යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මුල්වී නිර්මානය කළ ‘ගයියා‘ අභ්‍යාවකාශ ගවේෂක චන්ද්‍රිකාව පසුගියදා සාර්ථකව අභ්‍යාවකාශ ගත කෙරුණි.
මෙම අභ්‍යාවකාශ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති මුදල පවුම් කෝටි 200 කට ආසන්නය.
විද්‍යාඥයන් පවසන ආකාරයට ‘ගයියා‘ පෘථීවියේ සිට කිලෝමිීටර ලක්ෂ 15 ක් දුරින් ස්ථාවරව රැදවෙනු ඇත.
‘ගයියා‘ නිර්මානය කර තිඛෙන්නේ දැනට අප ක්ෂීරපථයේ හදුනාගෙන ඇති තරු හා ග්‍රහලෝක වල නිවැරදි පිහිටීම සිතියම් ගත කිරීමේ පහසුව තකාය.තවද කලූ කුහර ආදී විශ්වයේ හරිහැටි පැහැදිලි කර නොගත් සංසිද්ධීන් මෙන්ම නව සෞරග්‍රහ මණ්ඩල පිළිඹද තොරතුරු එක්රැස් කිරීමද ගයියා ආධාරයෙන් සිදුකෙරෙනු ඇත.
මෙතෙක් අභ්‍යාවකාශ ගත කෙරුණු කිසිදු අභ්‍යාවකාශ යානයක හෝ චන්ද්‍රිකාවට නොතිබූ තරමේ ඉහළ විභේදන බලයකින් යුතු කැමරාවකින් ගයියා සමන්විතය.මෙගා පික්සල 2000 ක විභේදන බලයක් ඇති මෙම කැමරාවෙන් ලබාගත හැකි ඡායාරූපයන් ආධාරයෙන් අප ක්ෂීරපථය හොදින් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇතැයි විද්වත් මතයයි.
ගයියා ආධාරයෙන් තරු හා ග්‍රහ පිහිටීම් කෝටි 100 ක් පමණ හදුනාගැනීමට විද්‍යාඥයන් අපේක්ෂා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ග්රාලෝකෙකට පවුම් 2යි මාත් එකක් ගන්නව...(අ)
මැප් එක ඇඳලා ඉවර උනහම කියන්න. මම මැප් එක නැති හින්ද යන්න විදියක් නැතුවයි හිටියේ. (අ)
එක කිලෝ මීටරයක් යන්ඩ පවුම් 1300යි. අපේ ලංගම සහ දුම්රිය පවුම් කාලකින් ඔය දුර යනවා. (නදී)
විහිළු තහළු නොකරන්න. මෙතෙක් දුරක් පැමිණි මිනිස් මොළයේ මහිමය ගැන සිතන්න. (ත)