ජනප්‍රිය පොප් සංගීත කන්ඩායම් අතර ”ත්‍රී සිස්ටර් ” සංගීත කන්ඩායමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එම කණ්ඩායම එකම පවුලේ සහෝදරියන් තිදෙනකුගේ එකතුවෙන් බිහි වූවකි. ගායනයට උපන් හැකියාවක් තිබූ මෙම සහෝදරියන් අතරින් ඉන්ද්‍රානි පෙරේරා එකල ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායිකාවක් වුවාය. පැරීසියේ කලාකරුවන් සුරැකීමේ එකමුතුව විසින් ප්රණාම නමින් පැවැත්වූ සංගීත ප්රසංඟයට අනිල් භාරති, උපාලි කන්නන්ගර සමග ඇය සහභාගීවූ අතරතුර පුවත්පත් සාකච්ඡාවකට මෙලෙස එක් වුවාය.
ප්රශ්නය:
ප්‍රංශයේ අගනුවර පැරීසිය ලෝකයේ කලාගාරයක් ලෙස හදුන්වනවා. සංගීතය, නාට්‍ය, සිනමාව, සාහිත්‍ය, චිත්‍ර ශිල්පය, ඔපෙරාව ආදි ලෙස සියලූම දෙයින් සැමදා පිරුණූ නගරයක්. ඔබගේ සමකාලීන බටහිර සුපුසිද්ධ ගායක ගායිකාවෝ සෑම සති අන්තයකම පැරීසියේ ප්රසංඟ වලට සහභාගි වෙනවා. පැරීසිය සංගීතයෙන් මුසපත්වූ නගරයක්. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකා ඉන්ද්‍රාණි පෙරේරා එම නගරයේ සංගීත ප්‍රසංගයකට සහභාගි වෙනවා. මේගැන ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර:
මට විශාල සතුටක් දැනෙනවා. විශේෂයෙන් මම, අනිල් භාරති, උපාලි කන්නන්ගරත් මෙම ප්රසංඟයට තෝරා ගෙන ආරාධනා කිරීම ගැන ප්‍රථමයෙන් ජගත්, කිෂාණි වික්‍රමආරච්චි යුවලටත් මාව රැක බලා ගත් සුජිත් ෆොන්සේකා යුවළටත් මම ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ පැරණි ගීත රස විඳින රසික රසිකාවෝ පිරිසක් පැරීසියේ ජීවත් වෙන එක ගැන සතුටු වෙනවා. ඒ වගේම ඔබ සඳහන් කළ පරිදි පැරීසිය වගේ නගරයකදී ගී ගැයීමට ලැබීමත් අපේ භාග්‍යයක් හා වාසනාවක් ලෙසත් සලකනවා.
ප්රශ්නය:
ඔබ මින් පෙර 1987දී පමණ පැරීසියේ සංගීත සැඳෑවකට සහභාගිවී තිබෙනවා. දශක තුනකට පමණ පසු ඔබ නැවතත් පැරීසියේ සංගීත ප‍්‍රසංඟයකට සහභාගි වන අතර මෙම ප්රසංඟයේ අරමුණ අසරණ පැරණි කලාකරුවන්ට උපකාර කිරීමයි. මෙම අවස්ථාව ඔබ විස්තර කරන්නේ කෙසේද?
පිළිතුර:
ඒ ගැන මම ආඩම්බර වෙනවා. පැරීසියේ කලාකරුවන් සුරැකීමේ එකමුතුව ආරම්භ කළ මෙම සත් ක්‍රියාව ඇත්තටම හොඳ ක්‍රියාවක්. ඒ ඇසුරෙන් අපේ පැරණි අසරණ කලාකරුවන්ට උපකාර කිරීමට සංවිධානය වූ මෙම ප්රසංඟයට සහාභාගි වීමට ලැබීමත් භාග්‍යයක් කොට සලකනවා. එවැනි පුණ්‍ය කර්මයක් සිදුකරන මෙම ප්‍රසංගයට සහභාගී වීමට ලැබීම ගැන අපි සියලූ දෙනා සතුටු වෙන අතරම මෙම ප්රසංඟය ඉතාමත්ම ඉහළින් පැවැත් වීමට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.
ප්රශ්නය:
ඔබගේ සංගීත දිවිය ගැන අතීත ආවර්ජනයක් සිදු කළොත්, අප අතරින් වෙන්වූ අසහාය ගායක කැලැරන්ස් විජේවර්ධන අමතක නොවන සුවිශේෂී පුද්ගලයෙක්. එම අතීතය මතක් කරල දෙනවද?
පිළිතුර:
මම මුලින්ම බටහිර සංගීතයට හා එම ගී ගැයීමටයි ප්‍රිය කළේ. ඒ අතරේ1969 දී මගේ පාසැල් මිතුරියක් ඇනස්ලි මාලේවනට මා හඳුන්වා දුන්නා. ඇය ඇනස්ලිගේ ඥාති සොයුරියක්. ඇනස්ලි ගෙන් මම කැලැරන්ස් විජේවර්ධන හඳුනා ගත්තා. පසුව කැලැරන්ස් විසින් ලියා සංගීතය එක් කළ දිල්හානී දුවනී ගීතය වික්‍රමසූරිය මහතාගේ සූර්ය රෙකෝඞ් බාර් එකේදි පටිගත කළා. එය තමයි මගේ සංගීත දිවියේ ආරම්භය. ඉන් පසු ඇනස්ලි විසින් මා මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමට හඳුන්වා දුන්නා. එදා කැලැරන්ස් විසින් ලබා දුන් දිල්හානී ගීතයත් සමග අද දක්වා මගේ සංගීත දිවිය ඔපවත් කිරීමට එය මහත් රුකුලක් වුණා. ඒ ගැන අදටත් මගේ ගෞරවය කැලැරන්ස් විජේවර්ධනට හිමි වෙනවා.
