නොයෙකුත් හේතූ නිසාවෙන් දරු පිළිසිදගැනීමකට හැකියාව නොමැති බටහිර කාන්තාවන් වෙනුවෙන් තම ගර්භාෂ කුලියට දීමට ඉදිරිපත් වන කාන්තාවෝ ඉන්දියාවේ සිටීති.
මෙය ඉන්දියාවේ අඩු ආදායම්ලාභී පවුල්වල අලූත්ම මුදල් ඉපැයීමේ ක්‍රමය වි තිබේ.මෙවන් කාන්තාවන්ගේ සේවය සැපැයීම වෙනුවෙන්ම පිහිටවුණු ආයතනයන්ද දැන් ඉන්දියාවේ ඇත.
වෛද්‍ය නයනා පටෙල් එවැනි ආයතනයක හිමිකාරිනියකි.ඇය යටතේ තම ගර්භාෂය කුලියට දීමට ඉදිරිපත්ව සිටින කාන්තාවන් 100 දෙනෙක් පමණ සිටීති.
‘‘සමහරුන් මේ දිහා බලන්නේ වපර ඇහින්.මට මරණ තර්ජනත් එල්ල වෙනවා ඇතැම් අවස්ථාවල.නමුත් මම මෙය වැරැද්දක් විදියට දකින්නේ නැහැ.
මා යටතේ ඉන්නා කාන්තාවන් තමන්ගේ ගර්භාෂයේ වෙනත් අයගේ දරුවන් වැඩිීමට අවස්ථාව ලබා දෙන්නට ඉදිරිපත්ව සිටින්නේ තමන්ගේම කැමැත්තෙන්‘‘ වෛද්‍ය නයනා පටෙල් කියයි.
සංසේචනය කරන ලද ඩිම්භයක් ගර්භාෂයේ වර්ධනය කිරීම මෙහිදී සිදුවේ.ඩිම්භය සැපැයෙනුයේ දරුවන් ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනා කාන්තාවයි.ගර්භාෂය කුලියට දීමට ඉදිරිපත්ව සිටිනා ඉන්දීය කාන්තාවන්ගේ කාර්යභාරය වන්නේ එම ඩිම්භය තම ගර්භාෂයේ වර්ධනය කර ගැනීමයි.
දරු උපතින් පසු ඩිම්බය ප්රදානය කළ කාන්තාවට ඉන්දියාවට පැමිණ තමන්ට දාව වෙනත් කෙනෙකුගේ කුසයෙන් උපන් දරුවා ලබා ගැනීමට හැක.මෙම ගර්භාෂ කුලියට දීමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක වන්නේ එලෙසය
මේ සදහා පවුම් 18,000 ( රුපියල් 3906000 ) ක පමණ මුදලක් අයකෙරේ.මෙම මුදලින් ගර්භාෂය කුලියට දෙන කාන්තාවට පවුම් 5000 (රුපියල් 1085000 ) ක් පමණ ගෙවන බව වෛද්‍ය නයනා පටෙල් පවසයි.
ඉදිරියේදී මෙවන් ගර්භාෂ කුලියට දෙන කාන්තාවන් වෙනුවෙන්ම රෝහලක්ද ඇති කිරීමට තමන් සැළැසුම් කර ඇතැයි ඇය කියයි.
