ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 7ක් සඳහා ඇමරිකාවට ඇතුළුවීම වළක්වාලමින් නීති පැනවීමත් සමග කුවේටයත් එවැනිම තීරණයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව රටවල් 5කට කුවේටයට ඇතුළුවීම තහනම් කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර ඇත. සිරියාව, ඉරාකය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය හා ඉරානය යන රටවල පිරිස් සඳහා කුවේටයට ඇතුළුවීම තහනම් කර ඇත. අන්තවාදී ඉස්ලාමීය සංවිධාන තම රටට ඇතුළුවීම වැළැක්වීම මෙහි අරමුණ බව කුවේට් රාජ්‍යය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙ කමෙන්ට් දාන සමහර බුද්ධිමත්තු හිතාගෙන ඉන්නෙ ලංකාව ලෝකෙ ධනවත්ම රටක් කියල. තමන්ගෙ අපනයන භාන්ඩ මිළදී ගන්න රටවලට සම්බාධක දාන්නලු. මේවට කොහෙන් හිනා වෙන්නද? (බ)
ඉතා හොඳයි (නි)
පහසු, ඒ වගේම මෝඩ, මානව හිමිකම් ගැන මොනම තැකීමක් නැති තීරණ ගන්න රටවල් මුස්ලිම් වුණත් එකයි, නැතත් එකයි. අන්තවාදී, දුරදිග නොබලන, තමන්ට ඍජු බලපෑමක් නොවේ නම් ඕනෑ එකක් වුණාදෙන් කියා හිතන මිනිසුන් තමයි මේවට කැමති වෙන්නේ. (නි)
මා දන්නා තරමින් මේ තහනම දැනට අවුරුදු ගණනාවකට කලින් පනවපු එකක්. නමුත් අපේ මිනුස්සු දන්නේ දැනුයි (ම)
ට්‍රම්ප් ඔබගේ ක්‍රියාව අගයමු, සහෝදර මුස්ලිම් ජනතාවට නොව, අන්තවාදී කණ්ඩායම් වලට වට බදිමු,,ජය ,,,,,(අ)
කොළඹ පාකිස්තානෙන් ආ කට්ටිය ඉන්නවා තමයි. එහෙත් වැඩිපුර ඉන්නේ ලංකා යෝනක කට්ටිය. ඔවුන්ගේ ආගම ඉස්ලාම් වුණත් ජාතිය ලංකා යෝනක. අපි මේ රටේ සිංහල ජාතිය තරම්ම ඉතා ඈත ඉතිහාසයක් තියෙන මිනිස්සු. ඉස්ලාමය මෙරටට ආවේ 8 වෙනි සියවස්වල. (නි)
ලංකාවට නම් ඉතින් කොටි ආවත් කමක් නැහැනෙ. ඩොලර් ලක්ෂ 3 ක් තියෙනවා නම් ආයෝජකයොනෙ (නි)
ට්‍රම්ප්ට ජයවේවා! (නි)
අඩුමගානේ ඉන්දියන්කාරයින්ට අපේ රට තහනම් කළොත් කුඩු වගේම ගංජා එන එකත් නතරකර ගන්න පුළුවන්. (නි)
ලංකාවේ ආගමන නීති ලිහිල් වැඩියි. විශේෂෙයෙන් පාකිස්තාන, ඇෆ්ගනිස්තාන, බංගලි, ඉරාන සහ අෆ්රිකානු රටවල අය එන්නේ නීතිවිරෝධී කටයුතු වලට. (නි)
සිංහ, මෝඩ කතා කියන්න එපා. ලංකාවේ සිංහල මිනිස්සු පිටරට ගිහිල්ලා ත්‍රස්තවාදී සංවිධාන වලට බැදිලා තියනවද (නි)