ප්රශ්නය:
70,80 දශකයේ ශ්‍රීලංකාවේ එළිමහන් ප්රසංඟ වේදිකාව නොයෙලින් හොන්ටර්, ලතා වල්පොල, එච්.ආර් ජෝතිපාල, ඩෙස්මන් සිල්වා, රාජ් සෙනෙවිරත්න, කැලැරන්ස් විජේවර්ධන, එම්.එස් ප්‍රනාන්දු, ජෙට් ලයිනර්ස්, ඇපල් ග්‍රීන්, ගැලැක්සි, ජිප්සීස්, එක්ස්පෙරිමන්ට් ආදි වෙනත් බොහෝ ගායක ගායිකාවන්, සංගීත කණ්ඩායම් සමග ඔබද එම ප්රසංඟ වේදිකාව ආලෝකමත් කිරීමට දායක වුණා. එදා සහ අද ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රය සසඳන්නේ කෙසේද?
පිළිතුර:
කාලයක් යන කොට මම එළිමහන් ප්රසංඟ වලින් ඈත් වුණා. නමුත් අද එම ප්රසංඟ වේදිකාව ඉතා හොඳින් වැඩි දියුණු වෙලා තිබෙනවා. එදා අපි ගීත පටිගත කරන කාලේ මෙවැනි තාක්ෂණයක් තිබුනේ නැහැ. කට හඬ පවා වෙනස් කළ හැකි තාක්ෂණයක් අද අපට ලැබී තිබෙනවා. නමුත් අද බිහිවෙන ගීත රසික හදවත් වල රැඳෙන්නේ බොහෝම සුළුවෙන්. එදා ගීත අදටත් රසික හදවත දිනා ගෙන තිබෙනවා. එම ගීත තවමත් මතකයේ තිබෙනවා. 1969 දී අපි ගීත හතරයි පටිගත කළේ. ඒවා බොහෝම ප්‍රවේශමෙන් හිතල බලලා හොඳ කල්පනාවෙන් තමයි පටිගත කළේ. පේ‍්‍රමකීර්ති ද අල්විස්, කැලැරන්ස් විජේවර්ධන, කරුණාරත්න අබේසේකර, කේ. ඩී. කේ. ධර්මවර්ධන ආදීන් එම ගීත නිර්මාණයටත් මිල්ටන් පීරිස්, අර්නස්ට් සොයිසා, මිල්රෝයි ධර්මරත්න, සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, පැට්රික් දෙනිපිටිය, වික්ටර් දළුගම ආදීන් එම ගීත වලට සංගීතයෙන් දායක වුණා. ඉතින් එදා සහ අද අතර නවීන තාක්ෂණයත් සමග අපේ සංගීත ක්ෂේත්රය හොඳ දියුණුවක් ලබා ගෙන තිබෙනවා. හොඳ සංගීත කණ්ඩායම් බිහිවෙලා තිබෙනවා. ගායිකාවක් ලෙස ඒ ගැන මම සතුටු වෙනවා. අද වගේ නොවේ, ඒ කාලේ ප්‍රසංගයකදී අපිට ලැබුණේ රුපියල් 150 ක් 200 ක් වගේ මුදලක්. ඒ අතින් අද ගායක ගායිකාවෝ හරි වාසනාවන්තයි.
ප්රශ්නය:
මෑත කාලයේ ඔබගේ නවතම ගී ඇසීමට අපට අවස්ථාවක් නොතිබුන තරම්. ඒ මන්ද?
පිළිතුර:
ඇයි නැත්තේ ? මේ ළඟදිත් මම ගීතයකට දායක වුණා. ගීතයේ නම
‘සුළඟ ඇයි ඔබ‘ දිල්ෂාන් තමයි ඒ ගීතය නිර්මාණය කළේ. ඔහුගේ වයස අවුරුදු 6ක දියණිය ඩෙංගු රෝගයෙන් මිය ගියා. ඉතින් ඒ දරුවා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා පද රචනය, තනුව, සංගීතය ඔක්කොම දිල්ෂාන් විසින් සිදු කරලා ගායනයට මාව තෝරා ගත්තා. ඉදිරියේදි එම ”සුළඟ ඇයි ඔබ ” කියන ගීතය එළිදක්වනවා.
එම සී ඩි තැටියෙන් ලැබෙන ආදායම අසරණ දුප්පත් දරුවන් වෙනුවෙන් යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය:
ඔබගේ ත්‍රී සිස්ටර් කණ්ඩායම හා ඔබගේ පවුලේ විස්තර කෙසේද?
පිළිතුර:
මට ළමයි දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් විවාහකයි. පුතා නුවර ඉන්නවා. දුව පිට රටක ඉන්නවා. අක්කා මිය ගියාට පසු අපේ සංගීත කණ්ඩායමට විරාමයක් දුන්නා. මමයි සැමියයි රාජගිරියේ ජීවත් වෙනවා.
මෙම ප්‍රසංගයේ අරමුණ අසරණ පැරණි කලාකරුවන්ට හැකි පමණින් උපකාර කිරීමයි. මෙලෙස අසරණවී ඇත්තේ පැරණි කලාකරුවා මිස වර්තමාන ඩිජිටල් කලාකරුවන් නොවේ. එබැවින් ඔබ සහභාගිවූ මෙම ප්‍රසංගය ඔවුන් වෙනුවෙන් බැවින්, එය විශාල පින්කමක් වෙනවා. එබැවින් ඔබේ පැරිස් සංචාරය පින් රැස්කර ගත් සංචාරයක් ලෙස හැදින්වීම යෝග්‍යවේ. එයට පැමිණි ඉන්ද්‍රාණි අක්කා ඇතුළු අනෙකුත් කලා ශිල්පීන්ටද ස්තුතිය පුද කරනවා. දීර්ඝායුෂ ලැබේවා!