සදාචාර විරෝධී යැයි පෙණුනද මෙම ක්‍රමයෙන් දරු සුරතල් බැලීමේ වාසනාව හිමිකරගත් දෙමව්පියන් නැතුවා නොවේ.දරුවකු හදා වඩා ගැනීම වඩා යෝග්‍ය වන්නේ නොවේදැයි බොහෝ දෙනා කියතත් දරුවන් නැති සොවින් ලත වෙන තමන්ගේම දරුවෙකු ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටින දෙමව්පියන් නම් මේ ක්‍රමයට ඉත සිතින් කැමැත්ත පළ කර ඇති බව වෛද්‍ය නයනා සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාභාවිකත්වයට මේ ක්‍රමය පටහැනියි. අවජාතකයන් ලෙස මේ බිහිවන දරුවන් හැදින්විය හැකියි.(නදී)
නීල් රනා, දෙවිකෙනෙක් කියන්නේ උතුම් කෙනෙක්. හැබැයි මිත්‍යා දෘෂ්ටික දෙවිවරු හා සම්‍යයක් දෘෂ්ටික දෙවිවරු කියලා දෙගොල්ලක් ඉන්නවා. ඒ කොහොම වුණත් අසරණ කෙනෙක්ට පිහිටවෙන එක තමයි දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඕනෑ. එහෙම නැත්නම් දෙවියෝ මොකටද? (නි)
අඳේට ගත් කුඹුරු මඩකර හා ගන්න... බිජුවට වපුරලා හතරෙන් එක දෙන්න... දරුවට අම්මලා වූවත් පන දුන්න... අතිමිට නැතුව වෙයි දරු දුක උහුලන්න...(නදී)
දැන් මට තේරුණා. (නි)
ගොඩාක් උතුම් වැඩක් (නි)
අඳයට දුන්න කුඹුරක් ගැන තතු දන්න.... පින්වත් කෙනෙක් අනේ මගෙ පිහිටට එන්න... හිත යට සැකක් නැත ඇත්තම පවසන්න ... බිජු වපුරන්න අඳයට කුඹුරක් දෙන්න.... (නි)
මේවා දෙවියන් වහන්සේගෙන් දඩුවම් ලැබෙන වැඩ. (නි)
අයියෝ සරත්, දෙකේ පන්තියේ ළමයා පවා මේ කතාව දන්නවා (නි)
මට මෙහි සදාචාරමය ප්‍රශිනයක් තිබෙනවා. ඉහත ක්‍රමය යාන්ත්‍රික,වානිජමය,උදාරතම වූ මව් පදවියට තර්ජනයක්.මේ දුෂ්ට වානිජමය ක්‍රමය තුල රසායනාගාර ක්රියාවලියෙහි විවෘතභාවයද සැකසහිතයි (නි)
දරුවන් නැති අම්මලට උපකාරයක් (දී)
නීල් රනා ඉල්ලගෙන කන (දී)
මේ දරුවන් අවජාතක වෙන්නේ කොහොම ද මට තෝරලා දෙන්න බැහැ නිව්ස් එක හොදට කියවා බලන්න'' ජානා '' මොලේ ''නානා''
කුඹුරු හාලා ඉවර නොමැත දෙවියනේ ... කුමටද මා ගොවියෙක් වී ඉපදුනේ... අස්වැන්නෙන් හතරෙන් එක බෙදනවා... හැමදා ඔහෙ අඳයට මම කොටනවා.... (නි)
ඉන්දියාවේ කාන්තාවන් ගර්භාෂය කුලියට දෙන අතර සමහර කාන්තාවන් තම වකුගඩු විකුනලා තම දරු මල්ලන් ජීවත් කරති. දිලිදුකම උපතින් ගෙන එන අයට කාගේ පිහිටක්ද? (නි)
ශ්‍රී ලංකාවටත් ආවා නම් ගොඩක් හොදයි (නි)
