වසර පහක් තලේබාන් අත්අඩංගුවේ සිටි ඇමරිකා ජාතික සොල්දාදුවෙකු නිදහස් කරගැනීම ඇමරිකා ජනපති බරක් ඔබාමාට පාරා වළල්ලක් වී තිබේ.
බෝවේ බර්ග්ඩාල් නම් වන මෙම හමුදා භටයා ඇෆ්ගනිස්ථානයේ ස්ථාන ගත කර සිටි සැරයන්වරයෙකි.
ඔහුගේ සගයින් පවසන ආකාරයට කම්මැලියැයි පවසා දිනක් කඳවුරෙන් පිටව ගොස් ඇති හෙතෙම තලේබාන් අන්තවාදීන්ගේ අතට පත් විය.
එදා සිට වසර පහක් තිස්සේ තලේබාන් ග්‍රහණයේ සිටි ඔහු ඔබාමා පාලනය මැදිහත්වී නිදහස් කර ගත්තේ පසුගියදාය.ඔහු නිදහස් කර ගැනීමට ගුවන්ටානාමෝ බේ සිර කදවුරේ සිටි තලේබාන් සංවිධානයේ ප්‍රධාන පෙලේ සටන්කාමින් පස් දෙනෙකු තලේබාන් සංවිධානය වෙත භාරදීමටද සිදුවිය.
බොවේ ඇමරිකා හමුදා භටයින් අතට භාරදෙනු දැක්වෙන් වීඩියෝ පටයක්ද අන්තර්ජාලය වෙත එක්කිරීමට තලේබාන් සංවිධානය කටයුතු කර ඇති අතර බියපත් මුහුණුවරකින් යුතු සැරයන් බෝවේ තමන්ගේම සගයින් වෙත යළි පැමිණෙනු එහි දැක්වේ.තලේබාන් සංවිධානයේ සාමාජිකයින් දුසිමක් පමණ ඔහු වටා අවි ගෙන රැකවල්ලාගෙන සිටින අතර ඇමරිකා හමුදා හෙලිකොප්ටරයට නැගී ඔහු පිටව යාමට ප්‍රථමයෙන් තලේබාන් සාමාජිකයින්ගෙන් අයෙක් ‘‘නැවත ඇෆ්ගනිස්ථානයට නොපැමිණෙන්න.ආපසු ආවොත් ඔබට අත්වන්නේ මරණයයි‘‘ යැයි පවසනුද ඇසේ.
කෙසේවුවත් නොසිතූ පරිදි ඔබාමා පාලනයට කරුණු කිහිපයක් මුල් කරගෙන නැගෙන විවේචනයන් වලට මුහුණ දීමට සිදුව ඇත.මුල්ම කරුණ වන්නේ තමන් තලේබාන් අත්අඩංගුවේ පසුවන ඇමරිකා හමුදා භටයකු නිදහස් කරගැනීමට යන්නේ යැයි ඇමරිකා කොංග්රස් මණ්ඩලය දැනුම්වත් කිරීමට ජනපති ඔබාමා අතපසු කර තිබීමයි.
නීතියට අනුව එවැනි තිරණයක් ගැනීමට ප්‍රථමයෙන් කොංග්රස් මණ්ඩලය දැනුම්වත් කළ යුතු වන අතර මෙනිසා කොංග්රස් මණ්ඩලයේ සාමාජිකයින් දැන් ජනපතිට චෝදනා නගමින් සිටින්නේ මේ සියල්ල පසුපස සැගවුණු යමක් ඇතැයි කියමිනි.අනෙක් කරුණ වන්නේ බොහෝ දෙනා සිතා සිටි පරිදි සාජන්ට් බෝවේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් හෝ,බියපත්වී හෝ නොසිටීමයි.ඔහු වසර 5 ම තලේබාන් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ගතකර ඇති බවක් පෙනෙන්නේ යැයි ඇමරිකා හමුදා භටයින්ම චෝදනා කරන වාතාවරණයක් උද්ගතව තිබේ.
මෙනිසා ඔහු වෙනුවෙන් ප්‍රධාන පෙලේ තලේබාන් සංවිධාන සාමාජිකයින් පස් දෙනෙකු නිදහස් කර හැරීම නිරර්ථක කි්රයාවක් ලෙස ඔවුන් දකී.