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරිසිය කලාවේ, සංගීතයේ, ඔපෙරාවේ කෙලි මඩලක් බව කවුරුත් අහල තියෙන නමුත් ලංකාවේ එක්කෙනෙක්වත් මම නම් දැකලා නැහැ මේවාට සහභාගී වෙනවා. පැරිසියේ මොන්පර්නාස් පැත්තේ තියෙන එක කොමඩි නාට්‍ය ශාලාවකට ගිය කෙනෙක් නැතුව ඇති. හැබැයි ඊට එහා තියෙන හැටනමය ශාලාවට නම් යන ලංකික අය ඉන්නවා. මිලානෝ තත්වයත් මෙසේමයි. ලෝක ප්‍රසිද්ධ ස්කාලා ඔපෙරා ශාලාවට දර්ශනයක් බලන්න ගිය එක ලාංකිකයෙක් ගැන මම දන්නේ නැහැ. අපේ අය කලාව කියලා හඳුන්වන්නේ ලංකාවේ සංගීත කණ්ඩායම් ගෙනල්ල අනවසරයෙන් ගහන ලාංකික කලා ශිල්පීන්ගේ ගීත වලට බීලා නටන එක. අනවසරයෙන් මේ රටවලදී කියන සසර වසනතුරු ගීතයටත් බීලා නටන අයයි මේ රටවල ඉන්නේ. (බ)
පිටිගලගේ අදහස කෙසේවෙතත් ලංකාවේ සංගීතයක් පවත්වන කිසිම ශාලාවක් නැවත ලංකාවේ වැඩකට නම් ලැබෙන්නේ නැහැ. මා සංගීත දර්ශනයක් සංවිධානය කළ එක ශාලාවක තිබුණු වටිනා දොරරෙදි සිගරට් වලින් පුළුස්සලා තිබුනා. එහි කළමනාකරු මේවා පෙන්වනවිට පොළොව පලාගෙන යන්න සිතුනා (නි)
මිලාන්, හොඳ කතාවක්. ඇත්ත ඕකයි. පැරිසිය කියන්නේ කලාවේ නිධානයක්. නමුත් මෙහෙ ඉන්න කට්ටියට ඕනෑ හොඳට බීලා නටලා එන්න. මහා පුදුම මානසිකත්වයක් තියෙන කට්ටියක් මෙහෙ ඉන්නේ. (නි)
පිටිගල මිලානෝ නමින් අදහස් දක්වන ඔබ,නියම නමින්ම අදහස් දක්වන්නේ. නම් මැනවයි සිතමි.බොහෝ දෙනෙකුට ඇත්ත තිත්ත උනත් නිර්බයවම ඒවා පවසන්නේත් කිහිප දෙනෙකුන් පමණක් බැවින්. (ර)
ප්‍රන්ශයේ විතරක් නෙවෙයී. ලංකාවෙත් තත්වය ඕකමයී. සංගීතය කියන්නේ බීලා නටන එක. ඒ ගැන කතා කලොත් ඒ අය බයියෝ. බොන්නෝ කලා විශාරදයෝ. (ර)
කෙල්ල කළු උනාට සුදු දත් සමග ලස්සන ගායනය , මම එදා වශී වෙලා සිටියේ. (ර)
ඇත්තටම ආසයි ඉතාමත් ලස්සන වටිනා පින්තූර ටිකක්. කාට වුණත් මෙයාව මතක් වුණාට ගොඩක් පින් (බ)
අපේ අයට කලාව කියන්නේ වෙරි මරගාතේ ඕනෑම සිංදුවකට නටන එක. එවිට ලෝකයේ සිටින ලොකුම කළා කාරයොත් ඔවුන්මයි. (හේ)
සුදන්තකගේ කතාව මම පිලිගන්නවා....(හේ)
බොන කෙනා කොහෙත් බොනවා, නොබොන කෙනා බලාගෙන ඉන්නවා. බුද්ධිමතා නරඹනවා. කවුරු මොනවා කිව්වත් හොඳ ආරම්භයක්. ජයවේවා! (නි)
පැරිස් වල පෙන්නපු ඇති සාර්ථක සංගීත සංදර්ශනයක් ..(ම)
මෙතෙක් පැරිස් වල කරපු ලස්සන ම සංගීත රාත්‍රිය. (ම)
ඉතා හොද ලස්සන සාර්ථක ශෝ එකක් ..(ම)
සංදර්ශන කරන කටිටිය හොඳ සංදර්ශනයක් කරන්න හිතනවා නම් මෙයාලගෙන් පොඩ්ඩක් අහලා බලන්න. ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැනේ. (නි)
අවුරුදු ගණනකින් හොඳ සංගීතයක් පැරිස් වල දකින්න ලැබුනා. සංවිධායක මණ්ඩලයට ස්තුතියි! (නි)
කරනවා නම් කරන්න ඕනෑ මේ වගේ ලස්සන වැඩක් තමයි. බොරු වැඩ වලට අපි කැමති නැහැ. (නි)
අපරාධ, දූෂණ ගැනම හැමදාම කියවන අපිට මෙහෙම ලිපි දකින්න ලැබීමත් සතුටක් (නි)
ඉතා හොඳ ලිපියක්. මෙවන් ලිපි තවත් පළකරන්න. (නි)
මේ තාක් ප්‍රංශයට පැමිණි අය දන්නේ නැහැ පෙර පැවති සංගීත සංදර්ශන ගැන. 1976 සිට මෙහි ලාංකික සංගීත සංදර්ශන පවත්වනවා මම දුටුවා. සිදුවූ දේවල් මෙහි ලිවීමෙන් පලක් නැත (නි)
දක්වා ඇති අදහස් අනුව මේවාට හේතුව නම් පවත්නා නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ උසස් අධ්‍යාපනය ලබන්නේ සීමිත පිරිසක් පමණක් වීමයි. මෙවන් වටපිටාවක විශ්ව දැනුම සීමාවී සමාජය නොදියුණු වේ. ඔවුන්ගෙන් උසස් මනසක් බලාපොරොත්තු විය නොහැක. එකම විසඳුම වෙනත් රටකට පැන ගැනීමය. (නි)