කවුරු මොන මොන විදියේ අදහස් ප්‍රකාශ කළත් මම නම් දකින්නේ ඒක හොද දෙයක් හැටියටයි. තමන්ගේම කියලා දරුවෙක් නැතුව දුක්විදින අඹු සැමියන්ගේ වේදනාව දන්නේ ඒ දෙන්නා පමණයි. (නි)
මමත් දරුවෝ නැතුව හුගක් දුක්විදපු කෙනෙක්. සමාජෙන් එන ඇනුම්පද, හිතේ වේදනාව කියන්න වචන නැහැ. දුකෙන් ඉන්න කාන්තාවට මේ විදියට දරුවෝ ලැබෙන එක ලොකුදෙයක්. ගැබ දරන කාන්තාව මුදල් ගන්න එකට අපි බනින්නේ කොහොමද? අද හැම දෙයකම් මුදල් වලින් මනිනකොට (නි)
නිල් රානාගේ හරි පාට පෙනුනේ දැන් තමා. රාවනා රාවනා ගාගෙන කාටද කඩේ ගිහින් ගානක් හොයා ගන්න එක තමා මෙයාගේ වැඩේ. ඩොලර් දකින කොට රට ජාතිය ආගමට හෙන ගැහුවත් මොකෝ. ඔය මොන බොරුවත් ඩොලර් වලට නිසා කමක් නෑ ඉතින්.(නදී)
මවු පදවිය උකසට තියන ගැහැනු ගැන මොන කතාද? (නි)
වහාම මේ රටේ ජනතාව තුල මුල් බැසගෙන තිබෙන අවිද්‍යාව හා මිත්‍යා දෘෂ්ඨිය දුරු කළ යුතුයි. (නි)
තුනෙන් එකක්වත් අර ගැබ කුලියට දෙන කෙනාට දෙන්නේ නැහැනේ. අසාධාරනව හම්බකරන සල්ලි. ඇයට එරෙන කිරිත් එකතු කරලා බැංකුවක් හදලා අර ළමුන්ට දෙන්න පුලුවන්. කිරි විකුණන්නත් පුලුවන්. ඇයි ඉතින් ළමයි නැහැනේ. සදාචාර විරෝධී බවක් තියෙනවා. ඒත් ඉතින් හොද පැත්තකුත් තියෙනවා. හැබැයි සූරා කෑම නතර කරන්න ඕනෑ (නි)
නිල් රනා, දෙවියන්ටත් බැරි දේවල් මිනිසා කරනවා කියන්නේ දෙවියන්ටත් වඩා මිනිසා බලවත් නේද? (නි)
මේක යහපත් වැඩක්.නමුත් ඉන්දියාවට රත්තරන් ප්‍රවාහනය සදහා මෙවැනි අවයව පාවිච්චි කිරීම මම අනුමත නොකරමි (නි)
ඇත්තටම මෙය හොඳ දෙයක්. නමුත් ගාන නම් වැඩියි . දරුවෝ නැතිව ඉන්න අම්මලාට පිහිටක්. කවුරුත් සතුටින් ඉන්න එපායැ. ඒ නිසා හැම කෙනාම මේ වගේ දේවල් වල හොඳ දකින්න ඕනේ. (ස)
සම්පත්, දෙවියන් හැම විටම සම්යක්දෘෂ්ඨිකයි. දෙවියන්ට වැඩිය තමුන් ලොකුයි කියා සිතන අයත් ඔවුන්ගේ ආගමුත් මිතයාදෘෂ්ඨිකයි. අනික දෙවියන් ඉන්නේ ඔබට හෝ වෙනත් අසරණයෙකුට හෝ පන්දන් අල්ලන්න නෙමෙයි, දෙවියන්ට කැමති දේ කරන්න. දෙවියො විශ්වය බිහිකර එය යථා ලෙස පාලනය කරනවා මිස එක එකාගේ පදේට නටනවා කියා හිතන්නේ අමු කැවිච්ච හරක් නැතිනම් ඔළුව මඤ්ඤං වුණු පිස්සෝ.(නදී)
මාටින්,කොහෙද මාටින් ඉන්නේ?මටත් පොඩ්ඩක් කියන්නකෝ (නි)
ගයාන්, නීල් රනා කියන විදිහට ලෙඩකට බෙහෙත් ගන්න එකත් පවක්. ඇයි දෙයියො දීපු ලෙඩේ හොඳ කරන එක වැරැද්දක්නෙ. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ලංකාවෙත් මෙහෙම වැඩක් කරන්න ලැබේවා! (නි)
