නීති විරෝධී ගිනි අවියක් ළඟ තබා ගත්තැයි ඉන්දියාවේ ජනප්‍රිය නළු සල්මන් ඛාන්ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට රාජස්තාන් අධිකරණයක් අද නියෝග කළේය.
1998 වසරේ දී බලපත්‍ර රහිත ගිනි අවියක් ළඟ තබා ගෙන මුව දඩයමේ ගියැයි ඔහුට එරෙහිව චෝදනා නඟා තිබිණි. එම නඩුව පවරා තිබූණේ ගිනි අවි පනත යටතේය.
51 හැවිරිදි සල්මන් ඛාන් සුදු පැහැති කමිසයකින් සැරසී ඔහුගේ සහෝදරිය අල්විරා සමඟ රාජස්තාන් ජෝද්පුර් අධිකරණයට අද පැමිණියේය. ඔහුට එරෙහිව පවරා ඇති චෝදනා ප්‍රමාණවත් තරම් ප්‍රබල නැතැයි නඩුව කැඳවූ අවස්ථාවේ නිවිසුරු කීවේය. සල්මන් ඛාන් විසින් මරා දමනු ලැබූ බව කියන මුවාගේ මරණ පරීක්ෂණ වාර්තා දෙකේ මරණයට හේතුව ලෙස වෙසන් හේතූන් දෙකක් දක්වා ඇති බව ද විනිසුරුවරයා කීවේය.
සල්මන් ඛාන් සතුව තිබුණේ වායු තුවක්කුවක් පමණක් බවටත්, ඔහු ගිනි අවි භාවිත කළ බවට සාක්කි නැති බවටත් සල්මන්ගේ නීතීඥයා අධිකරණ හමුවේ ප්‍රකාශ කළේය.
දුර්ලභ ඝණයේ මුවන් මරා දැමූ බව කියන නඩු දෙකකින් මීට පෙර සල්මන් නිදහස් විය.
වසර කිහිපයක් තුළ සල්මන් ඛාන්ට චෝදනා රැසක් එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුදායක පුවතක්. ජයවේවා! (නි)
නිමල්, කාටද සතුටුදායක? සල්මන්ටද? (නි)
ජය වේවා! (නි)
ගිනි අවි ලොවින් තුරන් වුණ දාට අහිංසක වනසතුන්ට පමණක් නොව ලෝවැසි සියලුම දෙනාටම සාමය උදා වේවි. (නි)
දැන් බලනකොට අපේ රටේ වගේම ඉන්දියාවේත් නීතිය නමනවා වගේ. (නි)
අපේ අල්ලපු රටනේ ඉතින්. දැන් බලන්නකෝ අපේ අයවත් අල්ලනවා, නිදහස් කරනවා... (නි)
මෙහෙම අයටත් ජයවේවා කියන අය ඉන්නවනේ! (නි)
විශේෂයෙන් ලංකාව ඉන්දියාව වගේ රටවල තියෙන පොදු ලක්ෂණයක්. දේශපාලකයන්ට, ඉහළ ධනපතින්ට සහ නළු නිළියන්ට මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය, හොරකම් සහ දුෂණ වලින් බේරෙන්න නීතිය හැදිලා තියන හැටි! දුප්පතා බඩගින්නට පොල් ගෙඩියක් හොරකම් කළොත් නීතිය අකුරට ක්‍රියාත්මක වී සමාජයෙන්ද කොන්වෙයි (නි)