ඉතා හොඳ ලස්සන සංවිධානාත්මක වැදගත් සංගීත සංදර්ශනයක්. අපි ගොඩක් සතුටුවුණා. ස්තුතියි! (නි)
සංගීතය නම් සුපිරියි. මෙන්න පැරිසියේ දක්ෂ වැඩකරුවෝ. නියමයි (නි)
මේ වගේ ලස්සන මිහිරි වින්දනයක් ලබන්න සමහරුන් කැමති නැහැ. එවන් අය ගැන දුකයි (නි)
“මම, මගේ, මට“ කියලා හිතන්නේ නැතුව දැන්වත් කවුරුත් පොදු හැඟීමෙන් හිතන්න පුරුදුවෙන්න (නි)
මම ගොඩක් දේවල් පැරිස් වල බලා තිබෙනවා. නමුත් මේක ගොඩක් ලස්සනයි (නි)
පැරිස් වල සැඟවුණ දක්ෂයින් දැන් තමයි එළියට ආවේ. හරි සතුටුයි (නි)
ඔබ පළකරන ලිපි සියල්ල අපි නොවරදවා කියවනවා. කරුණාකර තව තව ලිපි ලියන්න. අපි බලාසිටිමු (නි)
නයි කයිද රෝස් පාන් කිව්වලු , ප්‍රතිචාර දුටුවම දුකක් සිතෙනවා (බ)
නියම වැ ඩක් (බ)
ගොඩක් ලස්සනයි ..(බ)
අායිමත් මේ වගේ ලස්සන දෙයක් කරන්න අපි එනවා බලන්න .(බ)
ලස්සන උතුම් වැඩක් අපි ගොඩක් සතුටු වුණා ස්තුතියි .!! (බ)
පැරිස් වල කරපු ලස්සන සංගීත රාත්‍රියක් ගොඩක් සතුටුයි ..(බ)
ගොඩක් ලස්සනයි ස්තුතියි ..!! (බ)
කාලෙකින් ලස්සන සින්දු ටිකක් ඇහුවා අායිමත් එකක් කරන්න අපි එනවා බලන්න ..!! (බ)
ඔබගේ ලිපි කියවා අපි බොහෝදේ දැනගත්තා තවතව ලිපි ලියන්න ඔබට ශක්තිය ලැබේවා ..(බ)
හොද පරමාර්ථයෙන් කරන ඕනම දෙයක් සාර්ථක වේ ..(බ)
පිරිසිදු චේතනා ගෙනදේ වාසනා .!! (බ)
ඉදිරියටත් මෙවන් ලස්සන හොද දේවල් කරන්න දෙන්න ඔබගේ සහය .(බ)
ගොඩක් ලස්සනයි .අපි බැලුවා (බ)
ලස්සන සින්දු කලකින් ඇසුවා (බ)
හරිම ලස්සනයි හරි ආසයි ..අායිමත් බලන්න (බ)
අනිල් බාරති ගේ සින්දු වලට අපි හරි ආසයි .(බ)
ඔක්තෝම්බර්, නොවැමිබර් වල අපි පැරිස් වල දැවැන්ත නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට උදවු කරන්න (නි)
අනේ ඇත්තටම මේ වගේ සන්දර්ශනයක් ආයෙත් කරන්නකෝ. අපි එනවා (නි)
හරි සතුටුයි අපිට. හරිම ලස්සනයි (නි)
පරණ සින්දු හරි රසවත්. ඒවා අහන්න ආසයි (නි)
සිහිවටන ඉතා රසවත්. ඒ වගේම ලස්සනයි. (නි)
ප්‍රංශයේ සිංහලයන්ගේ අදහස් හරිම කෘත්‍රිමයි. සමිති අතර තරඟය නිසා එකම කට්ටියක් ලියනවා.(අ)
මිලානෝ.. .හොද දේට හොදයි කියන එක ඔයාට ඇයි ඉවසන්න බැරිනම් නොබලා ඉන්න (බ)
මිලාන් කවුරු ලියුවත් ලියල තියෙන්නේ ඇත්ත (බ)
මිලාන් .....ඉරිසියයිද ? (බ)
මිලානෝ ..පැරිස් වල සිංහ හම් පෙරේගත් නාකි කොටළුවන් ගේ නිර්වත හෙළිවන දින වැඩි ඇතක නැත . (අ)
මිලාන් මතකයේ තියාගන්න පෙරවදන ....උ ඩ පැ න්නොත් බිම වැටේ හිස් මිනිසුන් ..(බ)
මිලාන් .ඔයා කියන්න .. හොද දේ අගයකරන්න මෝඩකම කුහකකකම යටිපුට්ටු කම වතුර යටින් ගින්දර ගෙනියන වැඩ පිට සමිති ඇතුලෙ කොටවන වැඩ දැන්වත් නවත්වනු ..(බ)
මිලාන් අහන්න ..මම , මගේ ,මට , මමයි මේකේ කෙරුම , කියල හිතල පැරිස් වල ජිවත් වන උදවිය කරන කටයුතු එලිවනකොට ඒ ජාමෙටයි හොද හොද සෙල්ලම් ..(බ)
මේවා දකිනකොට පණ පලයන් ගිය සුමානේ ..(බ)
මිලානෝ ..මුනට හිනාවන, මුනිච්චාවට කතාකරන මිනිස්සු නෙමෙයි පැරිස් වල ඉන්නේ .(අ)
මිලාන් ...කන්න දීපු අත හපා කන උදවියට මොකද වෙන්නේ කියලා මිලාන් අපි නරඹමු ..!! (බ)
මේ වගේ අපේ ලාංකික කලාව පැරිසියේදී පැවැත්තු එක ගැන අහල සතුටු වෙනවා මේවා අපිට උරුම වුන දේවල් සැමට ජය පතනවා , නෙදර්ලන්තයේ නම් මේවා දකින්නට නැහැ .(බ)