කවුද ගාන වැඩියි කියන්නේ? දැන් ලංකාවේ කාන්තාවෝ ඉන්නවලු පැයට 10,000 අයකරන. (හැබැයි මේ කාර්යයට නොවෙයි) (නි)
හොඳයි හොඳයි . වරදක් නෑ.... දැන් අපේ අයත් ඕකම කරාවි.. (ස)
මැද පෙරදිග වැඩට යනවට වඩා මෙහෙම දෙයක් හොඳයි නේද?.ඒත් අපේ රටේ අසරණ අයට නම් මේක කවදාවත් හැබෑ කර ගන්න බැරි වෙයි....... (ස)
මෙය හොද වැඩක් (නි)
හොඳ වැඩක්. දරුවන් නැති දෙමාපියන්ට හොද ප්‍රවෘත්තියක්... (නි)
මගේ අම්මෝ! නීල් රානා ඉල්ලගෙන කාපු තරම. පව් කියලත් හිතෙනවා . දැන් දුකට බයිලා සහ කවි කියනවා. (නි)
සම්පත්, දෙවියන් හැම විටම සම්යක්දෘෂ්ඨිකයි. දෙවියන්ට වැඩිය තමුන් ලොකුයි කියා සිතන අයත් ඔවුන්ගේ ආගමුත් මිත්‍යාදෘෂ්ඨිකයි. අනික දෙවියන් ඉන්නේ ඔබට හෝ වෙනත් අසරණයෙකුට හෝ පන්දන් අල්ලන්න නෙමෙයි, දෙවියන්ට කැමතිදේ කරන්න. දෙවියො විශ්වය බිහිකර එය යථා ලෙස පාලනය කරනවා මිස එක එකාගේ පදේට නටනව කියා හිතන්නේ අමුකැවිච්ච හරක් නැතිනම් ඔළුව මඤ්ඤං වුණු පිස්සෝ.(නදී
සම්පත්, දෙවියන් හැම විටම සම්යක්දෘෂ්ඨිකයි. දෙවියන්ට වැඩිය තමුන් ලොකුයි කියා සිතන අයත් ඔවුන්ගේ ආගමුත් මිත්‍යාදෘෂ්ඨිකයි. අනික දෙවියන් ඉන්නේ ඔබට හෝ වෙනත් අසරණයෙකුට හෝ පන්දන් අල්ලන්න නෙමෙයි, දෙවියන්ට කැමතිදේ කරන්න. දෙවියො විශ්වය බිහිකර එය යථා ලෙස පාලනය කරනවා මිස එක එකාගේ පදේට නටනව කියා හිතන්නේ අමුකැවිච්ච අය නැතිනම් ඔළුව මඤ්ඤං වුණු පිස්සෝ. (දී)
පහන්, සහෝදරයාට ටිකක් ''ජෙලස්'' වගේ නේද ..? ඩෝන්ට් වොරි ''සනා'' පෙන්නේ නැද්ද ගොඩක් අලුත් නම් තියෙනවා. (ස)
අයියෝ සල්ලි කියුවලු
නීල් රනා නොවේ මෙයා ගොන් රානා ...(නදී)
නීල් රනා කිරිමාලු හොද්දක් එක්ක පාන් බාගයක් කාල පෑත්තකට වෙලා හිටිය නම් හොදා..ආසම කෑමනෙ..(අ).
මරිම පුදුමයි (අ)
නිල් රණ මෝඩ කතා කියන්නේ ඔච්චරම මෝඩ ද , උරු මස් කාලද (දී)
නැවත ඉපදීමක් නැති දාර්ශනිකයෝ දෙසන බණ අසා මනුසත්කම අමතක කරන අයට පින් සිතිවිලීි පහල නොවේ....මේ වලේ වැටෙන්න එපා... (නි)
පාපයන් , සියලු පවු මුදල් වලින් වසා ගත හැකිද ? කාලයකදී සිව්පාවුන් ගේ කුස තුලත් දරුවන් බෝ කිරීම සිදු නොවේ යැයි ඔබට සිතිය හැකිද?ආදරය දයාව කරුණාව තිළිණ කළ මගේ අම්මගේ කිරිවලට මට ද්‍රෝහී විය නොහැක. මුදල පසෙක ලා දෙලොවටම පින්කරන්න. (නි)
