''වෛද්‍යවරු නිසි පරිදි තේරුම් නොගත් පිළිකාව ගැන මට සොයා දුන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රයෙන්. එය එසේ නොවන්නට මට පිළිකාවක් ඇතැයි නොදැනීමට ඉඩ තිබුණා යැයි ‘‘ කැරොලින් ග්රීවෙස් (46) කියයි.
ගිලීමේ අපහසුතාව, මුඛයේ වේදනාව සහ කනේ කැක්කුම වැනි රෝග ලක්ෂණ හේතුවෙන් ඇය සිය වෛද්‍යවරයා හමුවීමට ගියාය. එහිදී ඇයට කීවේ කටේ ඇති තුවාලයක් හේතුවෙන් මේ වේදනා හටගන්නා බවයි. ඒ වෙනුවෙන් ඇයට සති හයකට ප්‍රතිජීවක ඖෂධ ලැබිණි. එහෙත් සුව වූයේ නැත.
අවසානයේ තමන්ගේ මුඛයේ තුවාලයක් නැතැයි සිතූ ඇය රෝග ලක්ෂණ එකිනෙක සඳහන් කරමින් ගූගල් සෙවුම් යන්ත්‍රෙයන් එයට හේතුව සොයාගන්නට වෙහෙසුණාය.
එක් දරු මවක වු ඇය පවසන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රයට අනුව මුඛ පිළිකාවක ලක්ෂණ එකක් අනෙක් සියළු ලක්ෂණ ඇයට තිබූ බවයි. නැත්තේ නිකටේ සුදු පාට ඉරි පමණි. පසුව ඇය කැඩපතින් මුහුණ බැලීය. ඇය දුටුවේ එම ඉරි ද දැන් වර්ධනය වී ඇති බවයි.
පසුව ඇය පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් ඇයගේ තත්වය ගැන වෛද්‍යවරයා තුල තිබූ නිගමනය ප්‍රතික්ෂේප කලාය. ඇය වෛද්‍යවරයාට බල කල සිටියේ රෝහල වෙත යොමුකරණ ලෙසයි. සතියකට පසු වෛද්‍ය පරික්ෂණ පෙන්නුම් කලේ සෙම සමග කලාතුරකින් සෑදෙන පිළිකාවක් ඇයට වැළදී ඇති බවත් එය ඛේට ග්‍රන්ථි දක්වා පැතිරගොස් ඇති බවත්ය.
ග්රීවස් මහත්මිය ඇයගේ ස්වාමියා ඩේමියන් 44 සහ පුතා බෙන් 8 සමග ජීවත්වෙයි. මෙම රෝගි තත්වයට සති අටක විකිරණ සහ කිමෝ තෙරපි ප්‍රතිකාර ලබා දී ඇත. නමුත් තවමත් ඇය ආහාර ගැනීමේ සහ ගිලීමේ අපහසුතාවයෙන් පෙලෙයි. ඇයට නලයක් මගින් ආහාර ලබාදෙයි.
මෙම ප්‍රතිකාර හේතුවෙන් දැන් ඇයට චොකලට් සහ පලතුරු රස නිසිලෙස නොදැනේ.
ඇය පවසන්නේ සෑම දිනකටම ආහාර ගැනීමට ඇයව බල කරන්නේ ඇයගේ උගුරේ මාංශපේශීන් සහ දිවේ ක්‍රියාකාරිත්වය ඇති කිරීම අවශ්‍ය යැයි යන සාධකය බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් වෛද්‍යය මතයකට එරෙහිවන්න තත්වයක් තියේවිද කියලා මා දන්නේ නැහැ. අන්තර්ජාලයේ ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. (නි)
පසුගිය කාලයේදී ලංකාවේ ඉන්නා ඉතා දැනඋගත් දේසපාලඥයෙක් ගූගල් තහනම් කරන්න කතා කළා නේද? (නි)
පවුලේ වෛද්‍යවරුන් සමහර වෙලාවට හරි පණ්ඩිතයි.අපිට තියෙන ලෙඩේ අමාරුව කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ලියුමක් ඉල්ලුවහම,ඒ ලියුම දෙන්නෙත් නැහැ. එයාලට, අපිට තියෙන ලෙඩේ ගැන තේරෙන්නෙත් නැහැ. ඒක අපිට අඟවන්න කැමතිත් නැහැ. (නි)
ලංකාවෙ ඉන්න මහ ලොකු අයත් ඔහොම තමයි. සල්ලි ගරාගන්න විතරමයි දන්නෙ (නි)