කුවේට් වැසියන් ඇමෙරිකානු ගැතියි. ජාත්‍යන්තර නීතීන් අමු අමුවේම උල්ලංඝනය කරමින්, පලස්තීනුවන්ට අයිති ඉඩම්වල බලෙන් ජනාවාස හදන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝගයන් පවා තුට්ටුවකටවත් ගණන් නොගන්නා ඊශ්‍රාලයේ වැසියන්ට ඔය තහනම පනවන්න ඔවුන්ට කොන්දක් නැහැ. (නි)
ට්‍රම්ප්ට බැනපු කට්ටිය දැන් මේකටත් ට්‍රම්ප්ට බනියි (නි)
අපේ රටෙත් කොටි යුද්දයක් ආයේ පටන් ගත්තොත් අපේ රටටත් ඔය ආනිසන්සේ තමයි. අපේ රටත් තහනම් කරයි (ම)
ඕකට තමයි කියන්නේ ඌරගේ මාළු ඌරගේ අගේ තියල කපනවා කියල. නියමයි. (බ)
ඉස්ලාමිය අන්තවාදීන්ට කනේ පහරක් (ම)
ලෝක ත්රස්තවාදයට හොද පාඩමක්අ පේ රට කුඩුවලින් හා අන්තවාදීන්ගෙන් බේරාගමු (බ)
ලංකවේ සිංහලයෝ කොහේ ඉඳන්ද ආවේ. (ර)
පකිස්තාන ,ඇෆ්ගනිස්තාන අය ලංකාවත් ගොඩක් ඉන්නවා.කොළඹ ඉන්න ගොඩක් අය පකිස්තානෙන් ලංකාවට ඇවිත් පදිංචි වෙච්ච මුස්ලිම් අය. ආවට කමක් නැහැ මෙහෙ පැල පදියම් වෙලා අන්තිමට අපිටත් එහා අයිතිවාසිකම් ඉල්ලන එකනේ ප්‍රශ්නේ (බ)
කමෝන් ට්‍රම්ප් මහතාණනි කමෝන් (බ)
ඔන්න අරාබිකරයේ මුස්ලිම් සහෝදරත්වය ,සැම් දෙයක් ම තීරණය වෙන්නේ මුදල් මත (බ)
මෙන්න රටවල් අපේ උන් මෙහෙ අන්තවාදීන්ගේ ජන්දේ හිගා කනවා (බ)
පාකිස්තානුවන්ට ලංකාවට ඒම තහනම් කළොත් අපේ රට කුඩු වලින් බේරා ගත හැක (බ)
ඔය කුවේට් වල ඉන්නේ මිලේච්ඡ ජනතාවක් ඔහෙට නොයන එක ඔය නම් කළ රටවල මිනිස්සුන්ගේ ඇඟට ගුණය (බ)
දෙයියන්ගේ පිහිටයි ලංකාවටත්, මොකද අපේ අය වෙන රටවල ගිහින් කරන කෙරුවාවල් හැටියට ළඟදීම ගොඩක් රටවල් අපිටත් දෙයි වැඩේ. (බ)
බලාගෙන , අපේ ලොක්කෝ ආදරෙන් එන්ඩ කියා ඉන්වෙස්ට්මෙන්ට් අරගෙන ඔය කට්ටියට (බ)
දැන් කුවේට් වල දේශප්‍රේමියෝ කෑගහන්නේ නැද්ද ,අපේ රටේ වගේ අන්න අන්න අධිරාජ්‍යවාදින්ගේ වැඩ කරනවා කියල ,බලාගෙන යනකොට අපේ රටේ ජේවීපී, ඒකාබද්දේ අයට වඩා කුවේට් උන්ට මොලේ තියෙනවනේ, (බ)
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අපගේ සුබාශිංෂණ.මේවා අපේ රටටත් හොද පාඩම්! (බ)
අපිත් තහනම් කරමු සියලුම විදේශිකයෝ. පිටරට ඉන්න ලාංකිකයෝ ඔක්කොටම එන්න කියමු (නි)
ලංකාවටත් හොද පාඩමක් (ම)