හොද පැත්තක් තියෙනවා. නමුත් ශරිරයේ කොටස් විකිණිම කුලියට දිම මහ පවුකාර වැඩක්. මෙහි ව්‍යාප්තිය ලොකේට කෙසේ බලපායිද? කෙනෙකුට දරුවන් නොලැබෙන්නේ පෙර කර ඇති ලොකු පාපයක් නිසා. සියලු පවු මුදල් වලින් වසා ගත හැකිද ? (නි)
රණ, සහෝ කියන්නේ මෝඩයෝ දෙන්නෙක්. දෙවියොත් අප්සෙට් වෙලා ඇති මේ දෙන්නා ගැන (නි)
නියමයි රනෝ, බුදිනවා සුද්දගේ මේ කොලොප්පන්. (නි)
දස මාසයක් බැහැ මිනිහට ඉවසන්න... කස පහරක් වගේ ඔහු දඟලයි ඔන්න... වස විස වුවත් ගංජා මත් පැන් බොන්න... බාධකයක් නොවෙයි දරුවා කුස ඉන්න... /// - /// පුරවා ලැබේ නම් මුදලින් පඩික්කං... දෙනවා රීරි මස් සුද්දට අනිච්චං... පුරවා මෙතන ගොං අදහස් පඬිත්තං... දෙනවා මටත් ඔවුනට හිමි බිබික්කං... (නි)
දරුවන් ඇති අම්මාලා ,,දරු සුරතල් පෙන්නාලා .., දරුවන් නැති අම්මාලා ., බලන් ඉදිති බුම්මාලා ..!! දරුවන් නැති අයට මේ ලෙස දරුවන් දීලා.., සිනා සෙමු සැමදෙන අත්වැල් අල්ලා..!! වැදගත් පින් ලබන ., උතුම් වැඩක් (නදී)
නීල් රණා, දේව දඩුවම කුරුසියේ ජේසුතුමා සම්පුර්ණ කළේ මිනිස් සංහතියේ මුළු පාපය වෙනුවෙන්. නමුත් ජීවිත ලබාදීම දෙවියන් වහන්සේගෙන්. දරුවන් දෙවියන් වහන්සේගේ දීමනාවක් බව ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙනවා. එනිසා මොන ආකාරයෙන් කවුරු දරුවන් හැදුවත් එයාට ජීවනය (ආත්මය) දෙන්නේ දෙවියන් වහන්සේ. (නි)
අද දරුවන් නැති අයට මේක උතුම් ත්‍යාගයක්..... (ස)
මේ ළඟදී නීල් රනා කතරගම ගියා නේද දෙවියෝ වඩිනවා බලන්ට ? (ස)
මේක සාමාන්‍ය දෙයක්. දරුවන් නැති අයට මේ කාන්තාවන් කරන්නේ උදව්වක්. (ස)
මම අහල තියනවා ජපානෙත් මේක ප්‍රසිද්ධ වෘත්තියක් කියලා. හැබැයි ඔය අය සියලු දෙනා කුඩු, අබිං, සිගරට් උරන ජාතියේ ගෑණු. උපදින ළමයටත් හොඳ නෑ. අනෙක ලක්ෂ 10යි ගැබිනිට. වෛද්‍ය නයනා පටෙල්ට ලක්ෂ 30යි. බිස්නස් බිස්නස් මේවා ඊනියා බිස්නස්.. හැබැයි නොමිලේ සේවාවක් වූවා නම් ආනිසංශ ලැබෙන පිනක් මේක. (ස)
දරුවො නැති අයයි දරු දුක දන්නෙ.... (ස)
රණා, මෝඩ කතා කියනවා හෝ ගාලා. සාතන්ගෙන් ද ඔයා ඉගෙන ගත්තේ .ඉගෙන ගන්න සත්‍යට මුහුණ දෙන්න.බය වෙලා කෑගහන්න එපා. (ස)
මම නම් දකින්නේ මේක හොඳ දෙයක් විදියට.දරුවෝ නැතිව අද ලෝකේ කී දෙනෙක් හිතින් දුක් විදිනවද.ඒ අයට මේක ලොකු සහනයක් වෙයි.ඒත් අපේ රටේ අසරණ අයට නම් මේක කවදාවත් හැබෑ කරගන්න බැරී වෙයි. (ස)
මතින්,කතාව නම් මරේ මාරු. (ස)
කවුද ඔය සාතන් කියන පොර..?දන්නේ නැති නිසා අහන්නේ.. (ස)
