ මාර්තු අටවැනි දා අබිරහස හේතුවෙන් ගුවන් මගීන් ඉදිරියේ දී තමන් කුමන ගුවන් සමාගමට අයත් යානා වල ගමන් කල යුතුද යන්න ප්‍රවේශමෙන් තෝරා බේරා ගැනීම සිදුකළ යුතු බවයි. තවද ඔවුන් පවසන්නේ ගුවන් යානා වල කාර්යය මණ්ඩලය තොරාගැනීම් පිළිවෙල ද ගුවන් සමාගම් විසින් වහාම වෙනස් කළ යුතු බවයි.
මේ අතර ඕස්ට්‍රෙලියාව විසින් අතුරුදන් යානය සෙවීම සඳහා ඉන්දියන් සාගරය සිතියම් ගත කිරීමට නවින අංගෝපාංගයන් ගෙන් සපිරි නැවක් යොදා තිබේ. ඕස්ට්‍රෙලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය අතුරුදන් යානය සෙවීටම ඉන්දියන් සාගරයේ වර්ග සැතපුම් 24000 ක් පරික්ෂා කිරීම සඳහා සැලසුම් කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සමහරු කියයි අපරාදේ මත්තල හැදුවේ කියලා (නි)
පහුගිය දවසක දක්ෂිණ අධිවේගී මාර්ගයටත් ගුවන් යානා රෝදයක් වැටුණා නේද? (නි)
පෙනෙනවිදියට මැලේෂියා නොවෙයි කොයි ගුවන් යානයත් මේ යන විදිහට අනතුරුදායකයි (දී)
පිට රට යන්න බය හිතෙනවා (දී)
එ්කනේ අපි රටම ඉන්න තීරණය කරලා තියෙන්නේ (නදී)
ශාලිකා මිනිස්සු කීයක් ඇඳ උඩදී මැරෙනවද? එහෙනම් ඔයා ඇඳේ නිදා ගන්නත් බය වෙන්න ඕනෙනේ. වෙලාව ආවම කොහේ හිටියත් යන්න වෙනවා. (නදී)
මෙම ගුවන් යානය 'පනු කුහරයකට' අසුවී අතීතයට හෝ අනාගතයකට ගොස් ඇති බව සිතා ගත හකිය. එහෙයින් ආපසු පැමිනීම බලාපොරොත්තු විය හැක (දී)
බෝයින්ග් යානයක් වෙලත් ඇමෙරිකාවට එක හොයන්න කිසිම උවමනාවක් නැහැ එයාලට සල්ලි විතරයි ඕනේ. ගුවන් සමාගම් බෝයින්ග් යන මිලට ගානෙම නැවැත්විය යුතුයි (දී)
ඇමෙරිකාව සිදුවුණ දේ දන්නා නිසා හොයන්න අකමැති ඇති.අනෙක් අය හොයන දිහා බල බලා හිනාවෙනවා ඇති. (නි)
අපි දැන් ලංකාවට එන්නේ කොහොමද? (නි)
ගුවන් යානයේ මඟීන් පිටසක්වල සංචාරකයින් ලෙසින් පැහැරගෙනද දන්නෙ නැහැ (නි)
අහස උසට නැග ගියාට නෑනේ අහසේ රැදෙන්නේ අහසේ මාලිගා හැදුවට අපි පොළවෙයි සිටින්නෙ (නදී)
දැන්නම් බය හිතෙනවා (නි)
MH 370 , ප්ලේන් එක යන වෙලාවට තව ප්ලේන් එකක් ඒ පාරෙන්ම යවල ,බැලුවොත් මොකක් හරි හොයා ගන්න බැරි වෙයිද? (දී)
මම ඉන්න රටේ ඉඳන් ලංකාවට එන්න ඕනේ. අහසින් එන්න බය නිසා මීගමුවෙන් තෙප්පමක් අරන් නව සීලන්තෙට එවන්න පුලුවන්ද? ඉල්ලන ගානක් දෙන්නම්. හැබැයි ලංකාවට ගෙනාවට පස්සේ.(නදී)