චෝදනා වලට පිළිතුරු දෙමින් ජනපති බරක් ඔබාමා තමන්ගේ තීරණය සාධාරණීකරනය කරමින් පෝලන්තයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූයේය.
ඔහු පැවසුවේ බෝවේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මතුවන්නට ගත් සැක සංකා නිසාවෙන් ඉක්මනින් කි‍්‍රයාත්මක වන්නට සිදුවූ බවයි.
තලේබාන් සංවිධානයේ සාමාජිකයින් පස් දෙනෙකු නිදහස් කිරීම අවදානම් සහගත කි්රයාවක්යැයි තමන් දන්නා බවත් මෙනිසාවෙන්ම ඔවුන් නිදහස් කර හැරුණද ඇමරිකාව ඔවුන් ගැන නිරතුරුව විමසිල්ලෙන් සිටිනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප සියලු දෙන සිත සිත හදා ගනිමු මොනම බලවතකුටවත් හැමදාම රජවිය නොහැක දිට්ඨ දම්ම වේදනීය කර්ම ඔහු සොයා එනු ඇත අප බෞද්ධයන් ලෙස මෙය පිළිගත යුතුය (ස)
ඔබාමා කියන්නේ හොඳ නායකයෙක් (නි)
අපේ රටේ නියම තත්ත්වය දකින්න තමිල්නාඩු දෙමළ චිත්‍රපටියක් බැලුවා නම් හරි (නි)
ඇමරිකාවේ වෙනස තමයි ඇමරිකාවට කඩේයන අයට එයාල ගෙවන්නේ නෑ. (දී)
ඇමෙරිකාවට පෙන්නේ තමන්ට මොකක් හරි වාසියක් ගන්න පුළුවන් රටවල් වල ප්‍රසන විතරයි. ඔය කවුරු ආවත් විදේස ප්‍රතිපත්තිය එකමයි. (දී)
ඇමරිකාව සැමවිටම වෙනත් රටවල කුණු සොයන්නම හදන්නේ ඇයි? (නි)
හීනෙකින්වත් හිතෙන්නේ නැතුව ඇති (දී)
විද්‍යා, ඔබේ දැනුමේ ඇති අවිද්‍යාව ලෝකෙට පෙන්නන්න එපා. (දී)
ශාන් සෞදි, දිට්ඨ දම්ම වේදනීය කර්ම එන බවත් මතක්කරන්න. (දී)
ත්රස්තවාදීන් හා අන්තවාදීන් මෙලොවින් තුරන් කල යුතුයි, (ස)
ඕවා පරිස්සමෙන් කරන්න ඕන වැඩ මහත්තයෝ (දී)
විද්‍යා, ඒ උතුමාට වාසනාවත් තියෙනවා. නැතිනම් ඇෆ්ඝනිස්ථානෙයි ඉරකෙයි ලක්ෂ ගණනක් මරලත් නොබෙල් සාම පදක්කම හම්බවෙයිද !! (ස)
කළ හොඳ පස්සෙන් එළවනවා කියලා කියනවනේ (නි)
අපේ රට හොඳටනේ තියෙන්නේ ත්‍රස්තවාදී ප්‍රශ්න නැහැ, මිනිස්සු ටෙලි නාට්ටි බලනවා, ක්‍රිකට් මැච් බලනවා, චාරිකා යනවා, කනවා වගේම හොඳට බොනවා, දන්සැල් දෙනවා, බහුතර ජනයා ඉංගිරිසි, හින්දි කතාකරනවා, මීට වැඩිය මොනවද? (දී)
දරුවනේ, ඔබාමා වැනි උතුමෙක් ලෝකයේ පහළ වන්නේ කලාතුරකින්. මම මෙය කියන්නේ වගකීමක් ඇතුව. රෝයිගේ අදහස ඉතාම වැදගත් (නි)
ඔබාමා ගැන අදහස් පළකරන්න පෙර අපි අපේ රට ගැන කතා කරමුද? (නි)
ඔබාමා කවුරුත් හිතන තරමට අවංක නායකයෙක් කියල කියන්න බැහැ. (ස)