දේව දඩුවම්, සාතන්, මේ ආකල්ප දැන් ලෝකයෙන් තුරන් වෙලා යද්දී නවීන විද්‍යාවට සියලු දෙනාම නැඹුරු වෙනවා. මේ එක ජයක්. බලලෙක් අරගෙන හදනවට වඩා කොපමණ සුන්දරද තමාගේම දරුවෙක් හදන එක ( මුදල් ඇති නම් ). කර්මය පමණක් විශ්වාස කරන්නන් හට මෙය කිසිම ගැටළුවක් නැතිව පිලි ගත හැකි සත්‍යක් වන අතර මෙහි හැම දෙයම මුදල මත තීරණය වීම පමණක් මානුෂිය ගැටළුවක් බවට පත් වේවි. (ස)
ඉතිරි පවුම් 13000 යන්නේ කාටද? (නි)
මද පෙරදිග වැඩට යනවට වඩා මෙහෙම දෙයක් හොදයි නේද (නදී)
නිල් රණා නුඹ නම් අවතාරයක්ම තමා. දක්නා දේ සත්‍යක් සේම නොදක්නා දේ මිථ්‍යාවකි. සහෝදරයා මිනිසා සත්‍යට වැඩ තමා විශ්වාසය තහවුරු කරනවා. ඔබත් මිනිසෙකි. සත්වයෙකි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. ඉපදුනු දරුවන් සාතන්ලගේ නොවෙයි. දරු දුක් ඇති අම්මලාගේ. ඔබ ඉපදුන හැටි දන්නේ නුඹේ අම්මා පමණි. (ස)
නිල් රණා, දෙවි කෙනෙක් ගැනම කියන්නේ ඔබ දෙවියෙක්ද? මෙය ඔබේ සිතුවිල්ලක් පමණි. කිනම් හෝ හේතුවකින් දරුවකු මෙලොවට බිහි කරන මවක් පව් කාරියක්ද දේව දඬුවම් ලැබේද එය එසේ නම් මෙලොව සිටින වැඩි පුරක්ම සමාජ විරෝධීන් කිසිම දඬුවමක් නොලබා යහතින් සිටින්නේ කෙලෙසද? ඔබ ම්ව් ලොවින් සමුගන්න දිනට සියලු සිතිවිලිද අවසන්වේ. මින් ගැලවීමට ඔබට කෙසේවත් ඔබේ සිතිවලි වලින් පිළිසරණක් නොලැබේ. (ස)
ඔන්න එකෝමත් එක රටක අධික දේව භක්තියෙන් හිටපු මිනිහෙක්, ගංවතුරකට අහුවෙලා පාවෙලා යනකොට බෝට්ටුවක් ඇවිත් කිව්වලු මැරෙන්නේ නැතිව මේකට ගොඩ වෙන්න කියලා .මිනිහා කිව්වලු මම නුඹේ බෝට්ටුවට නගින්නේ නෑ. මාව දෙවියන් බේරා ගන්නවා කියලා. කොහොම හරි මිනිහා වතුරේ ගිලිලා මලාලු . මැරිලා දිව්‍ය ලෝකෙට ගිහිල්ල තියෙන්නේ , මිනිහා ඇහුවලු දෙවියන්ගෙන් මෙච්චර පින් කරලත්, මෙච්චර දෙවියන් ඇදහුවත් ඔබ තුමා මට පිහිට උනේ නෑනේ කියලා. දෙවියෝ ගත් කටටම කිව්වලු අනේ මෝඩ මිනිහෝ මම උඹට බේරෙන්න කියලා බෝට්ටුවක් එව්වා. උඹ ඒක ප්‍රතික්ෂේප කලා නේද කියලා. ඒ මෝඩ මිනිහා ඊළඟ ආත්මේ "නීල් රනා" කියන නමින් ඉපදුනලු. (ස)
හොඳයි...... (ස)
හොද දෙයක් මාගේ සුබ පැතුම් ලංකාවෙත් පටන්ගමු හොද විදෙස් විනිමයක් ලබාගැනීමට පුළුවන්,රජයේ සැලකිල්ල යොමුවේවා .නිල රණ වහාම මානසික ප්‍රතිකාර වෙත යොමුවන්න.(නදී)
නීල් රණා, මොනවා ද මේ කියන්නේ ? මේ දේවල් වලට අනවශ්‍ය දේ ගාවන්නේ ඇයී(නදී)