මිලානෝ පිටිගල ඔයා මිලානෝ වල වැඩක් බලාගෙන ඉන්න ප්‍රංශේ අය ඒගොල්ලන්ගේ දේවල් ගැන බලාගනියි. පුලුවන්නම් මෙහෙ සමිතිවල ගින්දර නිවන්න.(අ)
දැන් පැරීසියේ පාර අයිනේ පඳුරකට පයින් ගහපුවම එකමුතු දහයක් පහළොවක් විතර විසිවෙනවා . (ර)
ලේක්කෝ ගලබඩ, මම දැන් අවුරුදු කීපයක ඉඳලා මෙල්බර්න් නගරයේ ඉන්න බව ඔබත් දන්නා එකේ මම කොහොමද මෙහෙ ඉඳලා ගලබඩගේ ගිනි නිවන්නේ? (නි)
මිලාන් ...ඉදිරියේදී අපි පැරිස් වල නියම වැඩ ගොඩක් කරන්න සුදානම් ... මිස් ශ්‍රී ලංකා ලෝකයේ ලස්සනම ශ්‍රී ලංකා යුවතිය . .තෝරන තරගය අපි අපේ සංගමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා 2016 යේ ඔක්තෝම්බර් ; නොවැම්බර් ; වල අපිට ඔක්කොමලා උදව් කරන්න (බ)
දැන් පැරීසියේ මිස් ශ්‍රී ලංකා තරඟ කියක් තියෙනවද ? මිස් ශ්‍රී ලංකාවත් විකුණගෙන කන වැඩ පිළිවෙලක් වගේ .(බ)
අජිත් පැරිස්, මෙයාලා හරි දක්ෂයි. පැරිස් වල වාර්තාවක් තියයි වගේ. (නි)
සංවිධායක මණ්ඩලයට සියල්ල කරන්න ශක්තිය ලැබේවා! (නි)
රොහාන්, ඉදිරියේදී පැරිස්වල පඳුරකට පය වැදුනොත් මිස් ශ්‍රී ලංකා සංදර්ශන කරන සංවිධාන කීයක් විසිවේද? (නි)
අජිත් පැරිස්, දැන් පැරිස් වලට හැදිලා තියෙන්නේ මිස් ශ්‍රී ලංකා අජීරණයනේ (නි)
අජිත් පැරිස්, මීයක් කඩන්නේ අත ලෙවකන්නද? (නි)
රොහාන් .මේවා ඔක්කොම බොරු වැඩ (හේ)
නිලන්ති .. ඔබ හරි (හේ)
අජිත් පැරිස් ...බලන්නකෝ ලංකාවේ වත් මෙහෙම සංගීත සන්දර්සන තිබේද ? පැරිස් වල එක සතියට 2 යි මාසේට 10යි ඕවා බලන්න යන්න මිනිස්සුන්ට කොහොන්ද ඔච්චර සල්ලි.. (හේ)
මෙවන් ප්රවෘත්තියකට ඇති ප්‍රතිචාර තොගයෙන්ම මෙවන් පුවත් වලට ඇති ජනතා කැමැත්ත තේරුම්ගත හැක (නි)
වැ ඩේනම් නියමයි හැ බයි සද්ද මදි ..(අ)
පැරිස් ඉතිහාසයේ 11600 කට වැඩි පිරිසක් කියවපු එකම ප්රවෘත්ති ඉතාවිශාල ප්‍රමාණයක් ගුණ .අගුණ ලියපු නිවුුස් එක හරි සතුටුයි ..(අ)
මේවගේ ලස්සන සංගීතයක් පැරිස් වලයින්න අපිට ආයි කවදා ලැබේද .???(අ)
නිවෙදන කටයුතු කරනකොට නිවේදකයා මගේ පපුවට ඩො .ඩො .ඩො . ගාල වදිනවා නියමයි ..(අ)
කරනවා නම් කරන්න මේ වගේ සංගීතයක්... කරපු අයගෙන් ඇසුවනම් දැනගන්න පුළුවන් ...(අ)
නිවේදකගේ නිවේදන හරිම ලස්සනයි. ගැඹුරු අර්ථ හරි පැහැදිලියි. නියමයි (නි)
කරනවානම් කරන්න මේ වගේ වැඩක් පුලුවන් නම් (නි)
සංගීත කරන්න දන්නේ නැත්නම් අහන්න. අපි කියා දෙන්නම්. ලැජ්ජාවෙන්න එපා (නි)
අපිට පස්සේ කළ සංගීතයට මොකද වුණේ? (නි)
අදහස් දැක්වූ සැමට ප්‍රණාමය පුදමි. මෙය ලියපු සුනිල් ආනන්දටත් අපේ ආචාරය! අපි ගත් උත්සාහයේ ප්‍රතිපල අහනකොට හරි සතුටුයි. ලොකු උත්සාහයක් ගත්තා පවතින රැල්ලෙන් මිදිලා ප්‍රසංගය කලාත්මක නිවැරදි මාවතට ගන්න. එ්ත් පරණ කුණු රසටම හුරු උදවිය මේක බලන්න ආවේ නැහැ. නිහඩ වර්ජනයක් දියත් කළ උදවිය හිතුවා මේ ප්‍රසංගය කොටඋඩ යයි කියලා. නමුත් ඉතාමත් වැදගත් මිනිසුන්ගෙන් ශාලාව පිරුනා. හොඳ දේ හඳුනාගත හැකි මිනිසුන් පැරිසියේ ඉන්න බව අපි තේරුම් ගතයුතුයි. (නි)
ලංකාදීපයේ පළවූ අදහස් උදහස් අගයමි නිරතුරු. අපි ගත් උත්සාහයේ ප්‍රතිඵල ගැන කතාකරන එක සතුටක්. අපිට ඕනෑ වුණේ මේ කලාවට නිගරුවෙන ප්‍රසංග රටාව මොහොතකට නතර කරලා කලාත්මක් මාවත පෙන්නා දෙන්න. එ්ක අපි කළා. හැබැයි කුණු රසටම ආසා බොහෝ උදවිය මේක මඟඇරලා නිහඬ වර්ජනයක් දියත් කළා කියලයි ආරංචිය. අද ප්‍රතිඵල දකිනවිට එයාලට ලජ්ජාත් ඇති. අපේ උත්සාහය සාර්ථකයි. (නි)
