ඇලස්කාවේ කත්මායි ජාතික උද්‍යානයේ ඇළක් තරණය කරන අළු වලස් පවුලක අපූරු ඡායාරූප කිහිපයක් ගැනීමට මසුන් ඇල්ලීමට සංචාරයේ යෙදෙන ජෝන් ලැංගලන්ඩ් සමත්ව සිටියි.
වලස්මව පිහිනා එගොඩ වෙද්දී ඇගේ පැටවු තිදෙනා පිට මත සමබරව සිටින අයුරු අපූරුය. ඔවුහු මවගේ පිට මත සමබරව නිසොල්මන්ව සිටිති. ලැංගලන්ඩ් මෙසේ කියයි.
‘‘ මේ දර්ශනය අපේ සිත් සසළ කළා. අම්මා දිය පහර තරණය කරනතුරු පැටවුන් නිශ්චලව සිටියා. අම්මා වරින් වර තම උරහිසට ඉහළින් පැටවුන් දෙස බලනවා අප දුටුවා. ඒ ඔවුන් නිරුපද්‍රිතව සිටිනවා ද කියා සැකහැර දැනගැනීමට විය යුතුයි. ඒ වගේ ම වතුරේ මැද නැවතී වතුරේ සිටගෙන පිට උඩ සිටි පැටවුන් ද සමබර කරගෙන අප දෙස බැලූ ආකාරය විශ්මජයනකයි. “
මාස කිහිපයක් වයසැති මේ පැටවුන් මුළුමනින් ම යැපෙන්නේ තම මව මතය. ඔවුහු මවගෙන් කිරි උරාබොති. ගොදුරු අල්ලා දෙන්නේ ද මව විසිනි.
ලැංගලන්ඩ් පවසන්නේ පිරිමි පැටවුන් දෙදෙනා වතුරේ ඒ මේ අත පනිමින් යම් යම් දේ ගවේෂණය කරමින් සිටිය ද ගැහැනු පැටවා වඩාත් කුලෑටීව මව අසළම රැඳී සිටි බවයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතරම් අපූරු මවු සෙනෙහසක්ද? මිනිසුනේ නුඹලට තේරෙන්නේ නැත්තේ ඇයි? (ස)
ඇත්තෙන්ම ආකර්ශනීයයි (නදී)
අම්මාගේ ආදරය තරම් තව දෙයක් තිබෙනවද? (නි)
ලස්සන ආදර්ශවත් ඡායාරූප පෙළක් (නි)
ෆිල්ම් එකක් තියෙනවා ඔය වගේම, මරු, බෙයාර්ස් 2013. වලස් අම්ම කෙනෙක් පැටවූ රකින්න දෙන උත්සාහය තියෙන්නේ. (නදී)
අහසත් ලොකු නැහැ අම්මගේ සෙනෙහෙ තරම්.. මවකට නොමැත සම්පතක් දරුවෝ තරම් (නදී)
අම්මා කෙනෙකුට ඇති අති උතුම්ම වස්තුව තමන්ගේ දරුවන්ය (නි)
ඉතාමත් සංවේදී ඡායාරූප පෙළක් (නි)
ළමයින්ව වැසිකිලි වල පාලු ළිං වල දාන ගෑනුන්ට මේ වලස් අම්මගෙන් හොඳ ආදර්ශයක්. (ස)
ඉතාමත් සිතට ප්‍රිය උපදින දසුනක් (නදී)
දක්ෂ ඡායාරූප ශිල්පියෙක් (නි)
මිනිස් සත්වයා කෙතරම් සංවේදී වියයුතුද ? තම පැටවූ වෙනුවෙන් මේ තිරිසන් සත්වයා අපිට කියා දෙන්නේ ... තම දරුවන් තරම් මේ ලොව තවත් වටිනා වස්තුවක් මවකට නැති බවයි ..! (ස)
ලෝකයේ හොඳම දේ මවකගේ ආදරයයි. (ස)
අති විශිෂ්ට ඡායාරූප පෙළක්. මවකගේ සෙනෙහස මොනවට කියාපානවා (නි)
සතුන්ට තිබෙන මව් සෙනහසවත් අපේ රටේ සමහර අම්මලාට නැහැ. (නි)
මේ සතුන්ගේ තිබෙන දරු ස්නේහය මිනිසුන්ටත් තියෙනවා නම්. (නි)
කියන්න වචන නෑ.ආදරය,ආදර්ශය,රැකවරණය,වීරිය,සියල්ල ගැබ්වෙලා. සතුන් රැකගන්න එකතුවෙන්න.(නදී)
දරු සෙනෙහස නොදත් අයට ආදර්ශයක් වේවා. (නදී)