බිරිදට කියලා බලන්න ඕනෑ හරිගියොත් මට රැකියාවක් කරන්න ඕනෑ වෙන්නේ නැහැ.(නදී)
ඉක්මනට ලන්කාවෙත් පටන් ගන්න වෙයි. (නදී)
ම්ම්ම්ම් හොද අවස්ථාවක්,මටත් ඇසි යන්න (නදී)
දේව දඬුවම් නිසා දරුවන් අහිමි වන අය බලෙන් දරුවන් ලබාගත්තත් ලෝකෙට බිහිවන්නේ සාතන්ගේ අවතාර. එසේ බෝවන පරපුර පරිණාමයේ ස්වභාවික වරණයෙන් ප්‍රතික්ෂේපිතව දෙවියන්ගේ කැමැත්තට එරෙහිව මෙලොවට එන අය. දේව ආශිර්වාදයෙන් මව්කුස පිළිසිඳ ගත් දරුවෙක් මරණ එක පවක් සේම, දේව අභිප්‍රායට එරෙහිව විවිධ අස්වාභාවික ක්‍රමවලින් ළමුන් උපද්දවන එකත් පවක්. (ස)
මුදලට ශරීරය විකිණීම සහ ගර්භාෂය වීකිනීම දෙකම එකයි වගේ (දී)
යහපත් වැඩක්. හරි නම් මිනිසුන් විදියට ගර්භාශය මුදල් අය නොකර දෙන්න ඕන. මිනිසෙක් බිහි කිරීම උතුම් මානව හැකියාවක්. යහපතක්. (ස)
නීල් රාණාට පිස්සු. මට මේකෙ වරදක් පෙනෙන්නෙ නෑ. නීල් ඔයාගෙ දරුවො දුන්නෙත් දෙවියන් වහන්සේද? ඔයා තමා නියම සාතන්.... (ස)
නිල් රණා, යනුවෙන් අසීමිත අන්ධ දේව භක්තිකයෙක්. මාතෘත්වයටත්, උපදිනා දරුවන්ටත් නිගා කර ඇත. ඔහු දන්නා අන්ධ දේව ඇදහිල්ල අනුව ඔහුට කැප වූවත්, අප දන්නා මනුෂයත්වයෙන් කියතොත් ඒය පිළිකුල් සහගත ප්‍රකාශයකි. (ස)
අපිට හුඟාක් දේවල් ඇවිත් තිබෙන්නේ ඉන්දියාවෙන්, මේකත් නරකමත් නැහැ . ඒකත් ළඟදීම ඒවී. (ස)
දරුවෙක් කුසට ආ දවසේ ඉදලා අම්මගේ ආදරේ සෙනහස දරුවට දැනෙනවා.. ඒක නිසා නේ දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මලට හැමෝම ආදරෙන් සළකන්නේ.මේක හොද දෙයක්. නමුත් කුලියට දරුවෙක් හදනකොට 100% ඒ දරුවට අම්මගේ සෙනහස ආදරය ලැබෙන්නේ නැහැ.ආදරයක් සෙනහසක් නැතුව හැදෙන දරුවෙක් මොනවගේ වෙයිද අනාගතයේ ? (නි)
මේකේ හැමදාම අදහස් දාන්නේ එකම අයනේ. (නි)
මට නම් මේ දරුවෝ හදලා දෙන කාන්තාවෝ සහ අනුන්ට කියලා දරුවන් හදවා ගන්න කාන්තාවෝ දෙගොල්ලෝ ගැනම දුකක් හිතෙනවා. එයාලගේ පැතිවලින් බැලුවොත් මේක වරදක්වත් , විනෝදයට කරන දෙයක්වත් නෙවෙයි. (නි)
මෙහිදී දරු ගැබ දරන කාන්තාවට වෛද්‍යවරයකු විසින් ඇගේ කුසෙහි මුලින් සංසේචනය කරන ලද බීජයක් තැන්පත් කර වැඩෙන්නට හරි. ජාන අයිතිය නියම දෙමාපියන්ගේ වන අතර දරුවට අවශ්‍ය ආහාර පමණක් දරු ගැබ දරන කාන්තාවගෙන් ලැබේ. මෙය දරු ගැබෙහි දුර්වලකම් ඇති මවකට නවීන විද්‍යාවෙන් ලැබුණු විශාල සත්කාරයක් නොවේද? (නි)