ජගත් වික්‍රමාරච්ච්, නිහඬ වර්ජනය දියත් කළේ කවුද කියලා අපි දන්නවා. ඔබතුමා හරි (නි)
ජගත් වික්‍රමාරච්චි, ඔබ හරි. ඔබට හා ඔබගේ පරමාර්ථයට ජයවේවා! (නි)
ජගත් වික්‍රමාරච්ච්, ඔබතුමා කෙළින් වැඩකරන, කෙළින් කතාකරන මහතකු බව පැරිස් වල ඉන්න කවුරුත් දන්නවා. ඔබතුමා සමඟ අපි ඉන්නවා ඉදිරියට (නි)
ජගත් වික්‍රමාරච්ච්, පැරිස් වල ලංකාවට සුබසාධනය කරන්න සංවිධානයක් තියෙනවා නේද? එ්කේ කටයුතු කොහොමද? (නි)
ජගත් අයියා, ඔයා කියන කතාව හරි. අපිත් දන්නවා. අපි නිහඬවෙලා බලාගෙන ඉඳිමු (නි)
ඉතා ලස්සනයි. අතිසාර්ථක සංගීත සංදර්ශනයක් අපි බැලුවා (නි)
ජගත් අයියේ, ඔයා නිවේදන කටයුතු කරනකොට ඔයාගේ වදන් මිහිරි, පැහැදිලි, වචන, හඬ අහන්න අපි හරි කැමතියි (නි)
ජගත් අයියේ, පැරිසියේ සංගීත සංදර්ශන නිවේදකයන් අතර අපි ඔයාට ලබා දෙන්නේ අංක 1. ඔබ ඉතා දක්ෂයි. ජයවේවා! (නි)
ජගත්, අගුණ අඩුයි, ගුණ වැඩියි. ඔයාලගේ සංදර්ශනයට අපිට සතුටුයි. ස්තුතියි! (නි)
ජගත් මල්ලි, ඉදිරියේදී පැරිස් ලංකා සුබසාධන සංගමය එක්ක එකතුවෙලා කටයුතු කළා නම් හොඳයි නේද? (නි)
ඉතා හොඳ සංදර්ශනයක්. අපිත් බැලුවා. නියමයි (නි)
ජගත් මල්ලි, පැරිස් සුබසාධන සංගමය සමඟ එකතුවෙන්න කලින් දෙවරක් හිතන්න (නි)
ජගත් අයියේ, පැරිස් සුබසාධනය කියන්නේ කාගේ සුබසාධනයද? (නි)
ජගත් මල්ලි, ඔයාලාගේ වැඩේ නම් නියමයි. ජයවේවා! (නි)
ජගත් අයියේ, ආයෙත් හොඳ සංගීතයක් කරන්නේ කවදාද? කියන්න. අපි එනවා බලන්න (නි)
ජගත් පුතා, අපි එදා ගොඩක් සතුටුවුණා. ඔයාට ගොඩාක් පිං! (නි)
මට දැනටත් එදා අහපු සින්දු ඇහෙනවා. සතුටුයි. (නි)
ජගත් මහත්තයෝ, ඔබතුමා නිවේදන කරන ආකාරය ඉතා ඉහළයි (නි)
ජගත් මල්ලි, මම ඊයේ රෑ හීනෙනුත් ඔයාලගේ ප්‍රසංගය දැක්කා (නි)
ඔයාලගේ ප්‍රසංගයේ සින්දු මට තවමත් ඇහෙනවා වගෙයි (නි)
ජගත් මහත්තයේ මබතුමා පැරිස් ඉන්න ලාංකිකයින්ට ලොකු පම්පතක්. (ර)
ජගත් වික්‍රමාආරච්චි ... නිහඩ නෙමෙයි සද්දෙට තමයි ඒ වර්ජනය කළේ , වර්ජනය අසාර්ථකයි ... .සංගීතය ,පරමාර්ථය ,සාර්ථකයි... දුක සුබසාදනය කියාගත් සංගමයක සබාපති මුල් වීමයි (බ)
සුබ සාධනය කියන නමේ තේරුම දන්නවාද ..? (බ)
ජගත් මල්ලි.. ඔබ දක්ෂ කළා කරුවෙක් ඒ බව ඔබ ඔප්පු කළා. (ර)
කාලෙකින් දුටු ඉතා හොද නිර්මාණයක් සතුටුයි. (ර)
කවූරුකලත් හොදදේ අගය කලයුතුයි ලොබ නැතිව.. මෙය හොද නිමයුමක්. (ර)
ඉදිරියටත් හොඳ නිමැයුමක් එළිදක්වන්න. අපි සැදී පැහැදී බලාසිටිමු (නි)
හොඳ දේ කවුරු කළත් හොඳයි. මේක ඉතා ලස්සනයි (නි)
ලස්සන සංගීත සංදර්ශනයක් අපිට දකින්න ලැබුනා. ස්තුතියි! (නි)
ජගත් මල්ලි, ඔයා ඇත්තටම පැරිස් වල ඉන්න හොඳ දක්ෂ කලාකරුවෙක්, නිර්මාණකරුවෙක්, නිවේදකයෙක්, සංවිධායකවරයෙක්. ඒ බව ඔබ පැරිස් ලාංකිකයන්ට පසක්කළා (නි)
ජගත් මල්ලි, ඔයා පැරිස් වල ඉන්න. අපිට සම්පතක්. ඔබ රැකගැනීම අපේ වගකීමයි (නි)
ජගත් මල්ලි, ඔයාගේ මේ උතුම් කටයුත්තට පැමිණීමට එරෙහිව වර්ජනයක් දියත් කළා කියලා ඔයා ලියලා තියෙනවා. ඒ කතාව ඇත්තටම ඇත්තක්ද? (නි)
අපි අද හෙටම අපේ ආදරණිය රංගධරයා වෙත මුදල් පරිත්‍යාගය ලබාදෙනවා. බර්ටි ගුණතිලක මහතා වෙනුවෙන් යමක් කිරීමේ ශක්තිය ලබාදුන් ඔයාලා ඔක්කොටම මේ පින අනුමෝදන් වෙනවා. අපේ පළමු උත්සාහය මෙතරම් අගය කිරීමකට ලක්වීම ඉදිරියේදී තව හොඳ වැඩකට අපිව තල්ලු කිරීමක් බව අමතක නොකරන්න. අපිව හඳුනාගත් කීපදෙනෙක් හරි ප්‍රංශයේ සිටීම සතුටක්. (නි)
