කාන්තාවකට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු ගිරවෙක් පොලිස් අත්තඩංගුවට පත් විය. ජන්බාර් සඛර්කාර් 85 වියැති කාන්තාවකි. අගේ සැමියාට වෙනත් විවාහක කාන්තාවක්ද සිටිති. සුරේෂ් එම කාන්තාවට දාව උපන් දරුවෙකි. සුරේෂ් තම සුළු මව කෙරේ තරහින් පසුවන අතර ඔහුගේ සුරතල් ගිරවාට අසභ්‍ය වචන උගන්වා තමාට බැන වැදීමට සලස් වන බව සුළු මව මහරාස්ට්රා ප්‍රාන්තයට අයත් චන්ද්රපුර් දිස්ත්‍රික්කයේ රජුරා පොලිස් ස්ථානයට පැමිණිලි කළාය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය කාන්තාවත් ගිරවාත් ගිරවාගේ හාම්පුතා වන සුරේෂ් පොලිසියට ගෙන්වා ඔවුන් සමාදාන කිරීමට උත්සහ කලත් ගිරවා නිසා එය කිරීමට නොහැකි වූ බව රජුරා පොලිසිය පවසයි. කාන්තාව දුටු සැනින් ගිරවා පොලිස් ස්ථානය දීම ඇයට ඉතා අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව පොලිසිය කියයි. ගිරවා මේ වන විටද පොලිසිය රදාවාගෙන සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්නිගේ චමින්දගේ කතාව නම් ගින්දර වගෙයි (නි)
අනේ මෙහෙමත් සත්තු? (නි)
අපේ පාර්ලිමේන්තුවේත් කුණුහරප කියනකොට මොකටද අනුන්ගේ ගිරවෙක් ගැන කලබල වෙන්නේ? (නි)
ගිරවා වුණත් ඌටත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ (නි)
මම කුඩාකාලේ මට මතකයි හැමදාම උදේ පාන්දර කහ කුරුල්ලෙක් දොරකඩ තිබුණු කොහොඹ ගහේ ඉඳලා හොඳ කුණුහරුප ටිකක් මුළු ගමටම ඇහෙන්න කියවලා යනවා....? ඒත් අපේ ගෙදර තාත්තා වත්, ලොකු අයියාවත් කවදාවත් පොලිසියට ගියේ නැහැ ඒ කහ කුරුල්ලට විරුද්ධව. (නි)
මට ෂුවර් ඕකා අපේ ඇමති කෙනෙක්ගේ. (නි)
කුණුහරප කියන ගිරවෙක් මම රූපවාහිනියෙත් දැක්කා. උගෙ වාසනාව! තවමත් යහතින් (නි)
ලංකාවේත් ඒ වගේ ගිරව් ඉන්නවා (නි)
මාත් හදන්න ඕනෑ එකෙක් (නි)
ඔය ගිරවා ඉස්සෙල්ලාම හැදුනේ වාසුදේව අයියගේ ගෙදර ඊට පස්සේ මර්වින් අයියා ගිරවට ආස හිතිලා එයාගේ ගෙදරට ගෙනිච්චා. මර්වින් අයියගෙන් ඉල්ලගෙන තමයි සුරේෂ් ගිරවා ඉන්දියාවට අරන් ගියේ. අන්තිමේදී ගිරවාගේ භාෂාව ගිරවට අමතක උනා. (නදී)
වන්නි කිවුවා එහෙනම් නියම කතාවක්... (නි)
ලංකාවේ පොලිසියකට ගිරවා ගෙනිච්චා නම් ගිරවාගේ අම්මලා, තාත්තලා, අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා, අහළ පහළ ගිරවු ඔක්කොම කූඩුවේ. අන්තිමට උසාවියේදී ගිරවාගේ කූඩුව රඳවාගෙන ගිරවු ටික නිදහස් කරයි ඇප දීලා. ගිරවාගේ කරුමෙකට ඌ වෙනත් රටක ඉපදුනේ. (නි)
අහිංසක ගිරවා කූඩුවේ දොර ඇරලා කැලේට යැවුවා නම් ඔය ප්රශ්නය ඉවරයිනේ (නි)
අපේ අහවල් දේශපාලකතුමාගේ ගිරවුන්ට මොකද දන්නෙ නැහැ වුණේ? ඉන්දියාවට ගියාවද්ද? (නි)
ලංකාවේ වුණා නම් ගිරවයි කොල්ලයි දෙන්නම ඉවරයි (නි)
වෙනස මේකයි ලංකාවේ ඉන්න ගිරවා සහ උගේ හාම්පුතා යන දෙදෙනාම ලංකාවේ ජනතාව විසින් පාර්ලිමේන්තුවට නැවත යවන ලදී. ඉන්දියාවේ ගිරවා සහ උගේ හාම්පුත පොලිස් කුඩුවට යවන ලදී (නදී)
චමින්ද, හරියටම හරි (අ)
අද දවසේ අසූ රසවත්ම කතව තමය් වන්නි කිවුවේ. (අ)