කාන්තාවන්ට සිදුවන හිංසනය විරුද්ධව කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී පිරිමි දහස් ගණනක් පා ගමනක් සංවිධානය කළහ.
ඔවුහු කාන්තා උස් අඩි සහිත පාවහන් පැළඳ සැතපුමක් දුර ඇවිද ගියහ. සමහරුන් ඔවුන්ගේ මෙම නව පෙනුම සඳහා වර්ණවත් මේස් පැළඳ, අත් බෑග්ද රැගෙන ඉතා අපහසුවෙන් ගමන් ගත්හ.
කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සිදුවන හිංසනයට විරුද්ධව කි‍්‍රයා කිරීම, කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම සහ සෞඛ්‍යමත් සබඳතා වර්ධන කිරීම අරමුණ කර ගෙන මෙම පා ගමන සංවිධානය කර ඇත.
කාන්තාවන්ගේ එක් අපහසු අත්දැකීමක් වන උස් අ`ඩි සහිත පාවහන් පැළඳයාම පිරිමින්ට අවබෝධ කිරීමට සංවිධායකවරුන්ගේ මෙවර තේමාව වී ඇත. මෙවර ඔවුන්ගේ අරමුදල සඳහා ඩොලර් 125000ක් පමණ එකතු කර ගැනීමට ඔවුහු අපේක්ෂා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා මාමා කියනදේ තමය් හරියටම හරි (අ)
උස අඩි තියෙන සපත්තු නම් ප්රශ්නය කාන්තාවන් හිංසා කරගන්නේ තමා විසින්ම නේද? පිරිමින්ට තිබුනෙ පැතලි අඩි සහිත කාන්තා සපත්තු දාල ඇවිදලා පෙන්වන්න (නි)
අරුණ පුතේ,යමුද පෙළපාලියක්? කරමුද උපවාසයක්? මමත් එනවා කොටුවට.... (නි)
ඔක්කොම වහලා නිසා මුකුත්ම පෙනෙන්නේ නැහැනේ (නි)
එතකොට ගැහැණු පිරිමින්ට හිංසා කළොත්? (නි)
කාන්තාවන්ට හිංසා කරන්නේ පිරිමිනේ. ඒකට පිරිමි උද්ඝෝෂණය කරලා හරියනවද? ගැහැණු එපායැ කරන්න (නි)
කාන්තාවන්ගේ එක් අපහසු අත්දැකීමක් වන උස් අ`ඩි සහිත පාවහන් පැළඳයාම පිරිමින්ට අවබෝධ කිරීමට සංවිධායකවරුන්ගේ මෙවර තේමාව වී ඇත.// උස් අඩි පාවහන් පැළඳයන්න කියලා අපි කිව්වා වගේනේ.(නදී)
කෝ රූපවතී.(නදී)
කාටා මාමා. ඔබ ඉතා නිවැරදියි. සොබා දහම වෙනස් කිරිමක් පවතින්නේ නැහැ. කාන්තාවට ලැබි ඇති තැන ඉන්න දෙමු. නැතිනම ප්‍රශ්න ගොඩයි.(නදී)
මේ ලගදී විදේශ විඩියෝවක් දැක්කා කාන්තා අයිතිවාසිකම් කියලා මාධ්යෙව්දීනියක් උඩුකය නිරුවත්ව සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. මේයට කාන්තා නිදහස හා සම අයිතිවාසිකම ආදේශ කරමින් ඔවුන් කියන්නේ පිරිමි අපටත් නිරුවත් වන්න කියලාද? (නදී)
ගැහැනුන්ගේ අයිතිය තියෙන්නේ කුස්සියේ, මේ අය තමයි ගැහැනුන්ගේ ඔලුවලට අයිතීන් කියන බහු බූත දාන්නේ.(නදී)
ඔය කාන්තාවනුත් පිරිමි අපිට තියන අයිතිවාසිකම් ටිකම තිබුණොත් මදිද? වැඩිය ඉල්ලන්න එපා එතකොට අසම වෙනවා.(නදී)
හරි ෂෝක්, දැන් මේ පිරිමි අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගැණු අය මොනවා කරයිද දන්නේ නැහැ. (ස)
මට හිතෙන්නේ මෙය හුදු විනෝදය සදහා පමණක් කරන දෙයක් හැටියටි. කාන්තාවන්ට නිසි තැන දුන්නොත් ,එය හොදටම ඇති. (නි)
ලා රා කියන්නේ තෙලිජ්ජද ??? (නි)
පුරුෂ පක්ෂයට ළමයි හම්බවෙන්නේ නැත්තේ මොකද? විරෝධතාවයක් සංවිධානය කලා නම් ඩොලර් තමයි.(නදී)
ඔය මානව හිමිකම් ගැන අපිට ගොරවන රටවලත් මානව හිමිකම් කඩවන බවට මෙය හොඳ නිදසුනකි.බොහෝ බටහිර රටවල කාන්තාවන්ට සහ පිරිමින්ට සම වැටුප් ලැබෙන්නේ නැහැ.ඒ වගේම ලිංගික අල්ලස් හෝ ලිංගික බලපෑම් කාන්තාවන්ට තිබේ (නි)
ගෑනුත් එපාවෙනවා මේවා දකිනකොට ? (නි)
කමල් ටිකක් මම අමාරුවේ වැටෙයි යමක් කියන්න ගියොත් උත්සහ කරන්නම්. ශක්තිමත් දරුවන් බිහි කිරීමේ ස්වභාව ධර්මයාගේ නියමයන්ට යටත්ව පිරිමියා හා කාන්තාව කායික මානසික ක්‍රියා කාරිත්වය මැනවින් පෙළ ගසා ඇති රාමුවට පරිබාහිරව අනවශ්‍ය සම අයිතිවාසිකම් ලැයිස්තු ගෙන එමෙන් සමබරතාව බිදී යයි. (නදී)
අපරාදේ උස් අඩි පාවහන් දාගෙන ගියේ. කාන්තාවන්ගේ ඇදුමක් ඇදගෙන ගියානම් ඉවරයිනේ.(නදී)
කාන්තාවන්ට, පිරිමින්ට, ළමුන්ට, සියළුම සතුන්ට අයිතිවාසිකම් තිබිය යුතු බව පිළි ගනිමි. කාන්තාවන් සම අයිතිවාසිකම් යනුවෙන් ඉල්ලා සිටින්නේ මොනවාද යන්න පිළිබඳ මාගේ ඇත්තේ මද දැනුමකි. කරුණාකර ශ්‍රී ලංකාවේ මෙය බලන කාන්තා සංවිධානයක් හෝ කාන්තාවක් මාගේ සහ අන් අයගේ දැන ගැනීම සදහා අවශ්‍ය කරන සම අයිතිවාසිකම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන මෙන් කාරුනිකව ඉල්ලමි. (ස)
මේ අයට වෙන වැඩ නැතුව ඇති.
උද්ඝෝෂණ, අයිතිවාසිකම්, සංවිධායකවරුන් සහ ඩොලර් කියන වචන ලෝකයේ කොතනත් එකට කියවෙන වචන හතරක්. මෙහෙත් එහෙමනේ. (ස)