ජගත් වික්‍රමාරච්ච් .කීප දෙනෙක් කියලා කටවරද්ද ගන්න එපා එදා සංගීත සන්දර්ශනයට 350ක් 400 ක් විතර පිරිසක් හිටියා මම සියැසින් දුටුවා ඉදිරියටම යන්න අපි ඔබ සමගයි ..(බ)
ජගත් මල්ලි... කීපදෙනෙක් නොව අපි සියලුදෙනා ඔබසමගයි ජයවේවා .(අ)
ජගත් ඔයා. කෙලින් කතාකරන, කෙලින් වැ ඩකරන වැදගත් මහත්තයෙක් ඔයාට ජයනියතයි .ඉදිරියටම යන්න .(අ)
ජගත් මල්ලි ..බියනොවන්න වර්ජන කරු හෙළිකරන්න රටට දැනගන්න (බ)
ජගත් මල්ලි .. බයවෙන්න එපා වර්ජනකරුගේ නම කියන්න අපි දැනගන්න ආසයි ..අපි ඉන්නවා ඔයා සමග (බ)
ජගත් ඔයා ගේ පිංකමට අපිටත් දායක වීමට ලැබිම්ම ගැන අපි සතුටු වෙනවා (බ)
ජගත් වික්‍රමාරච්ච් යනු පැරිස් ජිවත් වෙන දක්ෂ කලාකරුවකු බව දැනටම ත් මුළු ලොවම පිළිගෙන අවසන් ..(බ)
ජගත්.. වර්ජනකරු හෙළිකරන්න බියද .? (බ)
ජගත් ඇත්ත කියන්න පොලවේ හිටගන්න බයවෙන්න එපා ..(බ)
ජගත් වර්ජන කතාව බොරුවක්ද කියා මට සැකයි (බ)
ජයවේවා ......ජයවේවා.........ජයවේවා........ (ම)
පැරිස් දෙවනක් කල ජගත්ට ජයවේවා..! (ර)
පැරිස් සංගීත යේධයා... ජගත් ඔබවේ .. (ර)
මේ වගේ ලස්සන සංගීතයක් අායෙත් කවදාද කරන්නේ කියන්න (නි)
කාලෙකින් දුටු ලස්සන සංගීත රාත්‍රියක්. හරි ලස්සනයි (නි)
හරි සතුටුයි. ජයවේවා! (නි)
අපිට හරිම සතුටුයි. මෙය ඉතා ලස්සනයි (නි)
ජය ..ජය...ජය...ජයවේවා ජගත්! (නි)
පැරිස්වල ඉන්න ලාංකිකයන් සතුටු කරන්න රජෙක් පහළ වේවා .ජගත් ඔබට ජයවේවා ..(බ)
ජගත්... ලස්සනදේ ලස්සනයි ඔබට ස්තුතියි ..(බ)
ජගත් ....ඔයාට සුබ අනාගතයක් ජයවේවා (බ)
ජගත්.... ඔය ගමන යහ පාලනයට අත් වැලක් වේවා ..(බ)
ජගත්, ඇත්තටම ඔබ කලාවට රජෙක් (නි)
ජගත් අයියා, ඔබගේ දක්ෂකම් පැරිස් ඉන්න අපිට වටිනවා (නි)
දක්ෂ කලාකරුවන්ට ඊර්ෂ්‍යා කරන්න එපා (නි)
ජගත් මල්ලි... තව ලස්සන දෙයක් කරන්න පැරිස් වල ඉන්න අපි සෝරෝම උදවු කරනවා ඔයාට (අ)
ජගත් පුතේ ඔයාට ජයවේවා.(අ)
අහනවනම් ඔන්න සින්දු හරි මිහිරියි ..(ම)
ජගත්, ඔබ මාධ්‍යවේදියෙක්, ගුරුවරයෙක්, ලේකඛයෙක්, නිවේදකයෙක්, නළුවෙක්, වාදකයෙක්, ගායකයෙක්, කැමරා ශිල්පියෙක්. ඔබ ඇත්තයම නියම කලාකරුවෙක්, දක්ෂයෙක්. ඔබට ජය! (නි)
ජගත් මල්ලි නියම වැඩකාරයෙක්. අපිට සතුටුයි (නි)
ජගත් මල්ලි, ඔයා කළ සංගීතය අපට කිසිදා අමතක නොවේ (නි)
ජගත් මහත්තයා ඉඳලා ඉඳලා පැරිසිය දෙවනත් කළා නේද? නියමයි (නි)
පැරිස් වල ආන්දෝලනාත්මක කතාව ජගත්ලාගේ සංගීතයි. ඇත්තෙන්ම හොඳයි තමයි. (නි)
ජගත් පුතා.... ගැන අපිට ලොකු ආඩම්බරයක් හිතෙනවා (බ)
ජගත් අයියේ .....ඉදිරියටම යන්න අපි ඔබ සමගයි සුබ අනාගතයක් ..(බ)
මේවා දකිනකොට හරි සතුටුයි යහපාලනයක්, ජගත් ට සුබ අනාගතයක් (බ)
ජගත් ඔයා එකයි කළේ පැරිස් සෙනග උමතුවෙලා දෙක කළානම් හිතාගන්න බෑ .(බ)
මේවා දකිනකොට සතුටුයි .ජයවේවා (බ)
වැඩේ නියමයි ජයවේවා ..(බ)
ජගත් ඔබට සුබ අනාගතයක් .(බ)
ජගත්... සෙනග හිටියනේ ලාබේ කොහොමද ...? (බ)
ජගත් ඔබ කැමැති යහපාලනයට ද.? සුබ අනාගතයට ද? විප්ලවයට ද .? (ර)
ජගත් ඔබතුමා පැරිස් වල සංගීත විප්ලවයක් කළා .ඔබතුමාගේ සේවය කලාව තුල අමරණීයයි. (ර)
ජගත් මල්ලි එක පුන්සදින් දුරුවේ ලොව ගණ අදුරු, තරු අහසේ ඇත වැඩක් වේද ...? (ර)
පැරිස් වල ...ජිප්සීස් ,භාතිය සන්තුස් ,.ටැලන්සෝ ,.මිස් ශ්‍රී ලංකා ,.මිස් යුරෝප් ,. සියල්ල ජගත් ඔබ පරාද කළා ඔබට ප්‍රතිචාර 156 ඉක්මවා යනවා ජයවේවා (බ)
බුදු අම්මේ මෙතරම් ප්‍රතිචාර පැරිස් වල ලැබුණු පළමු වතාව. සියලු දෙනාට ස්තුතියි ..(බ)