මෙය විද්‍යාවේ දියුණුව නිසා ලොවට ලැබුණු දායාදයක් මිස සමාජ විරෝධී හෝ අසභ්‍ය හෝ දෙයක් නොවෙයි. එය තේරුම් ගැනීමට නොහැකිව ඇතැම් අය මිත්‍යා දෘෂ්ඨික අදහස් පල කරන බව පෙනේ. (නි)
මේ දෙකම හරි ගණන්...! සහන මිලට ගන්න බැහැ. (නි)
සහන..! මේ දෙකම එක නැහැ .., හොදට නිව්ස් එක කියවන්න ..,මේ ගැන අපි එම ගැහැනුන් දෙස වපර ඇසින් බැලිය යුතු නොවේ ..!!! (දී)
දේව දඬුවම් නිසා දරුවන් අහිමි වන අය බලෙන් දරුවන් ලබාගත්තත් ලෝකෙට බිහිවන්නේ සාතන්ගේ අවතාර. එසේ බෝවන පරපුර පරිණාමයේ ස්වභාවික වරණයෙන් ප්‍රතික්ෂේපිතව දෙවියන්ගේ කැමැත්තට එරෙහිව මෙලොවට එන අය. දේව ආශිර්වාදයෙන් මව්කුස පිළිසිඳගත් දරුවෙක් මරණ එක පවක් සේම, දේව අභිප්‍රායට එරෙහිව විවිධ අස්වාභාවික ක්‍රමවලින් ළමුන් උපද්දවන එකත් පවක්. (නදී)
රත්තරන් ගෙනියන්නත් පුළුවන් ..මගේ රත්තරන්ටඑදා නැති උනාට...(දී)
නීල් රණා.... හැමදේම දිහා වපරැහින් බලන්න එපා....දරුවෝ නැති දෙමාපියෝ මොනතරම් සතුටුවෙනවාද මේකෙන්.. (දී)
ගණන් ගන්න එපා නීල් රනා හැමදේම සිද්දවෙන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට ඔබ වැනි විහිළු කාරයොත් බිහිවෙන්නේ ඒ හේතුවම නිසා වෙන්න ඇති. (දී)
ලංකාවේ අර අහවල් බෞද්ධයො කණ්ඩායම මෙතනත් අදහස් වමාරලා. කරුණාකරලා යන්නකො ඔයගොල්ලොත් ඉන්දියාවටම (නි)
නීල් රනා කියන විදිහට ලෙඩකට බෙහෙත් ගන්න එකත් පවක්. ඇයි දෙයියො දීපු ලෙඩේ හොඳ කරන එක වැරැද්දක්නෙ. අනේ මෙහෙමත් මිනිස්සු. (නි)
රනාටත් හොඳ මොළයක් ලබාදෙන්න කෙනෙක් නැද්ද? (නි)
රනා, ඔයාට මොලේ කළදක්වත් නැද්ද? ඔයාලම නේද කියන්නේ දෙවියන් තමා සියල්ල මවන්නේ කියලා. ඒ කියන්නේ දෙවියන්ට බැරි දෙයක් මේ වෛද්‍යවරිය කරනවා කියලා නේද? (නි)
නීල් රානා,දෙවියන් වහන්සේ විසින් ලෝකය මැවූ සේක! බුදු දහම වගේම නවීන විද්‍යාවත් ඒක බොරු කියලා ඔප්පු කරනවා.මේක සේවයක්.සදාචාර විරෝධීව මේවා කරගන්න ගිහින් අමාරුවේ වැටෙනවට වැඩිය මම දන්න අය ඉන්නවා දරුවන් අරන් හදාගෙන මුළු ජීවිත කාලෙම විදවන අඹු සැමියන්. (නි)
කාටද කියන්න පුළුවන් නීල් රනා මොන වගේ වවුලෙක්ද කියලා? කකුල් දෙකෙන් එල්ලෙන හින්දා පෙනෙන්නේ ඔක්කොම උඩු යටිකුරු වෙලා. (නි)
නීල් රනාට විරුද්ධව අදහස ප්‍රකාශ කිරීම මම සම්පුර්ණයෙන්ම අනුමත කරනවා. මට හිතෙනවා නීල් මොන වගේ සාතන් කෙනෙක්ද කියලා බලා ගන්න ඇත්නම් කියලා. (නි)
එතකොට අම්මලා දෙන්නයි (නි)