බර්ටි ගේ වාසනාව ....ජගත් ගේ ප්‍රචාර.. .පැරිස් වල වෙනසක් (බ)
නරඹන්න පැමිනි නරඹන්න නොපැමිණි සියලු දෙනාටම ස්තුතියි ...පිං.....(බ)
ජගත් .. සමහර පැරිස් වල සංගම් ලංකාවට උදවු කරනවා කියලා බෙරිහන් දිදී මිනිස්සු අදිනවලු. නමුත් අපි අපේ සංගමේ එහෙම කරන්නේ නෑ. (ස)
ජගත් මල්ලි ....මිනිස්සු අදිනවා සල්ලි බෙදාගන්න බැරිව රන්ඩූ කරනවා. මෙනවද මේ පැරිස් වල වැඩ ලැජ්ජයි ......!! (ස)
ජගත් මිතුරාණනි ඔබට ඉදිරියටත් ජය සිකුරුයි .....(ස)
සමන්ත පැරිස්, ජගත් කැමති සුබ අනාගතයකට එයා යින්නේ අපි සමගයි එකනේ එදා අපි කට්ටිය බැහැලා උපරිමයෙන්ම කටයුතු කලේ. (ර)
ජගත්... ඔබගේ දස්කම් විස්කම් අපි දුටුවා ඔබගේ , සැලසුම් , නිර්මාණ ,සංවිධානය ඉතා ඉහලයි අති සාර්ථක සංගීත සංදර්ශනයක් අපි නැරඹුවා රසවින්දා ස්තුතියි ....(බ)
ජගත් ...ඔබයි පැරිස් වල ඉන්න එකම එක ජගතා....(බ)
ජගත් මහත්තයෝ...... පැරිස් වල කරපු උත්සවයක් ලංකාදීප එසැණ පුවතෙන් වැ ඩිම පිරිසක් කියවපු නරඹපු පුවත මේ. දැනට 12,125. කියවා නරඹා ඇත ..මෙය විශේෂ අවස්ථාවකි ..(බ)
ජගත්, පැරිස් වල ගිනිසිළුව ඔබයි. නරබා ඇත, 12,227 ක් පතිචාර 157, යි මේක පැරිස් වල වාර්තාවක්. (ර)
ජගත් ..මම දැ න් පැරිස් ඇවිත් අවුරුදු 38 ක් වෙනවා මේ වැනි ප්‍රතිචාර ,159,ලැබුණු පළමු අවස්ථාව (බ)
කළු කෙල්ලට පැරිස් වලින් ඇති දැවැන්ත ප්තිචාරයක් ගෞරවයක් 161 පතිචාර බැබෙනකොට 12,329 ක් නරබන කොට කාටද ආඩම්බර... (ර)
ජගත් පැරිස් වල ඉන්න උත්සව කඩාකප්පල් කරන අයට හිතන්න වේවි. 12,329 ක් බලනකොට, 161ක් ප්‍රතිචාර ලියනකොට පැරිස් ජනමතය . (ස)
මේ වගේ ප්‍රතිචාර ලැබුණු තවත් සංගීත සන්දර්ශනයක් තවත් අද වෙනතුරු පැරිස් වල කරලා නෑ ...(ස)
ජගත් අයියා ලොකු පිංකමක් ඔයා කලේ අසරණ කළාකරුවන්ට. (ර)
මේවගේ සංගීත සන්දර්ශන පැරිස් වල කරනවානම් ශාලා වේලෙන්නෙත් නැ . පාඩු වෙන්නෙත් නැ...(බ)
අඩු තරමේ ,12,743 දෙනකු මෙම නිවේදනය බලපු එකම කෝටියක් .වටී (බ)
169 ක් ප්‍රතිචාර වල වැඩි හරියක් ලියල තියෙන්නේ ගුණ ඒ කියන්නේ සංගීතය සාර්ථකයි ..(බ)
ජගත් අයියා මේක ආශ්චර්යයක් ද ...මෙතරම් ප්‍රතිචාර (බ)
පැරිස් වල ගී ගයපු . කළු කෙල්ලගෙයි . කළු කොල්ලේ දෙන්නගෙයි .වාසනාව ....වාසනාව දොර ඇරලා බලනවා පැරිසියම දෙවනත් කෙරුනා (බ)
කළු කෙල්ල පැරිස් වල සුදුඅසුපිට නැගලම යනවා ප්‍රතිචාර .12,907.යි (බ)
මිනිස්සු හොරෙන් අදින්නේ නැතිව මේ වගේ ලස්සන සන්දර්ශනයක් කරන්නකෝ කවුරුත් ...(බ)
ධර්මසිරි ..පැරිස් වල තියන සංවිධාන ලංකාවට උදව් කරන සංවිධාන ඔයා ඔය කියන්නේ මිනිස්සු අදිනවා කියලා . ඇමරිකාවේ සංවිධාන වෙන්න ඇති ..(බ)
කළු කෙල්ලේ ...., එදා තරම් මාගේ සිතේ රැඳුනේ නැහැ තව දවසක්. ඒ රාත්‍රිය එතරම් සුන්දරයි (නි)
ධර්මසිරි ...ඔබහරි මිනිස්සු අදින ජාවාරම හැම තැනම (බ)
අනිල් බාරති .... ගායකයාගේ එදා කටහඩ ඒ වගේමයි අදත් ..(බ)
උපාලි කන්නන්ගර.... 70 - 80 දශකයේ සුපස්ටා සංගීත කණ්ඩායමේ දක්ෂ ගිටාර් වාදකයෙක්. එයාගේ සින්දු හරිම ලස්සනයි (නි)
ජගත් මල්ලි, මේක මෙච්චර ගානක් බැලුවා කියන්නේ පැරණි ගීතවල රසයට මිනිස්සු තවමත් ආසයි කියන එකයි (නි)
ධර්මසිරි... පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ ඉදිරියේදී බල්ලා මල්ලෙන් එලියට පනියි. (ර)
මේ තිදෙනා ගේම සින්දු නියමයි අපි ගොඩක් සතුටු වුණා .....(ම)